ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද
ඉරාකයේ පිහිටි අමෙරිකාවේ තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක රැසකට ප්‍රහාර
ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල වූ අධි ආරක්ෂිත ප්‍රදේශයට එම රොකට් ප්‍රහාර දෙකක් පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ අතර බැග්ඩෑග් සිට සැතපුම් 50ක් දුරින් පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ගෙන තවත් රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
බාලාඩ් හි පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර තුනක් එල්ල කොට ඇති අතර ඉන් රොකට් දෙකක් කඳවුරේ පිහිටි සෙබළ නිල නිවෙස්නය ආසන්නයට වැටී තිබෙනවා.
මෙම රොකට් ප්රහාරයන් ගෙන් තුවාල වූ පිරිස් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මිට අමතරව ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා භට පිරිස් රැඳී සිටින ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කර සිටින්නේ.
අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය හමුදා නායකයා ජිවිතක්ෂයට පත්වුයේ ඊයේ දිනයේදී.
සිය හමුදා ප්‍රධානියාට එල්ලවූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරය දරුණු වනු ඇති බව ඉරාන ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. - නෙත් නිවුස්

Last edited:
hoda wade
pissek janadipathi unahama ohoma thama.