ඉසින්බැස්සගල අභිරහස් කැනීම

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉසින්බැස්සගල අභිරහස් කැනීම

    51603168_135323984169978_8047253645810466816_n.jpg




    පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් කිසිවෙකුට නොදන්වා ගෞතම බුදුරදුන් පලමු දර්ම දේශනාව කල ස්තානය ලෙසට සාහිත්යමය වශයෙන් තහවුරු වී ඇති වව්නියාව ඉසින්බැස්සගල කෑනීම් සිදු කරන බවත් මෙය ඉතා සැකකටයුතු දෙයක් බවත් සමාජජාලා වාර්තා කරයි.ජනාධිපතිවරයාද නායක හිමිවරුන්ගේ සහ ඉන්දියානු වන්දනා නඩ ව්යාපාරිකයින්ගේ බහට රෑවටී මෙම මතයට එකග නොවෙන පසුබිමක් තුල මෙම සිදු වීම සිදුවෙමින් පවති.බුදුන් වහන්සේ පලමු දර්ම දේශනාව සිදු කල ස්තානය ලෙසට ඉස්න්බැස්සගල ඔප්පුවීම වැලැක්වීම සදහා පුරාවස්තු විකෘතිකිරිමක් සදහා දෙපාර්තමේන්තුව කටයුතු කරනවාදැයි සැකසහිත බව FB වල සදහන් වේ

    මේ අතර ගිය වසරේ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ කැනීම් බලපත්‍රය අහෝසි කරන ලදී


    43207549_2023460864367023_1983883593461530624_n.jpg


    මහචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත්‍ර අහෝසි කරේ ඇයි..?

    ඉතිහාසය යනු මහාවංසයම යැයි ඉගැන්වූ යුගයක් තිබිනි.. බුදුදහම මිහිඳු හිමියන් විසින් ගෙන ආ බවත්, විජය එද්දී ලංකාවේ සිටියේ යකුන් බවත් කියවිනි.. දඩයක්කාරයා වඳව ගිය බවත් ඉන්දියාව හරහා පැමිණි ආර්ය ජනතාව ලංකාවේ පැතිරගිය බවත් කටපාඩමින් උගන්වනු ලැබිනි..

    කෙටියෙන් කිවහොත් ලංකාවේ ඉතිහාසය ආගමික පොතපත තුලිනුත් පුරාවිද්‍යාව එක්නැලිගොඩ වලව්ව තුලිනුත් කියවාගැනීම එකම මාර්ගය විය..

    සෝමදේව චරිතය වැදගත් වන්නේ මෙතැනදීය.. හල්දුම්මුල්ලේ ගල මිනිස් නිර්මානයක් බව පෙන්වාදෙද්දී එක්නැලිගොඩ වලව්වේ පුරාවිද්‍යා ගුරුකුලය තිගැස්සෙන්නට විය.. රංචාමඩමේදී සොයාගත් දේ අතර රූපලාවන්‍ය සඳහා යොදාගත් දේ තිබූ බවත් බලංගොඩ මිනිසාගේ බිරිඳ ෆවුන්ඩේෂන් එකකින් ඇරඹි අංගසම්පූර්ණ මේක්අප් එකක් දාගෙන සිටි පොෂ් කෙනෙක් බව කී විට සොළොස් කුලයක් පැමිණ ශිල්ප දැක්වූ කතාව නිෂේධ විය.. පනානෙන් domesticated grains ⁣සහ ගල්මත සටහන්කල තරු සිතියම් සොයාගන්නාවිට කලවැද්දා හමගසන බලංගොඩ මානවයාගේ දැරණියගල ඇන්ද චිත්‍රය යටපත්ව දියුණු මානවයෙකුගේ චිත්‍රය මතුවන්නට විය.. කිරිමකුළුගොල්ලේදී අත්සනක්ද සහිතව "අනන්ත විශ්වයෙන් එන ශ්‍රමණයිනට" පූජාකල බව සඳහන් සෙල්ලිපි පිටපත් වද්දී බෙල්ගේ ඉතිහාසය, පරණවිතානගේ කාලනිර්ණයන් සහ මහාවංසයේ ඒකපාර්ශ්වික ලියවිලි වෙනුවට විකල්ප සෙවියයුතු බවට මතවාද මතුවිය.

    වෙනත් බොහෝ මහාචාර්යවරැන්ට වඩා සෝමදේවයන් වෙනස්වන තැනක් ඇත. දැණුම තිබිය යුත්තේ පොත් තුල නොව ජනතාවගේ මොල තුල බවත් ඒ සඳහා තේරෙන සිංහලයට විද්‍යා සන්නිවේදනය පෙරලිය යුතුබව සෝමදේවයන්ගේ විශ්වාසය විය.. තමා සොයාගත් දේ එම ස්ථානය ආසන්නයේ ගැමියන්ට පෙන්වමින් දෙසුම් පැවැත්වූ ඔහු පුරාවිද්‍යාවට ගැමි උරුමකරුවන් පිරිසක් ඇතිකරන්නට මූලික විය.. ඔහු කැණීම් සඳහා පැමිණීම ගැමියන් සැලකුවේ ආඩම්බරයක් ලෙසයි.. උපකරණ කරගසාගෙන යන්නට, උයා පිහා දෙන්නට ඉහල තැන් වලට නගින ඉනිමං තනා දෙන්නට ගැමියන් කැප වූයේ තම ජීවිකාවද අමතක කරමිනි.. ගුරුවරුන්ට තම කැණීම් භූමියටම එන්නට කියා දූවිලි වැකුණු මුහුණෙන් යුතුවම දැනුම බෙදන්නට සෝමදේවයන් කටයුතු කලේය..

    කෙටියෙන් කිවහොත් "එක්නැලිගොඩ ආධිපත්‍යයට යටවූ" පුරාවිද්‍යාව වෙනස්වෙමින් එක්නැලිගොඩලාගේ ජන්මභූමියේදීම ජනතාව අතරට දේශීයත්වය සමග බැඳෙමින් ගමන්කරන්නට පටන්ගනිමින් තිබිණි.. කූරගල පැත්තෙන් දියවින්න බෑවුමට වන්නට දඩයක්කාරයා ගොවියෙකු බවට පත්ව චන්දනගාමය සකසා මිහිඳු හිමියන් නොවන මගකින් පැමිණි බුදුදහමේ යම්යම් අනුගතවීම් දක්වා පැමිණීම චිත්‍රපටයක ජවනිකා මෙන් මතුවෙමින් තිබිණි..

    ඕනෑම පර්යේෂකයෙක් තම පර්යේෂණ එලිදක්වන ක්‍රමවේදයක් ඇත.. එය සම්පූර්ණ වශයෙන්ම Academiaව විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් මිස පරිපාලන ක්‍රමවේදයක් නොවේ.. ජර්නලයන්හි පල කිරීම හෝ තමන් විසින් නිකුත් කරන ප්‍රකාශණයන්හි පල කිරීම මගින් ජනගත කිරීම පිළිගත් ක්‍රමය බව The Sri Lankan Scientist හි Dilip Kumar Fernando හෝ Sumith B Sisira Kumara පැහැදිලි කරනු ඇත.

    කරන ලද පර්යේශණ පිළිබඳ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම කර නැති බව දන්වමින් මේවනවිට සෝමදේව මහාචාර්යතුමාගේ කැණීම් අවසරය අත්හිටුවා ඇතිබව ප්‍රසිද්ධවී හමාරය.. පුරාවිද්‍යා පනතේ හෝ වෙනත් නීතිමය ලියවිල්ලක එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් මෙතෙක් කියවී තිබුනේ නැත.. සෝමදේවයන් විසින් පලකල පර්යේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වාගන්නට අපහසුවක් තිබිය නොහැකිය.. ඕනෑම අයෙකුට පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ලේඛණ පරිශීලනය කරන්නට බාදාවක්ද නැත.. එසේ තිබියදී පරිපාලනමය කාර්යයක් මත විද්‍යාඥයෙකුගේ පර්යේෂණ සීමා කිරීම සාදාරණ නොවන බව මගේ හැඟීමයි..

    සොමදේව යනු උගත් දේ ⁣නිර්ලෝභීව බෙදාගන්නා වර්ගයේ උගතෙකි..ඔහු වලවේ නිම්නයේ සැඟවුනු ඉතිහාසය සොයා මතු කරන්නේ මෙතෙක් නොලියවුනු වීර කාව්‍යයකි.. එය අසන්නට අපට අයිතියක් තිබේ..

    කූඩැල්ලන් ගහන කැලෑවල, ලී මැසිවල, අඩි සියගනන් ගල්කුළුවල පතුල නොපෙනෙන වලවල් වල බසිමින් ගවේෂණය කරන්නෙක් බැවින් කැණීම් අවසරය නොමැතිව කල හැක්කේ කුමක්ද??

    නැවත වතාවක් වනගහනය තුල මහ පොළොව යට සැඟවුනු බලංගොඩ මිනිසාගේ යටගියාව මතුකරනු උනන්දුවෙන් නරඹන්නට මා ඇතුළු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාසිටින බවසිහිපත් කරමි..

    කරුණාකර අත්හිටවූ අවසරය යලි දෙන්න.. ⁣.

    උපුටා ගැනීම :- Champika Nirosh ගෙනි. http://www.elakiri.com/forum/showthread.php?t=1871490

     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Facebook එකේ මේ ගැන සඳහන් කරලා තියන මූලාශ්‍රය දාන්න.

    ඉසින්බැස්සගල බුදුරජාණන්වහන්සේ පළමු ධර්මදේශනාව කල බවට තියන සාහිත්‍ය මූලාශ්‍ර මොනවාද ?



    ත්‍රෙඩ් එකට රාජ් සෝමදේව මහතාගෙ කැනීම් බලපත්‍රය අහෝසි කලේ ඇයි වගේ හෙඩින් එකක් දැම්මනං හරි. මොකද ඒ ගැන ලියවිච්චි එකක්නේ කොපි පේස්ට් කරලා තියෙන්නේ
     
    Last edited:

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් කිසිවෙකුට නොදන්වා ගෞතම බුදුරදුන් පලමු දර්ම දේශනාව කල ස්තානය ලෙසට සාහිත්යමය වශයෙන් තහවුරු වී ඇති වව්නියාව ඉසින්බැස්සගල කෑනීම් සිදු කරන බවත් මෙය ඉතා සැකකටයුතු දෙයක් බවත් සමාජජාලා වාර්තා කරයි.

    මචන් උඹ මේ කරන වැඩේ එච්චර හොඳ මදි කියල හිතෙන නැද්ද....උඹ ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ..මේවා බලල ඔලු කුරුවල් කරගන්න පොඩි එවුන් ගැන..
     
    Nov 27, 2009
    2,139
    107
    0
    India/Nepal budun wahanse wadasitiya kiyala ratawal gananawak ehe kanim karala thahawuru karala iwarai. nikan boru danna epa. meheta wadiya kiyala witharai sakshi thiyenne.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    India/Nepal budun wahanse wadasitiya kiyala ratawal gananawak ehe kanim karala thahawuru karala iwarai. nikan boru danna epa. meheta wadiya kiyala witharai sakshi thiyenne.

    මොනවද මචන් සාක්ෂි තියෙන්නේ නේපාලෙ කියලා?
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    India/Nepal budun wahanse wadasitiya kiyala ratawal gananawak ehe kanim karala thahawuru karala iwarai. nikan boru danna epa. meheta wadiya kiyala witharai sakshi thiyenne.

    සoවාදය - කැළණිය විශ්වවිද්යාලය





    " මගේ මුල් තර්ක වුනේ බුදුන් වහන්සේ නේපාලයේ නූපන් බවත් උන් වහන්සේ එරට හෝ උතුරු ඉන්දියාවේ ජීවත් නොවූ බවත්ය. එසේම බුදුන් වහන්සේ ජීවත් වන්නට වැඩි ඉඩක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි මගේ තර්කය වූයේ
    බුදුන් නේපාලයේ උපන් අයෙකු නම් එය සනාථ කරන ලෙස ශකිල රාජකරුණා මහතාට කළ අභියෝගය කිසිදු ආකාරයකින් ඔප්පු කර ගැනීමට ඔහුට නොහැකි වුණා.
    ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා ශාක්‍යයන්ගේ කරඩු ලිපිවල කාල නිර්ණය හෝ නොදන්න බව ඔප්පු වුණා.
    ඒවගේ ම බුදුන් වහන්සේ ලංකාවේ උපන්නෙකු වීමට වැඩි වාසි ඇති බවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇසුරින් ඔප්පු කරන්න හැකි වුණා. "

    Darshana Ashoka Kumara



    ඉතින් මම කියලා මොනා කරන්නද ? මේගොල්ලො තමයී එහෙම කිව්වේ..:sorry::sorry::sorry:
     

    rusiyanuwa

    Active member
  • සුද්දා බාගෙට ලියපු ඉතිහාසය අපේ සිංහල මහාචාර්යවරු (පරණවිතාන) සුද්දගෙ විදියට වචන හරඹ කරලා ලංකාවෙ ඉතිහාසය විදියට පෙනනනවා. ගොඩක් පුරාවිද්‍යා ගවේෂණ කරන්නෙ සුද්දයි මහාවංශයයි කියපු දේවල් අනුමාන කරගෙන දකින දේට ආදේශ කරලා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    සුද්දා බාගෙට ලියපු ඉතිහාසය අපේ සිංහල මහාචාර්යවරු (පරණවිතාන) සුද්දගෙ විදියට වචන හරඹ කරලා ලංකාවෙ ඉතිහාසය විදියට පෙනනනවා. ගොඩක් පුරාවිද්‍යා ගවේෂණ කරන්නෙ සුද්දයි මහාවංශයයි කියපු දේවල් අනුමාන කරගෙන දකින දේට ආදේශ කරලා.


    මේවගේ දේවල් වලට පබ්ලිසිටිය දෙන එකයි වැරැද්ද බන්.. අද පොලව හාරලා එකක් කියනවා, ඊලග මාසේ හාරලා තව එකක් කියනවා.. අතිතේ උන දේ ප්‍රෙඩික්ට් කරන එකයි කරන්නේ..


    ඒක වෙනස් වෙන්න පුළුවන් හම්බෙන ශාක්ෂි අනුව...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුද්දා බාගෙට ලියපු ඉතිහාසය අපේ සිංහල මහාචාර්යවරු (පරණවිතාන) සුද්දගෙ විදියට වචන හරඹ කරලා ලංකාවෙ ඉතිහාසය විදියට පෙනනනවා. ගොඩක් පුරාවිද්‍යා ගවේෂණ කරන්නෙ සුද්දයි මහාවංශයයි කියපු දේවල් අනුමාන කරගෙන දකින දේට ආදේශ කරලා.

    :yes::yes::yes: