Starlink ඉන්ටර්නෙට් සේවාව පළමු සේවා ලාභීන් 12 දෙනා අතර මෙම සතියෙන් පසුව ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) සඳුඳා ජූනි 16 පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
මෙම සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව ලබා දීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල් 112ක් මේ වන විට මෙරටට ගෙන්වා ඇති අතර ඒවායෙන් කට්ටල් 12ක් මේ සතියේ සිය සේවා ලාභීන් වෙත ලබා දී තිබේ.
ඒ අනුව, මෙරට තම සේවා කටයුතු ආරම්භ කරන බව Starlink සමාගම දන්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
"Starlink ආයතනය සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව ලබා දීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල් 112ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒ කට්ටල් අතරින් පළමු තාක්ෂණික කට්ටල් 12 ඔවුන් පාරිභෝගිකයන්ට මේ වන විට බෙදා හරිමින් සිටින්නේ. ඔවුන් අපට දන්වලා තියෙනවා මේ සතිය අවසනායේ ඒ කට්ටල් 12 බෙදා හැරීමෙන් අනතුරුව අපට දන්වනවා කියලා."
Starlink යනු කුමක් ද?
Starlink ඉන්ටර්නෙට් සේවාව යනු, පෘථිවි පෘෂ්ටයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථානගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ ඉන්ටර්නෙට් පද්ධතියකි.ෆයිබර් ඔප්ටික් කේබල් භාවිත කිරීම වෙනුවට Starlink, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරයි.
සරලව පැවසුවහොත්, Starlink විසින් රේඩියෝ තරංග හරහා ඉන්ටර්නෙට් දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවනු ලබන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි.
ෆයිබර් ඔප්ටික් කේබල්වලට ළඟා විය නොහැකි දූරස්ථ ප්‍රදේශවලට Starlink චන්ද්‍රිකා ඉන්ටර්නෙට් සේවාවට යොමු විය හැක.
ඇමෙරිකාවේ ස්ථාපිත ඊලෝන් මස්ක්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමක් වන SpaceX, පළමුව 2019 වසරේ මැයි මාසයේදී චන්ද්‍රිකා 60ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කර ඉන් අනතුරුව 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී Starlink ඉන්ටර්නෙට් සේවාව ආරම්භ කරන ලදී.
තාරකා විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසන පරිදි 2024 අප්‍රේල් වන විට Starlink චන්ද්‍රිකා 5,874ක් කක්ෂයේ තිබූ අතර ඉන් 5,800ක් තවමත් ක්‍රියාත්මකව පවතී.
මේ වන විට Starlink සේවය ලබාගෙන ඇති රටවල් ගණන 100කට ආසන්න බව එම සමාගමේ වෙබ් අඩවියේ දැක්වේ.
එමෙන් ම, Starlink වෙබ් අඩවියේ නියාමන අනුමැතිය අපේක්ෂාවෙන් සිටින රටවල් ලෙස සෞදි අරාබිය, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, තුර්කිය සහ වියට්නාමය වැනි රටවල් ද ලැයිස්තුගත කර ඇත.
https://www.bbc.com/sinhala/articles/cy8k4j8jvexo