ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්..

    සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ සහ විශ්වත් මණ්ඩලයේ අසහාය ස්වාමියාද, ඒ සියල්ලකම ආරක‍ෂක, පෝෂක හා ස්වාමියා අල්ලාහ් වන කල ඔහු විසින් මවන ලද සෑම මිනිසෙකුම සමානය. ඔහු සව්සතට මෙත් වඩයි. ඔහුගේ දයා මහිමයෙන් ජීවීන් හටගනී. පොදුවේ සෑම මිනිසෙකුටම පෞරුෂත්වය හා ගුරුත්වය පිරිනමා ඇත. ස්වකීය සාරයෙන් ප්‍රාණය පිඹ ඇත. එනම්, ඔහු අබියස, සෑම මිනිසකුම සමස්ථයකි. මිනිසුන්ගේ පෞද්ගලික ගුණාංග හැර සංස්කාරයන් වශයෙන් කව්රුත් එක සමානය. කුලය, ජාතිය, දේශය, වර්ණය වශයෙන් ඔවුනොවුන්ගේ ආයාශයෙන් පිහිටුවාගත් භේදයක් විනා, අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් කිසිදු භේදයක් නැත. මේ අනූව සෑම මිනිසෙකුම එකිනෙකා, අනෙකාට අයත්වෙයි. සෑම මිනිසෙකුම ආතම ගරුත්වයෙන් හා හිතාදර ස්වාමියා වෙනුවෙන් හිතැඟි කැපවීමක් සහිතව එක ම සහෝදර සමාජයකට අයත් වෙති. මෙබඳු ප්‍රසන්න පරිසරයක් තුළ අල්ලාහ් ගේ ඒකීයත්වය පිළිබඳ පිළිවෙත බලගතු ලෙස කේන්ද්‍රගත වේ. මානව සංහතියද, මානව සහෝදරත්වයද ඒ හා සමාන බව අවධාරනය කෙරේ.

    muslim_family.jpg


    පෘථීවිය මත කවර තැනක වූවද ඉස්ලාමීය රජයක් ස්ථාපනය වී ඇතිවිට, එයට භෞමික වශයෙන් ප්‍රාන්ත සීමාවන් පිහිටුවා මානව නිදහස මර්දනය කිරීමට ඉස්ලාම් නොපෙළඹේ. ඉස්ලාම් මගින්, මානව සංහතිය උදෙසා ඇතැම් පොදූ මූලික අයිතිවාසිකම් කිහිපයක් ඉදිරිපත් කෙරේ. ඉස්ලාම් රජයක බල ප්‍රදේශය තුළ හෝ පිටත කවර තැනක වාසය කළත්, රජයක් සමග සාමයෙන් පසුවෙතත්, සංග්‍රාමයක පැටලී සිටියත්, සෑම අවස්ථාවකදීම එකී අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. මෙය අල්කුර්ආනයේ ඉතා පැහැදිලිව විග්‍රහ කෙරේ.

    විශ්වාසවන්තයිනි ඔබ අල්ලාහ්ට යුතුකම් ඉටු කරන්නෙකු වන්න, යුක්ති ගරුක ලෙස සාක‍ෂි කියන්න. සෙස්සන් කෙරේ ඔබට ඇති ගෞරවය නිසා යුක්තියෙන් ඉවත්වන්නෙකු නොවන්න. සාධාරණ වන්න. එය අල්ලාහ් කෙරේ බියැත්තෙකුගේ තත්ත්වය ට ඔබ සමීපවත් කරයි.˜ (අල්කුර්ආනය 5ථ 8-

    මනුෂ්‍ය රුධිරය පවිත්‍ර වස්තුවක් ලෙස ආරක‍ෂා කෙරේ. එය අසාධාරණ අන්දමින් සෙලවිය නොහැකිය. මනුෂ්‍ය රුධිරයට පිරිනමා ඇති මේ උතුම් භාවය උල්ලංඝනය කරමින්, යමෙකු අන් කිසිවෙකු ඝාතනය කළේ නම්, එය මුළු මානව සංහතිය ම ඝාතනය කළා හා සමාන වේ. රුධිර වන්දිය පිණිස නොවී, යම් කිසිවෙකු පොලෝතලය මත මනුෂ්‍ය ඝාතනයෙන් දූෂණයෙහි යෙදේ නම් ඒ වූ කලී මුළු මානව සංහතියම ඝාතනය කිරීමක් බඳු වේ. කාන්තාවන්, දරුවන්, වැඩි මහළුන්, රෝගින් හා ආබාධියන්ට හිංසා උපද්‍රව සිදුකිරීම තහනම් වේ. සෑම අවස්ථාවක දීම කාන්තාවන් ගේ පතිවතයට ගරු කළ යුතුය. දිළින්දන්ට ආහාර පාන පිළිගැන්විය යුතුය. ඇඳිවත් නැත්තවුන්ට වස්ත්‍රාදිය පිදිය යුතුය. තුවාල ලදවුන්ට හා රෝගින්ට ඔවුන් ඉස්ලාමීය සමාජයට අයත් වූවත්, සතුරු පිළෙහි සිටියත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.

    ඉස්ලාම්හි මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතිකා කිරීමේදී එහි සැබෑ අදහස වනුයේ එකී අයිතිවාසිකම්, අල්ලාහ් විසින් ප්‍රදානය කළාවු දේ බවයි. ඒවාට මුළු උරුමක්කාරයා අල්ලාහ් විතරයිය. ඒවා කිසියම් රජකු හෝ රාජ්‍ය සභාවකින් ප්‍රදානය කෙරුනේ නොවේ. රජුන් හෝ රාජ්‍ය සභාවිසින් පුදන ලද අයිතිවාසිකම් පෙරළා ඔවුන් විසින්ම අවලංගු කළ හැකිය. ආඥාදායක පාලකයන් විසින් හිමිකෙරෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද තත්ත්වය එසේම වේ. ඔවුන්ගේ අභිමතය පරිදි අයිතිවාසිකම් පිදීමත්, පෙරළා අවලංගු කිරීමත් එමෙන් ම ඒ නීති රීතින් ප්‍රසිද්ධියේ තමන් විසින්ම කඩ කිරීමත් ඔවුන්ට සුළු දෙයකි. එහෙත්, ඉස්ලාම්හි දැක්වෙන මිනිස් අයිතිවාසිකම් අල්ලාහ් විසින්ම ප්‍රදානය කරන ලද්දක් බැවින්, ලොවැති කවර රාජ්‍ය සභාවකට හෝ රජයකට ඒවායේ වෙනස් කම් හෝ සංශෝධනයක් සිදු කිරීමට, කිසිදු උරුමයක් නැත. බලයක් නැත. මේ වූ කලී හුදෙක් නාම මාත්‍රයෙන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින්, ලේඛන වලට පමණක් සීමා කළ මානව අයිතිවාසිකම් නොවේ. දාර්ශනික සිද්ධාන්ත මෙන්, ස්වභාවික ජීවිතයෙන් ඈත් කොට පනවන ලද මානව අයිතිවාසිකම් ද නොවේ.
    :)

     
    Last edited:
    • Like
    Reactions: nasam

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අල්ලාහ් විසින් පනවන ලද මෙය, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට සමකළ නොහැකිය. හේතුව එක්සත් ජාතීන් විසින් සම්පාදිත ප්‍රඥප්තිය මිනිසුන් කෙරේ අදේශ කළ නොහැකි නමුත්, අල්ලාහ්ගේ නීතිය සෑම විශ්වාසවන්තයකුටම පොදු වෙයි. එය් ඉස්ලාමීය භක්තියේ අංගයකි. මුස්ලිම්වරු යයි හඳුන්වා ගන්නා වූ සෑම මුස්ලිම්වරයෙකුම, පාලකයෙකුම එය පිළිගත යුතු අතර, මැනවින් වටහා ගෙන කි්‍රයාත්මක කළ යුතුය. අල්ලාහ්ගේ සහතිකයක් සහිත, එකී අයිතිවාසිකම් කි්‍රයාත්මක කිරීම අතපසු කිරීම හෝ ඒවා ප්‍රතිෙක‍ෂ්ප කිරීමට පෙළැඹීම නො එසේ නම්, ඒවායේ සංශෝධන වෙනස්කම් සිදුකිරීමට තැත් කිරීම හෝ නාම මාත්‍රයෙන් පිළිගෙන, ප්‍රායෝගික වශයෙන් ඒවා කඩකිරීම වරදක් වේ. එබඳු වරදක් සිදුකරන රජයකට අත්වන ද~ුවම අල්කුර්ආනයේ පැහැදිලිව සඳහන් වේ.

