ඊනියා ආපදාවලට වෙනත් හේතු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඊනියා ආපදාවලට වෙනත් හේතු

ජනමාධ්‍යට අනුව ලංකාවේ විද්‍යාඥයන් ඉන්නවා. ඒ ඒ ආයතනවල එවැන්නන් ඉන්න බව ජනමාධ්‍ය පවසනවා. ජනමාධ්‍යවලත් විද්‍යාඥයන් ඉන්නවා යැයි කියනවා. ඇතැම්විට විද්‍යාව පිළිබඳ පුවත්පත් සඟරාත් පළවෙනවා. ඒත් මට තාම ලංකාවේ වසන එකම විද්‍යාඥයකුවත් දැක ගැනීමට ලැබී නැහැ. මාත් පාසලේදීත් විශ්වවිද්‍යාලයේදී සිටියේත් දැනට අවුරුදු පනහකට පමණ පෙර එංගලන්තයට ගියේත් විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙන්. එංගලන්තයෙ දි තේරුණා මට විිද්‍යාඥයකු වීමට නොහැකි බව. මා හැකි ඉක්මණින් ආපසු ලංකාවට ආවා. කැනඩාවේ සිටින පාසල් ගුරුවරයකු නම් කියන්නේ මා අදක්‍ෂයකු බැවින් මට උපාධියක් දී ආපසු පිටත් කළ බවයි. ඒත් මා දෙවියන් ගැන කතා කරන තෙක් හා බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා කියන තෙක් මා ඔවුන් කිසිවකුටවත් ජනමාධ්‍යවලටවත් අදක්‍ෂයකු වූයේ නැහැ.

අද ලංකාවෙ පඬියකු වීමට නම් අපේ දැනුමට බණින්න ඕන. අපේ දැනුම මිථ්‍යා දැනුමක් ලෙස හඳුන්වන්න ඕන. ඊනියා විද්‍යාඥයකු කලාකරුවකු විදග්ධයකු ශාස්ත්‍රවන්තයකු ලෙස පෙනී ඉන්න ඕන. ඒ බව අනෙක් අය ලවාත් කියවා ගන්න ඕන. දෙවියන් ගැන කතා කළ විගස යමකු මෝඩයකු වෙනවා. පසුගිය දිනවල ගුරුත්වාකර්ෂණය, ගංවතුර ආදිය ගැන මා ලියූ ලිපි හාස්‍යයට ලක් වූවා. දෙවියන් නැති ගණනටයි මෙරට පඬියන් හා පඬි පෝතකයන් ජීවත් වන්නේ.

ඔය බෙංගාල බොක්කේ සිදුවන අවපාත ගැන කල්තියා කියන්න විද්‍යාඥයන්ට බැරි ද? අඩු තරමෙන් සම්භාවිතාවක් සහිතවවත් කියන්න බැරි ද? අවපාතය ඇති වීමට දිනකට කලින් නොව දින කිහිපයකට කලින් කියන්න බැරි ද? අවපාත ඇති වන්නේ ඊනියා විද්‍යාඥයන් කියන ආකාරයට ම ද? ඊයේ හා පෙරේදා නිරිතදිග මෝසම අක්‍රීය වුණා ද? අද හා හෙට එය නැවත සක්‍රීය වන්නේ ද? එයට හේතු කවරේ ද? බටහිර විද්‍යාව මෙතරම් දියුණු වී තිබියදීත් මෙරට මෙතරම් විද්‍යාඥයන්, උගත් පරිපාලකයන් සිටියදීත් මෙතරම් දරුණු හානියක් මේ අවුරුදු පතා එන මෝසමකින් හා ඊනියා හදිසි අවපාතයකින් සිදු වුණේ කෙසේ ද? රනිල් කියන්න වගේ අඩු තරමෙන් කුකුළෙට වැස්ස වැඩි වෙන කොටවත් විද්‍යාඥයන්ට කිසිවක් කියා ගැනීමට නොහැකි වුණේ ඇයි?

මා බටහිර විද්‍යාව ගැන කියන පඬියන් හා පඬි පෝතකයන් ගණන් ගන්නේ නැහැ. මොවුන්ගෙන් ඇතැමුනට මා උගන්වා තිබෙනවා. ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන් ගැන මා හොඳින් දන්නවා. මෙරට බටහිර විද්‍යාවේ ආරක්‍ෂකයා ලෙස පෙනී සිටින කාලෝ ෆොන්සේකා බටහිර විද්‍යාව ගැන මා සමග විවාදයකට එළඹෙන්නේ නැහැ. ඔහුට බටහිර විද්‍යාව ගැන විශ්වාසයක් නැද්ද? මට නම් එය පට්ටපල් බොරුවක්. කාලෝට හැකි නම් එය පට්ටපල් බොරුවක් නොවන බව පෙන්වන්න. ජනමාධ්‍යයකට පුළුවන් ද මා හා කාලෝ අතර විවාදයක් සූදානම් කරන්න.

