ඉසුසු මෝටර් රථ ඉතිහාසය
ඉසුසු මෝටර් රථ ඉතිහාසය
ජපන් වාහන කර්මාන්තයේ පැරණිතම මෝටර් රථ ඉදිකිරීම් සමාගමක් වන ඉසුසු මෝටර් රථ වල ආරම්භය 1916 දී අනාවරණය වන අතර එම වසරේ ටෝකියෝ ඉෂිකවජිමා නැව් ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගම(Ishikawajima Shipbuilding and Engineering Co.)සහ ටෝකියෝ ගෑස් හා විදුලි කාර්මාන්ත සමාගම(Tokyo Gas and Electric Industrial Co.)එක්ව මෝටර් රථ නිෂ්පාදනය සඳහා සැලසුම් ආරම්භ කරන ලදී.වර්ෂ 1922 දී ජපානය තුල ප්‍රථම දේශීය මෝටර් රථ න්ෂ්පාදනය වන වොල්ස්ලි මොඩල් A-9(Wolseley model A-9)ඉදිරිපත් කරන ලදී.1934 දී ගවර්මන්ට් ස්ටෑන්ඩඩ් මොඩල් මෝටර් රථය වන TX35 නිකුත් කල අතර පසුව එය ISUZU ලෙස නම් කෙරැණි.1949 දී සමාගම "ඉසුසු මෝටර්ස් ලිමිටඩ්" ලෙස නම වෙනස් කල අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු වාණිජ මෝටර් රථ සංවර්ධනය හා නිෂ්පාදන ස්ථාපිත කරන ලදී.සියලු වර්ගවල ඉසුසු ට්‍රක් රථ සඳහා විශාල ඉල්ලුමක් පැවති බැවින් ඔවුන් පශ්චාත් යුද කාලීන ප්‍රතිසංස්කරණ කටයුතු වල දී ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අතර ඉසුසු ට්‍රක් රථ නිෂ්පාදනය මෙම කාලය තුළ දැඩි ලෙස මුල් බැසගෙන ඇත.එම කාලයේ සිට නිමක් නැති විවිධ වර්ගයේ ඉසුසු සැහැල්ලු කාර්‍ය්‍යය ට්‍රක් රථ,බර කාර්‍ය්‍යය ට්‍රක් රථ සහ බස් රථ මාදිළි නිෂ්පාදනයට එක්විය.ඒ එක් එක් හැම මෝටර් රථ දෘඪ භාවිතයට සැකසූ අතර එය ජපන් ආර්ථිකයේ ශක්තිමත් වර්ධනයට සහාය වීය.
1959 දී ආරම්භ කරන ලද elf ට්‍රක් රථ සඳහා 1960 දී ජපන් මෝටර් රථ සඳහා පළමු ඩීසල් එන්ජින් ඇතුලත් කරන ලදී.elf සෑම විටම සැහැල්ලු කාර්‍ය්‍යය ට්‍රක් රථ විය.1974 දී පැතලි අඩු ආකෘතිය හඳුන්වා දෙන ලද අතර 1980 දී වඩා පළල් කැබ් රථ සහ 1990 දී ඉදිරිපස ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් පදධති හඳුන්වාදෙන ලදී.2002 දී elf KR මාදිලිය හඳුන්වා දෙන ලද අතර 2003 වන විට එය ජපානයේ නව කෙටි කාලීන වායු විමෝචන ප්‍රමිතීන් සඳහා අනුකූල වූ ප්‍රථම ට්‍රක් රථය විය.2004 දී elf රථ මිලියන හතරක සමුච්චිත නිෂ්පාදනයක් වාර්ත කර ඇති අතර වර්ෂ 2006 දී සම්පූර්ණ ආකෘතිය වෙනස් කර එතෙක් පැවති සැහැල්ලු ට්‍රක් රථ,සාම්ප්‍රදායික ට්‍රක් රථ සංකල්පයෙන් ඔබ්බට ගෙනයන ලද අතර elf නව යුගයේ ගෝලීය සම්මත ට්‍රක් රථ ලෙස කටයුතු කරයි.
1966 දී ෆෝවර්ඩ් මධ්‍යම කාර්‍ය්‍යය ට්‍රක් රථය YT ලෙස උපත ලද අතර 1970 දී එහි වර්තමාන නම ලැබී තිබේ.ෆෝවර්ඩ් කෙටි කැබ් රථයක් 1998 දී වෙළඳපලට එකතු කරනු ලැබූ අතර 1989 දී ෆෝවර්ඩ් මැක්ස් හඳුන්වාදෙන ලදී.2007 දී සැහැල්ලු හා මධ්‍යම කාර්‍ය්‍යය ට්‍රක් රථ සඳහා පොදු මොඩියුලයක් භාවිතා කිරීමට සඳහා සම්පූර්ණ ආකෘතිය වෙනස් කරන ලදී.
ගිගා බර කාර්‍ය්‍යය ට්‍රක් රථය හා ට්‍රැක්ටර් මාලාවක් 1994 දී හඳුන්වාදෙන ලදී.ගිගා මැක්ස් 1997 දී හදුන්වා දෙන ලද අතර එය ජපානයේ ප්‍රථම එයාර් බැලූන් හතරකින් සහිත සස්පෙන්ෂන් පද්ධතියකින් සමන්විත ට්‍රක් රථය විය.එයට 2007 දී ඇඩ්වාන්ස් විෂුඅල් ඇසිස්ට් ටෙක්නොලජි සමගින් රේඩාර් තරංග තාක්ෂණ යොදා නව ප්‍රමිති නිර්මාණයක් එක් කරන ලදී.
විශාල ප්‍රමාණයේ ගාලා බස් රථ1996 දී හඳුන්වා දෙන අතර එය අනුගමන කරමිනි GALA mio හා ERGA mio මධ්‍යම කාර්‍ය්‍යය බස් රථ 1999 දී හඳුන්වා දෙන ලදී.ERGA විශාල මාර්ග / පෞද්ගලික භාවිත බස් වර්ෂ 2000 දියත්කරන ලදී.සම්පූර්ණ ආකෘතිය 2005 දී පාරිසරික ආරක්ෂක හා කාර්‍ය්‍යය සාධන සහිතව ERGA හා ERGA mio 2007 දී වැඩි දියුණු කරන ලදී.
මිමාමෝරි-කුන් ඔන්ලයින් සේවාව(Mimamori-kun online service)ජපානය තුළ ට්‍රක් රථ සඳහා පළමු GPS ටෙලිමැටික් පද්ධතිය 2004 දී ආරම්භ කරන ලද අතර 2007 වසරේ දී එයට වැඩි දියුණු කරන ලද ජපානයේ ප්‍රථම අන්තර්ජාල ඩිජිටල් ටැකෝග්‍රාෆ්(Internet digital tachograph)එක් කරන ලදී.
ඉසුසු මගී ප්‍රවාහන මෝටර් රථ නිෂ්පාදනයේ ඉංජිනේරු පුරෝගාමීයා ද විය.ඒ අනුව එය 1953 දී පළමු හිල්මන් මිනික්ස් PG 11(Hillman Minx PH11)මගී මෝටර් රථත් සමග ආරම්භ වන අතර ඉසුසු සමාගම මගින් 1961 දී බෙලෙල්(Bellel) සහ 1963 දී බෙලෙට්(BelletT)හඳුන්වාදෙන ලද අතර Bellett GT,Bele-G ඉමහත් ජනප්‍රිය බවට විය.1968 දී ගුගිආරෝ 117 කූපේ(Giugiaro 117 Coupe)සැලසුම් කර වෙළෙඳපොලට එක් කල අතර ඉසුසු ජෙමිනි මෝටර රථය ජෙනර්ල් මෝටර් සමග එක්ව සංවර්ධනය කර1974 දී හඳුන්වා දෙන ලදී.1981 දී තවත් නිර්මාණයක් වූ Piazza සහ බලසම්පන්න සංයුක්ත 4WD මෝටර් රථයක් වන රෝඩෝ බිග්හෝර්න් ටෲපර්(Rodeo Bighorn Trooper)එළිදක්වන ලදී.1985 දී ඉසුසු FF Gemini මෝටර් රථය ද හඳුන්වා දුන් අතර ඉසුසු සුවිශේෂී මගී මෝටර් රථ හා ස්පෝර්ට් සඳහා භාවිතා කරන මෝටර් රථ සඳහා තවමත් කැමත්තක් දක්වන පිරිසක් ද ඇත.
1949 දී ඉසුසු රථ හොංකොංවලට එහි පළමු මෝටර් රථ අපනයන සමග විදේශ ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී.1971 දී ජෙනරල් මෝටර්ස් සමඟ ඒකාබද්ධවීමේ ගිවිසුමක් මත ඉසුසු රථ පූර්ණ ප්‍රමාණයෙන් විදේශ නිෂ්පාදන ආරම්භය සලකුණු කළේය.1972 වන විට සමාගම එක්සත් ජනපදයට KB පිකප් ට්‍රක් රථ අපනයනය කරන ලදී. ජෙනර්ල් මෝටර්ස් සමග එක්ව තවත් ඉසුසු කාර් රථයක් වන ඉසුසු ජෙමිනි 1974 දී "ලෝක මෝටර් රථ" සැලැස්ම යටතේ සංවර්ධනය කර ඉදිරිපත් කරන ලදී.එතැන් සිට ඉසුසු රථ නිෂ්පාදන කර්මාන්තශාලා සහ විකුණුම් සඳහා 1974 දී තායිලන්තයේ ද1975 දී උතුරු ඇමෙරිකාවේ ද 1985 දී චීනයේද සිය විදේශ උප සමාගම් පුළුල් කර ඇති අතර අද චීනයේ දී ඉසුසු මෙහෙයුම් රථ පුරෝගාමී නව තාක්ෂණ වර්ධනය තුලින් මිත්‍රත්වය මුල් බැස ඇති අතර හවුල් ව්‍යාපාර බහොමයක් පිහිටුවා ඇත.ඩීසල් එන්ජින් නිෂ්පාදනාගාර 1999 දී පෝලන්තයේ ද 2000 දී ඇමරිකා එක්සත් ජනපදය තුල ද නිෂ්පාදනය ආරම්භ කළේය.දැනටමත් ඩීසල් එන්ජින් ජපානයේ හා විදේශයන්හි සමුච්චිත නිෂ්පාදනය ඒකක මිලියන 20 ඉක්මවා ඇත.