    —අල්ලාහ් විසින් පනවන ලද දෙයට අනුකූල ව යුක්ති විනිශ්චය නොකරන්නෝ විශ්වාසවන්තයින් නොවෙති.˜ (අල්කුර්ආනය 5ථ 44-

    ඉස්ලාමීය රජයක් තුළ මානව අයිතිවාසිකම් :

    1- දේපල සම්පත්වල ආරක‍ෂාව අවසාන හජ් මෙහෙය සමයේ දී ශාස්තෘවරයානන් මුහම්මද් (සල්) තුමා කළ දේශනයේ මෙසේ සඳහන් කළේය. —පරමාන්ත දිනයේ යළි මතුවී ස්වාමියා හමුවන තාක්, කෙනෙකුගේ ප්‍රාණය හා දේපළ සම්පත් අනෙකාට තහනම් වේ.˜ ඉස්ලාමීය රජයක් තුළ වෙසෙන මුස්ලිම් නොවන දිම්මිවරුන් ගැන ද මුහම්මද් (සල්) තුමා සඳහන් කරයි: —සම්මුතියට බැඳී සිටින වුන්, දිම්මිවරුන් ඝාතනය කරන්නාට ස්වර්ගයේ සුවඳ හෝ නොදැනෙන්නේය.˜

    2- ගරුත්වයේ ආරක‍ෂාව: අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ:

    1- —විශ්වාසවන්තයිනි ඔබ අතුරින් පිරිසක්, සෙසු පිරිසකගේ උපහාසයට ලක් නොකරන්න.˜ 2- ඔබ එකිනෙකා අපහාස නොකරන්න.3- පටබැඳි නම්වලින් අනුන්ට නිග්‍රහ නොකරන්න.4- ඕපාදූපවල නොයෙදෙන්න. අනුන් නැති තැන ඔවුන්ගේ වැරදි කතා නොකරන්න. (ශ. අල්කුර්ආනය 49ථ 11- 12-

    3- පෞදිගලික ජීවිතය පිළිබඳ ආරක‍ෂාව: අල්කුර්ආනයේ මේ අණපනත් පැනවේ.

    1- අනුන්ගේ රහස් නොසොයන්න.

    2- ගෙහිමියාගේ අනුමැතිය ඇතිබැව නිශ්චය වනතාක් ඔහුගේ ගෙතුළට නොපිවිසෙන්න.

    4- පෞද්ගිලක නිදහසට ආරක‍ෂාව:

    විවෘත උසාවියක නඩු විභාගයකින් තොරව කිසිදු පුද්ගලයෙකු සිරගත කිරීම ඉස්ලාමයෙන් තහනම් වේ. කෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන, ඔහුගේ නිදහසට හා ආරක‍ෂාවට කරුණු ඉදිරිපත් කිරීමේ සැලකිය යුතු අවස්ථාවක් ලබා නොදී, බන්ධනාගාර ගත කිරීම ඉස්ලාමයෙන් සපුරා තහනම් වේ.

    5- ආඥාදායකත්වයට එරෙහිවීමේ උරුමය:

    ඉස්ලාමයෙන් හිමිකර දී ඇති මානව අයිතිවාසිකම් අතර රජයක ඒකාධිපති වාදයට එරෙහිව නැගී සිටීමේ අයිතිවාසිකම් ද අඩංගු වේ. මේ පිළිබඳව අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ. —කෙනෙකුට තුවාල සිදුකිරීමක් වූ කලෙක විනා ප්‍රසිද්ධියේ වරදක් කතාකිරීමේ කි්‍රයාව අල්ලාහ් නොරුස්සයි.˜

    පෙර සඳහන් කළාක් මෙන්, සෑම බලයක්ම ආධිපත්‍යයක් ම අල්ලාහ් සතු වේ. මිනිසා සතුවන්නේ, හුදෙක් නියෝජිතයෙකුට හිමිවන තරමේ සීමිත බලයකි. මෙබඳු වගකීමක්, බලයක් දරන්නා එය මහ ජනතාවගේ සේවය පිණිස යොදාගත යුතු අතර මහ ජනතාව හමුවේ ගරුසරු ව පෙනී සිටිය යුතුය. මෙය, හස්රත් අබූබක්කර් (රලි) තුමා විසින් ආදර්ශයෙන් සනාථ කරන ලදී. එතුමා කලීෆා වීමෙන් පසු කළ කුළුඳුල් දේශනයේ දී —මා නිවැරදි ව සිටිනතාක් කල් මට සහයෝගය දක්වන්න. මා වරදක් කරන කල එය නිදොස් කරවන්න. මා, අල්ලාහ් සහ ඔහුගේ ශාස්තෘවරයානන් වන මුහම්මද් (සල්) තුමාගේ අණපනත්, හා අවවාදානුශාසනා පිළිපදින තාක් කල් මට කීකරුවන්න. මා එයින් බැහැර වනකල මගෙන් ඉවත්වන්න.˜

