උක්ස් ඔප්පු - Help

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    එලකිරි Bro's,

    1987 දී උකස් තියලා කියලා ඔප්පුවේ පත්තිරුවේ තියනවා. දැන් අවුරුදු 35 වෙනවා. ඒකට බැංකුවකට නෙවෙයි කලින් owner ගේ නමට තමයි එක කරලා තියෙන්නෙ. දැන් එයා නැති වෙලා. මේකට මොකද වෙන්නේ? නැති උන කෙනාගේ දරුවෝට කියලා මේක cancel කරගන්න ඕනද? නැත්තම් නිකන්ම cancel වෙන්වාද?

    දැන් ඉන්න අයගේ නමට තමයි light bill , නගර සභා බදු ඔක්කොම ගෙවන්නේ.

    කොහොම්ද මෙකේ නිතිමය පැත්ත.

    ස්තුතියි! දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්
     
    • Like
    Reactions: SK29

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB

    DEED එකෙයි පත්ඉරු වලයි Copy එකක් බලන්නේ නැතුව උපදෙසක් දෙන්න අමාරුයි. හොඳම දේ තමයි කිට්ටුව ඉන්න Lawyer කෙනෙකුට ඔප්පුව පෙන්නලා උපදෙසක් ගන්න එක.

    සාමාන්‍යයෙන් කියනවා නම් උගසක් අවසන් කරලා ඒක පත්ඉරු වල සඳහන් කරන්න ඕන. එහෙම නොවුනොත් බැංකු වලින් ණය දෙද්දී එහෙම ගැටලු ඇතිවෙනවා. ඒ වගේම ඉඩම් නඩුවක්, බෙදුම් නඩුවක් වගේ ආවත් අවුලක් වෙනවා. කාලය අවුරුදු 30 ට වැඩි වුනත් cancel කරගන්න පුලුවන් විදියක් තියෙනවා නම් ඒක කරගන්න.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    DEED එකෙයි පත්ඉරු වලයි Copy එකක් බලන්නේ නැතුව උපදෙසක් දෙන්න අමාරුයි. හොඳම දේ තමයි කිට්ටුව ඉන්න Lawyer කෙනෙකුට ඔප්පුව පෙන්නලා උපදෙසක් ගන්න එක.

    සාමාන්‍යයෙන් කියනවා නම් උගසක් අවසන් කරලා ඒක පත්ඉරු වල සඳහන් කරන්න ඕන. එහෙම නොවුනොත් බැංකු වලින් ණය දෙද්දී එහෙම ගැටලු ඇතිවෙනවා. ඒ වගේම ඉඩම් නඩුවක්, බෙදුම් නඩුවක් වගේ ආවත් අවුලක් වෙනවා. කාලය අවුරුදු 30 ට වැඩි වුනත් cancel කරගන්න පුලුවන් විදියක් තියෙනවා නම් ඒක කරගන්න.
    ස්තුතියි! එහෙම අවුරුදු 30ට වැඩී නම් cancel කරන්න විදියක් තියනවාද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙහෙම කරන්නත් පුලුවන්. හැබැයි ගානක් යනව 5000ක් විතර. බැංකුවකට ලෝන් එකක් ගන්නවා කියලා පත්තිරු චෙක් කරන්න දෙන්න පුලුවන්. ප්‍රයිවට් ලෝයර් කෙනෙක්ව ගන්නත් පුලුවන් හැබැයි ඒ හරියෙ ඉඩම් ගැන දන්න කෙනෙක් ගන්න. මම එක්කෙනෙක්ට දීලා ගන්න එපා කිව්වා පත්තිරුවක් දිරලා කියලා. ඒත් අහල පහල කෙනෙක්ට දුන්නම එයා කිව්වා ඒක ගැටලුවක් නෑ. බැංකුවෙන් අවුලක් උනෙත් නෑ.
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ස්තුතියි! එහෙම අවුරුදු 30ට වැඩී නම් cancel කරන්න විදියක් තියනවාද?
    උගස ගත්තු කෙනා ඉන්නවා නම් එයාගෙන් අත්සන ගන්න. එහෙම නැත්නම් එයාගේ උරුමකාරයින්ට පුලුවන් ඉඩම නිදහස් කරන්න.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉඩම බැංකුවට තියලා ලොන්එකක් අරගත්තා පත්තිරුවෙ තියෙනව‍ා බැංකුවට තිබ්බා කියලා දැන් අවුරුද්දකට කලින් මම එක පියෙව්වා ඔප්පුව ගත්තා අයේ මම එක ලියාගන්න ඔනැද මොකක්ද කරන්න ඔනැ දන්න මචං කෙනෙක් කියන්න බලන්න
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉඩම බැංකුවට තියලා ලොන්එකක් අරගත්තා පත්තිරුවෙ තියෙනව‍ා බැංකුවට තිබ්බා කියලා දැන් අවුරුද්දකට කලින් මම එක පියෙව්වා ඔප්පුව ගත්තා අයේ මම එක ලියාගන්න ඔනැද මොකක්ද කරන්න ඔනැ දන්න මචං කෙනෙක් කියන්න බලන්න
    උගස් ඔප්පුවේ උගස අවසන් කලා කියලා ලියලා බැංකුවෙන් අත්සන් කරලා ඇති. ඒ ඔප්පුව අරගෙන ගිහිං ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට දෙන්න. ඒ අය ඒක ලියාපදිංචි කරලා දේවි. එතකොට හරි..
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    උගස් ඔප්පුවේ උගස අවසන් කලා කියලා ලියලා බැංකුවෙන් අත්සන් කරලා ඇති. ඒ ඔප්පුව අරගෙන ගිහිං ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට දෙන්න. ඒ අය ඒක ලියාපදිංචි කරලා දේවි. එතකොට හරි..
    thanks මචං (y)(y)(y)
     
    • Like
    Reactions: tin tin