ඊශ්‍රායලය අායෙත් ගාසා වලට ගහයි.200ක් මරුට- අල් ජසීරා💥🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113


    සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත.

    පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වේ.

    ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය.

    ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය.

    සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා තීරය වෙත සිදුකරන සියලුම භාණ්ඩ සැපයුම් අවහිර කිරීමට ඊශ්‍රායලය මීට සති කිහිපයකට පෙර කටයුතු කළේය.

    ඒ සටන්විරාම ගිවිසුමේ පළමු අදියර තවදුරටත් දීර්ඝ කරන ලෙස බලකිරීමේ අරමුණින්.

    කෙසේ නමුත් හමාස් සංවිධානය ඊට එකඟ නොවීම මුල්කරගෙන ඊළඟ සතියේ සිට ගාසා වෙත විදුලිය සැපයීමට ඊශ්‍රායලය නතර කළේ එහි ජනතාව තවත් අර්බුදයකට යොමුකරමිනි.

    අනතුරුව ගාසා වෙත අතරින් පතර ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගත් අතර, මෙතරම් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණේ ඊයේ දිනයේදීය.

    මෙහිදී ගුවන් ප්‍රහාරවලට අමතරව, දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර පවා එල්ල කර තිබූ බව අල්ජසීරා මාධ්‍ය වාර්තා කර තිබුණි.

    ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව අමෙරිකාව දැනුම්වත් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

    හමාස් සංවිධානය යළි සංවිධානය වෙමින් පවතින බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

    මේ හේතුවෙන් අවශ්‍ය වුවහොත් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත්, ඊශ්‍රායලය පවසා ඇති අතර, ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති අවකාශ ගැනත් ඉඟි පළකර තිබුණි.

    මේ අතර අමෙරිකාව ද මේ වනවිට යේමනයේ හූති ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටී.

    ඊට ප්‍රතිචාර ලෙස රතු මුහුදේ අමෙරිකානු යුද නෞකාවට ප්‍රහාර එල්ල කළ බව හූති සටන්කාමීන් පවසයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113
    අපේ යුදෙව් මහත්තුරුන්ගෙ ගැම්මක් තමයි ඉතින්

    සුපිරි 500+ IQ මොළ. දෙවිවරු වගේ ජාතියක්

    ගෑනු, ලමයි එක්ක යුද්ධ කරල හම්බ ත්‍රස්තවාදය තුරන් කරන්න ඒ තරන් හපන් කවුරුත් නෑ

    ආරුගම්බේ නෙමෙයි මුළු රටම දුන්නත් මට නං අවුලක් නෑ

    මම නිරාගමිකයි හැබැයි කාදිනල් තුමා හරි මේවට මැදිහත් වෙලා අලුත් වියවස්තාවක් හදල යුදෙව් සර්ලට පොරොන්දු දේශයක් මෙහෙන් දෙන්ට ඕනෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඕකුන් අල්ලනවා උන්ගේ සුබපැතීමේ දේශය.... එදාට සාමය උදාවෙයි