Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොටස් 3 කින් යුතුව පළ කර ඇති අලුත්ම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ඉරානයට පහර දීම සඳහා ස්ථාන 52 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි.

ඉරානය විසින් ඇමරිකානුවන්ට හෝ ඇමරිකානුවන්ගේ වත්කම්වලට පහර දෙන්නේ නම් තමන්ගේ මීළඟ ඉලක්කය එය බව ද ඇමරිකානු නායකයා පවසයි.

මෙම ස්ථාන 52, මෙයට වසර කිහිපයකට පෙර ඇමරිකානුවන් ඉරානය විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද ස්ථාන බව ද සඳහන් වේ.

තවද මෙම ස්ථානවලින් සමහරක් ඉරානයට සහ ඉරාන සංස්කෘතියට අතිශය වැදගත්කමකින් යුතු බව ද එම තර්ජනාත්මක ට්වීටයේ දැක්වේ.

“We have … targeted 52 Iranian sites (representing the 52 American hostages taken by Iran many years ago), some at a very high level & important to Iran & the Iranian culture”

“if Iran strikes any Americans, or American assets… Iran itself, WILL BE HIT VERY FAST AND VERY HARD,”

ඇමරිකාව මේ වන විට ඩොලර් ට්‍රිලියන 2 ක හමුදා ආම්පන්න මිලදී ගත් බව ද ට්‍රම්ප් තවදුරටත් පවසයි.

ට්‍රම්ප්ගේ ‘ලස්සන ආයුධ‘!

‘‘අපි තමයි විශාලම සහ ලෝකයේ මේ දක්වා ලොකුම හමුදාව! ඉරානය ඇමරිකානු හමුදා කඳවුරකට හෝ ඇමරිකානුවෙකුට පහර දුන්නොත්, අපි ඒ වෙනුවෙන් අපේ අලුත්ම අලුත්, ‘ලස්සන ආයුධ‘ (‘brand new beautiful equipment‘) පාවිච්චි කරනවා. කිසිම පැකිළීමක් නැතිව..‘‘

‘‘උන් අපිට ගැහුවා. අපිත් ගැහුවා. උන් අපිට ආයෙත් ගැහුවොත්, මම කියනවා එහෙම කරන්න එපා කියලා, අපි උන්ට කවදාවත් නැති විදිහට පහර දෙනවා!“

අප මීට පෙර ලිපියකින් ද පෙන්වා දුන් පරිදි, ට්‍රම්ප්, ඉරානයේ අංක එකේ හමුදා ජනරාල්වරයා ඝාතනය කිරීමට නියෝග කළේ කොංග්‍රසයට දැනුම් දීමකින් තොරව ය. බ්‍රහස්පතින්දා සිදුකළ මේ ඝාතනය සහ මරණය පිළිබඳ ධවල මන්දිරය ඇමරිකානු කොංග්‍රසය වෙත විධිමත් ලෙස දැනුම් දුන්නේ එයට දින 2 කට පසු ඊයේ (සෙනසුරාදා) ය.

ට්‍රම්ප් මේ ට්විටර් පණිවුඩ මාලාව ලියන්නේ එයට පසුව ය.

දැලි පිහියෙන් කිරි කන ට්‍රම්ප්

ට්‍රම්ප්ගේ පරිපාලන නිලධාරීන්, කළ යුත්තේ පළිගැනීම හෝ කටමැත දෙඩවීම නොව සිදුවිය හැකි අනාගත හානි අවම වන සේ ‘කට පරිස්සම් කර ගැනීම‘ යැයි නැවත නැවතත් පවසා තිබුණත් ට්‍රම්ප් දැන් පෙරටත් වඩා වහසි බස් දොඩමින් සිටියි. පහරදීම සිදුකළේ යුද්ධයක් ඇරඹීමට නොව යුද්ධය අවසන් කිරීමට බව ඊයේ දිනයේ ට්‍රම්ප් කියා තිබුණත්, අද වන විට ඔහු හැසිරෙන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට ය.

ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ වැඩ බලන ලේකම් චැඩ් වුල්ෆ්, ජනවාරි 18 වනදාට කල් ඉකුත් වන පරිදි අලුත් ‘ජාතික ත්‍රස්තවාදී උපදේශන පද්ධති බුලටිනයක්‘ හඳුන්වා දී ඇත. එයින් වැඩි අවධානයක් යොමු කරන්නේ ඇමරිකාවේ යටිතල පහසුකම් සහ සයිබර් ඉලක්ක පිළිබඳව ය.

‘‘ඉරානය ලෝකයේ බලවත්ම සයිබර් වැඩසටහනක හිමිකරුවන් බවත්, ඇමරිකාවට විරුද්ධව ප්‍රබල සයිබර් ප්‍රහාර සිදුකළ හැකි බවත් අප අමතක නොකළ යුතුයි‘ යැයි චැඩ් වුල්ෆ් පවසයි.

මේ නිසා, ට්‍රම්ප් ඇමරිකානු ජනතාවගේ මුදල් ට්‍රිිලියන ගණන් ආයුධ සඳහා වියදම් කර භෞතික ප්‍රහාර සඳහා සූදානම් වුණත්, ඉරානය ඇමරිකාවට පහර දෙන්නේ ට්‍රම්ප්ගේ පෙර කී ‘ලස්සන ආයුධ‘ පුස් වෙඩිලි බවට පත්කරමින් මුළු ලෝකයම අඩපණ කරමින් අන්තර්ජාලය හරහා ද විය හැකිය.