2005 හා 2007 අතර කාලය තුළ අලෙවි කඳවුරු ස්පාඤ්ඤය, මෙක්සිකෝව,කැනඩාව සහ දකුණු අප්‍රිකාවේ ආරම්භ කළ අතර දේශීය නිෂ්පාදන ඉන්දියාවේ සහ උස්බෙකිස්තානයේ ආරම්භ කරන ලදී.එපමනක් නොව ට්‍රක් රථ නිෂ්පාදන හා අලෙවි කිරීම සඳහා රුසියාවේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ස්ථාපිත කරන ලදී.
2006 ජුනි මස දී ඉසුසු සහ ජෙනර්ල් මෝටර්ස් එක්ව LCV Platform Engineering Corporation(LPEC)නමින් පික් අප් රථ සංවර්ධනය කිරීමේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර එම වසරේම ඔක්තෝම්බර් මස දී ඉසුසු සමාගමේ විශාලතම කොටස් හිමිකාරත්වය දරන මිට්සුබිෂී සමාගම විසින් එම සමාගමේ කොටස් ප්‍රමාණය 3.5% සිට 15.65% දක්වා අත්පත් කරගන්නා ලදී.එම වසරේ නොවැම්බර් මස දී ටොයෝටා සමාගම විසින් ඉසුසු සමාගමේ කොටස් වලින් 5.9% ක් අත්පත් කරගනිමින් තුන්වන විශාලතම කොටස් හිමි කරවා බවට පත්විය.
2007 දී යුරෝපීය වෙළඳපල සඳහා නිපදවන ටොයෝටා රථ සඳහා 1.6 L ක්ලීන් ඩීසල් එනිජින් වැඩිදියුණු කිරීමට ඉසුසු සහ ටොයෝටා සමාගම් එකඟතාවයකට පැමිණ ඇත.
ඉසුසු මෝටර් රථ වල අලෙවිය අඩු වීම හේතුවෙන් 2009 සිට ඇමෙරිකානු වෙළඳපලින් සම්පූර්ණෙයන්ම ඉවත්වීමට තීරණය කරන ලද අතර සේවා සහ අමතර කොටස් සැපයීම දිගටම පවත්වාගෙන යාමට තීරණය කරන ලදී.
2009 දී ජෙනරල් මෝටර් විසින් ඔවුන්ගේ සැහැල්ලු කාර්‍ය්‍යය ට්‍රක් රථ අවුරැදු 5 ක කාලයක් සඳහා ඉසුසු සමාගමට ලබා දීමට කැමැත්ත පල කල නමුත් අවසානයේ දී එම කොන්ත්‍රාත්තුව අසාර්ථක වීය.
ජූලි 2016 දී ඉසූසු සහ මැසඩා සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී ඇති අතර ඒ අනුව ඉසුසු සමගම විසින් උතුරු ඇමරිකාවෙන් පිටත මැස්ඩා සඳහා ඊළඟ පරම්පරාවේ පිකප් ට්‍රක් රථ නිෂ්පාදනය සිදුකරන අතර ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ඉසුසු කර්මාන්ත ශාලාවක් 2016 දී ආරම්භ කරන ලදී.
අද ඉසුසු වාණිජ වාහන හා ඩීසල් එන්ජින් ලෝකයේ ප්‍රමුඛ සමාගමක් වීමේ අරමුණ ඇතිව දෘඩාංග සහ මෘදුකාංග දෙකම ඉදිරියට ගෙන යාම සඳහා දිගින් දිගටම ක්‍රියාකරමින් ඇති අතර නව ලෝකය සමග අත්වැල් බැඳගනිමින් විදුලි සහ හයබ්‍රිඩ් මෝටර් රථ නිපදවීම සහ සංවර්ධන කටයුතු වල ද නිරවී සිටී.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
01/11/2017