ඉරිදා උද්ඝෝෂණයේ වැඩි අවධානයක් කුඩා දරුවන් කිහිප දෙනෙකුට යොමුවී තිබෙනවා දක්නට ලැබුණි. පසුගිය අත්දැකීම් අනුවනම් කැමරා කෝණ වැඩි වශයෙන් යොමුවිය යුත්තේ ගෙජ්ජි සලමින් අභීතව ඉදිරියට යන St.Appuhami සහෝදරයාගේ නිරුවත් උඩුකයටය. කුඩා දරුවන් වැඩි වශයෙන් සහභාගී කරවා තිබෙන්නේ දැන් දැන් උද්ඝෝෂණ වලට ප්රමාණවත් වැඩිහිටි සහභාගීත්වයක් නොමැති නිසාද? දෙමව්පියන් දරුවන් ආරක්ෂා කරනවානම් දෙමව්පියන්ගේ ආරක්ෂාවට දරුවන් යොදාගැනීමේ වරදක් ද නැත. කෙසේනමුත් මාගේ වැඩි උනන්දුව ඇත්තේ ඉරිදා උද්ඝෝෂණයෙන් පසුව ගෝල්ෆේස් අවට තණකොළ තීරුවේ තත්වය පිළිබඳවය.