ඊජිප්තුවේ මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාවට සමා&

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඊජිප්තුවේ මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාවට සමා&

    ඊජිප්තුවේ මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාවට සමාන තවත් ප්‍රතිමාවක් හමුවේ

    image_02f397dd65.jpg

    image_a6fc57efd6.jpg

    අලුතින් සොයාගන්නා ලද ප්‍රතිමාව


    ඊජිප්තුවේ මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාවට සමාන බවට සැක කෙරෙන දෙවැනි ස්ෆින්ක්ස් ප්‍රතිමාවක් සොයා ගැනීමට, මංමාවත් තනමින් සිටි කම්කරුවන් පිරිසක් පසුගියදා සමත් වූහ. ක්‍රි.පූ. 1400දී පමණ ඉදි වූ ලුක්සෝර් සහ කර්නක් දෙවොල පැවැති පරිශ්‍රය ආසන්නයෙන් දිවෙන අල් කබාෂ් මාර්ගයේ ඉදිකිරීම් සිදු කරමින් සිටි මෙම කම්කරුවන් පිරිස ඒ සඳහා පොළොව කණිමින් සිටියදී අහම්බයෙන් මෙන් මෙම ප්‍රතිමාවේ කොටසක් මතු වී තිබේ.

    මෙම ප්‍රතිමාව තවමත් පොළොව යට පවතින හෙයින් එය තවදුරටත් තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ පැහැදිළි නිගමනයකට එළැඹිය හැකියැයි ඊජිප්තුවේ පුරාවස්තු පිළිබඳ අමාත්‍ය මොහොමඩ් අබෙල් අසීස් සඳහන් කරයි.
    ලොව ඇති පැරණිතම ප්‍රතිමාව ලෙස පුරාවිද්‍යාඥයන් හඳුන්වන මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව පිහිටා ඇත්තේ ඊජිප්තුවේ බටහිර නයිල් නදී තීරයේ ගීසා සානුවේය. පිහිටි ගලේ සිට හුණුගලින් නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාවෙන් මිනිස් හිසක් සහිත සිංහයකුගේ රුවක් දැක්වෙන අතර ලොව ඇති තනි ගලකින් නිමවා ඇති විශාලතම ප්‍රතිමාව එය වෙයි. පුරාණ ඊජිප්තුවාසීහු ස්ෆින්ක්ස් ප්‍රතිමාව රාජකීයත්වයේ සංකේතයක් සේ සැලකූහ. මෙම ස්ෆින්ක්ස් ප්‍රතිමාව පාරාවෝ රජවරු සෙක්මට් නොහොත් සූර්ය දේවතාවා සිහිපත් කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක් සේ සැලකෙයි. පාරාවෝ රජවරුන් තම හිසේ අනුරුවක් ගලින් නිමවා තම සොහොත් කොත් සැරසීම සඳහා භාවිත කරන ලද්දේ මෙම සූර්යය දේවතාවාට තමන්ගේ ඇති සමීප සබඳතාව පෙන්නුම් කිරීම සඳහාය. බොහෝ පුරාණ ඊජිප්තු දෙවිවරුනට සත්ව ස්වරූප පවතින අතර ස්ෆින්ක්ස් ප්‍රතිමාවේ සූර්ය දේවතා රූපයේ ශරීරය සිංහ ධේනුවකගේ මෙනි.


    ක්‍රි.පූ. 2500දී පමණ ඉදිකර ඇතැයි සැලකෙන මෙම ප්‍රතිමාව පාරාවෝ කැෆ්රේ රජ සමයේ නිර්මාණය කරන ලද බවට අනුමාන කෙරේ. පාරාවෝ කැෆ්රේ රජුගේ පාලන සමය ක්‍රි.පූ. 2550 සිට ක්‍රි.පූ. 2450 අතර කාලය බවට විශ්වාස කෙරේ. මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව මීටර 73ක් දිගින් හා මීටර 20ක් උසින් යුතුය. ඊජිප්තුව අතීතයේ තුර්කි ආක්‍රමණවලට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රතිමාව හානියට පත් විය. 1936 පමණ වනතෙක් එය දෙවුර තෙක් පොළොවේ ගිලී තිබූ අතර පුරාවිද්‍යා කැණීම් මගින් එය වර්තමානයේ පවතින තත්ත්වයට තහවුරු කෙරිණි.

    image_4394a048b3.jpg

    මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව
    image_a540115bee.jpg

    මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව

    ගීසාහි මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව උමං මාර්ග සහිත භූමි සංකීර්ණයක් මත ඉදිකර ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එය භූගත රහස් නගරයකට පිවිසෙන දොරටුවක් විය හැකියැයි ඔවුන් අනුමාන කරන අතර ඊජිප්තු බලධාරීන් ප්‍රතිමාවේ භූ ගර්භය පරීක්ෂා කිරීමට අවසර ලබා නොදීම මත එම අභ්‍යන්තර නගරය සොයාගැනීමට මෙතෙක් අවකාශ ලැබී නොමැත. ස්ෆින්ක්ස් ප්‍රතිමාව අභ්‍යන්තරයේ ඇති භූගත රහස් නගරය සොයාගතහොත් ඊජිප්තු ඉතිහාසය වෙනස් විය හැකියැයි යන බිය හේතුවෙන් එහි පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු කිරීමට බලධාරීන් බියවන්නේ යැයි ඉතිහාසඥ ගැරී කැනන් සඳහන් කර තිබේ.

    දෙවැනි ස්ෆින්ක්ස් ප්‍රතිමාව ලෙස සැක කෙරෙන නව සොයා ගැනීම ඉතා සුරක්ෂිත ලෙස තහවුරු කර ගැනීමට පුරාවිද්‍යාඥයෝ පියවර ගනිමින් සිටිති. එම ප්‍රතිමාව මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව මෙන් මිනිස් හිසකින් හා සිංහ සිරුරකින් සමන්විත වන්නේදැයි යන්න හඳුනාගත හැකි වනුයේ එලෙස තහවුරු කර ගැනීමෙන් පසුය. මෙම ප්‍රතිමාව හමු වූ ස්ථානයට කිලෝමීටර 6ක් පමණ නුදුරින් පිහිටි රජුන්ගේ නිම්නයෙන් කුඩා ස්ෆින්ක්ස් ප්‍රතිමා කිහිපයක් සොයා ගැනීමට මින් ඉහත ද පුරාවිද්‍යාඥයෝ සමත් වූහ.



    අන්තර්ජාලයෙනි
    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
     
    • Like
    Reactions: Iron Monger