[QUOTE="loku_pappa1, post: 25063339, member: 559062"] ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොටස් 3 කින් යුතුව පළ කර ඇති අලුත්ම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ඉරානයට පහර දීම සඳහා ස්ථාන 52 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි. ඉරානය විසින් ඇමරිකානුවන්ට හෝ ඇමරිකානුවන්ගේ වත්කම්වලට පහර දෙන්නේ නම් තමන්ගේ මීළඟ ඉලක්කය එය බව ද ඇමරිකානු නායකයා පවසයි. මෙම ස්ථාන 52, මෙයට වසර කිහිපයකට පෙර ඇමරිකානුවන් ඉරානය විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද ස්ථාන බව ද සඳහන් වේ. තවද මෙම ස්ථානවලින් සමහරක් ඉරානයට සහ ඉරාන සංස්කෘතියට අතිශය වැදගත්කමකින් යුතු බව ද එම තර්ජනාත්මක ට්වීටයේ දැක්වේ. “We have … targeted 52 Iranian sites (representing the 52 American hostages taken by Iran many years ago), some at a very high level & important to Iran & the Iranian culture” “if Iran strikes any Americans, or American assets… Iran itself, WILL BE HIT VERY FAST AND VERY HARD,” ඇමරිකාව මේ වන විට ඩොලර් ට්‍රිලියන 2 ක හමුදා ආම්පන්න මිලදී ගත් බව ද ට්‍රම්ප් තවදුරටත් පවසයි. ට්‍රම්ප්ගේ ‘ලස්සන ආයුධ‘! ‘‘අපි තමයි විශාලම සහ ලෝකයේ මේ දක්වා ලොකුම හමුදාව! ඉරානය ඇමරිකානු හමුදා කඳවුරකට හෝ ඇමරිකානුවෙකුට පහර දුන්නොත්, අපි ඒ වෙනුවෙන් අපේ අලුත්ම අලුත්, ‘ලස්සන ආයුධ‘ (‘brand new beautiful equipment‘) පාවිච්චි කරනවා. කිසිම පැකිළීමක් නැතිව..‘‘ ‘‘උන් අපිට ගැහුවා. අපිත් ගැහුවා. උන් අපිට ආයෙත් ගැහුවොත්, මම කියනවා එහෙම කරන්න එපා කියලා, අපි උන්ට කවදාවත් නැති විදිහට පහර දෙනවා!“ අප මීට පෙර ලිපියකින් ද පෙන්වා දුන් පරිදි, ට්‍රම්ප්, ඉරානයේ අංක එකේ හමුදා ජනරාල්වරයා ඝාතනය කිරීමට නියෝග කළේ කොංග්‍රසයට දැනුම් දීමකින් තොරව ය. බ්‍රහස්පතින්දා සිදුකළ මේ ඝාතනය සහ මරණය පිළිබඳ ධවල මන්දිරය ඇමරිකානු කොංග්‍රසය වෙත විධිමත් ලෙස දැනුම් දුන්නේ එයට දින 2 කට පසු ඊයේ (සෙනසුරාදා) ය. ට්‍රම්ප් මේ ට්විටර් පණිවුඩ මාලාව ලියන්නේ එයට පසුව ය. දැලි පිහියෙන් කිරි කන ට්‍රම්ප් ට්‍රම්ප්ගේ පරිපාලන නිලධාරීන්, කළ යුත්තේ පළිගැනීම හෝ කටමැත දෙඩවීම නොව සිදුවිය හැකි අනාගත හානි අවම වන සේ ‘කට පරිස්සම් කර ගැනීම‘ යැයි නැවත නැවතත් පවසා තිබුණත් ට්‍රම්ප් දැන් පෙරටත් වඩා වහසි බස් දොඩමින් සිටියි. පහරදීම සිදුකළේ යුද්ධයක් ඇරඹීමට නොව යුද්ධය අවසන් කිරීමට බව ඊයේ දිනයේ ට්‍රම්ප් කියා තිබුණත්, අද වන විට ඔහු හැසිරෙන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට ය. ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ වැඩ බලන ලේකම් චැඩ් වුල්ෆ්, ජනවාරි 18 වනදාට කල් ඉකුත් වන පරිදි අලුත් ‘ජාතික ත්‍රස්තවාදී උපදේශන පද්ධති බුලටිනයක්‘ හඳුන්වා දී ඇත. එයින් වැඩි අවධානයක් යොමු කරන්නේ ඇමරිකාවේ යටිතල පහසුකම් සහ සයිබර් ඉලක්ක පිළිබඳව ය. ‘‘ඉරානය ලෝකයේ බලවත්ම සයිබර් වැඩසටහනක හිමිකරුවන් බවත්, ඇමරිකාවට විරුද්ධව ප්‍රබල සයිබර් ප්‍රහාර සිදුකළ හැකි බවත් අප අමතක නොකළ යුතුයි‘ යැයි චැඩ් වුල්ෆ් පවසයි. මේ නිසා, ට්‍රම්ප් ඇමරිකානු ජනතාවගේ මුදල් ට්‍රිිලියන ගණන් ආයුධ සඳහා වියදම් කර භෞතික ප්‍රහාර සඳහා සූදානම් වුණත්, ඉරානය ඇමරිකාවට පහර දෙන්නේ ට්‍රම්ප්ගේ පෙර කී ‘ලස්සන ආයුධ‘ පුස් වෙඩිලි බවට පත්කරමින් මුළු ලෝකයම අඩපණ කරමින් අන්තර්ජාලය හරහා ද විය හැකිය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom