ඉලක්කය සොයා යන උණ්ඩ
ස්වයංව ඉලක්කය හඹා ගොස් පහරදිය හැකි උණ්ඩයක්
ස්වයංව ඉලක්කය හඹා ගොස් පහරදිය හැකි උණ්ඩයක් නිපදවීමට ඇමරිකානු ඉහළ ආරක්‍ෂක පර්යේෂණ ව්‍යාපෘති ආයතනය හෙවත් ඩර්පා ආයතනය සමත්ව ඇතැයි වාර්තා වේ.
එක්සැක්ටෝ ලෙස නම් කර ඇති මෙම උන්ඩයට චලනය වන ඉලක්කයක් පවා සොයාගොස් විනාශ කළ හැකි බව පැවසේ.
පසුගිය පෙබරවාරි මසදී සිදුකර ඇති මෙහි පර්යේෂණයන් සාර්ථකවී ඇති අතර අතිදක්‍ෂ වෙඩික්කරුවෙක් පමණක් නොව ආධුනිකයෙකු විසින් පහර දුන් විටත් උණ්ඩයේ නිරවද්‍යතාවය අඩු නොවීම මෙහි ඇති විශේෂත්වයයි.
මේ සඳහා භාවිතා කරන නිශ්චිත තාක්‍ෂණයන් රහසිගතව තබා ඇති නමුත් ස්නයිපර් රයිෆලය නියෙමු පද්ධතියක් හා උණ්ඩය ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.
ස්නයිපර්කරු විසින් ඉලක්කය නීරීක්‍ෂණය කළ පසු නියෙමු පද්ධතිය විසින් උණ්ඩයට යවනු ලබන සංඥාවකින් එය ඉලක්කය හඹා යාම අරඹයි.
උණ්ඩය තුළ සවිකර ඇති සංවේදක විසින් එයට ඉලක්කයේ චලනයක් මෙන්ම කාළගුණය, සුළග ආදී නිරව නිවරද්‍යතාවයට බාධා කළ හැකි සාධක මග හැරිය හැකි බව පැවසේ.
ඩර්පා වැඩසටහන් කළමණාකරු ජෙරෝම් ඩන් පවසා ඇත්තේ මෙය කුඩා පරිමාණයේ උණ්ඩයකට කිසිදිනක අත්පත් කරගත හැකියයි නොසිතූ හැකියාවක් බවයි.
කෙසේවෙතත් මේ වන විට මීටර් 600 පරාසයේදී අතිශය නිරව නිවරද්‍යතාවයක් දක්වන එක්සැක්ටෝ ඉලක්කය සමග කිලෝමීටරයක් පමණ පරතරයකදී දුර්වල හැසිරීමක් දක්වන බව පැවසේ.