ඉවත්ව යාම පිටුපස සැඟවුණු දේශපාලනය..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පැවති දූෂිත පාලනය පෙරළා දැමීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලන චරිත 50 කට ආසන්න පිරිසක් මහ මැතිවරණයට තරඟ කිරීම අතහැර දේශපාලනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇත. ඔවුන් මහ මැතිවරණයට තරඟ නොකිරීම ස්ථිර නමුත් දේශපාලනයෙන් ඉවත්ව සිටින කාලය පැහැදිලි නැත. කෙසේ නමුත් ඊට මූලික හේතු කීපයක් මෙලෙස හඳුනාගත හැකිය.

    1) රට තුළ පැවති දූෂිත පාලනය ජනතාව විසින් පිටුදැකීමට පෙලගැසීම හා රට පාලනය කළ දූෂිත දේශපාලකයන් දැඩිව ප්‍රතික්ෂේප කිරීම.

    2) මෙම දූෂිත වළල්ලේ දේශපාලකයන්ට අනුග්‍රහය ලබාදුන් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් මැතිවරණ වියදම් සඳහා දේශපාලකයන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම. (මහ මැතිවරණය පරාජය වන බව තහවුරු වීම නිසා.)

    3) මන්ත්‍රී ආසනය පරාජය වන බව තහවුරු වී ඇති හෙයින් මැතිවරන ව්‍යාපාරය සඳහා යොදවන මුදල් නැවත උපයාගැනීමට පවතින අවස්ථා පිලිබඳ විශ්වාසය නොමැති වීම.

    4) අසීරුවෙන් විපක්ෂ මන්ත්‍රීකෙනෙක් වුවද මුදලට ආණ්ඩුවට පැන පිල් මාරු කිරීමට නොහැකි වීම.

    5) නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මත ඩියුටි ෆ්‍රී වාහන නොලැබීම පමණක් නොව, නිල නිවාස, ජල බිල්, දුරකථන බිල්, විදුලි බිල් ආදී මහජන මුදලින් ලැබෙන මන්ත්‍රී වරප්‍රසාද අහිමි වීම.

    6) මෙම හැම දේශපාලකයෙක්ම සිදුකළ තවමත් හෙළිදරව් නොවූ බරපතල අපරාධ වංචා දුෂණ රැසක් පවතී. බලය අහිමිව මැතිවරණයට තරඟ කිරීමට යාමේදී එම තොරතුරු හෙළිදරව් වීමේ අවදානම ඉහළයාම හා මෙම ආණ්ඩුව යටතේ ඉදිරියේදී ඊට නීතිය ක්‍රියාත්මක වීමේ බිය නිසා එම තොරතුරු තවදුරටත් හෙළිදරව් වීම වලක්වා ගැනීමේ අරමුණ.

    7) දැනටමත් මෙම ආණ්ඩුව බරපතල වංචා දූෂණ අපරාධ පිලිබඳ විමර්ශණ ආරම්භ කර ඇත. තවත් එවැනිම අපරාධ සම්බන්ධ විමර්ශණ ආරම්භ වීමට නියමිතව පවතී. එම නිසා තමන් ආණ්ඩුවේ පැවැත්මට අභියෝග නොකරන බවට සංඥාකර යම් සමාදානයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීම.

    8) මතවාදී තලයේදී ජවිපෙ එන්පීපී ය සම්බන්ධයෙන් සමාජය තුල ගොඩනගා තිබූ ප්‍රචාරකවාදී බොරු, අවලාද සහ නරක දේශපාලන ප්‍රතිරූපය ජනතාව ඉදිරියේ පුස්සක් වීම.

