ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥවරයාට එල්ල කළ ප්‍රහාරය

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඉරානයේ ජේෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥවරයෙක් වන Mohsen Fakhrizadeh ගේ ඝාතනය කිරීම සඳහා 12 දෙනෙකු ගෙන් යුත් ප්‍රහාරක කණ්ඩායමක් සහ 50 දෙනෙකුගෙන් සමන්විත සැපයුම් කණ්ඩායමක් එක්ව තිබෙන බවට ඉරාන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.ඉකුත් සිකුරාදා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ඔබ්බෙන් වූ අබ්සාර්ඩ් හිදී එල්ල වූ මෙම ප්‍රහාරය ඊශ්‍රායලයේ මොසෑඩ් බුද්ධි බළකාය විසින් සිදුකළ බවට ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ සිටම ඉරානය චෝදනා කරමින් සිටිනවා.

    විශේෂ පුහුණුවක් ලැබූ මෙම ප්‍රහාරකයින් 12 දෙනා අතරට ස්නයිපර් තුවක්කුකරුවන් දෙදෙනෙකු සහ යතුරුපැදි ප්‍රහාරකයින් සිව්දෙනෙකු ඇතුලත්ව සිට ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
    සිදුවීම වූ දිනයේ දී Mohsen Fakhrizadeh ගේ රථ පෙළ අබ්සාර්ඩ් නගරයට ආසන්න වීමට මිනිත්තු 30 කට පෙර එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි කොට තිබුණ බවයි ඉරාන මාධ්‍ය සඳහන් කරන්නේ.
    අබ්සාර්ඩ් නගරයට ඇතුල්වන ප්‍රධාන දොරටුවට ආසන්නයේ පිහිටි වට රවුම අසලදී ප්‍රහාරකයින් විසින් සිය ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය මුලික පිඹුරුපත් සකස් කොට තිබු අතර මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයක් ද ස්ථාන ගත කොට තිබු බවයි ඉරාන වාර්තා සඳහන් කරන්නේ.

    න්‍යෂ්ටික විද්‍යාඥ Mohsen Fakhrizadeh සහ ඔහුගේ ආරක්ෂකයින් රැගත් වෙඩි නොවදින මෝටර් රථ 03 කින් සමන්විත රථ පෙළ ටෙහෙරාන් අගනුවර සිට අබ්සාර්ඩ් බලා පැමිණෙමින් තිබු අතර ඉන් පළමු රථ දෙක නගරයට ඇතුල්වන ස්ථානය අසල පිහිටි වට රවුම අසල පසුකර යනවාත් සමග තුන්වන කාර් රථය ඉලක්ක කර ගනිමින් කාර් බෝම්බය පුපුරුවා හැරිමට ප්‍රහාරකයින් කටයුතු කර තිබෙනවා.
    ඒ සමගම ස්නයිපර් තුවක්කුකරුවන් දෙදෙනා ඇතුළු ප්‍රහාරකයින් විසින් පළමු කාර් රථ දෙකට වෙඩි ප්‍රහාර එල්ල කොට ඇති අතර එහිදී ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥවරයාගේ ආරක්ෂකයින් ද පෙරළා ප්‍රති ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

    මිනිත්තු කිහිපයක් තුලදී න්‍යෂ්ටික විද්‍යාඥයා ගේ ආරක්ෂකයින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර කාර් රථයේ සැඟවී සිටි Mohsen Fakhrizadeh ව පිටතට ගත් ප්‍රහාරක කණ්ඩායමේ අණදෙන නිලධාරියා ඔහුට වෙඩි තබා ඇති අතර පසුව ඔහු මියගියේද යන්න ගැන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රහාරක කණ්ඩායම නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත්වී ගොස් තිබෙනවා. පෙර වාර්තා සඳහන් කළ පරිදී මෙම ඝාතනය සිදුකිරීමට පැමිණි ප්‍රහාරකයින් ගෙන් කිසිදු අයෙකුට හානි සිදුවී නොමැති බවයි ඉරාන මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

