ඊළඟට ඔබේ දරුවා විය හැකිය...!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඊළඟට ඔබේ දරුවා විය හැකිය...!

    පසුගියදා පාකිස්ථානයෙන් වාර්තා වුණු අවුරුදු 8ක දැරියක් අපහරණය කර තිරිසන් ලෙස මරාදැමීමේ පුවත මුළු ලොවපුරා දරුවන් සිටින දෙමව්පියන් පමණක් නොව, හදවත් ඇති සියල්ලන්ගේම හදවත් මොහොතකට නතර කල සිදුවීමක් විය.
    මෑතකාලයේ යාපනයෙන්,දිවුලපිටියෙන්,පුත්තලමෙන්, තිස්සමහාරාමයෙන් වාර්තාවූයේද එවැනිම තිරිසන් පාපතරයන් අතින් විනාශවීගිය මල් කැකුළුවන් දරුවන්ගේ ඛේදවාචකයන්ය. අපි ඒ පාපතරයන්ට දියයුතු දඬුවම කුමක්ද? සමාජය නිරතුරුවම විමසන පැනය එයයි.
    යන්තම් මව්කිරි බීම අත්හළ, කටේ කිරි සුවඳ පවා හමනා දරු පැටවුන් ලිංගික බලහත්කාරකම් සිදුකර මරාදැමීමේ සිද්ධි අතීතයේ අප අසා නැත. එහෙත් සමාජයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන් අතරින් පිරිසක් එවන්වූ පාපතර ක්‍රියාවන්ට යොමුවීමට හේතු කිහිපයක් ඇත.
    එයින් එකක් නම් අසාමාන්‍ය ලිංගික අසහනයයි. ලංකාවේ හෝ ලෝකයේ හෝ වේවා ලිංගිකත්වය යනු මානවයාට අත්‍යවශ්‍ය සාධකයකි. ඒ නිසාම විවාහයක් හෝ බැඳීමක් හරහා ලිංගික තෘප්තියට මානවයා යොමුවීම සිදුවිය. එහෙත් වර්තමාන තරඟකාරී ලෝකය සහ ආර්ථික ප්‍රතිලාභවාදී සමාජ ක්‍රමය තුල මානවයාට පසුපස හඹායායුතු බොහෝ දේ නිර්මාණය විය.
    එනම් සීමිත කාලයක් තුල අසීමිත වුවමනාවන් ඉෂ්ට කරගැනීම සඳහා රේස් දුවන්නට සිදුවී ඇත. ඒ රේස් අතරේ බැඳීම් තුලින් ලැබිය යුතු ලිංගික තෘප්තිය පිරිසකට අහිමිව ඇත. තවත් පිරිසකට කායික සබඳතාවක් පවත්වාගැනීම සඳහා අවශ්‍ය වටපිටාව නැතිවීම නිසා ඉච්ඡාභංගත්වයට පත්ව ඇත. මේ දෙපාර්ශවයම සිටින්නේ ලිංගික අසහනයෙනි. මේ අසහනය තවත් වර්ධනය කරන්නේ මාධ්‍ය සහ ඇතැම් තුට්ටු දෙකේ කලා නිර්මාණවල ආතල් එක මගින්ය.
    එසේ වර්ධනය කරන අසහනයේ තරමට ලිංගික ආස්වාදය ලබාගැනීමට නොහැකිවූ තැන අහිංසක පුංචි දරුවෙක්, මහළු කාන්තාවක් පමණක් නොව මළමිනියක්, හරකෙක්, එළුවෙක්ටවත් එකී අසහනකාරයින්ගෙන් ගැලවීමට වරම් නොලබන්නේය. එවන්වූ අසහනකාරී සමාජ රටාවක ගොදුරු බවට පත්වීමට මල් කැකුළුවන් පුංචි දරු පැටවුන්ට සිදුව ඇත.
    අනෙක් පැත්තෙන් දරුවන්ට අහිමිව ඇති සමාජ ආරක්ෂණයද එක් හේතුවකි. වැඩෙන දරුවෙක්ට ලැබිය යුතු දෙමාපිය ආරක්ෂණය, ඥාති රැකවරණය, පොදු සමාජය තුල රැකවරණය අහිමිව ඇත. සමාජය සිටින්නේ ඕනෑම මොහොතක දරුවන් ගොදුරු කරගැනීමේ චේතනාවකින්ය. පුංචි දරුවන් ගොදුර කරගන්නා පාපතර මිනිසුන්ද කලකට ඉහත පුංචි දරුවන් ලෙසින්ම කල්ගත කර බව ඔවුන්ට මොහොතකටවත් වැටහෙන්නේ නැත.
    ඔවුන්ටද දරුවන් සිටිනවා විය හැකිය, ඔවුන්ද දරු සුරතල් බලා සැනසෙන්නන් විය හැකිය. එහෙත් මොහොතකට මතුවෙන කාමාස්වාදයේ ගින්න නිවාගන්නට අහිංසක දරුවෙක් යොදාගැනීමේ බරපතල පාපකර්මයට මෙන්ම අහස පොළව නුහුලන අපරාධයකට පෙළඹීම අප කොතැනින් හෝ නතර කල යුතුය.
    එක් පැත්තකින් මෙවැනි අපරාධවලට එරෙහිව පවතින නීති රීති දැඩි කල යුතුය. එසේම දරුවන්ට ඇති රැකවරණය තව තව වර්ධනය කල යුතුය. දෙමාපියන් ටී.වී එකට, අන්තර්ජාලයට, රස්සාවට, කුස්සියට හිරවෙනවා වෙනුවට දරුවන්ගේ රැකවරණයට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුය. එසේම පොදු සමාජය සෑම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් යන හැඟීමෙන් දරුවන් රැකගැනීමට ඉදිරිපත්විය යුතුය.
    “වඳුරු රැළක් කලබල වුනාම ලඟ ඉන්න පැටියා කව්රු වුනත් අරගෙන බඩ බැඳගෙන දුවනවා..ඒ තමන්ගෙම දරුවාද කියලා හොය හොය ඉන්නේ නෑ“
    මිනිසාට ආසන්නම සත්ව කොට්ටාශයෙන් ලැබෙන භාවිතාමය පණිවිඩය අපි මානව සමාජය තුල එසේ ක්‍රියාත්මක කරන්නේද යන්න සිතා බැලිය යුතුය. ඒ නිසා අහිංසක මල්කැකුළු තලන්නට නොදී රැක ගැනීමට අපද එක්විය යුතුමය.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: Sara531