    ලංකාවේ 1948 පසුව බලය පවත්වාගන ගිය ධනේශ්වර දේශපාලයේ වර්තමාන විකාශණය තුල පාලක කල්ලිය පුද්ගල ස්ථර දෙකක් සැකසී තිබිණ. මින් එක් කණ්ඩායමක් වන්නේ යටත්විජිත ගැති කොමිස්කාර දුර්වල රදළ පවුල් වලින් පැවත එමින් රටේ පාලනයට ඍජුවම දායක වූ දූෂිත පුද්ගලයන්ය. මෙම පිරිසේ බලයත් දේශපාලන පැවැත්මත් රැඳී තිබුනේම අධිරාජ්‍ය ගැති උපායමාර්ග මත යැපෙමින් රටේ පාලනය පවත්වාගෙන යාම තුලිනි.

    ඉහත සඳහන් පරිදි, රටේ පාලනයට හවුල්වූ දෙවන ස්ථරය වන්නේ 1977 පසුව මෙරට පාලනයට එක්වූ ධනපති මතය නියෝජනය කළ පාඩද කල්ලියයි. මෙම කල්ලිය රටේ පාලනයට ආකාර දෙකකට හවුල්විය. එනම්


    1) විනය හේතු මත වමේ ව්‍යාපාරයෙන් පන්නා දැමුණු පුද්ගලයන් හෝ වමේ ව්‍යාපාරය පාවා දී දූෂිත පාලක රදල කල්ලිය වටා රංචු ගැසුණු වමේ හම පොරවාගත් වංචනිකයන්.

    2) අපරාධ, මත්ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු සමාජ විරෝධී කටයුතු වලින් මුදල් උපයාගන ප්‍රධාන පක්ෂවලට එක්ව මැර බලයෙන් ජනතා නියෝජනයක් ලබාගත් පුද්ගලයන්.

    මෙම පාඩද කල්ලියේ පුද්ගලයන් රටේ පාලන බලයට හවුල් වීමෙන් පසු දේශපාලනය තුළ රටේ සම්පත් දේපල හා ආර්ථිකය ගැන සිතුවේ තමන්ට සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්රුකක් ලෙසිනි. එනිසාම දූෂිත රදල කල්ලිය ද ඉක්මවා යමින් මෙම පාදඩ කල්ලිය විසේකාර ලෙස රටේ ආර්ථිකය කොල්ල කෑහ.

    මෙම පාදඩ ධනපති කල්ලිය මෙරට පාලනය පවත්වාගෙන ගිය දූෂිත රදල පවුල් කීපයටද කුඩා පක්ෂ අටවාගන බලය කේවල් කරමින් කරමින් රටේ සම්පත් හා දේපල කොල්ල කෑම නිසාම ආර්ථිකයේ බිඳ වැටීම සීඝ්‍ර විය.

    කෙසේ නමුත් අද වනවිට පාලන බලයේ සිටි මෙම හොර දේශපාලක කල්ලිය සුදු කොඩි ඔසවා මැතිවරණ සටන් බිමෙන් ඉවත්ව යමින් සිටින්නේ මහජනතාවගෙන් කොල්ල කා ගත් විශාල දේපළක් සමග බව ජනතාව මතක තබා ගත යුතුය.


    දැනට මෙවර මහ මැතිවරණය මගහැර පැන ගිය පුද්ගලයන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.​

