ඉස්ලාමයේ කාන්තාව -නිතර අසනු ලබන ප්‍රශ්න 25ක
1.ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් ඉස්ලාම් ඩර්මයෙ සම ස්ථානයක් තිබේද?
ස්ත්‍රීන් හා පුරුෂයන් හට ස්වාභාවිකව පිහිටා ඇති ශාරීරික වෙනස්කම් සෙලකිල්ලට ගනිමින් ඔවුනතර සමානාත්මතාවයක් හා සාධාරණත්වයක් ඇති කිරීම ඉස්ලාම් ධර්මයෙ ප්‍රධාන අරමුණුවලින් එකකි.දෙවියන් කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඔවුන්ගේ ස්වාභාවික පිහිටීම් අනුව ඇතැම් යුතුකම් හා අයිතිවාසිකම් හිමිකර දී ඇත්තේය.මේ සියල්ල ගැහැණු පිරිමි එකිනෙකාට අනෝන්‍යය අවශයතාවයන් ඉටු කරගන්නා අන්දමින් දෙවියන් විසින් නිර්මාණය කර තිබෙන හෙටි දෙකිය හැක. මෙම ස්වාභාවික ලිංගික හැගීම්වලින් ඉවත්වෙමින් පිරිමියෙකු හෝ කාන්තාවක් හෙසිරෙන්නට පටන් ගන්නවාත් සමඟම එහි අස්වාභාවික හා අසංවරභාවයන් ඇති වී ලොවේ නොයෙකුත් කලබල එතිවනු දෙකිය හැක. දෙවියන් අහභියස මෙම දෙවර්ගයාම සමාන වුවද ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාම ශාරීරික වශයෙන් වෙනස්වන නිසා ඔවුනොවුන්ට ඇති සීමාවන්ද වෙනස් හා අසාමාන බව පිළිගත යුතුය ඒ අනුව සමාජයෙ හෙසිරීමද නිර්දෙශිත වීම අවශ්‍යවනවා පමණක් නොව එසේ වීම ඉතා මනස්කාන්තද වන්නේය.ඉස්ලාමිය දෘෂ්ටිකයකින් හෙවත් යථාර්තව බලන කල ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාගේම ඕනෑ එපාකම් එකිනෙකා කෙරෙහි අනොන්යයව පිහිටා ඇති බව පෙනී යනු ඇත.
කෙසේ වුවද දෙවියන්ට වගකීම් ඉටු කිරීම අනුව ස්ත්‍රී පුරුෂ දෙවර්ගයාම සමානවෙති.මුහම්මද් වක්තෘවරයාණන්ට අල්ලාහ් දෙවියන් විසින් අනාවරණය කරන්නට යෙදුනු අල්-කුර්ආනයේ කිහිප අවස්ථාවකම මිනිසුන්ගෙ ලෞකික ක්‍රියාකලාපයන් සදහා එලොව දෙනු ලබන විනිශ්වයන්ට මනුෂ්‍යයාගේ ලිංග භේදයන් කිසිසේත්ම බල නොපාන බව අවධාරණය කරනු දැකිය හැක.මෙයට එක් සාධාකයක් ලෙසින් ශුද්ධ වු අල්-කුර්ආනයේ වැකියක් මෙහි ඉදිරිපත් කරමු.
“මාගේ මාර්ගයේ ක්‍රියාකිරීමට වෑයම් කරන්නන් -ඔවුන් පුරුෂයින් හෝ ස්ත්‍රීන් වේවා ඔවුන් වෙතින් මගේ අවධාණය මා ඉවත් නොකරන්නෙමි”(3:195)
මෙ අනුව දැනුම ලබා ගැනීමද ස්ත්‍රී පුරුෂ සියල්ලන්ටම පොදු වන්නේය.විවාහ දිවියේද ස්ත්‍රී පුරුෂ දෙකොටසම ඔවුන් ස්භාවයෙන්ම සමාන වන සියළු ඉසව්වල සම අයිතිවාසිකම් ලැබිය යුතුය යන්න ඉස්ලාමයේ ස්ථාවරයයි. එහෙත් ඔවුන්න් පිහිවීම අනුව වෙනස් වන ඉසව්වල ඔවුන් සදහා වන නිර්දෙශයන් වෙනස් වනු ඇත.නැණවත් ලෝකයාද මෙම තත්වය පිලිගනු ඇත. ඉස්ලාමීය ආගමික වතාවන් ඉටු කිරීමේදිද ස්ත්‍රී පුරුෂ ශාරීරික පිහිටීම් අනුව ඔවුනොවුන් සදහා වන ප්‍රායෝගික නිර්දේශයන්ද වෙනස් බව දෙකිය හැක.මෙහිදි කාන්තාවට ඇති යම් අපහසුතාවයන් සැළකිල්ලට ගෙන ඇයට ඇතැම් සහන නිර්දේශ කර ඇති අතර එම පහසුකම් පුරුෂන්ට නොදෙන ලදී. පවුල නඩත්තු කිරීමෙ වගකීම පැවරී ඇත්තේ පුරුෂයාට,දේපල උරුම නීති සංග්‍රහයෙ වෙඩි කොටසක් හිමිවන්නේද පිරිමියාටය.ඉස්ලාමය මෙලෙස උරුම නීති සම්පාදනය කර ඇත්තේ ස්වාභාවික පිහිටීම් අනුව හා වෙනස්කම් අනුවය.(අල්කුර්ආන් පරි:15)
2.පවුල් ජීවිතයෙ පුරුෂයාගෙ හා කාන්තාවගෙ භුමිකාවන් මොනවාද??
අල්-කුර්ආනයේ සඳහන් වන පරිදි විවාහ ජීවිතයකට එළඹෙන පුරුෂ ස්ත්‍රී සමාගමය-ආදරය කරුණාව හා සෙනසීම තෙමා කරගන්නකි.
“ඔහුගෙ(දෙවියන්ගේ) ප්රාතිභාවයන් අතුරින් මෙයද එකකි ඔබලාගෙ කලත්‍රයන් ඔහු ඔබලා වෙතින්ම බිහි කළේය.මේ අනුව ඔබලා එකිනෙකා කරා ඇදී යනු ඇති අතර ඔහු ඔබලා අතර ආලය හා කරුණාව ඇති කරන්නේය”(30:21)
තවත් තැනෙක අල්-කුර් ආනයේ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳ මෙසේ සඳහන් වේ.
“ඔවුන් ඔබලාගෙ වස්ත්‍රයන් වන අතර ඔබලා ඔවුන්ගෙ වස්ත්‍රයන් වෙති”(21:187)
ඉස්ලාම් ධර්මය අනුව පවුල් සංස්ථාවක ඉපැයීමේ වගකීම පැවරෙන්නෙ පුරුෂයාටය.පිරිමියා මෙ අනුව තම පවුලේ සියළුම කාරණා පිළිපඳ ප්‍රශ්න කරනු ලබයි.කණ්ඩායමකට නායකත්වයක් අවශ්‍ය වන්නාසේ පවුලකටද නායකත්වයක් හෙවත් මග පෙන්වීමක් අවශය වන්නේය.පවුලේ ඇතිවන ගෙටලුවලට අවසාන තීරණය විය යුත්තෙ එම නායකයා වන පුරුෂයා වෙතිනි.පුරුෂයාගෙ මෙම වගකීමෙ භුමිකාව කුර්ආන් වැකි පමණක් නොව බොහෝ නබි වදන්වලින්ද සනාථ වුනු දෙකිය හැක.එක් නබි වදනක මෙසේ කියවේ.
“ඔබලාගෙන් පරිපූර්ණ පුද්ගලයා යහපත් වරිතයෙන් හෝ උසස් ගුණාංගවලින් සපිරි පුද්ගලයා වන්නේය.තවද ඔබලගෙන් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා සිය පවුල හොඳින් රැකබලා ගන්නා වේ”
බිරිදකගේ වගකීම වන්නේ සිය සැමියාට අවනත වෙමින් පවුල් ජීවිතය සාමකාමීව ගෙනයෑමට පුරුෂයාට සහය වීමය.දරුවන් බිහිකිරීම ඔවුන්ට මව් කිරි පෙවීම ඇතුලු ඔවුන් හදා වඩා ගැනීමෙ උතුම් කාර්යභාරයේ වැඩි කොටසක් දරමින් සැමියාට උපකාරි වීම යනාදිය බිරියකගේ ස්වාභාවික පිහිටීම අනුව වන කටයුතු අතර වන්නේය. මෙමගින් දරුවන් හදාවඩා ගන්නා රාජකාරියේ පුරුෂයාට කිසිදු වගකීමක් නැත යන අදහස සත්‍ය නොවේ.ඔහුටද මෙහි දී ඇත්තේ ඉතා වෙදගත් කොටසකි.එය එලෙසින්ම ඔහු ඉටු කළ යුතුය.
