කොහොමද හරියටම බඩු ගනිපු කීල්ස් outlet එක හොයගෙන තියෙන්නෙ ?
karapitiye oya shop tika laga lagama thiyenne ... trx eka una gaman msg eka enawane ... ethakota u ethanata gihin deparak me ganiwa note kara ganna athi ... 3 weni paara gannakota follow karala athatama alla ganna athi.... maha jara ammandila inne ... thawath thamange lamayek wage kollekgen salli horakam karanna balana ... ahu unaama adala shape wennath puluwan ne ganunta ...
Copied from fb
කරාපිටිය කීල්ස් හි සොරකම් කරන ලද කාඩ්පතකින් භාන්ඩ මිලදී ගැනීමට උත්සාහ කළ කාන්තාව පිලිබද එම කාඩ්පත් හිමියා අපවෙත එවනලද සම්පූර්ණ පැහදිලි කිරීම.
මාගෙ ATM card පත භාවිත කරමින් කරාපිටිය ආයතනයකින් භාන්ඩ මිලදී ගත් අතර, එහිදී මා අතින් එය ආයතනයෙන් පිටත දී බිම වැටෙන අතර, වෙනත් පුද්ගලයකු විසින් එම card පත අහුලා, එය එම ආයතනයේ ආරක්ෂක නිලධාරියා වෙත ලබා දී ඇත.
එය සිය සාක්කුවේ දමා ගන්නා ලද ආරක්ෂක නිලධාරීවරයා සිය බිරිඳට දුරකථනයෙන් දැනුම් දී එම ආයතනය වෙත කැඳවා ගෙන, එය ඇය වෙත ලබා දී ඇත.
ඉන්පසු එම කාන්තාව cargills ආයතනය වෙත ගොස් රුපියල් 100 ක භාන්ඩ මිලට අරන් කාඩ්පත සක්රීය ද යන්න පරික්ෂා කර ඇත. කාඩ්පත සක්රීය බව තහවුරු වීමෙන්
පසු සිව් වරක් එම ආයතනයෙන් භාන්ඩ මිලට ගෙන ඇත.
Cargills ආයතනයෙන් බැහැර වන එම කාන්තාව, විජිත Food city ආයතනය වෙත එවේලේම පැමිනේ.
එහිදී කිරී සම්බා බෑග් මුලින් මිලට ගන්නා අතර, එහි දී card පත සක්රීය බැවින්, නැවැතත් භාණ්ඩ දෙවන වරටත් මිලට ගනු ලබයි.
මෙහිදී මාගෙ දුරකථන අංකයට sms ලැබුණු අතර, ඒ පිළිබඳ මම අවධානය යොමු කළ අතර, එහිදී මාගෙ card පත අස්ථාන ගත වූ බව නිරීක්ෂණය විය.
මා එවිට ATM card පත අදාළ බැංකුව දැනුවත් කර, අක්රිය කරන ලදී.
ඉන්පසු මාගෙ card පත සොරකම් කරන ලද පුද්ගලයාගෙ හොරකම් කරන ලද රටාව නිරීක්ෂණය කල අතර, එම පුද්ගලයා food city වලට යන බවත්, මීළගට තවත් food city සදහා පැමිණිය හැකි බව අවබෝධ විය.
එබැවින් මා මුලින්ම සිදු කරන ලද්දේ විජිත Food city ඉදිරිපිට ඇති Food city දැනුවත් කිරීමයි. අක්රීය ATM card පත්රයක් ගෙන භාණ්ඩ මිලට ගැනීමට යම් පුද්ගලයෙක් පැමිණිය හැකි බවත්, එසේ සිදුවුව හොත් මා හට දැනුම් දෙන ලෙසයි.
CCTV camera මගින් භාණ්ඩ මිලට ගන්නේ කාන්තාවක් බැව් තහවුරු කර ගත් අතර, ඇය ඊළඟට Keels ආයතනය වෙත පැමිණිමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසාවෙන් මා හැකි ඉක්මනින් කරාපිටිය Keels ආයතනය වෙත පිටත්ව ගියේය.
මේ සියල්ල පැයක් ඇතුලත සිදු වූ දෙයක් වන අතර, Keels ආයතනයේ කලමණාකාරීත්වය දැනුවත් කර අවසන් වන විටම CCTV දර්ශන වල සිටින ලද කාන්තාව Keels ආයතනය වෙත ඇතුල් විය.
ඉන්පසු සිදු වූ Video මගින් ඔබ නිරීක්ෂණය කරන ලද අතර, ඇය පොලිසිය පැමිනෙන තෙක් රඳවා ගත්තේය.
මාගේ Card පතෙන් ලබා ගත් මුදල් ලබා දෙන්නේ නම් ඇය නිදහස් කරන බැව් පැවැසූ සැනින් එම කාන්තාව මුදල් ලබා දීමට එකඟ විය.
ඉන්පසු card පත කාන්තාව වෙත ලබා දෙන ලද ආරක්ෂක නිලධාරි සැමියා කැඳවා එම මුදල මා වෙත ඇයගේ බැංකු ගිණුමේන් එවේලේම ලබා දුන් අතර, එවිට මා ඇය නිදහස් කරන ලදී.
මෙහිදී මා ඔබට යම් කරුණු කිහිපයක් අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
1. මාගෙ card පත අහුලා ගෙන එය ආරක්ෂක නිලධාරියා වෙත භාර දුන් පසු සිය ආයතනය වෙත දැනුම් නොදී සිය බිරිඳ වෙත ලබා දීම
2. බිරිඳ විනාඩි 30 ක් ඇතුලත Card පත භාවිත කරමින් 6 වතාවක් භාණ්ඩ මිලට ගැනීම
3. එතනින් නොනැවතී තව ආයතනයක් වෙත පැමිණ වංචාව සිදු කිරීමට උත්සාහ කිරීම
4. සෑම අවස්ථාවකදීම කිරී සම්බා මිලට ගැනීම
5. මා මුදල ලබා දෙන ලෙස පැවැසූ විටම එම මුදල මා හට නොපැකිලව ලබා දීම හා එම මුදල ඇයගේ බැංකු ගිණුමේ මුදල් තිබීම
මෙහිදී යම් අය කාන්තාව අනුකම්පා කිරීම සිදු කරත්, මෙය සංවිධානාත්මකව පැයක් ඇතුලත සිදු කරන ලද අපරාධයක් ලෙස මම සදහන් කරන්නට කැමැත්තෙමි.
වැඩිපුර රුපියලක් වත් ඇයගෙන් ලබා නොගෙන ඇයට සමාව ලබා දී නිදහස් කරන බවත් නීති මාර්ගයෙන් කටයුතු නොකළ බවද වැඩිදුරටත් සදහන් කිරීමට කැමැත්තෙමි
- කාඩ්පත් හිමියා අපවෙත එවන ලද පැහැදිලි කිරීම
GALLE City
------
Post added on Aug 21, 2022 at 12:54 PM