ඊළාම් බිමේ පන්සල් බෑ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඊළාම් බිමේ පන්සල් බෑ

    ඊළාම් බිමේ පන්සල් බෑ - මුලතිව් කොක්කුලායි පන්සල ඉදිකිරිම අතරමග නවති

    Posted by: Lankanewsweb Today Posted date: Sunday, June 07, 2015 / comment : 0
    http://www.lankanewsweb.today/2015/06/blog-post_7.html
    මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ ඉඩමක විහාරස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වා පසුගිය 5වන එම ස්ථානයේ කලබලකාරි තත්ත්වයක් ඇති කර පසුව උපවාසයක නිරතවී සිටි තිදෙනෙකු මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

    මුලතිව් කොක්කුලායි රෝහලට අයත් ඉඩමේ කොටසක හමුදාවේ සහයෝගය ඇතිව ස්වාමීන්වහන්සේ නමක් විසින් මෙම විහාරස්ථානය ඉදිකිරිමට කටයුතු ආරම්භ කර ඇති අතර පසුගිය රජය කාලසිමාවේ එහි අත්තිවාරම සියල්ලම දමා තිබුනු අතර ඉතිරි ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට ගිය අවස්ථාවේ මෙම අර්බුදය හටගෙන තිබේ.

    අපේ නිජබිම තුල පන්සල් හදන්න දෙන්න බැරි බව පවසමින් ඉදිකිරිම් කටයුතු කිරිමට ගිය කණ්ඩායම් ඉඩමෙන් එලවා ඇති අතර පසුව ඔහුන් එම ස්ථානයේ උපවාසයක නිරතවී තිබේ.

    පසුව පොලිසිය පැමිණ අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඉදිකරමින් සිටින විහාරස්ථානය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය අත්හැර දමා ඇති අතර, එම ස්ථානයට පොලීසිය යොදවා ඇත. අවසර නොගෙන, උද්ඝෝෂණයක් සහ උපවාසයක් පැවැත්වූ බවට චෝදනා කර, ඔවුන් තිදෙනා අත් අඩංගුවට ගත් බව මුලතිව් පොලීසිය ප්‍රකාශ කර තිබේ.

    මේ වනවිට පන්සලේ ඉදිකිරිම් කටයුතු නතරකර දමා තිබෙන අතර පොලිසිය ආරක්ෂාව සදහා යොදවා තිබේ.


     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    හොඳයි නීතිය ක්‍රියාත්මක වෙලා උන්ව පොලිසියෙන් ඉවත් කරලා ඒ භූමියට පොලිස් ආරක්ෂාවත් දීලනේ........මහින්දගේ කාලේ වගේ නැතුව නීතිය ක්‍රියාත්මක වෙන එක හොඳ දෙයක්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහල බෞද්ධ රටකට ගිය කලක්..
    සහජීවනේ නාමයෙන් මෙවා ඉවසපල්ලා..
    ..