3. මවක් හැට්යට මුස්ලිම් කාන්තාවකගේ වගකීම් කුමක්ද?
මවකට ඉස්ලාම් ධර්මයෙ ඇත්තේ ඉතා උත්තරිතර ස්ථානයකි.දරුවෙකුගේ ආරම්භ වසර කිහිපය තුල මවකට ඇති කාර්යභාරය පුළුල් වනවා පමණක් නොව එය අද්විතීයය.එය දරුවාගේ ජීවිතයේ ඉදිරි ගමන නිශ්වය කරන්නකි.අල් කුර් ආනයෙ නිර්දේශිත පරිදි(2:233) මව් කිරි පෙවීම ඉතා උසස් කාර්යයක් වන අතර මෙමගින් දරුවා සහ මව අතර ඉතා උතුම් රුධිර බන්ධනයක් ගොඩ නැගේ.දෙමාපියන් හා දරුවන් අතර ගොඩනැගෙන සමාගමය පිළිබඳ ශුද්ධ ග්‍රන්ථයේ සවිස්තරාත්මකව සඳහන් කර ඇත(31:14) තවද දරුවෙකු පිළිසිද එම දරුවා ලොවට බිහි කරන තුරු හා එම දරුවා යහපත් කෙනෙකු ලෙසින් හදාවඩා ගන්නා තුරු මවකට ඇති මහන්සිය හා වෑයම කුර් ආනය ඉතා ඉහලින් අගයයි.විවාහ බන්ධනයෙන් වෙන්වු මවකත දරුවාට සිය කිරි පොවා නඩත්තු කිරීම සඳහා දික්කසාදවු සිය සැමියාගෙන් මුල්‍ය සහන ඉල්ලා සිටීමෙ අයිතියද ඉස්ලාම් ධර්මය තහවුරු කරයි(65:6).
දෙමවුපියන් අතර මවකට ඇති වැදගත්කම කෙතරම්දැයි විස්තර කරන නබිවැකියක ප්‍රමුබත්වය තෙවරක්ම මවට දිය යුතු බව අවධරණය කර ඇති අතර සිව්වැනි ස්ථානය පියෙකුත දීම ප්‍රමාණවත් යයි උපදෙස් දී තිබිම දැකිය හැක.සමීපතර නෑයන්ට දෙනු ලැබ ඇත්තෙ ඉන් පසුවන ස්ථානයන්ය.
4.ඉස්ලාමිය ආගමික වතාවන් සියල්ලන්ම කාන්තාවන්ටත් අනිවාර්යවන්නේද?
ප්‍රතිපත්තිමය වශයෙන් ස්ත්‍රී පුරුෂ දෙකොටසම සලාත් වන්දනය රමළාන් උපවාසය හජ් වන්දනා ගමන සකාත් දන්දීම යන සියල්ල සමාන වගකිම් වේ.
“පුරුෂ හා ස්ත්‍රී විශ්වාසිකයන් සියල්ල එකිනෙකාට සහය වෙති.ඔවුන් සියල්ලන්ම යහපත් ක්‍රියා උනන්දු කරති,නපුරෙන් වලකති,වන්දනය නොකඩවා ඉටු කරති,දන් දෙති,තවද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගෙ ධර්මදූතයානන්හට අවනතද වෙති”(9:71)
නමුත් සලාත් වන්දනය හා උපවාසය විෂයෙහි ඔවුන්ගෙ ශාරීරික පිහිටිවීම අනුව ඉස්ලාම් ඨර්මය කාන්තාවන්ට ඇතැම් සහන නිර්දෙශ කරයි.මාසික ඔසප් වීමෙන් හා දරු ප්‍රසූතියෙන් පසුව ඇති කාලයෙහි සලාත් වන්දනය හා රමළාන් මාසයේ උපවාසයන් සම්බන්ධයෙන් කාන්තාවන්ට සහනයන් ඇත.මෙම කාලයේ තිබෙන අපහසුතා නිසා අතපසු කළ උපවාසයන් පසුව ඉටු කල යුතු වුවද?සලාතයන් නැවත ඉටු කිරීම කාන්තාවන්ට අවශය නොවේ.