මෙරට බටහිර විද්‍යාව අප වෙත පටවන්නේ ඉතා පීඩාකාරී ආධිපත්‍යයක්. ඒ ආධිපත්‍යය හේතුකොට ගෙන දෙවියන්ට මේ රටේ සමාජයීය වැදගත් කමක් නැහැ. එහෙත් දෙවියන් වහන්සේට සමාජයීය වැදගත් කමක් තියෙනවා. ඒ යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය නිසා. බටහිර විද්‍යාවත් එහි කොටසක්. මෙරට බුද්ධාගමටත් තැනක් නැත්තේ යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය නිසා. කවුදෝ අසා තිබුණා මිථ්‍යාදෘශ්ටිකයන්ටත් දේව ආත්ම ලැබිය හැකි ද කියා. මාර දිව්‍ය පුත්‍රයා සම්‍යක්දෘශ්ටික දෙවියෙක් නොවෙයි. දෙවියන් ද පෘථග්ජනයන්. ඔවුන් අතරත් විවිධ අය ඉන්නවා. මෙරට උගතුන් දෙවියන්ට හිනහවෙනවා. අද බොහෝ සම්‍යක්දෘශ්ටික දෙවියන් අප අත හැර ගිහින්. මිනිසුන් අධාර්මික වන විට දෙවියන්ට හිනහවෙන විට දෙවියන් මිනිසුන් ගැන බලන්නේ කෙසේ ද? අද මෙරටට වැඩියෙන් බලපාන්නේ මිථ්‍යාදෘශ්ටික දෙවියන්.

පඬියන් හා පඬි පෝතකයන් දෙවියන්ට හිනහවෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි බටහිර විද්‍යාවේ ආධිපත්‍යය නිසා. බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධ වී මේ රටේ ජීවත් වීම තරමක ප්‍රශ්නයක්. මා නාථ දෙවියන් ගැන කියන විට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය කියා කියන විට මට මුහුණ පෑමට සිදුවන අභියෝගය හා තර්ජනය මා දැන සිටියා. ජනමාධ්‍යයෙන් පමණක් නොව ජාතික ව්‍යාපාරයෙන් ද මා කොන් වන බව මා දැන සිටියා. පඬියන් මට හිනහවෙන බව මා දැන සිටියා. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වෙයි. පඬියන්ගේ, ජනමාධ්‍යවේදීන්ගේ තරම මා දන්නවා. ඔවුන්ගේ නියෝජිතයා වූ කාලෝට මගේ විවෘත අභියෝගය තියෙනවා.

මෙරට විද්‍යාඥයන් උගතුන් ශාස්ත්‍රඥයන් ආදීන් දෙවියන්ට විරුද්ධ වන්නේ සමාජයීය වශයෙන්. පෞද්ගලික ව ඔවුන් දෙවියන්ට බාරහාර වෙනවා. බාරහාර කියන්නේ දෙවියන් සමග පවත්වන ගිණුමේ බැර හා හර. මේ ගිණුම බැංකු ගිණුමට වඩා හොඳින් තබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා. එහෙත් සමාජයීය වශයෙන් දෙවියන්ට බැණ වදිනවා. දෙවියන් නැතැයි කියනවා. දෙවියන් පේන්නෙ නැහැයි කියනවා. එහෙත් නිව්ටන්ටත් නොපෙණුන ගුරුත්වාකර්ෂණය විශ්වාස කරනවා. ගුරුත්වාකර්ෂණය නැත්නම් වැටෙන්නෙ කොහොමද කියලා අහනවා. එහෙම නොකළොත් තම සමාජයීය වැදගත්කම නැති වෙනවා. බොහෝ දෙනකුට සමාජයීය වැදගත්කම අවශ්‍යයයි.