    මහින්ද රාජපක්ෂ,
    මෛත්‍රීපාල සිරිසේන,
    රනිල් වික්‍රමසිංහ,
    ලක්ෂ්මන් කිරිඇල්ල,
    විමල් වීරවංශ,
    චම්පික රණවක,
    බන්දුල ගුණවර්ධන,
    ඩලස් අලහප්පෙරුම,
    විජේදාස රාජපක්ෂ,
    විමලවීර දිසානායක,
    ජනක බණ්ඩාර තෙන්නකෝන්,
    ඩබ්ඩී.ඩී.ජේ. සෙනෙවිරත්න,
    ගාමිණී ලොකුගේ,
    වාසුදේව නානායක්කාර,
    ගෙවිදු කුමාරතුංග,
    ශෙහාන් සේමසිංහ,
    එස් බී. දිසානායක,
    කණක හේරත්,
    නාලක ගොඩහේවා,
    අලි සබ්රී,
    චමල් රාජපක්ෂ,
    සී.වී. විග්නේශ්වරන්,
    ප්‍රසන්න රණතුංග,
    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,
    කෙහෙළිය රඹුක්වැල්ල,
    සිරිපාල ගම්ලත්,
    ගීතා කුමාරසිංහ,
    ප්‍රදීප් උඳුගොඩ,
    ඩී.බී. හේරත්,
    ගුණතිලක රාජපක්ෂ,
    විජිත බේරුගොඩ,
    ජගත් පුෂ්පකුමාර,
    කුමාරසිරි රත්නායක,
    ගයාශාන් නවනන්දන,
    ලොහාන් රත්වත්තේ,
    සුදත් මංජුල,
    උදයකාන්ත ගුණතිලක,
    මයන්ත දිසානායක
    කරුණාදාස කොඩිතුවක්කු
    අජිත් මාන්නප්පෙරුම
    කරුණාරත්න පරණවිතාන
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    උන් දන්නවා මේ ආන්ඩුවට වැඩි ආයුශක් නෑ කියලා. ලගදිම ආයෙත් චන්දයක් එනවා කියලා. උන් මේ උබල හිතන තරම් ලපයි සිපයි නෙමෙයි. ඊලග චන්දේ මිනිස්සු ජේපොන්ට ඇඩ්‍රස් නැති කරන නිසා උන් ඉවසන් ඉන්නවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    මොලේ බාගෙටවත් හැදිල නැති මෝඩ බයියො ඇර ඕන එකෙක් දන්නවා ඔය හැම එකාම චන්දෙ ඉල්ලුවොත් පරදින බව.

    ඒ වගේම ඊට වඩා ඕකුන් දන්නවා මේ පාර ඉල්ලුවොත් ලබන පාරවත් ඉල්ලන්න බැරි තරං බලුම වෙන බව. ඒකෙන් ගැලවෙන්න තමයි මේ පාර ඉල්ලන්නෙ නැත්තෙ.

    එතකොට උන්ගෙ ප්ලෑන් එක තමයි මේ අවුරුදු පහේ බයියො අවුස්සලා, පුලුවන් තරං පච කෙළලා ආණ්ඩුව එපා කරලා, රට බේරගන්න අන්තිම අවස්ථාව මේකයි, රට බේරගන්න සුදුස්සො රනිල් සජිත් රාජපක්ස්ලා කියලා ඊළඟ චන්දෙට එන එක.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    මෙයාලා චන්දෙ ඉල්ලන්නේ නැත්තේ. Npp එකට මෙයාල ඉල්ලුවොත් බහුතරය ගන්න අමාරු හින්දා. රට අස්ථාවර වෙනවට අකමැති හින්ද චන්දේ ඉල්ලන එකෙන් වැලකෙනවා කියලා රෝහිත ඇමති තුමා එහෙම කිවේ.

    විමල් ඇමති කිවේ අනුර වැරදි පාරේ ගියොත් හරි පාරට ගන්න එයා ඉල්ලන්නේ නෑ කියලා එහෙමයි පොහොට්ටුවේ උදවිය ❤️
     

    gama22

    Well-known member
  • උන් දන්නවා මේ ආන්ඩුවට වැඩි ආයුශක් නෑ කියලා. ලගදිම ආයෙත් චන්දයක් එනවා කියලා. උන් මේ උබල හිතන තරම් ලපයි සිපයි නෙමෙයි. ඊලග චන්දේ මිනිස්සු ජේපොන්ට ඇඩ්‍රස් නැති කරන නිසා උන් ඉවසන් ඉන්නවා
    Ranil-wicrama-2020.02.02.jpg

    hello mama hitapu pin janadipathi . congratulations
    @rangana26 hawasa meet wemuda..... ?
    asi kollo.............:love:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මොලේ බාගෙටවත් හැදිල නැති මෝඩ බයියො ඇර ඕන එකෙක් දන්නවා ඔය හැම එකාම චන්දෙ ඉල්ලුවොත් පරදින බව.

