ඉරානය විසින් එල්ල කරන ලද දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවකින් අනතුරුව, ඔවුන් යුද අපරාධ සිදුකරන බවට ඊශ්‍රායලය විසින් දැඩි චෝදනාවක් එල්ල කර තිබේ. දින හතකට පසු උත්සන්න වූ මෙම ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනයේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධානතම මර්මස්ථාන ඉලක්ක කරගෙන ඇත. ඒ අනුව, බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් 27 වන බලඝන කඳවුරට මෙම ප්‍රහාරවලින් දැඩි බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.
මෙම ප්‍රහාර සඳහා ඉරානය විසින් "කොරොම්ෂහර් - 4" (Khorramshahr-4) සහ "රස්තකිස්" යන අතිශය විනාශකාරී සහ නවීන මිසයිල භාවිත කර ඇති බවට ඊශ්‍රායලය වැඩිදුරටත් චෝදනා කරයි. විශේෂයෙන්ම කොරොම්ෂහර් - 4 මිසයිලය සිය ප්‍රධාන ඉලක්කය වෙත ළඟා වීමට පෙර උප මිසයිල ලෙස කොටස් කිහිපයකට බෙදී ගොස් ප්‍රහාර එල්ල කරන බැවින්, ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඒවා ගුවනේදීම විනාශ කිරීම ඉතා දුෂ්කර වී ඇත. මේ හේතුවෙන් එම මිසයිල කිසිදු බාධාවකින් තොරව සිය අපේක්ෂිත ඉලක්ක වෙත නිවැරදිව පහර දී ඇති බව ආරක්ෂක අංශ තහවුරු කර ඇත.