5.මුස්ලිම් කාන්තාවකට තමන් කෙමති පුරුෂයෙකු විවාහය සදහා තෝරා ගෙනීමේ නිදහස තිබේද?
සෙබවින්ම මුස්ලිම් ස්ත්රීයයකට සිය සැමියා තෝරා ගැනීමේ අයිතිය ඇත.ඇයගේ පූර්ණ කැමැත්ත නොමෙතිව ඇයට විවාහයක් සඳහා කිසිවෙකුට බල කල නොහැක.එවැනි විවාහයක් වලංගු එකක් හැටියට ඉස්ලාම් ධර්මය පිළිනොගනී.නමුත් කරුණු කාරණා දන් වෙඩිහිටියන් මෙවන් බැරූරුම් කටයුත්තකදී ඉදිරිපත් වීම සුදුසු හෙයින්ද මනාලයා පිළිබඳ හොඳින් විපරම් කිරීම වඩාත් හොඳින් කල හැක්කේ ඔවුන් විසින්.මුස්ලිම් විවාහයන් බහුලව සිදු කෙරෙන්නේ වෙඩි මහල්ලන්ගේ සහභාගිත්වයෙනි.එසේ වුවද මනාලියගේ පුර්ව කැමැත්ත විමසිය යුතු යන්න ඉස්ලාම් ධර්මයේ අනිවාර්ය උපදෙසකි.විවාහයෙන් පසුව සිය පෙළපත් නාමය දැරීමේ අයිතියද ස්ත්‍රීයට හිමිය.
6.ඉස්ලාමිය විවාහයකදී දෑවැද්ද දිය යුත්තෙ මනාලිය නොව මනාලයා යයි පැවසේ.මෙය විස්තර කළ හෙකිද?
ඉස්ලාමිය විවාහයකදී මනාලයා සිය මනාලියට “මහර්” නමින් ආපසු කිසිවිටෙක නොඉල්ලන දීමනාවක් දීම අනිවාර්ය වගකීමකි.මුදලින් හෝ වටිනා අන් දෙයක් මගින් දිය හැකි මෙම “මහරය” පිළිබඳ අල් කුර් ආන් නිර්දේශයන්ද ඇත.(4:4) මෙසේ දෙනු ලබන දෙය මනාලියට හැර ඇගේ පියා ඇතුළු කිසිවෙකුට හිමිකමක් නොමැත.මෙම “මහර්” දීමනාව කුමකින් විය යුතුද යන්න හා එහි අගය කොපමණ විය යුතුද යනාදිය තීරණය කිරීමෙ අයිතිය විවාහ බන්ධනයට ඇතුලත් වන ස්ත්‍රී සතුය.මෙම දීමනාව හැකි පමණ වැඩියෙන් දෙන මෙන් උනන්දු කරන හා එසේ දුන් දෙය “කන්දක් තරම්” වුවද එය දික්කසාදවු විටද ආපසු සැමියා නොඉල්ලා සිටින ලෙසින්ද අවවාද කරන නබි වදන් බොහෝ ඇත.මෙම නිර්දේශය කුර් ආන් වැකියකින්ද(2:229) සනාථ වේ.
7.මුස්ලිම් කාන්තාවක් මුස්ලිම් නොවන පුරුෂයෙකු හා විවාහ විය හැකිද?
