ඊලාම් යුද්ධයේ ගෝඨාභය භූමිකාව
ඊලාම් යුද්ධයේ ගෝඨාභය භූමිකාව
වසර 30 කාලයක් පුරා ඇදී ගිය ඊලාම් යුද්ධය එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමෙන් පසුව නිම විය. මේ කාලය පුරා යුද විශලේෂකයන් , සමහරක් හමුදා නිලධාරීන් සහ බොහෝ දේශපාලකයන් විශ්වාස කලේ ප්රභාකරන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කල නොහැකි බවයි. නමුත් ශ්‍රී ලාංකික හමුදාව එල්.ටී.ටී.ඊය පරාජය කළහ. ත්‍රිවිධ හමුදාවක් සහිතව විශාල භූමියක් පාලනය කල ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය සහමුලින්ම පරාජය කිරීමට හැකි වූයේ කෙසේද ?
ජයග්‍රහණයට පියවරු දහසකි. බොහෝ දෙනා මෙම යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් කියති. එසේම කුලල් කා ගනිති. මැදහත් සිතින් විචාර බුද්ධියෙන් යුතුව ඊලාම් යුද්ධය ජයග්‍රහණ මාර්ගය කරා ගෙන ගියේ කවරුන් ද කියා විමසා බලමු.
එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීම සඳහා ජෙනරාල් ෆොන්සේකාගේ දායකත්වය සුවිසල් විය. ඔහු ගොඩබිම් යුද මෙහෙයුම් වලදී කොටි සාමාජිකයන් විනාශ කර දැමීය. මෙකී මෙහෙයුම් හමුවේ කොටින් හට භූමිය අල්ලා ගෙන සිටීම අපහසු විය. ප්රභාකරන් පවා මෙම මෙහෙයවුම් හමුවේදී ව්‍යාකූල වූ බව එල්ටිටීඊයෙහි කාන්තා දේශපාලන අංශයෙහි නායිකාවවූ තමලිනී තම තියුණු අසිපතක සෙවණ යට කෘතිය හරහා පෙන්වා දී තිබේ. මෙකී යුද මෙහෙයුම් නිසා ප්රභාකරන් ගේ අවසානය සනිටුහන් විය.
ඊලාම් යුද්ධයේදී නාවික සහ ගුවන් හමුදා විශේෂ කාර්යභාරයක් කළහ. නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික නිලධාරීන් එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා එවන ලද ආයුද නැව් විනාශ කර දැමූහ. එසේම මුහුදු සටන් වලදී ඔවුන් ගේ බලය අඩපණ කර දැමූහ. මේ අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක ගේ නායකත්වයෙන් යුතු ගුවන් හමුදාව එල්.ටී.ටී.ඊ බලකොටු ගුවන් බලය යොදා විනාශ කළහ.
ඊලාම් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ භූමිකාව කුමක්ද ?
ඊලාම් යුද ජයග්රහණයෙන් පසුව මාධ්‍යවේදි සී.ඒ චන්ද්‍රපේම ගෝටාස් වෝ නමින් පොතක් ලිවීය. මේ පොත සක්‍රිය ලෙස සමාජ ගත නොවීය. ඊට එක් හේතුවක් වූයේ එම පොතේ කතුවරයා ඊලාම් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ භූමිකාව නිසි ලෙස පෙන්වා නොදීමය. සී.ඒ චන්ද්‍රපේම මෙම පොතෙන් ගෝඨාභය රාජපක්ෂව යුද සෙන්පතියෙකු ලෙස පෙන්වා දීමට යාම නිසා ගෝටාස් වෝ කෘතිය අසාර්ථක විය. යුද්දයෙන් පසුකාලීනව පවා මිනිසුන් තුල ඊලාම් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද කාර්යභාරය පිලිබඳව අවබෝධයක් නොමැත. අවාසනාවකට මෙන් දේශපාලනික සහ පුද්ගලික හේතු මත ඊලාම් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද කාර්යභාරය යටපත් කොට ඇත.