    ඒ වගේම ඊට වඩා ඕකුන් දන්නවා මේ පාර ඉල්ලුවොත් ලබන පාරවත් ඉල්ලන්න බැරි තරං බලුම වෙන බව. ඒකෙන් ගැලවෙන්න තමයි මේ පාර ඉල්ලන්නෙ නැත්තෙ.

    එතකොට උන්ගෙ ප්ලෑන් එක තමයි මේ අවුරුදු පහේ බයියො අවුස්සලා, පුලුවන් තරං පච කෙළලා ආණ්ඩුව එපා කරලා, රට බේරගන්න අන්තිම අවස්ථාව මේකයි, රට බේරගන්න සුදුස්සො රනිල් සජිත් රාජපක්ස්ලා කියලා ඊළඟ චන්දෙට එන එක.
    අම්මෝ වද රචනා බයියා ගේ ජෙබයි රචනා🤣🤣
    මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ කියලා එහෙනම් තොත් දන්නවා 🤦🤦
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වැඩක් නෑ.. යකෝ...
    113 ගන්නව.. පුලුවන් නම් නවත්තපියව්....
    මාලිමාවත් ඉවරයි - ටැලිපෝනෙත් ඉවරයි.....


     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ඔය ඉවත්වෙන කට්ට්ටිය ඉවත්වෙන්නේ තාවකාලිකවලු, ඒ කියන්නේ ඒ අය බලාපොරොත්තු වෙන්නේ, ප්‍රාර්තනා කරන්නේ රට ආයේ වැටෙන්න කියලා. එතකොට ඒ අය රට බේර ගන්නවා වගේ ඇවිත් වංචා දූෂණ ආයේ පටන් ගන්න පූලුවන්නේ.

    ඒත් අද ජනතාවත්, අළුත් පරපුරත් ගොනාට අන්දන්න ලේසි නෑ ඉස්සර වගේ. දේශපාළුවෝ පණ්ඩිතයෝ කියලා හිතන් කියන ගොං කතා වලින් වෙන්නේ දේශපාළුවෝම ජෝකර්ලා වෙන එක.

    නමුත් බි.ක අශේන් වගේ උන්ගෙන් ප්‍රවේසම් වෙන්න. එවැනි උන් දේශපාළුවන්ගෙන් සල්ලි අරන්, ගෑනු වගේ කෑ ගගා වැරදි මත පතුරුවන්නට කටයුතු කරන්නේ අළුත් කට්ටිය මෝඩයෝ කියලා පෙන්න්න.

    ඒත් රටේ ජනතාව බුද්ධිමත්, සමගියි. ඔවුන් රට දියූනුවටම ගෙන යාවි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    කෙටි කතාව -දේශපාලනය
    ----==========----------

    අනුර මල්ලී ශේපක් දාලා දියන්.... මම ලොක්කගේ ෆයිල් දෙන්නම්...

    හා අයියා, බලමුකෝ...
    මට පුළුවන් ඉතින් ඔයා සද්දේ වහලා හිටියොත් තමයි, දන්නවානේ අපේ අනික් අය.

    එහෙනම් මල්ලි මම මේ පාර එන්නේ නෑ.

    හොඳ විදිහක් බලන්න. දැන් තියෙන නඩු වලට නොයා ඉන්න එපා.අපේ අය එක්ක ගැටුම් හදා ගන්න එපා.

    🤣😂😂😂
     
    • Haha
    Reactions: supun_sg

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තප්පර 44ම බලපියව්....
    sound වැඩි කරපියව් - සීයගෙ වචන ඇහෙන්නෙ අඩුවෙන් .....


     
    • Haha
    Reactions: supun_sg and dslasa

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    වැඩක් නෑ.. යකෝ...
    113 ගන්නව.. පුලුවන් නම් නවත්තපියව්....
    මාලිමාවත් ඉවරයි - ටැලිපෝනෙත් ඉවරයි.....



    gemmak tamai 😂😂
     
    • Haha
    Reactions: ElaBaba