විවාහයට හා පවුල් සංස්ථාවට ඉස්ලාම් ධර්මයේ ඇත්තේ වැදගත් ස්ථානයකි.මෙම බන්ධනයන් සමාජයේ වැදගත් ඉසව් වන අතර මිනිස් සමාජය නොකඩවා පැවතීමට මෙම අංශවලින් වන දායකත්වය ඉමහත්ය.එවැනි පිවිතුරු බන්ධනයක් සඳහා යුවලක් කරුණු කිහිපයක් මත එක්සත් හා එක්සිත් වීම අත්‍යාවශ්‍ය බව නොකිව මනාය.කෙනෙකු අදහන ආගම ජීවිතයේ වැදගත් කොටසකි මෙනිසා මුස්ලිම් ස්ත්‍රීයකට මුස්ලිම් පුරුෂයෙකුම ලැබීම වඩාත් සුදුසුය.පවුල් ජීවිතයේ ව්‍යාකුලත්වයන් අවම වීමත මෙයම යෝග්‍ය වන්නේය.නැත්තම් ප්‍රතිවිරුද්ධ දිසාවන්ට අදින ගොන් බානක් බැඳි කරත්තයකට නැග සිතින්නන්ගේ තත්වයට සමාන අසරණ තත්වයකට එම යුවලගේ දරුවන් පත් වනු ඇත.මුස්ලිම් නොවන පුරුෂයෙකු සිය මුස්ලිම් බිරිඳගේ ආගමික කටයුතුවලටද වැට තහංචි දැමිය හැක.මෙකී නොකී කරුණු නිසා මුස්ලිම් කාන්තාවක් අන්‍යාගමිකයෙකු විවාහ කර ගැනීමට අනුමැතිය නොමැත.නමුත් මුස්ලිම් පුරුෂයෙකුට මුස්ලිම් නොවන යුදෙව් හෝ කිතුනු ආගමික ස්ත්‍රීයක් විවාහ කර ගත හැක.මෙම අනුමැතියට ප්‍රධාන හේතුව මුස්ලිම් පුරුෂයෙකුගේ ආගමික වතාවන්වලින් ඉවත් කිරීමට එම අන්‍යාගමික බිරිඳ පොහොසත් නොවනු ඇත යයි බොහෝ සෙයින් විශ්වාස කළ හැකි නිසා විය හැක.
8.බහුභාර්ය සේවනය හෙවත් එකකට වෙඩි සංඛ්‍යාවක් බිරියන් එක විට විවාහ කරගැනීමේ අනුමැතියේ පසුබිම කුමක්ද?
ප්‍රතිපත්තිමය වශයෙන් ඉස්ලාම් ධර්මය එකවර බිරියන් සිව්දෙනෙකු සමග විවාහ ජීවිතය ගත කිරීමට අනුමැතිය දෙයි.මෙය මුස්ලිම් නොවන අය පවා දන්නා කරුණකි.ඒ කිසිවෙකුට නොපෙනෙන හෙවත් ඔවුන් විමසීමට උනන්දු නොවන කරුණු කිහිපයක් මෙහි දකින්නට ඇත.ඒවා නම් මෙම අනුමැතියට පෙර සැළකිය යුතු නොයෙකුත් වැදගත් කොන්දේසිත් තිබීමය.පළමුව මෙවැනි අවශ්‍යතාවයක් පිරිමියෙකුත ඇති විය හැකි තත්වයන් ගැන බලමු.අල් කුර් ආනයේ මෙ පිළිබඳ මෙසේ සඳහන් වෙයි.
“අනාථ ස්ත්‍රීයන් විවාහ කර ඔවුන් විෂයෙහි සාධාරණය ඉතු කරන්නට නොහැකි යයි ඔබ වුවහොත් එවිට(අන්) ස්ත්‍රීයන්ගෙන් ඔබ කැමති අය දෙදෙන බැගින් හෝ තිදෙන බැගින් හෝ සිව් දෙනා බැගින් විවාහ කර ගන්න.ඔවුන් සියල්ලන් සමානව නඩත්තු කළ නොහෙකි යයි ඔබ සිතන්නට හේතු ඇත්තම් එක් ස්ත්‍රීයක් පමණක්(විවාහ කර ) ගන්න.(එසෙත් නැත්තම්)ඔබගේ සුරතින් හිමි කර ගන්න.වහල් ස්ත්‍රී ප්‍රමාණවත් කරගන්න.”(4:3)
මෙ අනුව සාධාරණය ඉටු කිරීම හා සමානව නඩත්තු කිරීම බහු විවාහයේ ප්‍රධාන කොන්දේසියන් බව දැනගත යුතුය.එයත අපොහොසත් පුද්ගලයන්ත බහු විවාහය සම්පූර්ණයෙන්ම තහනම් බවද සැළකිය යුතුය.බහු විවාහයක අවශ්‍යතාවය තීරණය වන්නෙ පුද්ගලයාගේ ශාරීරික පිහිතීම අනුවය.ශරීරික අවශ්‍යතාවයන් හා ආර්ථික හැකියාවන් ඇති අය වැන්දඹු කාන්තාවන් විවාහ කර ගත හැක.එසේ අසරණ වන කාන්තාවන් ඕනෑම සමාජයක සිටිති.ඉස්ලාමීය රීතීන් අනුව කෙනෙකු විවාහ කරගන්නා සියළුම කාන්තාවන්ට සම අයිතීන් ඇති නිසා කිසිදු නීතිමය අගයක් හෝ අයිතිවාසිකමක් නැති තත්වයකින් යමෙකුගේ අනියම් බිරියක්ව අවිනිශ්විත දිවියක් ගත කරනවාට වඩා විවාහක බිරිඳක්ව ජීවත්වීම සෑම අතින්ම ආරක්ශ සහිතය.සමාජයේ පිළිගැනීමක් හා ගෞරවයක්ද එවැනි කාන්තාවකට ලැබෙනු ඇත.නමුත් මෙම බහු විවාහයත් ඒ ගෞරවයක්ද එවැනි කාන්තාවකට ලැබෙනු ඇත.නමුන් මෙම බහු විවාහයන් ඒ හා බැඳි වගකීම් හා කොන්දේසි නිසා මුස්ලිම් සමාජයේ වුවද බහුලව සිදු නොවන්නක් බවද දැකිය හැක.මුළු මහත් මුස්ලිම් ලෝකයාට ජීවමාන නිදසුනක් වන මුහම්මද්(සල්) තුමන්ද සිය පළමු බිරිඳ වන කදීජා තුමිය විවාහ කර ඇය සමඟ පමණක් ඇයගේ මරණය තෙක් වසර 25 ජීවත් වූහ.ඉන් පසුවද එතුමන් විවාහ වු කාන්තාවන්ගෙන් තරුණියකත සිතියේ ආයිෂා මව්තුමිය පමණි.අන් සියල්ලන්ම වැන්දඹු කාන්තාවන් වූහ.
9.මුස්ලිම් කාන්තාවකට බහු විවාහයේ අනුමෙතිය නෙත්තේ මන්ද ??
ඉස්ලාම් මිනිස් ස්වභාවය අනුව ගමන් ගන්නා ලබිදියකි.සාමාන්‍යයෙන් ගත කල එක් ස්ත්‍රීයක් පුරුෂයන් කිහිප දෙනෙකු සමග විවාහ වීම යනු නොඇසු විරූ දෙයකි.තවද එය ප්‍රායෝගිකද නොවන්නේය.ඉතා අසංවර ගෙහෙණියක් මිස අන් කිසිදු කාන්තාවක් තමන්ට මේවැනි ආශාවක් තිබෙන බවක් කීමට පවා පසුබට වනු ඇත.මේවැනි අස්වභාවික කරුණක් ඉස්ලාම් ධර්මය අනුමත නොකිරීම විමතියට කරුණක් නොවේ.
මෙහෙදී කැපී පෙනෙන තවත් කාරණයක් ඇත.එනම් පවුල් සංස්ථාවක නඩත්තුවේ වගකීම ඇත්තා පිරිමියාය.එම වගකීම ඔහු එක සිතින් කරන්නට ප්‍රධාන කාරණාවක් හෙටියට දරු සෙනෙහස කිව හෙක.මේ අනුව යම් ලෙසකින් තම භාර්යාව වෙදු දරුවන්ගේ පිතෘත්වයේ සෙකයක් ඇතිවු විට එම පවුලේ සමගිය බිදී යනු අප කොතෙකුත් දකින්නෙමු.කරුණු මෙසේ තිබියෙදී එක් ස්ත්‍රීයක් පුරුෂයින් කිහිප දෙනෙකු විවාහ කර ජීවිතය ගෙන යයි නම් ඇය සමග ගත කරන දින ගණන(රැය ගණන ?) පිළිබද එම පුරුෂයන් අතර නිතර කෝලාහල ඇති විය හෙක.එපමණක් නොව ඉපදී සිටින දරුවන්ට නඩත්තු දිය යුත්තේ කව්රුන්දෙයි නිතර අවුල් ඇති වීමද වෙළක්විය නොහැක.මෙකී කරුණු නිසා මෙවන් විවාහයක් කිසිසේත් වෙඩි දින ගණනක් ඔරත්තු නොදෙනු නොඅනුමානය.
