ඊයේ අද මෙන් හෙටටත් හඳුනගන්නේ මායාවක්.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    *ඊයේ අද මෙන් හෙටටත් හඳුනගන්නේ මායාවක්.*

    පිංවත් ඔබ පෙර භවයන්හි හඳුනාගැනීම් වලට සිත යොමුකරන්න. අතීත භවගමනේදී පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව ඇසෙන්, කනෙන්, නාසයෙන්,දිවෙන්, ශරීරයෙන්,මනසින් මොනතරම් හඳුනාගැනීම් ඇතිකර ගන්නට ඇතිද? මේ බුදුරජාණන් වහන්සේ නමක්‌, මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්‌, මේ රහතන් වහන්සේ නමක්‌, මේ රහත් භික්‍ෂුණීන් වහන්සේ නමක්‌ යෑයි හඳුනාගත් අතීත සංඥාවන් සියල්ලක්‌ම වෙනස්‌වී ගියා. මේ සක්‌විති රජකෙනෙක්‌, මේ තුසිතය, මේ යාමය, මේ ශිල්වතෙක්‌, මේ දුශිල්වතෙක්‌, මේ ප්‍රේතයෙක්‌, තිරිසනෙක්‌, අසුරයෙක්‌, යමපල්ලෙක්‌ යෑයි ඔබ අතීත භවයන්හිදී ඇතිකරගත් සෑම සංඥාවක්‌ම අනිත්‍යවී ගියා. අතීතයේ ඔබ අම්මා, තාත්තා, ආච්චී, සීයා වශයෙන් හඳුනාගත් ලක්‍ෂ ගණනක්‌ ඥාතීන් මියගිය පසු කුමන හඳුනාගැනීමකින් හඳුන්වන්නද? අතීත සංඥාවන්, වර්තමාන සංඥාවන්, හඳුනාගැනීම් අනිත්‍ය බව පිංවත් ඔබට දැන් වැටහෙනවා. අතීත වර්තමාන හඳුනාගැනීම් අනිත්‍යනම්, ඔබ අනාගතයේදී යම් සංඥාවක්‌ හඳුනාගැනීමක්‌ කිරීමට බලාපොරොත්තුව සිටිනවා නම් එම හඳුනාගැනීම නිත්‍යවෙයිද? අනිත්‍ය වෙයිද?

    පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ පියාගෙන තමා තුළින් දකින්න, ඔබ මොනතරම් හඳුනාගැනීම් අනාගතය තුළ ඇතිකොටගෙන තිබෙනවාද. අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුවන්, මුණුපුරන්, රට ජාතිය ආගම, සුගතිය, දුගතිය, අධිගමයන්…. මේ ඔබ ඇතිකොටගෙන තිබෙන සෑම අනාගත හඳුනාගැනීමක්‌ම අනිත්‍යවන බව නුවනින් දකින්න. අතීතයේ ඔබ හඳුනාගත් බුදුරජාණන්වහන්සේලාටත් අනිත්‍යවී ගියා නම්, අතීතයේ ඔබ හඳුනාගත් සක්‌විති රජවරුනුත් අනිත්‍යවී ගියා නම්, කුමන අනාගත හඳුනාගැනීමක්‌ කෙරෙහි බලාපොරොත්තු ඇතිකොටගන්නද? අතීත වර්තමාන අනාගත සංඥාවන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි වශයෙන් නුවනින් දකිමින් ජීවත්වෙන්න.

    පිංවත් ඔබ අනාගතයේදී මට මෙවන් ලේලි කෙනෙක්‌, බෑනා කෙනෙක්‌, මුනුපුරෙක්‌, මිනිබිරියක්‌ හඳුනාගැනීමේ බලාපොරොත්තුවක්‌ තිබේ නම්, අතීතයේ ඔබ ලද සුජම්පතී දේවිය වැනි ලේලිවරුනුත්, ශක්‍රයා වැනි බෑනාවරුනුත් අනිත්‍යවී ගිය විට, අතීත සංඥාවන් වෙනස්‌වී ගිය හැටි නුවනින් දකින්න. තමන්ට අයිති නැති, අනිත්‍යභාවයට පත්වෙන හඳනාගැනීම් කෙරෙහි ඇතිකොටගත් තෘෂ්ණාව නිසා සංසාරයක්‌ පුරාවට ඔබ වින්දාවූ දුක්‌ කන්දරාව නුවනින් දකිමින් අනාගත සංඥාවන් කෙරෙහි කළකිරීම ඇතිකොට ගන්න. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා කියන මාරයා නිරතුරුව සංඥාව, හඳුනාගැනීම් ඔබේ කොට දෙනවා. මාරයා සංඥාව ඔබේ කරදීමෙන් උත්සහගන්නේ, සංඥාව හේතුවෙන් සකස්‌වෙන සංස්‌කාර මාරයා ශක්‌තිමත් කිරීමටයි. පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මකවන විඥ්ඥානය නමැති මාරයා පංචඋපාදන ස්‌කන්ධයේ සෑම ධර්මතාවයක්‌ තුළටම බැසගනිමින් එකිනෙකට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙමින් සත්ත්වයාගේ භවගමන දීර්ඝ කරන ආකාරය පිංවත් ඔබට ඉහත කාරණයෙන් පැහැදිළි කරගන්න පුළුවන්.