ඇත්ත වශයෙන්ම ඊලාම් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ භූමිකාව කුමක්ද ? යුද්දය සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. අතීතයේ සිටි වෙනත් ආරක්ෂක ලේකම්වරුන්ට වඩා ඔහු වෙනස් අයෙකු විය. ඔහුට යුද භූමිය පිලිබඳව අවබෝධයක් තිබුනි. එසේම යුද්ධයකදී ඉතාම අත්‍යාවශ්‍ය සාධකයක් වන ලොජිස්ටික්ස් හෙවත් භට කාර්ය සම්පාදනය සහ පෙරමුණට ආයුධ මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේදී ගෝඨාභය රාජපක්ෂ විශාල කාර්යභාරයක් සිදු කලේය.මීට ඉහතදී පැවති ජයසිකුරු වැනි දැවැන්ත මෙහෙයවුම් අඩාල වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ මෙම ලොජිස්ටික්ස් සාධකයයි. එහෙත් අවසන් යුද්ධයේදී මෙවැනි දුර්වළතා මතු වීමට ඔහු ඉඩ දුන්නේ නැත. මෙම කරුණ යුද ජයග්‍රහණයේ එක් ප්‍රබල සාධකයක් විය. විජිත පුර සටන ජය ගැනීමේදී මතු වූයේ ගැමුණු කුමාරයා ගේ කීර්ති නාමයය. එහෙත් ගැමුණු කුමාරයාට එම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තිරයෙන් පසුපස සිට ලොජිස්ටික්ස් සහාය දුන්නේ ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස විසිනි. ඊලාම් යුද්ධයේ දී ලොජිස්ටික්ස් සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.
දෙවන ලෝක යුද සමයේදී මිත්‍ර පක්ෂයේ හමුදා නායකයන් වූ ජෙනරාල් පැටර්න් සහ ෆීල්ඩ් මාෂල් බර්නාඩ් මොන්ට්ගෝමරි අතර බල අරගලයක් තිබුනේය. මෙම බල අරගලය නිසා යුද්ධය අඩපණ වීම වැලැක්වීමට ඇමරිකාව ප්රමුඛ මිත්‍ර පාක්ෂික හමුදාවලට නායකත්වය දුන් ජෙනරාල් අයිසන්හවර් සූක්ෂම ලෙස ක්‍රියා කලේය. ඊලාම් යුද්ධයේදී හමුදාපති ජෙනරාල් ෆොන්සේකා සහ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතර පුද්ගලික යුද්ධයක් තිබුනේය. මේ දෙදෙනා ආරක්ෂක රැස්වීම් වලදීවත් එකිනෙකා සමග කතා කලේ නැත. මේ පිලිබඳව නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තම අධිෂ්ඨානය: එල්.ටී.ටී.ඊ. පරාජය - නාවික හමුදා භූමිකාව කෘතියේ පවා සඳහන් කොට තිබේ.
යුද හමුදාවත් නාවික හමුදාවත් අතර ඒකාබද්ධ සහයෝගය නොමැතිව සටන් කිරීම ඉතා අපහසුය. යුද විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට දෙවන ලෝක යුද්ධයේදී ජපානය පරාජය වීම සඳහා එක් හේතුවක් වූයේ ජපාන යුද හමුදව සහ ජපාන් නාවික හමුදාව අතර ඒකාබද්ධ සහයෝගයක් නොතිබීමයි. හමුදාපති ජෙනරාල් ෆොන්සේකා සහ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතර පාලමක් වෙමින් යුද හමුදාවත් නාවික හමුදාවත් අතර ඒකාබද්ධතාව පවත්වා ගැනීමට උපකාර වූයේ ගෝඨාභය රාජපක්ෂය. ඔහු ජෙනරාල් අයිසන්හවර් ක්‍රියා කලාක් මෙන් හමුදාපති ජෙනරාල් ෆොන්සේකාත් සහ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් අතර සමබරතාව පවත්වා ගත්තේය. මෙම කරුණද යුද ජයග්‍රහණය පිණිස බලපෑවේය.
ගෝඨාභය රාජපක්ෂ යනු ඊලාම් යුද ජයග්‍රහණයේ පරම උරුමක්කාරයා නොවන බව සැබෑය. එහෙත් යුද ජයග්‍රහණය සඳහා ඔහු දායකත්වයක් ලබා දුන්නේය. ඉංග්‍රීසි භාෂාවේ give the devil his due කියා කියමනක් තිබේ. මේ අනුව ඊලාම් යුද ජයග්‍රහනයේ ගෝඨාභය රාජපක්ෂ භූමිකාව කුහක කමකින් තොරව පෙන්වා දිය යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
http://transyl2014.blogspot.com/2018/05/blog-post_23.html

උබ කැමතිද ඒ වගේ මිලේච්ච ත්‍රස්තවාදියෙක් ආයිත් මේ රට විනාස කරනවට.. උබේ මහා ලොකු නායකයා වික්කාමසිංහත් ප්රභාකරන්ට දෙවෙනි නෑ.. දෙන්නම කලේ රට විනාස කරපු එක. උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් ගෝටා චන්දෙ ඉල්ලුවොත් ජනාධිපති වෙන එක වල්වක්වන්න කාටවත් බෑ