ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

    pic-32.jpg

    ඉරාජ් අයියේ,

    උඹයි කින්ග්ස්ටන් ගොයියායි එකතු වෙලා කරපු "යූ ඇන්ඩ් මී" වීඩියෝව බලපු ගමන්ම මේ ලියමන ලියන්නේ "වීඩියෝ එක නම් හිතපු තරම් කිසි මෙව්වා එකක් නෑ" "මිලියන 15ක් ගියේ මේ හු%#^ක් හදන්නද??" "ගූ හැත්තෑවයි." වගේ කමෙන්ටු අතරේ මගේ කමෙන්ටුව උඹට දන්වන්නයි.


    වීඩියෝව ගැන කතා කරන්න කලින් උඹ සම්බන්ධව උඹවත් නොදන්න කතාවක් කියලා ඉන්නම්. මීට අවුරුදු ගානකට කලින් මැඩියා ඕ ලෙවල් ලියන්න සූජානමින් ඉන්න කාලේ, මගේ ඥාති සහෝදරයෙක් සහ සහෝදරියක් අපේ ගේදර ඇවිත් හිටියා. 83 ජාතිවාදි කලබල වලින් බැටකාලා යුද්ධයෙන් අවතැන් වෙලා හිටපු ඒ උදවිය මේ මැඩියා ඉපදෙන්නත් කලින්ම සරනාගතයෝ විදිහට ඉන්දියාවට ගියපු අය. උපන්දා ඉඳලාම චෙන්නායි වලම හැදිලා වැඩිලා ජ්ව්වේතේ පලවෙනි වතාවට ලංකාවට ආපු උන්දැලාට සිංහල අකුරක් තියා වචනයක්වත් බැහැ. ලංකාවට ආපු පලවෙනි දවසේ රෑ සිරසේ "ඩාන්සින් ස්ටාර්" ප්‍රෝග්‍රෑම් එක බලපු අක්කා ප්‍රෝග්‍රෑම් එක පුරාම ප්ලේ වුණ හින්දි ට්‍රැක්ස් දැකලා "ලංකාවේ මිනිස්සු තමන්ගේම කියලා දෙයක් කරලාම නැද්ද??" කියලා ඇහුවා. උපන් ගෙයි වාචාලයෙක් වෙච්චි මැඩියාටත් අක්කාගේ ප්‍රශ්නෙන් කට උත්තර නැති වුනා. හරියටම දවසකට පස්සේ මැඩියා උදේ ඉස්කෝලේ සෙමිනා ගිහින් හවස ගෙදර ඇවිත් පොත් බෑග් එක අවුස්සා අවුස්සා හිටියා. ඔය අතර වාරයේ කෙනෙක් උඹේ "මට සිතන්න බෑ" සින්දුව මුමුණනවා ඇහෙනවා. කටහඬ අපේ මල්ලිගේ නම් නෙමෙයි. ඒක ෂුවර්! (උඹ විශ්වාස කලත් නොකලත් ඇත්ත මේකයි අයියේ) අපේ ඉම්පෝර්ටඩ් අයියණ්ඩියා කැඩිච සිංහලෙන් වචන ගැට ගගහා උඹේ සිංදුව කියනවා. ජීවිත කාලේ පුරවටම සිංහල හෝඩියවත් නොකියවපු එකෙක් සිංහල සින්දුවක් කියනවා.:shocked: පස්වනක් ප්‍රීතියෙන් ෆුල් හොල්මන් වුන මැඩියා "කොහෙන්ද ඔය සින්දුව හොයා ගත්තේ?" කියලා ඇහුවා. මිනිහා ගත් කටටම "මේක කේරලා පොපියුලර් කේරලා සොන්ග් එකක් නේ....!" කියලා කිව්වා. මේක පිට රටකින් උස්සපු එකක් නොවන බව ලංකාවම දන්නවා. මොකද, ඔය සින්දුවේ මෙලඩි එක ගත්තේ ලංකාවේම හදපු පරණ සින්දුවකින් නිසා. ඒක ලංකාවේ සෝන්ග් කක් බව කිව්වාම පොරට අදහගන්න බැරුව ගියා. කේරලා සින්දුවක් කියලා හිතාගෙන එච්චර කාලයක් උන් චෙන්නායි වල පට්ට ගහලා තියෙන්නේ ලංකාවේ හදපු සිංහල සින්දුවක් බව ඌ දන්නේත් එතකොටයි. අන්න එදා තමයි අයියේ මැඩියා උඹේ ෆෑන් කෙනෙක් වුණේ.......!!!:yes::yes:

    මට සිතන්න බෑ සොන්ග් එක ඉන්දියාවෙන් උස්සපු හැටි


    ඊට අවුරුද්දකට විතර පස්සේ ලෝරන්ස්ගේ "රාජාති රාජා" ෆිල්ම් එක බලපු වෙලේ සෝන්ග් එකක් මැද්දේ උඹේ සිංහල රැප් එක අහපු වෙලේ දැනුන කික් එකත් ඊට දෙවෙනි නෑ.
    @ 2:30

    ඊටත් අවුරුද්දකට පස්සේ විජයිගේ "වේට්ටයික්කාරන්" ෆීල්ම් එකට උඹ සින්දුවක් කලා. උබේ සින්දුව දකුණු ඉන්දායාවේම ජනප්‍රිය වුණත්, ෆිල්ම් එකේ ඕඩියෝ ලෝන්ච් එක කරන දවසේ ලයිව් පර්ෆෝම් කරපු උඹේ මූනු පොඩ්ඩ නොපෙන්වන්න තරම් සූක්ෂමව එඩිට් කරන්න සන් ටීවී එකේ එඩිටර්ස්ලා කුහක වුණා.:sorry::sorry:
    proofs!


    2010 අවුරුද්දේ නිෂ්පාදනය කරපු "අම්බාසමුත්තිරම් අම්බානි" ෆිල්ම් එක අන්තිම ලෝ බජට් එකකින් හදපු චිත්‍රපටියක්. (හරියටම කිව්වොත් මූලික පිරිවැය උඹේ අලුත් වීඩියෝව වෙනුවෙන් කරපු වියදමට වඩා පොඩ්ඩයි වැඩි.) මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න තරම් ශක්තිමත් තේමාවක් නොතිබුන ඒ ෆිල්ම් එකේ මිනිස්සුන්ට ගත්තු ටිකට් එකේ ගානට බලන්න දෙයක් තිබුණා නම් ඒ ෆිල්ම් එකේ සින්දු විතරයි. ඒ අතරිනුත් උඹ අතින්ම හදලා උබම කියපු සෝන්ග් එක ඉන්දියාවේ මොකෙක්ට වත් දෙවෙනි වුණේ නෑ. දකුණු ඉන්දියාවේ ස්ටූඩියෝවක් ආරම්භ කරලා ලංකාවේ දක්ෂ කොල්ලොන්ව
    ඉන්දියාවට ගෙනත් අපේ කොල්ලන්ගේ ටැලන්ට්ස් ලෝකෙටම පෙන්නන්න හදපු උඹට අපේ කලින් පරම්පරාව කරපු කාලකන්නිකම් පඩිසන් දුන්නා. සංගීතඥයෙක් විදිහට කොලිවුඩ් වල නමක් දිනාගෙන ඉදිරියට එමින් හිටපු උඹට තමිල්නාඩු කාලකන්නි මග අහුරලා දැම්මා.....! (උඹේ උදවුවෙන් ඉදිරියට ආපු ලංකාවේ දෙමළ කොල්ලෝ ගැන උන් දන්නවා නම් මෙලහකට එල්ලිලා මැරිලා) ලංකාවට මඩක් ගහලා මිනිස්සුන්ව අවුස්සලා ඒ පිහිටෙන් තමන්ගේ දේශපාලනය කරගෙන යන බංකොලොත් වහන්දෑලා උඹේ ලාංකිකත්වයේ පිහිටෙන් එදා දවස හම්බ කර ගන්න ඇති. උන්ගේ අඹු දරුවොන්ට කන්න බත් කටක් බඩට දාන්න පුලුවන් වීම ගැන උඹ ආඩම්බර වෙයන්!!!:lol:


    කොලිවුඩ් වලටත් වඩා ගව් ගානක් ඉහලින් ඉන්න බොලිවුඩ් වල හැබෑ කලාකාරයෝ උඹව උන්ගේ නිර්මාණයකට උඹව සම්බන්ධ කරගෙන තියෙන බව දැනගන්න ලැබුණා. ගෙඩි පිටින් ඉන්දියානු තනු කොපි කරලා හදපු සින්දුවලින් බඩ ගෝස්තරේ රැක ගත්තු ප්‍රවීණයෝයි කියා ගන්න "ඇතැම්" ඔස්තාර්ලා උඹටවත් උඹේ සමකාලීනයෝ වෙච්චි භාතිය සන්තුෂ්ලාට වත් අත දෙන්න ඉදිරිපත් වුණේ නෑ. කුලුඳුලේම සංගීත ක්ෂේත්‍රයට පය ගහන්න හදපු උඹලාට වගකීමක් දීලා ඉදිරියට එන්න උර දෙනවා වෙනුවට උන්ම උබලාට ගැරහුවා. (උඹලාව අගය කරපු ධෛර්යය දීපු උතුම් කලාකරුවෝත් නොහිටියේම නෑ.) උන්වම වන්දනා කරපු අතීතකාමියොත් උඹලාට ගරහන අතරේ අවංකවම උබලාගේ නිර්මාණවලට ආදරය කරපු අපි වගේ පැඟිරොත් ඕන තරම් හිටියා. උඹයි රනිඳු අයියායි හදපු "අහංකාර නගරේ" වගේම "නින්ද නොයන හැන්දෑවේ" සින්දු දෙකම පලවෙනි වතාවට ඉන්දියාවෙන් උස්සපු බව අර කියපු කොපිකැට් ප්‍රවීනයෝ නොදන්නවාත් ඇති.:rolleyes::rolleyes:

    අපේ "අහංකාර නගරේ" සිංදුව කොලිවුඩය උස්සපු හැටි:cool:



    ඊයේ දවසේ උඹ රිලීස් කරපු "යූ & මී" වීඩියෝව අද උදෙන්ම බැලුවා. ට්‍රේලර් එක නිකුත් කරපු දවසේ ඉඳලාම ආසාවෙන් බලන් හිටපු වීඩියෝ නම් අපි බලාපොරොත්තු වුණ මට්ටමට තිබුණේ නෑ තමයි.....! විෂුවල් එකෙන් කියවෙන කතාව ටිකක් විතර පැටලිලි සහගතයි. අර ඒලියන් කෙනෙක් කතාවට එන්ටර් වෙන හරිය එහෙම ටිකක් විතර අවුල් වගේ. (ඒත් උඹේ සින්දුව නම් පංකාදු පහයි අයියේ. ඒක නෑ කියන්නේ නෑ) ඒ මොනවා වුණත් "මිලියන 15ක් වියදම් කලේ මේ හදන්න ද?" කියලා අහන තැනට වැටෙන්න මම කැමති නෑ. මොකද, ලංකාවෙ සල්ලි වලින් රුපියල් මිලියන 15ක් කියන්නේ ඇ. ඩොලර්වලින් ගත්තොත් 100,000කට ටිකක් වැඩි වෙයි. ඩොලර් මිලියන ගනන් යට කරලා ජස්ටින් බීබර්ලා, ඒකෝන්ලා හදන වීඩියෝවල කොලිටිය මේ වගේ (ජාත්‍යන්තරයට සාපේක්ෂව,) සුළු මුදලකින් බ්ලාපොරොත්තු වෙන්න අමාරු බව ළදරුවෙක්ට වුනත් තේරුම් ගන්න පුලුවන් සරල කාරණාවක්. අයිසින් කලා වගේ මේකප් උලාගත්තු කෙලි පැටික්කියෙකුයි ඊයේ පෙරේදා කෙජු බිලිං වෙන්න පටන් ගත්තු කොලු පැටියෙක්වයි බීච් එකක ඇවිද්දවලා උන්ගේ වටේ ට්‍රැක් ඩොලියක් යවලා, අර කොල්ලාවම පොන්නයෙක් වගේ අඬා වැටෙන එක එක ඈන්ග්ල් වලින් රෙකෙර්ඩ් කරලා , ULead එකේ පිහිටෙන් විෂුවල්ස් හදන මල් සිංදු කාරයොන්ගේ හුත්තේ වීඩියෝස් වලට වඩා නම් උඹේ විෂුවල් එක සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඒකේ කතා දෙකක් නෑ!! (නමුත් ඉදිරි මියුසික් වීඩියෝ වලදි මීට වඩා සැලකිලිමත් වෙනවා නම් වඩාත් හොදයි. මොකද, උඹේ පරණ වීඩියෝස් අතර මීට වඩා හොඳ ඒවා අනන්තවත් තිබුණා.):yes::)


    හිතුවාට වඩා ලියමන දික් වුණා වැඩිද මන්දා. මට උබේ දේශපාලනෙන් වැඩක් නෑ. උඹයි යාලුවොයි අතර පෞද්ගලික හුටපට වැඩකුත් නෑ. මම මෙච්චර වෙලා කතා කලේ ඉරාජ් කියන කලාකාරයාට මිසක් ඒ චරිතයේම අනිත් පැතිකඩ වලට නෙමෙයි. කිරියේ සහ පිට ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ උඹේ වීඩියෝ එකට බැන්නා නම් බැන්නේ උන් බලාපොරොත්තු වුන තරම් හොඳ අවුට්පුට් එකක් උඹේ විෂුවල් ටීම් එකට දෙන්න බැරි වුණ නිසා මිසක් උබත් එක්ක තරහකට නොවන බව මතක තියා ගනින්! ජාත්‍යන්තරයේ නමක් තියපු ගායකයෙක්ගේ කටින් "ශ්‍රී ලංකා" කියන වචනය කියවපු එකම අපිට ආඩම්බරයක්. ජීවිතේ කවම දාකවත් කිසිම දේශපාලකයෙක්ට කතිරේ නොගහපු මේ අත් දෙකින් උබට මේ ලියුම් කරදහිය කොටන්නේ උඹව මුරුංගා අත්තේ තියලා රජෙක්ට අන්දන්න නෙමෙයි!!! ලොක සිතියමේ පුංචි තිතක් වෙච්ච අපේ පුංචි රට දවසක ලෝකයම දැනගන්නේ උඹේම නිර්මාණයක් හරහා වෙන්න පුලුවන්. දහසක් බාධක මැද්දේ ජාත්‍යන්තරයට අපේ සිංහ කොඩිය ගෙනියන්න හදන උබ මට වීරයෙක් අයියේ.............!!!! :)


    iraj_weeraratne_by_crazynalin-d3b1rcm.jpg

    උබේ අත් දෙකට වැඩි වැඩියෙන් හයිය ලැබෙන්න ඕනි!!!:cool::cool:



    මීට,
    එලකිරියේ කොල්ලෝ වෙනුවෙන්
    මැඩියා.:D



    ~ සංවාදයට විවෘතයි ~
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    බොට වීරයෙක් උනාට අපිට නං වීරයෙක් නෙමෙයි ඔය පොන්සියා

    BsJsceeCIAEj3va.jpg
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තෑන්ක්ස් මචන්!:love::love:
    godak me dapuwa country block ekak dala neh ban :(
    සමහර වීඩියෝස් වල නම් පොඩි අවුල් තිබුණා. ඔන්න හදලා තියෙන්නේ. :) දැන් පේනවා ද බලපන්!!:yes:

    බොට වීරයෙක් උනාට අපිට නං වීරයෙක් නෙමෙයි ඔය පොන්සියා

    BsJsceeCIAEj3va.jpg
    අදහන්න ඕනි නෑ තමයි. නමුත් හරි දේට හරියි කියන්න පැකිලෙන්න ඕනි නෑ නේ බන්!!!:cool::cool:
    තෑන්ක්ස් මචන්!:love::love:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උබේ අර ජෝක් කතා මෙගා ත්‍රෙඩ් එක මුල ඉඳන් අගටම කියෙවුවා. සුපිරි ත්‍රෙඩ් එක!!:yes: පුලුවන් නම් ඒ වගේ තව එකක් දාපන් මචන්!!!!!:D