    6- කථා කිරීමේ නිදහස:

    වැරැදි හා ප්‍රචණ්ඩ කි්‍රයා පැතිරවීමට නොව, සිල්වත් බව හා සත්‍යය ස්ථාපනය කිරීමේ අරමුණින්, ඉස්ලාමීය රජයක සෑම පුරවැසියෙකුටම සිතීමේ හා කථා කිරීමේ නිදහස ඉස්ලාමයෙන් ප්‍රදානය කෙරේ. ඉස්ලාමීය කතා කිරීමේ නිදහස වූ කලී, වත්මන්හි බටහිර රටවල පවත්නා එකී නිදහස් පිළිවෙතට වඩා අතිශයින් උසස්ය. කිසිදු හේතුවක් මත, වැරැදි හා ප්‍රචණ්ඩකම් ව්‍යාප්ත කිරීමේ කි්‍රයාවලට ඉස්ලාමයෙන් අනුමැතිය නොලැබේ. විවේචනය කිරීමේ මුවාවෙන්, නොමනා හා අසංවර ලෙස කතා කිරීමට කිසිවෙකුට අයිතිවාසකිමක් නැත. යම් යම් අවස්ථාවල, නිශ්චිත කරුණු සඳහා දිව්‍යමය හෙළි කිරීම් පහළ වූවාදැයි මුහම්මද් (සල්) තුමන්ගෙන් විමසීම මිත්‍රවරුන්ගේ සිරිත විය. එබඳු දිව්‍යමය හෙළි කිරීමක් නොවිණැයි එතුමා පළ කළා නම් එකී කරුණු සම්බන්ධයෙන් මුස්ලිමුන් තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමද සිරිත විය.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    7- සමිති සමාගම් සඳහා නිදහස:

    සමිති, සමාගම් හෝ පක‍ෂ සංවිධාන යනාදිය ස්ථාපනය කරගැන්ම පිණිස ඉස්ලාමීය, ස්වකිය ජනතාවට නිදහස ප්‍රදානය කරයි. මේ නිදහස ද යම් යම් පොදු නීතීන්ට යටත් වේ.

    8- සිතීමේ හා ඇදහීමේ නිදහස:

    ඉස්ලාම්හි මෙසේ ප්‍රකාශ වේ. ශ්‍රද්ධාව පිළිබඳ ව බලපෑමක් නොතිබිය යුතුය. මෙයට පටහැනි ලෙස, ඒක පාක‍ෂික සමාජයන්හි මෙකී පුද්ගල නිදහස ඉඳුරා අහිමි කර ඇති රජයක මෙකී අයුතු බලපෑම් මගින් මිනිසා එක්තරා වහල් බැම්මකට නතු කොට ඇත. එක්තරා අවධියක, මිනිසුන් වහල් භාවයේ තබා ගැන්මේ කි්‍රයාව, මිනිසා මත මිනිසා ඉඳුරා ආධිපත්‍ය පවත්වා ගැන්මක් වශයෙන් සලකනු ලැබුණි. එබඳු වහල් වෘත්තිය, දැන් නීතියෙන් තහනම් කර ඇත. නමුත්, ඒ වෙනුවට ඒක පාක‍ෂික රාජ්‍යයන්හි ඒ හා සමාන රාජ්‍ය තාන්ති්‍රක නීති මගින් මිනිසුන් පාලනය කෙරේ.

    9- ආගමික නිදහස හා ආරක‍ෂාව:

    සිතීමේ හා ඇදහිලි පිළිබඳ නිදහස අනූව කෙනෙකුගේ ආගමික දෘෂ්ඨියට අදාළ ගරුත්වය ඉස්ලාම් මගින් ප්‍රත්‍යක‍ෂ කෙරේ. මෙකී අයිතිවාසිකමට පටහැණිව කිසිවක් කිරීම හෝ ප්‍රකාශ කිරීමක් කළ නොහැකිය.10- වැරදි සිර ද~ුවමින් ආරක‍ෂාව:

    සෙස්සෙකු කළ වරදක් අපරාධයක් සඳහා අනෙකෙකු සිරගත කිරීමේ කි්‍රයාවෙන් ඉස්ලාම් ආරක‍ෂාව සලසා දෙයි. මේ පිළිවෙත, අල්කුර්ආනයේ මෙසේ විග්‍රහ කෙරේ. —කෙනෙකුගේ බරක් තවත් කෙනෙකු මත නොපැටවිය යුතුය.˜

    11- මූලික අවශ්‍යතා සඳහා වූ අයිතිවාසිකම:

    දිළින්දන්ට උදව් උපකාර කරමින් සහයෝගය දැක්විය යුතුය. මෙය දිළින්දන්, සඳහා වූ අයිතිවාසිකමකි. —තවද ඔවුන්ගේ වස්තුවෙන් නැති බැරි දනන්ට උරුමයක් ඇත.˜

    12- අධිකරණය හමුවේ සමානාත්මතාවය:

    ඉස්ලාම්, ස්වකීය බැතිමතුන්ට නීතිය හමුවේ සම්පූර්ණ සමානාත්මතාවය පිරිනමයි.

    13- නීතියට පිටුපා නොයන පාලකයන්:

    එක්තරා ප්‍රභූ කාන්තාවක් සොරකමක් කළ නිසා අත් අඩංගුවට ගනු ලැබුවේය. මේ නඩුව මුහම්මද් (සල්) තුමා හමුවට ගෙනෙන ලදි. ඇයට ද~ුවම් නොකළ යුතු යැයි සෙස්සෝ එතුමා ට නිර්දේශ කළහ. මුහම්මද් (සල්) තුමාගේ පිළිතුර වූයේ මෙයයි. —ඔබට කලින් විසු ජාතීන් විනාශයට පත්වූයේ, ඔවුන් සාමාන්‍ය පුරවැසියන්ට ද~ුවම් කළ අතර, තමන්ගේ උසස් ඥාතීන් කළ අපරාධයන්ට ද~ුවම් නොකළ හෙයිනි. මා ජීවත් කරවන ඔහුගේ නාමයෙන්, මුහම්මද්ගේ (තම) දියණිය ෆාතිමා මේ වරද කළත් මම ඇයගේ අත කපන්නෙමි.˜

    14- රාජ්‍ය කටයුතු වල නිරතවීමේ අයිතිවාසිකම්:

    —තවද, ඔවුන්ගේ කාර්්‍ය පරිපාටින් ඔවුනතර කෙරෙන සාකච්ඡාවන් මගින් සිදුවේ.˜ (ශ. අල්කුර්ආනය 42ථ38- —ෂුරා˜ හෙවත් ව්‍යවස්ථාදායක සභාව යන්නෙහි අරුත එයයි. අනෙකක් නොවේ. රජයේ විධායක නායකයා හා සෙසු සාමාජිකයෝ, මහ ජනතාවගේ නිදහස් ඡන්දයෙන් තේරි පත්විය යුත්තාහ.

    අවසාන වශයෙන්, ඉහත සඳහන් කළ හා නොකළ මානව අයිතිවාසිකම් අත්කරගැන්මෙහි ලා ඉස්ලාම් කි්‍රයාකරන්නේ ඒවා ආරක‍ෂා කිරීමෙන් පමණක් නොව, ප්‍රධාන වශයෙන්ම පවුල් මහන්තත්වය (රදළවාදය), භාෂාමය අහංකාරකම්, හා ආර්ථීක වරප්‍රසාද, බඳු පහත් තිරිසන් ආකල්ප වලින් මිදීමට ද මිනිසාට ඇරයුම් කරමිනි. ඉස්ලාම් මානව වර්ගයාට ආරාධනය කරන්නේ, උදාර මනසක් සහිතව, මහගු පැවැත්මක් හා එමගින් සහෝදරත්වයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කරගැන්මෙහි ලා ඉවහල් වන්නාවූ ජීවිතයක් පවත්වා ගැනීමටයි.

    :)




     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    බොහොම හොඳයි.ඒත් ඕවා ඔයාලගේ අය පිළිපදිනවාද කියන එකයි ගැටළුව. ඇත්තටම යළුවා ඔයාලාගේ දෙවියන් වහන්සේ ඔහොම කියලා තිබුනට බලන්න මේ එලකිරි එකේම ඉන්න ඉස්ලාම් අය ඔය දේවල් පිළි පදිනවාද කියලා? බුද්ධාගමට බැන බැන ඒ අය කොහොමද සහෝදරත්වය රකින්නේ? ඉස්ලාම් විශ්වාස නොකරන කෙනෙක් ඉන්නවා නම් එයාලාව මරලා දාන්න කියලා උගන්වන අය ඉන්දැද්දි මේ මානව හිමිකම් මහ විහිළුවක්. මන් මේ ඔයාව විවේචනය කරනවා නෙමෙයි හොඳද. ඔයාලගේ සමහර අය කරන බලු වැඩ ගැනයි කිව්වේ. මේ ලියලා තියෙන මානව හිමිකම් එයාලාටත් පෙනිලා දැන්වත් ඒ ඇත්තන්ගේ ඔළු ගෙඩි ටික හදා ගන්නවා නම් හොඳයි. නැත්නම් ඒ ඇත්තෝ මහ අමාරුවක වැටෙන්නේ. ඒ ඇත්තන්ට ඒ අයගේ දෙවියෝ එක්ක කවදාවත් එක්වන්න ලැබෙන එකක නෑ එහෙම වුනොත්.

    කොහොම වුනත් මට එක දෙයක් කියතහැකි යාළුවා. ඔයා යම් තරමකට හෝ බුද්ධ ධර්මය පිළිබඳ දැනීමක් තියේනම් මේ ඉස්ලාම් දහමෙන් පිළි අරන් තියෙන මානව හිමිකම් වලට වඩා බොහෝම දුර ගිය නැත්නම් හිතාගන්නවත් බැරි තරමේ දර්ශනයක් උගන්වනවා. ඒ ඉගැන්වීමේ තියෙන වැදගත්ම දේ තමයි ඒ ධර්මය ප්‍රායෝගික වීම. ඒ නිසාම තමයි අදත් ඔයාලාට ඔය විදියට ඔයාලාගේ මතවාදයන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාලගේ මතවාදීන් ඒ බව තේරුම් ගන්නවානම් හොඳයි. අපි කවදාවත් අපේ ධර්මය වෙනුවෙන් අන් අයගේ ලේ බින්දුවක් වත් හලලා නැති නමුත් අන් ආගමිකයෝ උන්ගේ ආගම වෙනුවෙන් අපිව මරා දමද්දි, අපේ ළමයි අමු අමුවේ මරා දමද්දිත් මෛත්‍රී කරපු පිරිසක්. එහෙමයි අපි අපිට උගන්වලා තියෙන මානව හිමිකම් ආරක්ෂා කරන්නේ.


    18 වරක් බුද්ධ ශාසනයට පූජා කරලා තියෙන ලෝකයේ එකම බෞද්ධ රට වෙච්ච මේ ශ්‍රී ලංකාවේ ඔය ඇත්තන්ගේ සමහරක් අඥානයෝ ඒ ඉස්ලාම් ආගමට නැත්නම් ක්‍රිස්තියානි ආගමට අපිව හරවගන්න බලහත්කාරකම් කරද්දිත් අපේ දුර්වලකම් ප්‍රයෝජනයට ගනිද්දිත් අපි ඉවසන්නේ අපිට උගන්වලා තියෙන මානව හිමිකම් නිසාමයි. ඒක සමහර විට අපේ මෝඩකම කියලා එයාලා හිතනවත් ඇති.

    තව කොයිතරම් නැටුවත් උඩ පැන්නත් බෞද්ධ අපි ඉවසනවා. ඔය ඇත්තන්ට මෛත්‍රී කරනවා. ඒ වෙන කිසිම දෙයක් නෙමේ අපිට අපේ ශාස්තෘන් වහන්සේ විසින් යන්න පෙන්නලා දීපු මාර්ගයේ අපි ප්‍රායෝගිකව ගමන් කරන නිසා.

    යාළුවා ඔයා ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න ඇති.ඒ කොහොම වුනත් මේ ත්‍රීඩ් එකට ලියන අනිත් ඉස්ලාම් භක්තිකයන්ට වඩා ආගම පිළිබඳ දැනුවත් බවකින් කරුණු ලියන බව පේනවා. ඒ නිසායි ඔයාට මන් ගරු කරන්නේ. ඔයාගේ වගේම අන් අයගේ ලිපි ගැනත් අපි අවධානයෙන් ඉන්නවා. ඒවායේ තියෙන හොඳ දේ අපි අගය කරනවා. ඒ වගේම නරක දේ අපි ඉවත් කරනවා. අවාසනාවට ඒ ලිපි වල වැඩි හරියක්ම තියෙන්නේ වෛරය වපුරවන, මෝඩ කම වැඩි කරන කිසිම හරයක් නැති අදහස්.

    මන් ඔයාට සුභ පතනවා මේ විදියටම අන් ආගමිකයන්ට අගෞරව නොකර මේකේ ඉන්න අනෙක් මෝඩ ඉස්ලාම් භක්තිකයෝ වගේ නොවී දිගින් දිගටම හොඳ ඉස්ලාම් මතධාරියෙකු විදියට කටයුතු කරන්න ලැබෙන්න කියලා.

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තෑන්ක්ස් සහෝ ඔයාගේ කොම්මෙන්ට් එකට..:) මම ඔයා කියපු ගොඩාක් දේවල් වලට එකග වෙනවා...ඔයා හරි ඇගිලි පහම එක වගේ නෙමෙයි නේ...:)එක එක්කෙනා එක එක වගේ...ඔව් මේ මම පෝස්ට් එක දැම්මෙත් එක්කෙනෙක් හරි බලලා හැදුනොත් ලොකු දෙයක් නේ සහෝ...


     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    තෑන්ක්ස් සහෝ ඔයාගේ කොම්මෙන්ට් එකට..:) මම ඔයා කියපු ගොඩාක් දේවල් වලට එකග වෙනවා...ඔයා හරි ඇගිලි පහම එක වගේ නෙමෙයි නේ...:)එක එක්කෙනා එක එක වගේ...ඔව් මේ මම පෝස්ට් එක දැම්මෙත් එක්කෙනෙක් හරි බලලා හැදුනොත් ලොකු දෙයක් නේ සහෝ...


    කතාව ඇත්ත නමුත් hupk1ගේ කතාවට යමක් මටත් එකතු කරන්න හිතුන . මෙතන ප්‍රශ්නේ තියන්නේ අහිලි පහ එක වගේ නැති වීම නෙමෙයි . වෙනස් විදිහේ ඇගිලි කපල ඒවත් කිරීම . කොහොම උනත් එක දෙයක් ඇත්ත .තව මොනවා කරත් අපි ඉවසනවා . ඒ මොකද ?

    තව කොයිතරම් නැටුවත් උඩ පැන්නත් බෞද්ධ අපි ඉවසනවා. ඔය ඇත්තන්ට මෛත්‍රී කරනවා. ඒ වෙන කිසිම දෙයක් නෙමේ අපිට අපේ ශාස්තෘන් වහන්සේ විසින් යන්න පෙන්නලා දීපු මාර්ගයේ අපි ප්‍රායෝගිකව ගමන් කරන නිසා.

    ඒ වගේම ඔය මොන දේ කරත් හැමදේම අනිත්‍යයි කියල අපි හොදින්ම දන්නා නිසා . ඉතින් හොද දේ වපුරලා හොද අස්වැන්න නෙලාගන්න . දැනට ඔයගොල්ලෝ නෙලන දෙයින් තෙරෙනේව ඇතිනේ වපුරලා තියන්නේ මොනාද කියලා ?
     

    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    Oya kiyana islam dharma rakina kenek mama nam kawadawath dekala nee. Dakinda hamba wenneth ne . Anik paththa karana eva nam oonatharam.
     

    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    Inne Lankawe. Argam hariyata pilinopathdath weradiweda karana aya bohoma adui. Weradi weda karana ayagen wedima kattiya kawda kiyala danno danithi. Api pansal gihin evith uthgosana karan nathoo.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පකිස්තානේ අහමදියා බුවාලාට ලගදිත් ඉස්ලාම් මානව අයිතිවාසිකම් ලෙසන් 1ක් හම්බුනා :D :lol: පවු ජීවිත.උන්ට පල්ලියකට ගිහින් එකම ගෝට්ට වදින්න ශුන්නි බුවාලා ඉඩ දෙන්නේ නෑ. අනේ මන්දා මුං,පීචංකම වහගන්න රටේ නැති වැල් බයිලා ගෙනත් අතඅරිනවා