    භික්‍ෂුව වැඩසිටින කුටිය ආශ්‍රිත ප්‍රදේශයක තරුණ මවක්‌ හිටියා. එම තරුණ මව තම කුළුඳුල් දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටියේ. මේ මව, පියා කුසේ සිටින දරුවා කියන රූපය නිසා, එම රූපය කෙරෙහි ඇලීම නිසා රූපය සෑපවේදනවක්‌ කරගත්ත නිසා කුළුඳුල් දරුවා ගැන ගොඩාක්‌ හඳුනාගැනීම් ඇතිකරගත්තා. දරුවා පිරිමි දරුවෙක්‌, දරුවා නීරෝගී දරුවෙක්‌ කියන වර්තමාන හඳුනා ගැනීම් තුළමයි ජීවත්වුණේ. දරුවා නිසා අනාගත හඳුනාගැනීම් ගොන්නක්‌ සකස්‌කොට ගන්නවා. දරුවා සුරතල් කරනවා, දරුවා ළමා පාසලට යනවා, දරුවා උසස්‌ අධ්‍යාපනය ලබනවා…. මේ සෑම අනාගත හඳුනාගැනීමක්‌ම සිතේ දරාගෙන සංස්‌කාරයන් රැස්‌කොටගනිමින් සිටියදී දරු ප්‍රසූතියේදී මේ සිඟිති දරුවාත්, මවත් මියයනවා. සියලු හඳුනාගැනීම් කෙරෙහි ඇතිකොටගත්තා වූ තෘෂ්ණාව නිරතුරුවම සත්ත්වයා දුකට පත්කරනවා. අනිත්‍ය දෙය, නිත්‍ය වශයෙන් දකින තැනදී දුක සීරුවෙන් සිටිනවා. මාර ධර්මයක්‌ම වන කුසල් සංස්‌කාරයෝ දුක වසා පෙන්වීමට මාරයාට හොඳ සහයෝගයක්‌ ලබාදෙනවා.

    මේ සටහන් තබන භික්‍ෂුවට අකුසල් සංස්‌කාර දකිනකොට ඇතිවන බිය වගේම බියක්‌, අනිත්‍ය සංඥාවෙන් තොරව රැස්‌කොටගන්නා කුසල් සංස්‌කාර කෙරෙහිත් ඇතිවෙනවා. අකුසලය දුකම උරුමකොට දෙනවිට, කුසලය සැප පෙන්වා සත්ත්වයා අනාගතයේදී දුකට ඇද දමනවා. මාරයා කුසලයත් අකුසලයත් දෙකම එකම කාසියේ දෙපතැත්ත කොට සත්ත්වයාට ‘සිරස-අගය’ ක්‍රීඩාව (කාසියක්‌ උඩදමා එහි පෙරළෙන පැත්ත ‘සිරස්‌ද නැතිනම් ‘අගය’ද යන්න) පෙන්වනවා. මේ ක්‍රීඩාවේදී දෙපැත්තෙන් කව්රු දිනුවත් ඔහු භවයේ කොටස්‌කරුවෙක්‌ම වෙනවා.

    පිංවත් ඔබ මුළින්ම සද්ධර්මයේ ශ්‍රවණය ඔස්‌සේ මාරයාව හඳුනාගෙන, හඳුනාගැනීම තුළත් මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය තේරුම්ගෙන අතීත, වර්තමාන වශයෙන් ඇසේත්, කනේත්, නාසයේත්, දිවේත්, මනසේත් ඔබ තුළ ඇතිවන්නාවූ සෑම හඳුනාගැනීමකම අනිත්‍යභාවය නුවනින් දකිමින් අනාගත හඳුනා ගැනීම් කෙරෙහිත් කළකිරීම් ඇතිකොටගන්න.

    ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...
    තෙරුවන් සරණයි
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හදුන ගන්න යන ඔය එකට ටැක්ස් මනී කීයක් යනවලුද
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඈස් ලියනගේ දවසක් එකවුන්ට් එක මාරුවෙලා ලිංගිකමය ත්‍රෙඩ් එකක් දැම්ම නේද? :rofl: