ඉස්ලාම් දහමට "අපහාසයක්": හින්දු පශු වෛද්‍&

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ඉස්ලාම් දහමට "අපහාසයක්": හින්දු පශු වෛද්‍&

    _107123600_whatsappimage2019-05-27at3.19.24pm.jpg

    ඉස්ලාමීය ආගමික වදන් සහිත කඩදාසියක ඔතා ඖෂධ අලෙවි කළ බව පැවසෙන පාකිස්තානයේ හින්දු භක්තික පශු වෛද්‍යවරයෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

    අදාළ පශු වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත්තේ ඉස්ලාම් දහමට නින්දා කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ පවතින දැඩි නීති යටතේය.

    සින්ද් පළාතේ මනිපූර් ඛාස් ආසන්නයේ පිහිටි ඔහුගේ සායන ගොඩනැගිල්ල ගිනිබත් කර ඇති අතර හින්දු භක්තිකයන්ට අයත් වෙළෙඳසල් කොල්ලකෑමට ලක්ව තිබේ.

    ඖෂධ එතීම සඳහා ඉස්ලාමීය අධ්‍යයන පිළිබඳ පාසල් පෙළ පොතක පිටු යොදා ගනු ලැබුවේ අත්වැරදීමකින් යැයි පශු වෛද්‍යවරයා පවසයි.

    අදාළ චෝදනාවලට වරදකරු වුවහොත් ඔහු ජීවිතාන්තය දක්වා සිර ගත කිරීමේ හැකියාවක් පවතී.

    පාකිස්තානය තුළ ඉස්ලාම් දහමට අවමන් කරන ඕනෑම අයෙකුට දැඩි දඩුවම් හිමිවන පරිදි නීති සම්පාදනය කර ඇත. එමගින් සාපේක්ෂව විශාල වශයෙන් එරට ආගමික සුළුතරය ඉලක්කයට ලක් වන බව විවේචකයෝ පවසති.

    පශු වෛද්‍යවරයා විසින් ලබා දෙන ලද ඖෂධ දවටනය මත ඉස්ලාමීය ආගමික කරුණු අඩංගුව ඇති බව ඖෂධ මිලදී ගත් පාරිභෝගිකයාගේ අවධානයට ලක්ව ඇති අතර ඒ බව ප්‍රදේශයේ ඉස්ලාමීය පූජකයෙකුට දන්වා තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවය.


    _107121516_whatsappimage2019-05-27at3.34.43pm.jpg

    හින්දු භක්තිකයන්ට අයත් වෙළඳසල් කොල්ලකෑමට ලක් වූ බව ඇසින් දුටුවෝ පවසති

    ආගමික පසුබිමක් සහිත දේශපාලන පක්ෂයක් වන ජමියත් උලෙමා එ ඉස්ලාමි (amiat Ulema-e-Islami) පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු වන මවුලානා හෆීස් උර් රෙහෙමාන් බීබීසී උර්දු සේවය වෙත කියා සිටියේ පශු වෛද්‍යවරයා "සිතාමතාම"ඉස්ලාමීය කරුණු අඩංගු දවටනයක් යොදා ගෙන ඇති බවය.

    නමුත් පොලිසිය සඳහන් කරන පරිදි එය අත්වැරැද්දක් බව පශු වෛද්‍යවරයා දිගින් දිගටම පවසා තිබේ.

    ඒ අනුව ඔහුට එරෙහිව ආගමික විශ්වාසයන්ට අවමන් කිරීම, කුරානය කෙළසීම යන චෝදනා යටතේ නඩු පවරා ඇත.

    පශු වෛද්‍යවරයාගේ සායනය සහ ඖෂධ වෙළඳසල ඇතුළු ගොඩනැගිලි හතරක් කොල්ල කා අලාභහානි කර ගිනි තබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු වාර්තා කළහ.

    ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ඇති බව මනිපූර් ඛාස් හි පොලිස් නිලධාරියෙකු වන ජාවෙඩ් ඉක්බාල් බීබීසී වෙත පැවසීය. "ඔවුන් ඉස්ලාම් දහමටවත් අසල්වැසියන්ටවත් ලැදි පුද්ගලයන් නොවෙයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    _104109954_049926028-1.jpg

    ආගමට අවමන් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ පවතින දැඩි නීති සඳහා මහජනතාව විශාල වශයෙන් සහයෝගය දක්වති


    ඉස්ලාම් දහම පාකිස්තානයේ ජාතික ආගම වන අතර ආගමට අවමන් කිරීම සම්බන්ධයෙන් එරට පවතින දැඩි නීති සඳහා මහජනතාව විශාල වශයෙන් සහයෝගය දක්වති.

    සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමේ උත්සාහයක කොටසක් වශයෙන් දැඩි මතධාරී දේශපාලනඥයන් ද ඒ සම්බන්ධයෙන් ලබා දෙන දඬුවම්වලට බොහෝ විට සහාය දක්වන බව වාර්තාකරුවෝ පවසති.

    දේව අපහාස නඩුව: විරෝධතාකරුවන්ට ඉම්රාන් ඛාන්ගේ බලවත් අප්‍රසාදය
    සමාජ ජාල: "දෙවියන්ට අපහාස කළොත් දඬුවම්"
    පසුගිය දශක කිහිපය තුළ පාකිස්තාන ජාතිකයන් සිය ගණනකට එරෙහිව ආගමට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබ ඇත. ඇතැම් නඩු විභාග ජාත්‍යන්තර අවධානයට ලක් විය.

    සිය අසල්වැසියන් සමග ඇතිවූ වචන හුවමාරුවකදී මොහම්මද් නබිතුමාට අපහස කළ බවට චෝදනා ලත් පාකිස්තාන ජාතික කිතුනු බැතිමතියක වන ආසියා බීබී නමැති කාන්තාවට 2010 වසරේදී මරණ දණ්ඩනය හිමි විය.

    2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇය නිදොස් කර නිදහස් කරන ලද අතර එතෙක් ඇය සිර අඩස්සියේ පසු විය. පසුව ඇය රටෙන් පිටවිය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න හම්බයෝ බහුතරය ඉන්න රටවල තත්ත්වේ..ලංකාවට වෙන්න යන දේත් හිතාගනිල්ලාකෝ..සුළුතරය වෙලා ඉද්දී මෙහෙම නම් බහුතරය වුන දාට තොපිටත් මුහුදේ පනින්න වෙන්නේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කරේ තියාගෙන අදහන උන් එක්ක බෑ ඉතින් කරන්න :baffled:


    Its a matter of time till they become the majority.
    |
    v


    ඔන්න හම්බයෝ බහුතරය ඉන්න රටවල තත්ත්වේ..ලංකාවට වෙන්න යන දේත් හිතාගනිල්ලාකෝ..සුළුතරය වෙලා ඉද්දී මෙහෙම නම් බහුතරය වුන දාට තොපිටත් මුහුදේ පනින්න වෙන්නේ.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    apitath kawada hari oya tika tamai wenne
    Kavada hari venna deyak nahe ban. Denatamath vela thiyenne.. ara "Asuchi Saliya" Hemadama oya tikane kiyanne.. Unge Palli Valata Poth Valata Monava Hari karoth Maragena Merenava Kiyanavane oka..