10.මුස්ලිම් පුරුෂයකුට සිය බිරියට පහර ගැසිය හැකිද?
මෙම ප්රශ්නය නිතර මුස්ලිම් නොවන ලෝකයා විසින් අසන්නට හේතු වී ඇත්තේ එක්
කුර්ආන් වැකියකි.ඒ පිළිබඳ නොදන් අයගේ වටහා ගැනීම සඳහා අප එය ඉදිරිපත් කරමු.
“ඔබ්ට බියවන්නට හේතු තිබෙන චර්යාවක් ඇති කාන්තාවන්ට පළමුව අවවාද කරන්න.මසුව ඔවුන් ඔබගේ යහතින් ඉවත් කර තබන්න (එයිනුත් ඔවුන් යහමගට පත් නොවුවහොත්) ඔවුන්ට ගසන්න.ඔබට කීකරු වුවහොත් වෙඩිදුරටතොවුන්ට හිංසා නොකරන්න.දැනගනු!දෙවියන් ඉතා උසස්ය ශ්‍රෙෂ්ඨය”(4:34)
කුර්ආන් වැකියක් පිළිබඳ වටහා ගැනීමට පෙර එය පහළ වූ වතාවරණයන් පිළිබඳ දැනුවත් විය යුතුය.උදාහරණයකට යුධ සමයේ පහළ වූ කුර්ආන් අණක් එසේ නොවන සාමයේ අවස්ථාවකදී ක්‍රියාත්මක නොකළ යුතුය.මෙම වැකිය පහළ වන්නට හේතුවූ සිද්ධිය කුමක්දැයි බලමු.
එක් ස්ත්‍රීයක් මුහම්මද්(සල්) තුමන් වෙත පැමිණ තමන්ට නිතර තලා පෙලා හිංසා කරන සිය ස්වාමියාට ප්‍රතිප්‍රහාර දීමට අවසර ඉල්ලා සිටියාය.නබිතුමානන්ද එ සඳහා ඇයට අනුමැතිය දුන්නේය.එසේ දෙන ලද අනුමැතිය එම මොහොතේ නබිතුමන් විසින් කියන ලද දෙයක් මිස දේව ආඥාවක් නොවේ.එසේ එතුමන් පැවසූ දෙය නිවැරදි නොවන බව අඟවමින් දෙවියන් පෙරකී වැකිය පහළ කළේය.එම වැකියන්ද බිරියකට ශාරීරික දඩුවම් දීමට පෙර ඇයට අවවාද කල යුතු යයිද දෙවනුව ඇය සයනයෙන් ඈත් කළ යුතු යයිද අවසාන වශයෙන් ඇය තවත් සිය වරදේ බැඳෙමින් මුරණ්ඩු වන්නෙ නම් ඇයට දඩුවම් කරන ලෙසට අනුමැතියක් දෙනු මිස අණක් නිකුත් නොකරයි.මෙසේ අනුමැතිය දෙනු ලැබුවද ශාරීරික දඩුවමක් දෙන තරමට නපුරු වන බිරියන් සිටිය හැක්කේ ඉතා ටික දෙනෙකු පමණි.කෙසේ වුවද ඒ සඳහා අනුමැතියක් තිබීම අවශ්‍ය වේ.කෙසේ වුවද මුහම්මද් තුමන් සිය බිරියන්ට කිසිවිටෙක පහර නොගැසුහ.එතුමන් එය දිරි ගැන්වුයේද නැත.අපගේ ජීවමාන උදාහරණය වන්නේ එතුමන්ය.බිරියන්ට පහර ගැසීම පිළිබඳ වරක් කාරුණ්ය නබිතුමන් මෙසේ පැවසූහ.
“සේවිකාවක් ලෙස ඔබගේ බිරිය සලකා ඇයට පහර දුන් පසු රාත්‍රීයේ ඇය කරා කෙසේ නම් සමීප වන්නේද?”