ඉස්කෝල අායෙත් වහයි වගේ...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,168
    46,939
    113
    ලංකාව පුරා දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

    මේ වනවිට පාසල් දරුවන් අතර කොවිඩ් ආසාදනය වීම ඉහළගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    සෑම වැඩිහිටියෙක්ම මීට වඩා සැලකිලිමත් වියයුතු බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

    “ලංකාව පුරාම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා. ඒ වගේම දරුවන්ටත් කොවිඩ් වැඩිවෙන්න පටන් අරන් තියෙනවා. මේ නිසා අපේ පාසල් පද්ධතිය ආපහු සැරයක් වසා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිහිටියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ රෝගය ගෙදරට ගෙනියන්නේ නැතුව ඉන්න.”

    පළාත් කිහිපයක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බවත් වැඩිවෙන කොවිඩ් ආසාදිතයින් එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    “පළාත් කිහිපයක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා. මේ තත්ත්වය අපි කල්තියා කියපු දෙයක්. මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලෙකට පස්සේ විවෘත කරපු පාසල් ආයෙත් වහන්න සිද්ධ වෙනවා. මේ වැඩිවෙන කොවිඩ් ආසාදිතයින් එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමා පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා.”
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,614
    113
    මුන් නම් සාපයක් බං. දැං ඉස්කෝල ඇරලා ලෙඩේ වැඩි කරලා ඊළඟට කියයි උද්ගෝෂණ පෙලපාලි නිසා තමයි කොවිඩ් වැඩි උනේ දැන් ඉතිං රට වහන්න වෙනවා කීලා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මුන් නම් සාපයක් බං. දැං ඉස්කෝල ඇරලා ලෙඩේ වැඩි කරලා ඊළඟට කියයි උද්ගෝෂණ පෙලපාලි නිසා තමයි කොවිඩ් වැඩි උනේ දැන් ඉතිං රට වහන්න වෙනවා කීලා.
    පෙට්‍රල් කෙස් එකත් එක්කම මුන්ට රට වහගන්නම තමයි ඕනා
    වහගෙන ඉන්න තරමට මුන්ට වාසියි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔය දොස්තරම තමා කිව්වේ බය වෙන්න දෙයක් නෑ ළමයි ඉස්කෝලේ යවන්න කියලා.. දෑන් මුන් වෑක්සීන් නොකර 12 ට වෑඩි ඔක්කොම ළම්යින්වත් ඉස්කෝලේ ගේන්න යනවා. ළමයින්ගේ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ඈයි? ඕන තරම් කල් තිබ්බා ලමයින්ව වෑක්සීන් කරන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,076
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයවෙන්න දෙයක් නෑ. ලංකාවෙ දැන් කොවිඩ් එන්නත් හදනව නේද? බයියො මැරෙන්න හැදුවෙ ආණ්ඩුවෙ වැඩක් කියල

    කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ..



    *** ගු ඇන් පි මෝඩයන්ට මේව දැක්කම ඇහේ කටු ඇනෙනව වගේ දැනෙයි,පුලුවන් තරන් මඩ ගහයි කුහකකමට 🤭 🤭 🤭

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    බයවෙන්න දෙයක් නෑ. ලංකාවෙ දැන් කොවිඩ් එන්නත් හදනව නේද? බයියො මැරෙන්න හැදුවෙ ආණ්ඩුවෙ වැඩක් කියල
    ගම්මාගේ තෙල් ලිදේ බඩු ආවාම ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    මන්ද බන් අද උදේ ස්කෝලෙකට ගියා පොඩි වැඩකට ළමයි ස්කෝල ඇතුලෙ කොරෝන නෑ වගේ තමා වැඩ කරන්නෙ. ඒක උන්ගෙ වැරද්ද නෙවෙයි. මාස්ක් එක දාගෙන ඩොක්ට කෙනෙක් නර්ස් කරන කැපකිරීම මේ පොඩි උන්ට කරන්න බෑ කොහොමත්ම. දවසක් කරයි දෙකක් කරයි.
     
    • Like
    Reactions: maanasa2

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    මන්ද බන් අද උදේ ස්කෝලෙකට ගියා පොඩි වැඩකට ළමයි ස්කෝල ඇතුලෙ කොරෝන නෑ වගේ තමා වැඩ කරන්නෙ. ඒක උන්ගෙ වැරද්ද නෙවෙයි. මාස්ක් එක දාගෙන ඩොක්ට කෙනෙක් නර්ස් කරන කැපකිරීම මේ පොඩි උන්ට කරන්න බෑ කොහොමත්ම. දවසක් කරයි දෙකක් කරයි.
    ලමයිනේ බන් කිව්වට මතක නෑ
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හරිහමන් දැක්මක් තියෙන නායකයෝ ලංකාවේ ඉන්නවනම් ඒ අය මේ වෙලාවේ කරන්න ඕන
    සංවර්ධන , පාරවල් හැදිලි, වගේ ගොඩක් දේවල් නවත්තලා ඡන්ද දිහා බලාගෙන වැඩ කරන්නැතුව
    Covid කොච්චර වැඩි වුනත්
    උගන්නන්න ක්‍රමවේදයක් හදන එක

    ගුරුවරු ගෙදර තියන් නැතුව අවශ්‍ය පරිදි කළමනාකරණය කරලා
    එක ළමයෙක් මාසෙකට අඩුම තරමේ දවස් පහක් වත් පාසලට එන්න
    අනිත් සියළුම දවස් ගෙදර ඉඳන්,
    හරි ක්‍රමවේදයකට ඔන්ලයින් අධ්‍යාපනය කරන්න පුළුවන් වෙන්න
    හොඳ ප්ලෑන් එකක්( එකපාර කරන්න බැරි උනත්) හොඳ දැක්ම එක්ක ඉදිරිපත් කරන එක...

    එහෙම නායකයත් නැහැ
    ඒ විදිහට වැඩ කරන්න උදව් කරන රාජ්‍ය සේවකයොත් නෑ

    ඉන්නේ හොරු ටිකක් විතරයි ඔක්කොම හොරු

    හොරා කන ගමන් තමන්ගෙ වාසියට විතරක් වැඩ කරන සාමාන්‍ය ජනතාව දේශපාලනඥය හදනකම් බලන් ඉන්නවා
    දෙපැත්තකට තුන් පැත්තකට බෙදිලා කඩේ යනවා
    දේශපාලඥයා ඇවිල්ලා අපි මොකටද හදන්නේ කියලා , උන් හොරාකන wa

    ඔය මුකුත් ඕන නෑ
    හිතට අවංකව තමන් හැදුනා නම්
    සමස්ත සමාජය ම ගොඩ