    තෑන්ක්ස් සහෝ:D:D
    තෑන්ක්ස් සහෝ:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉරාජ් මුල්ම කාලෙ කරපු සිංදු හොඳයි.. පස්සෙ පස්සෙ හෙන ගෝත සිංදු ගැහුවෙ..:yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඉරාජ් මුල්ම කාලෙ කරපු සිංදු හොඳයි.. පස්සෙ පස්සෙ හෙන ගෝත සිංදු ගැහුවෙ..:yes:
    මටත් උගේ දිරවන්නේ නැති සින්දු අම්බානක තියෙනවා.:sorry: නමුත්, මූ ගන්න මේ උත්සහයට මම නම් බොක්කෙන්ම කැමතියි බන්!!!:yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ tamil film බලන එකෙක් බව දන්නවා
    උඹේ අවතාරෙන්ම ඒක පේනවා
    ඉතින් උඹලට හොරා tamil ඒවා කොපි කරනවා බොරු
    :P:P:P:P
    ඒ නිසා අර Imported අයියන්ඩි / අක්කගේ කතාව නම් ඉතින් කෙප්පයක් කියලා හිතෙනවා
    :D:D:D
    මුගේ සිංදු අහනවද බන් උඹලා
    මට නම් දිරවන්නේ නැති ඩයල් එකක්
    මූට බැනලා වැඩකුත් නෑ බන්
    මූට බනිනවා නම් ජෝතිපාලටත් බනින්න ඕන
    බාචිගේ සිංදුත් බාගෙට බාගයක් කොපි
    අපෙනුත් කොපි කරපු එක ගැන සංතෝෂ වෙන්න ඕන අපි
    :lol::lol::lol:
    ලංකාවේ උන්ට ඕන බල්ලෝ මරලා හරි සල්ලි
    අනික මුගේ එක හොද සිංදුවක් කියපන් අහගෙන ඉන්න පුලුවන්
    මූත් එක්කම වගේ ගේමට හිටපු භාතියලගේ සිංදු බලපන්කෝ දැන් කොහොමද
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං මුගේ සින්දු වැඩිය අහල නෑ. එච්චර අල්ලන්නෙත් නෑ. හැබැයි උඹ මේ කියපු ටික නං අදමයි දැනගත්තෙ. පොර ගැන පොඩි පැහැදීමක් ඇතිවුන මේක කියෙව්වට පස්සෙ. :yes:
    You must spread some Reputation around before giving it to M a d d i e again. :sorry:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් උගේ දිරවන්නේ නැති සින්දු අම්බානක තියෙනවා.:sorry: නමුත්, මූ ගන්න මේ උත්සහයට මම නම් බොක්කෙන්ම කැමතියි බන්!!!:yes::yes:
    මමත් කැමතියි ඌ ගන්න උත්සාහයට..
    මිනිහෙක්ගෙ වැරදි පැත්ත වගේම හොඳ පැත්ත දකින්නත් නිහතමානී වෙන්න ඕනි..

    හැබැයි ඕකා හෙන කුහකයෙක්..
    තමන්ගෙ ලඟ ඉන්න එකෙක් පොඩ්ඩක් හරි ජනප්‍රිය වේගෙන එනවා නම් කපල දානවා..
    ගොඩදෙනෙක්ට ඒ වැඩේ කලානේ..
    රනිඳු සිංදුවකුත් ගැහුවෙ..
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උඹ tamil film බලන එකෙක් බව දන්නවා
    උඹේ අවතාරෙන්ම ඒක පේනවා
    ඉතින් උඹලට හොරා tamil ඒවා කොපි කරනවා බොරු
    :P:P:P:P
    ඒ නිසා අර Imported අයියන්ඩි කතාව නම් ඉතින් කෙප්පයක් කියලා හිතෙනවා
    :D:D:D
    මුගේ සිංදු අහනවද බන් උඹලා
    මට නම් දිරවන්නේ නැති ඩයල් එකක්
    මූට බැනලා වැඩකුත් නෑ බන්
    මූට බනිනවා නම් ජෝතිපාලටත් බනින්න ඕන
    බාචිගේ සිංදුත් බාගෙට බාගයක් කොපි
    ලංකාවේ උන්ට ඕන බල්ලෝ මරලා හරි සල්ලි
    අනික මුගේ එක හොද සිංදුවක් කියපන් අහගෙන ඉන්න පුලුවන්
    මූත් එක්කම වගේ ගේමට හිටපු භාතියලගේ සිංදු බලපන්කෝ දැන් කොහොමද


    උඹ හරි මචන්! මේ මැඩියගේ කනෙන් රිංගන්න කොලිවුඩ් ඩිරෙක්ටර්ස්ලා පොඩි වැඩියි......!!!!:P:D

    ඉරාජ්ලා ඇමෙරිකාවෙන් උස්සනෝ කියාගෙන කෑ ගහන සම-හරක් උන්ට 70-80 කාලේ හින්දි කොපි යුගය ගැන කතා කරන්න බයයි. උන්ට ඒවා ස්වර්ණමය යුගයේ නිර්මාණ ලු!!!:lol::lol:

    ප:ලි:- ව්දපු අම්මා පල්ලා කියන්නේ. අර ඉම්පෝටඩ් අයියන්ඩිගේ කතාව අකුරක් නෑරම ඇත්ත මචන්....!!!:sorry::sorry: (මම දන්නවා එකෙක් හරි මගෙන් ඔය ප්‍රශ්නේ අහනවා කියලා...!):yes:

     
    • Like
    Reactions: .amda