මේ සිංහල බෞද්ධ පඬියන්ගේ කුහකකමක්. කාලෝ සිංහල බෞද්ධයකු නොවෙයි. ඔහු ගිනි පැගීමට විරුද්ධ වී දේවගැතිවරුන් ආදීන් කොරුන් ඇවිද්දවීමට ආදියට විරුද්ධ ඊනියා පර්යේෂණ නොකරන්නේ ඔහුගේ න්‍යාය පත්‍රය අනුවයි. සිංහල බෞද්ධ පඬියන් පෞද්ගලික ව දෙවියන්ට බාරහාර වී දෙවියන් සමග ගිණුම පවත්වා ගෙන යන අතර සමාජයීය වශයෙන් දෙවියන්ට තඩිබාන විට දෙවියන් කැමති වෙන එකක් නැහැ. කාලගුණ විද්‍යාවට සාමාන්‍ය මෝසම් ගැන කියන්න පුළුවන්. ඒක ඒ තරම් දෙයක් නො වෙයි. වාර්ෂික ව සිදුවන දේ ගැන කල්පනාවෙන් සිටින අයටත් සංඛ්‍යා නැතිව වුවත් කියන්න පුළුවන්. ඒත් අසාමාන්‍ය කාලගුණ ගැන කියන්න බැහැ. නිව්ටන්ට තරමක් හරි නිශ්චිත ව කියන්න පුළුවන් වුණෙ ඔහුට අවශ්‍ය සාධක පමණක් සැලකිල්ලට ගෙන, අනෙක් සාධක නැති වෙලාවට. එහෙත් වෙනත් සාධක ඇති විට නිව්ටන් අමාරුවේ. ක්වොන්ටම් භෞතිකයෙන් කියන්නේ එයයි. පඬියන් ක්වොන්ටම් භෞතිකය ගැන ගර්ඩ්ල් ප්‍රමේයය ගැන කෙතෙක් දන්නවා ද?

කලක සිට මෙරට සිදුවන ඊනියා ආපදාවලට වෙනත් හේතු තියෙනවා. ඒවා නිව්ටන්ටවත් ලංකාවෙ ඉන්න නිව්ටන්ගෙ වැඩ බැරි මුණුබුරාලටවත් අහුවෙන්නෙ නැහැ. පඬි කතා අත් හැරලා ඊනියා විද්‍යාත්මක නොවන හේතු ගැන දන්න අයගෙන් අහලා ඒ විධියට වැඩ කළොත්, ආධ්‍යාත්මික පැත්තට යොමු වුණොත් මේ ඊනියා ආපදාවලින් බේරෙන්න පුළුවන්.

source
නලීන් ද සිල්වා: http://www1.kalaya.org/2017/05/blog-post_29.html
 
lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය බෙංගාල බොක්කේ සිදුවන අවපාත ගැන කල්තියා කියන්න විද්‍යාඥයන්ට බැරි ද? අඩු තරමෙන් සම්භාවිතාවක් සහිතවවත් කියන්න බැරි ද? අවපාතය ඇති වීමට දිනකට කලින් නොව දින කිහිපයකට කලින් කියන්න බැරි ද? අවපාත ඇති වන්නේ ඊනියා විද්‍යාඥයන් කියන ආකාරයට ම ද? ඊයේ හා පෙරේදා නිරිතදිග මෝසම අක්‍රීය වුණා ද? අද හා හෙට එය නැවත සක්‍රීය වන්නේ ද? එයට හේතු කවරේ ද? බටහිර විද්‍යාව මෙතරම් දියුණු වී තිබියදීත් මෙරට මෙතරම් විද්‍යාඥයන්, උගත් පරිපාලකයන් සිටියදීත් මෙතරම් දරුණු හානියක් මේ අවුරුදු පතා එන මෝසමකින් හා ඊනියා හදිසි අවපාතයකින් සිදු වුණේ කෙසේ ද? රනිල් කියන්න වගේ අඩු තරමෙන් කුකුළෙට වැස්ස වැඩි වෙන කොටවත් විද්‍යාඥයන්ට කිසිවක් කියා ගැනීමට නොහැකි වුණේ ඇයි?

    source
    නලීන් ද සිල්වා: http://www1.kalaya.org/2017/05/blog-post_29.html

    දකුණු ආසියාවේ මේවා ගැන predict කරන්න තරම් technology එකක් නෑ. වෙන දියුණු රටවල් වල ස්වභාවික විපත් අපිට මූණ දෙන්න වෙලා තියන දේවල් වලට වඩා සිය ගුණයක් බලවත් වෙලත් ඒ මිනිස්සුන්ට වැඩි හානියක් වෙන්නෙ නැත්තෙ ඒවා කලින් predict කරලා මිනිස්සු evacuate කරන නිසා. නැතුව එයාලට දෙයියො කලින් දන්නල නෙමේ. ඒ නිසා මේ ටිකට උත්තරේ 'ඔව්' technology එකේ පිහිටෙන් කලින් දැනගන්න පුළුවන්. නලින් ද සිල්වට පුලුවන්ද දෙවියන්ගෙන් අහල මේවා predict කරන්න?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දකුණු ආසියාවේ මේවා ගැන predict කරන්න තරම් technology එකක් නෑ. වෙන දියුණු රටවල් වල ස්වභාවික විපත් අපිට මූණ දෙන්න වෙලා තියන දේවල් වලට වඩා සිය ගුණයක් බලවත් වෙලත් ඒ මිනිස්සුන්ට වැඩි හානියක් වෙන්නෙ නැත්තෙ ඒවා කලින් predict කරලා මිනිස්සු evacuate කරන නිසා. නැතුව එයාලට දෙයියො කලින් දන්නල නෙමේ. ඒ නිසා මේ ටිකට උත්තරේ 'ඔව්' technology එකේ පිහිටෙන් කලින් දැනගන්න පුළුවන්. නලින් ද සිල්වට පුලුවන්ද දෙවියන්ගෙන් අහල මේවා predict කරන්න?
    නලින් අයියට ඔය ටෙක් කතා අදාල නැ. එව්වා මිනිහට බොරු.. පෙරදිග එකෙන් කරන එකක් කරහන්. සන්සෙට් පැත්තෙන් ගේන බලු පැටියෙක්වත් ඌ ශුවර් කරන්නේ නැ. සන්‍ රයිස් නම් ඔනා කුනක්.
     
    කෝ මේ වෝකරයා, ඇවිල්ල මේවට උත්තර දීපන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙයියො එහෙම හැම එකක් ගැනම අනතුරු අඟෝ අඟෝ යන්නැතුව ඇති බං :no: :no:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දෙයියො එහෙම හැම එකක් ගැනම අනතුරු අඟෝ අඟෝ යන්නැතුව ඇති බං :no: :no:

    උඹට එහෙම කියල මාරු වෙන්න බෑ :eek:. උඹත් දේවවාදියා + නලින්වාදියා, ඉතින් උඹට වගකීමක් තියනවා Tech vs Gods පැහැදිලි කරන්න. නලින් බොසා වෙනුවෙන් කතා කරපන්. :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දකුණු ආසියාවේ මේවා ගැන predict කරන්න තරම් technology එකක් නෑ. වෙන දියුණු රටවල් වල ස්වභාවික විපත් අපිට මූණ දෙන්න වෙලා තියන දේවල් වලට වඩා සිය ගුණයක් බලවත් වෙලත් ඒ මිනිස්සුන්ට වැඩි හානියක් වෙන්නෙ නැත්තෙ ඒවා කලින් predict කරලා මිනිස්සු evacuate කරන නිසා. නැතුව එයාලට දෙයියො කලින් දන්නල නෙමේ. ඒ නිසා මේ ටිකට උත්තරේ 'ඔව්' technology එකේ පිහිටෙන් කලින් දැනගන්න පුළුවන්. නලින් ද සිල්වට පුලුවන්ද දෙවියන්ගෙන් අහල මේවා predict කරන්න?

    ටෙක් පැත්තෙන් බලද්දී කිව්වෙ අද ආයෙත් වහින පටන් ගන්නව කියල. ඒත් අද දවසෙම පට්ට විදියට පායනව මොනව උනත් ලොකු දෙයක්. හැබැයි අපේ පැත්තෙ ඉන්න වයසක ඩයල් එකක් අහස දිහා බලල කිව්ව අදනම් පායයි කියල. මෑන් ටෙක් පැත්ත ගැන දන්නෙ නැති ගොඩයෙක් නිසා අනිවාර්යෙන් දෙවියන් එක්ක කතා කරන ඩයල් එකක් වෙන්න ඕන. මොනව උනත් දෙවියන්ගෙ අනාවැකියට පින් සිද්ද වෙන්න රෙදි ටික වේල ගත්ත. :cool::cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට එහෙම කියල මාරු වෙන්න බෑ :eek:. උඹත් දේවවාදියා + නලින්වාදියා, ඉතින් උඹට වගකීමක් තියනවා Tech vs Gods පැහැදිලි කරන්න. නලින් බොසා වෙනුවෙන් කතා කරපන්. :)

    මං දෙයියොත් එක්ක කතා කරනවයැ ඕව නලීන්ද සිල්වගෙන් අහන්න ඕනෙ මගෙන් අහල වැඩක් නෑ :no: :no:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දෙයියො එහෙම හැම එකක් ගැනම අනතුරු අඟෝ අඟෝ යන්නැතුව ඇති බං :no: :no:

    Ithin ban one gonekta pulawan neh deiyo mata mehema kiwwa kiyanna. Nalin kiyanne ewa wiswasa karanna kiyala neh. I see no difference between Asiri wanigarathna and Nalin de Silva.:no::no: