විනාඩියක් ගෙන
කියවන්න
කොරෝනා ගැන අපි බියවිය යුත්තේ මන්ද?
1.රටේ ජනගහනයෙන් 13%-14% පමන වැඩිහිටියන් (වයස 65 ට වැඩි ) එය මිලියන 3.5-4 පමන..
2. රටේ ජනගහනයෙන් 1/5 ක් එනම් මිලියන 4.4.5 ක් දියවැඩියා රෝගීන්..
3. රෝහල් පිරෙන තරමට පිලිකා රෝගීන් ( නිවාස 5-6කට එක් අයෙක්)
4. දහස් ගනනක් ලමා දියවැඩියා රෝගීන්.
5. රජරට සහ අනෙකුත් බොහොමයක් පලාත්වල වකුගඩු රෝගීන් දහස් ගනනක්..
6. බේබද්දන්, මතට ඇබ්බැහිවූවන් මිලියන ගනනක් ..
7.,හෘදයාබාධ ,වලින් පෙලෙන මිනිසුන් ලක්ෂ ගනනක්..
ඉහත සියල්ල සැලකුවිට කොරෝනා ආසාදනය උවහොත්
දැඩිසත්කාර එකක අවැසි මිනිසුන් ලක්ෂ ගනනක් ..
හිතාගන්න පුලුවන්ද ???
විය හැකි විනාසයේ තරම..
ඇමරිකාවේ මෙන් ,ඉතාලියේ මෙන් ..
පැතිරුනොත් .
සමස්ථ සුව සෙවයම කඩා වැටේවි....
ප්‍රතිකාර කරන්න අපිද නැතිවේවි...
මෘතදේහ වලලන්න ලක් දෙරන මදිවේවි..
ඉතින් සුව උපදෙස් පිලිපදින්න නැතිනම් ..
මා ලියූ ඉරනමට සූදානම් වන්න..
මෙ සටහන සාමාන්‍යය ජනතාව වෙනුවෙන් ලියුවකි...
සටහන - වෛද්‍ය පාලිත රාජපක්ෂ
ඊළඟ සතිය , මාසේ, අවුරුද්ද ?
ඉස්සර දවසට ලෙඩ්ඩු දහයක්, විස්සක් හෝ 100 ක් හම්බුනත් එයාල ගොඩක් වෙලාවට එකම තැනකින් හම්බෙච්ච නිසාත් pcr positive සේරගේම first contact වලල්ල ඒ කියන්නේ එක්කෙනෙක්ට 10-20 ක් වගේ ගානක් ,
pcr එකක් කරලා දවස් 14ක් නිරෝධායනය කරලා ආපහු PCR එකක් කරලා තමා අදුර ගත්තේ
දැන් දවසකට අදුර ගන්න කොරෝනා ලෙඩ්ඩු ගානත් එක්ක අපි කියමු 200ක් කියල
එයාලගේ පලවෙනි ආශ්‍රිත වලල්ල එකතුව 2000-4000 ක් වෙනවා ලංකාවේ දවසකට කරන්න පුළුවන් සීමාවත් එක්කම මේ හැමෝටම PCR කරන්න බැරි වෙනවා
ඒ වගේම කලත් නිරෝධායන මධය්ස්ඨාන වල ඉඩ නෑ තියාගන්න
positive උනා කියල ගන්න ඉස්පිරිතාලත් නෑ
තේරෙනවා නේද
ඉතිං සමාජේ ගොඩක් රෝගීන් අදුරගත්හේ නැතුව ඉන්න පුළුවන්,
ගොඩක් මාළු ගත්තු අයගේ PCR ලබන සතිය ඇතුලත තමා කරන්න වෙනවා කියන්නේ
තමුන් අදුරන්නේ නැති හැමෝම කොරෝන ලෙඩ්ඩු කියල හිතාගෙන වැඩ කරන්න
තමුන්ගේ ලංගම හිතවතුන්ට . නොදැනුවත්ව තමන්ගෙන් කොරෝන බෝ වෙන එක වලක්වන්න
කිසිම් ලෙඩක් නැතුව හිටියට අපිට ඕක හැදිලා වෙන්න පුළුවන්
මා ආරක්ෂා විය යුත්තේ කෙසේද?
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,
සබන් යොදා නිතර අත් සේදීම නිර්දේශ කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර වන්නේ සනීපාරක්ෂාව ය.
- නිතර ම සබන් සහ ජලයෙන් හෝ මද්‍යසාර අඩංගු දියරයකින් අත් සේදීම කළ යුතුය. මෙමගින් ඔබේ දෑත්වල රැදී ඇති වෛරස් විනාශ කරයි.
- ඔබේ දෑස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න. දෑත්වලින් බොහෝ පෘෂ්ඨ ස්පර්ශ කරන අතර ඒවායේ වෛරස් රැඳී තිබිය හැකිය. එතැන් සිට, ඔබ ශරීරය ස්පර්ශ කළහොත් වෛරසය ඔබේ ශරීරයට ඇතුළු විය හැකිය.
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,
කැස්ස හෝ කිවිසුම් ඇති වන විට ඔබේ මුව ආවරණය කර ගන්න.
- ඔබට කිවිසුම් යන විට හෝ කැස්ස ඇති වූ විට ටිෂූ කදාසියකින් ආවරණය කළ යුතු අතර, එසේ නොමැතිනම් වැලමිට නවා ආවරණය කර ගත යුතුය.
- භාවිත කළ ටිෂූ කඩදාසිය වහාම නිසි ලෙස බැහැර කරන්න. වෛරසය අඩංගු බිඳිති ටිෂූ කඩදාසියේ රැදී තිබිය හැකි හෙයින් එය බැහැර කිරීමෙන් වෙනත් පුද්ගලයින්ට ආසාදනය වීම වළක්වා ගත හැකිය.
- පුද්ගලයන් අතර අවම වශයෙන් මීටර් 2ක දුරක් තබා ගත යුතු යැයි උපදෙස් ලබා දී ඇත්තේ ද මෙම හේතුවට වන අතර, මෙයින් අදහස් වන්නේ දළ වශයෙන් එකිනෙකා අතර අත් දෙකක දුරක් පවත්වා ගත යුතුයි යන්නය.
- බොහෝ ස්ථානවල සියලුදෙනාට නිවසේ රැඳී සිටින ලෙසත්, අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටතට යන ලෙසත් උපදෙස් දී ඇත්තේ කැස්ස සහ කිවිසුම් යන පුද්ගලයන් සමඟ සම්බන්ධතා අවම කර ගැනීමේ උත්සහයක් ලෙසිනි.
- බැහැර සිටින විට අන් අයට අතට අත දී ආචාර කිරීම වෙනුවට "ආරක්ෂිත සුබ පැතුම්" ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. උදාහරණ ලෙස අත වැනීම, හිස සෙලවීම හෝ හිස නමා ආචාර කිරීම කළ හැකිය.
Last edited: