ඊළඟ සති හතරේ බිලියන 50ක් වියදම් කරන්න සල්ලි තියෙනවා 🙏

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    image-2025-12-03-192120845.png


    ඊළඟ සති හතරේ බිලියන පනහක් පමණ ආණ්ඩුවට වියදම් කරන්න මුදල් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    2025 අයවැයේ වියදම් කරගන්න නොහැකිව ඉතිරි වූ මුදල් තිබෙනවා.හදිසි අවශ්‍යතාවයන් සහ නිවාස ගෙවල් ශුද්ධ කර ගැනීම් සඳහා වියදම් කරන්න රුපියල් බිලියන 30 ක් පමණ දැන් භාණ්ඩාගාරයේ තිබෙනවා. තවත් බිලියන විස්සක් විතර වෙන තැන් වලින් ගන්න පුළුවන්.

    මේ අනුව බිලියන පනහක් විතර ඊළඟ සති හතරේ වියදම් කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා රජයට අවශ්‍ය සියලුම මුදල් තියෙනවා.මුදල් නොගෙවා ඉන්න කිසිම කාරණයක් නැහැ. ඒක නිසා පීඩාවට පත් ජනතාවගේ ඇත්ත මුදල් අවශ්‍යතා සොයා ඒවාට ගෙවන්න. මූලික ගැටලුව එන්නේ 2026 සඳහායි. මොකද සියයට 13ක ප්‍රාථමික වියදම් සීමාවක් පනවා තිබෙනවා. අයි.එම්.එෆ් ගිවිසුම තියෙන්නේ ඒ සමගයි. තවත් රුපියල් බිලියන 300ක් හෝ 500ක් එන වසරේ වියදම් කරන්න හැකිනම් ඊට පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමේ කිසිම ගැටළුවක් නැහැ යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.