ඉස්ලාම් පුජකයන්ගෙන් රජය සමාව ගත්තාද?
නමුත් මේ සියළුම චෝදනාවන් වැරදි සහ අභූත ඒවා වන අතර මේ මාධ්‍ය ආයතනයන්ට එම චෝදනා ඔප්පු කරන ලෙස අභියෝග කළහොත් ඔවුන් ඉතා අසීරුවට පත්වන බව අප දනිමු.
අද දින (ජනවාරි 24) ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පලවුයේ ඉස්ලාම් පූජකයින්ට පිටවෙන්න කීම ගැන රජය සමාව ගත්තා – මුස්ලිම්වරුන්ගේ සංගමයයන මාතෘකාවෙන් පුවතක සදහන් වුයේ මේ පිලිබදව රජය මුස්ලිම් වරුන්ගෙන් සමාව ගත් බවයි. අප මේ පිලිබදව ශ්‍රී ලංකා මුස්ලිම් සංගමයේ සභාපති එන්.එම් අමීන් මහතාගෙන් විමසීමු.
ඔහු විසින් පවසන ලද්දේ ඊයේ එනම් ජනවාරි 23 දින මේ පිලිබදව ශ්‍රී ලංකා මුස්ලිම් සංගමය, සමස්ත ලංකා ජමියතුල් උලමා යන සංවිධාන වල නියෝජිතයන් ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ ආගමන විගමන කොමසාරිස් තුමා හමුවී මේ පිලිබදව සාකච්චා කළ බවය. එහිදී ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයන් සහ ආගමන විගමන කොමසාරිස් තුමා විසින් මෙම පුවත මාධ්‍යයන්හි පලවු ආකාරය පිලිබදව රජයේ පාර්ශවය ලෙස ඔවුන් කනගාටු වන බව පවසා ඇත.
පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වුයේ මුස්ලිම් සංවිධානයකින් මෙරටට පැමිණි 161 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නැවත පිටුවහල් වීමට නියෝග කිරීමයි. සමහර මාධ්‍යයන් තුලින් මුස්ලිම් සමාජයට ඉතාමත් නිර්දය ලෙස චෝදනා එල්ල කර තිබුණි. ඒවා නම්
- අන්තවාදී ආගමික අදහස් පතුරවන අය බව,
- මොවුන් බෞද්ධයන් ඉස්ලාම් දහම වෙත හරවන බව,
- අල්-කායිදා වැනි සංවිධාන සමග මේ සංවිධානය සම්බන්ධ බව,
- මේ පිරිස අතර සිටි මාලදිවයින් ජාතිකයන් ගැන ඒ රජය විමර්ශනයක් පවත්වන බව
නමුත් මේ සියළුම චෝදනාවන් වැරදි සහ අභූත ඒවා වන අතර මේ මාධ්‍ය ආයතනයන්ට එම චෝදනා ඔප්පු කරන ලෙස අභියෝග කළහොත් ඔවුන් ඉතා අසීරුවට පත්වන බව අප දනිමු.
අද දින (ජනවාරි 24) ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පලවුයේ ඉස්ලාම් පූජකයින්ට පිටවෙන්න කීම ගැන රජය සමාව ගත්තා – මුස්ලිම්වරුන්ගේ සංගමයයන මාතෘකාවෙන් පුවතක සදහන් වුයේ මේ පිලිබදව රජය මුස්ලිම් වරුන්ගෙන් සමාව ගත් බවයි. අප මේ පිලිබදව ශ්‍රී ලංකා මුස්ලිම් සංගමයේ සභාපති එන්.එම් අමීන් මහතාගෙන් විමසීමු.
ඔහු විසින් පවසන ලද්දේ ඊයේ එනම් ජනවාරි 23 දින මේ පිලිබදව ශ්‍රී ලංකා මුස්ලිම් සංගමය, සමස්ත ලංකා ජමියතුල් උලමා යන සංවිධාන වල නියෝජිතයන් ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ ආගමන විගමන කොමසාරිස් තුමා හමුවී මේ පිලිබදව සාකච්චා කළ බවය. එහිදී ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයන් සහ ආගමන විගමන කොමසාරිස් තුමා විසින් මෙම පුවත මාධ්‍යයන්හි පලවු ආකාරය පිලිබදව රජයේ පාර්ශවය ලෙස ඔවුන් කනගාටු වන බව පවසා ඇත.

un echchara lokkoda,