ඊයේ රැ ජාමේ මම වේවැල් හාන්සි පුටුව කඩාගෙන බිමට වැටුනා නොවෑ පුතේ... වේවැල් ටික දිරලා තිබිලා වගේ... බුලත් තට්ටුවයි පඩික්ක්මයි සිසිකඩ... සද්දෙට මගේ පොඩි මිණිපිරි දුවගෙන ආවා ඉස්තෝප්පුවට... පඩික්කමෙන් හැලුණු බුලත් කෙල දැකලා මගේ ලේ කියලා හිතලා ගෙදර දෙවනක් කරේ නැතැයි මේ යෝදී... මුළු පවුලම ඇහිපිල්ලමක් ගහන්ටත් ඉස්සෙල්ලා ඉස්තෝප්පුවේ... ඔක්කොම කලබල උනා අත්තම්මගේ ඔලුව පැලිලා ලේ ගලනවායි කියලා. මගේ දරුවෝ , පිනිපිරියෝ හොදට අකුරු සාස්තරේ ඉගෙන ගත්ත උන්... හැබැයි බුලත් කෙලයි ලේයි අදුරන්නේ නැහැ... හදිස්සියකදී කලබල නොවී ඉන්ට දන්නේ නැහැ... ඒකට සියා නම් කෙස් ගහක් තරමකට වත් බය වුනේ නැහැ... මාව හිමින් සීරුවේ නැගිට්ටවලා "පුටුව වියන්ට කාලේ හරි වගේ " කිවුවා... උබලත් අකුරු ඉගෙන ගෙන කාසි හෙවුවට කමක් නැහැ... හැබැයි මයේ පුතාලා පොළොවේ පය ගහලා ජිවත් වෙන්නත් පුරුදු වෙයල්ලා... සෙරෙප්පු දෙකක් නැතුව තණකොළ ටිකක් පාගලා පොලු වලින් ගහලා අඹයක් හේම කඩලා ඇලේ දොලේ පීනලා හිටින්...හ්ම්මුක්...

