ඊයේ පැවති ජන්ද විමසුමෙන් පසුව වූ ප්‍රථිඵ&#3517

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
ඊයේ පැවති ජන්ද විමසුමෙන් පසුව වූ ප්‍රථිඵ&#3517

මූණු පොතේ රොෂාන් විජේසූරිය සහෝදරයගේ අදහස්...........

ඊයේ පැවති ජන්ද විමසුමෙන් පසුව වූ ප්‍රථිඵල විකාශයෙන් අනතුරුව මට මෙසේ සිතිණ.....
දැයේ පිනට කන්නන්ගර ශ්‍රී මතාණන් හදුන්වා දුන් නිදහස් අධ්‍යාපනය රටට ඵලක් නැත....
එවකට පටන් නිවරැදිව පවත්වා විභාග ක්‍රමය (විශේෂයෙන් අ.පො.ස උසස් පෙළ,ශිෂ්‍යත්වය නොබෝදාම සාමන්‍ය පෙළත් ) රටට ගොන්පාර්ට්ය...
රටේ උගත් බුද්ධිමත් ජනයා රටට බරක් වී ඇත...නමුත් ඔවුන් ආණ්ඩු ගැත්තෝ නම් ඔවුහූ දේශප්‍රේමී අවංක බුද්ධිමත්හූය..
මහ දවාලේ මිනී මැරීම,අවි ගෙන හැසිරීම,ස්ත්‍රී දූෂණයට රටේ අනුමැතිය...
සුදු වෑන් පැහරගෙන යෑම් විහිළුය....
කලකදී ඉහළ ලාභ ගත් ආයතන මෑතකදී අන්ත දුගී තතවය්ට පත් වූවට කම් නැත...
තෙල්,විදුලිය,කිරි අර්බුධ මේවා රජය පෙරළීමට ගත් අසාර්ථක උත්සහයන්ය...මේවාට ජනතාව රැවටෙන්නේ නැත..
මහ වැව් සිදී ගියත් ගොවීන් වස බීවත් යුද්ධය දිනා රජය හුස්මක් කටක් ගන්න හදද්දී ඒවාට බාධා කළ යුතු නැත...
මහ රෑ රේස් පැදීම,පාඩු ලබමින් ක්‍රිකට් ගැසීම,රගර් පිටි වල ගුටි කෙළි,කෝටී ගණන් දී ඉන්දීය නළු නිළියන් ගෙන්වීම රටේ අසිරිය ලොවට පෙන්වීමකී...
ධාතූ පෙන්වා ජනතාව නිවන් යැවීමෙන් ලබන පින හොදටෝම ඇතිය ලග එන ජන්දය දිනන්නට...
කොහොමත් යුද්ධය දිනපූ එකේ අපිට අඩු නිවන් දකින එක විතරයිනේ...එය ජනතාව මනාව පසක් කොට ඇත...
නොබෝදාම 7.5% දක්වා පහළ බසින ආර්ඨික නැග්ම විපක්ශයේ වරදකී...
මෙලෙස පැවතී ආන්ඩුවේ හැකියාව අපගේ හුදී බුද්ධිමත් ජනයා පසක් කොට ගෙන ඇති අතර ආණ්ඩුව අපහසුතාවය පත් කරන සියළුම බලවේග නිහඩ කොට ඇත...
එයම රටේ ආශ්චර්‍ය්කී....
එසේම ජන්දය දිනීමට අරක්කු බෝතල් සහ කටට රහට කෑමට බත් පතක් ප්‍රමාණවත් බවද බහුතරයක් බලධාරීයෝ තේරුම් ගෙන ඇත...
ගෙයි ඇතුලත් කොතරම් ගිනි තිබුණද ජනතාව සැමදාම තමුන් දෙකෙන් නොවට්ටටන බව විපක්ෂයද පසක් කොට ගෙන ඇත...එමනිසා රජ ගෙදර පාටීයට ඔවුන්ද යා යුතුව ඇත...
සැරදේවා...සැරදේවා....අනේ තව තව තවත් හතර මහ නිධාන මතු වේවා..කැළණි ගගේ විතරක් නෙමේ හැම ගගකම රත්ර්‍න් පාවෙන රාජ ධානීයක්ම වේවා...
එන්න එන්න මධ්‍යමට,වයඹෙට,ඌවට එන්න ඔයිට වඩා ප්‍රතිශතියකින් දිනන්න එන්න...
අපිට අඩු එච්චරයි..කැම්පස් වහපු එකේ ගෙදරට වෙල කැන්වසින්වත් යන්න ඉක්මනට ජන්දේ අරන් එන්න.
 
  • Like
Reactions: Dr. NAC

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2ignbea.gif
 

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
සහතික ඇත්ත කතාව මචන්. එත් ඕක බහුතරයට නොතේරෙන එක තමයි රටේ අවාසනාව.

අපි පරක්කු වැඩිද කියලා බය හිතෙනවා...