    සිදුවිමෙන් පසු එම ස්ථානයට පැමිණි ඉරාන ආරක්ෂක බලධාරීන් Mohsen Fakhrizadeh ගේ සහ ඔහුගේ ආර්ක්ෂකයින්ව රෝහල් ගත කර තිබෙන අතර ඒවන විට එහි විදුලි සැපයුම නොමැති බවට අනාවරණය වීමෙන් පසු ගුවන් මගින් ටෙහෙරාන් අගනුවර පිහිටි රෝහලක් වෙතට යොමු කිරීමට කටයුතු යොදා ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ජේෂ්ඨතම විද්‍යාඥවරයෙකු වන Mohsen Fakhrizadeh ඊශ්‍රායලයේ මොසෑඩ් බුද්ධි අංශයේ ඉලක්ක වලින් ඉහලින්ම සිටි අයෙකු බවට නොරහසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහු 2018 වසරේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක් අතර වාරයේදී Mohsen Fakhrizadeh ගේ නම සඳහන් කරමින් කියා සිටියේ "මෙම නම මතකයේ තබා ගන්නා" ලෙසයි. සිය න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති හසන් රුහානි සඳහන් කළේ ඊශ්‍රායලය විසින් ඇටවූ උගුලේ තමන් ඇතුළු ඉරාන ජනතාව සිර නොවන බවත් ප්‍රහාරයට වගකිව යුත්තන්ට එහි ප්‍රතිවිපාක අත්විදීමට සිදුවනු ඇති බවයි.

    මේ අතර ඉරාන විද්‍යාඥවරයාගේ ඝාතනයෙන් පසුදිනම පර්සියානු ගල්ෆ් මුහුදු කලාපයට USS Nimitz ප්‍රහාරක නෞකාව ප්‍රධාන කොට ගත් නාවික බලඝණයක් කැඳවා තිබීම ගැනද ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා. ඒ ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙන අවස්ථාවකදී අමෙරිකාවේ මැදිහත්වීම ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.
    කෙසේ වුවත් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වෙන අමෙරිකානු භටයින්ගේ ආරක්ෂාව සැපයීම සඳහා තමන් මෙම යුද නෞකා පර්සියානු ගල්ෆ් කළාපයට යොමු කළ බවයි අමෙරිකාව සඳහන් කරන්නේ.

    Source : http://nethnews.lk/
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    irane nuclear weapon programme eka sahena success wela thiyenne.ithin usata oni kudu wenna iraneta gahanna.e bari kama hinda thama israel dala gahanne.usata baninnath ba ithin un balanne unge rate arakshawa
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තමන්ගෙ රටේ ඉන්න වැදගත් මිනිස්සු රැක ගන්න උන් දැනගන්න ඕන..මේක පලවෙනි වතාව නෙමෙයි නේ..අඩු ගානෙ වෙඩි වදින්නෙ නැති වාහනයක්වත් දීල නෑ..
     
    • Like
    Reactions: Cricket crazy

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    තමන්ගෙ රටේ ඉන්න වැදගත් මිනිස්සු රැක ගන්න උන් දැනගන්න ඕන..මේක පලවෙනි වතාව නෙමෙයි නේ..අඩු ගානෙ වෙඩි වදින්නෙ නැති වාහනයක්වත් දීල නෑ..
    "වෙඩි නොවදින මෝටර් රථ 03 කින් සමන්විත රථ පෙළ"
     
    • Sad
    Reactions: Cricket crazy

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    irane nuclear weapon programme eka sahena success wela thiyenne.ithin usata oni kudu wenna iraneta gahanna.e bari kama hinda thama israel dala gahanne.usata baninnath ba ithin un balanne unge rate arakshawa
    Thambi dinuvoth End of Sinhalese keep that in MIND
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    තමන්ගෙ රටේ ඉන්න වැදගත් මිනිස්සු රැක ගන්න උන් දැනගන්න ඕන..මේක පලවෙනි වතාව නෙමෙයි නේ..අඩු ගානෙ වෙඩි වදින්නෙ නැති වාහනයක්වත් දීල නෑ..

    armor piercing rounds walin thiyala aththe.
     
    • Like
    Reactions: NRTG and kinkon

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Iran wunta unge wadagathma scientist kenek araksha karaganna bariwa USA ekkka yudde karanna puluwanda ban. Israel karayo unge ratatama awilla gahala yanawa. un dannet na.