උගත්තු

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ලoකාවෙ වැදගත්ම උගත්ම ප්‍රබුද්ධම චන්ද දායකයො ඉන්නෙ පොහොට්ටුවත් එක්ක ,ඒ වගේම පොහොට්ටුවෙ ජාතික ලයිස්තුව කොහොමද උගතුන් පිරිල..
    සිරාවටම ද? ආතල් එකටද බං කිව්වේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සමගි සංදේශය 4 - ජාතික ජන බලවේගයේ අවුල සහ මහ පොළොවේ ඇත්ත විකල්ප දේශපාලනය
    ------------------------------------------------
    ජාතික ජන බලවේගයේ ජවිපෙ නොවන පිරිස සහ ජවිපෙ පිරිස අතර ලොකු මතගැටුමක් තියෙන බව පේනවා. මේක අමුතු තත්ත්වයක් නෙවෙයි. ජවිපෙ හිතුවෙ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් හරහා තමන්ට දිනාගන්න බැරි මධ්‍යම පාංතික ස්ථරයක් දිනාගන්න. ජාතික ජන බලවේගය කණ්ඩායම් හිතුවෙ ජවිපෙ හරහා තමන්ට නැති ජන පදනමක් හදාගෙන පාර්ලිමේන්තුවේ ආසන තුන හතරක් කඩාගන්න. කොරයි අන්ධයයි වගේ යන්න හිටපු මේ ගමන අන්තිමට නතර වෙලා තියෙන්නෙ ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ.
    අදින් පස්සෙ ජාතික ජන බලවේගයෙ ඉන්න ජවිපෙ නොවන අයගෙන් හුඟ දෙනෙක් හොයන්නවත් බැරි වෙයි. ඒ අය කොළඹ කොෆී ෂොප්වල කෝපි බොන ගමන් ඉඳලා හිටලා ෆේස්බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරයි. ජවිපෙ සහෝදරවරු ටික විතරක් මහ පොළොවෙ දේශපාලනය කරද්දි අපිට හම්බ වෙයි. දේශපාලනය කියන්නෙ ෆුල් ටයිම් වැඩක්. මොන ප්‍රශ්න තිබුණත් ජවිපෙ සහෝදරවරුන්ට මං ගරු කරන්නේ දේශපාලනය ෆුල් ටයිම් වැඩක් බව තේරුම් අරන් ඒ වැඩේට මුළු ජීවිතේ ම කැප කරන හින්දයි.
    ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ප්‍රශ්න අපිට අදාළ වෙන්නෙ කොහොමද ? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නෙ. කොළඹ ඉන්න ඊනියා විකල්ප මතධාරියො ටික චන්ද කාලෙට එක එක අට්ටාල අට්වගෙන ජවිපෙ වටේ සෙට් වෙලා 'විකල්පය' හයිජැක් කරන කොට ඇත්ත විකල්ප බලවේගයක කාර්‍යභාරය දිය වෙලා යනවා. මේ මැතිවරණ ප්‍රතිඵලයෙනුත් තහවුරු වෙන්නේ ලංකාවේ ජනතාවට තුන්වැනි බලවේගයක් ගැන තාමත් කිසිම විශ්වාසයක් නැහැයි කියන එකයි.
    තුන්වැනි බලවේගයක් ගැන මිනිස්සුන්ට විශ්වාසයකුත් නැත්නම් ඒත් මේ ජරාජීර්ණ දේශපාලනයට එරෙහිව ශක්තිමත් විකල්පයකුත් ඕනෙ නම් ඒක කොහොමද කරන්නෙ? මට පේන්නෙ එකම ක්‍රමයයි. ඒ ප්‍රධාන විපක්ෂයේ තරුණ ව්‍යාපාරය ඒ විකල්පය බවට පරිවර්තනය කරගැනීමයි. ඒ කියන්නේ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් උඩ ඒ තරුණ ව්‍යාපාරය ගොඩ නංවලා අලුත්, තරුණ සහ දක්ෂ අපේක්ෂකයන් දේශපාලනයට ගේන තිඹිරිගෙය බවට තරුණ ව්‍යාපාරය පත් කරගැනීම.
    මේකෙ මූලික පියවර විදියට නාම යෝජනාවලින් 25%ක අනිවාර්‍ය තරුණ නියෝජනයක් සමගි තරුණ බලවේගය විදියට අපි දැනට ම දිනාගෙන තියනවා. අපේ ඊළඟ පියවර වන්නේ ඒ යටතේ ඉදිරියට ගේන්න පුළුවන් කොල්ලො කෙල්ලො ටිකක් දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගෙන ඔවුන්ට කුසලතා සහ පුහුණුව ලබා දීම. ඊටත් පස්සේ මේ බලු පොරයක් බවට පත් වෙලා තියන මනාප තරගය ඇතුළෙ ඔවුන්ට තරග කරලා දිනන්න පුළුවන් විදියේ යාන්ත්‍රණයකුත් දිනුවට පස්සේ අපේ ප්‍රතිපත්ති රාමුවට ඔවුන් වග වෙන යාන්ත්‍රණයකුත් හදන එක.
    මේ කියන දේවල් හුදෙක් හිතලු හෝ හීන නෙවෙයි. මේවා අමාරුවෙන් හෝ මහ පොළොවේ දිනාගන්න පුළුවන් දේවල්. දිනන්නෙ නැති පක්ෂ වටේට චන්දෙ කාලෙට සෙට් වෙලා බොරු සටන් පාඨ උස්සන් දුවනවට වඩා මේක අමාරු වැඩක් වෙන්න පුළුවන්. ඒත් ඇත්ත අරගලය තියෙන්නෙ මෙතැන. ඒක ෂෝට් කට් නැති, වෙහෙසකර ඒත් අනිවාර්යයෙන් ම දිනන්න පුළුවන් අරගලයක්.
    අපි කැමති වුණත් අකැමැති වුණත් මේ රටේ විකල්පය හදන්න වෙන්නෙත් ප්‍රධාන ධාරාව ඇතුළෙ ම තමයි. මට විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස කියන්නෙ තරුණකම්වලට, රැඩිකල්කම්වලට, හිතුවක්කාරකම්වලට ඉඩ දෙන නායකයෙක් කියලා. මං මෙතන ඉන්න හේතුවත් ඒ විශ්වාසයයි.
    හුඟක් අය අපි ආපහු ගොඩනැගෙන්න ඕනෙ කොහොමද කියලා අදහස් සහ යෝජනා එවනවා. අද හවස මීගමුව ප්‍රධාන පාසලක 11 වසරේ ඉගෙන ගන්න රන්දික කියලා දරුවෙක් මට වැදගත් දෙයක් කියන්න තියනවයි කියලා ෆේස්බුක් එකේ පණිවිඩයක් එවලා තිබුණා. මම දුරකථන අංකය ඉල්ලගෙන කෝල් කරලා බැලුවම එයා කිව්වෙ සමගි තරුණ බලවේගයට ප්‍රයෝජනවත් වෙන නිර්මාණාත්මක අදහස් ගොඩක් එයා ගාව තියනවා කියලයි. මම කිව්වා ඒ අදහස් ටයිප් කරලා මට එවන්න කියලා. පැයක් යන්න කලින් එයා ඒ යෝජනා මාලාව ලියලා පින්තූරයක් අරගෙන මට WhatsApp හරහා එවලා තිබුණා.
    මට මගේ පුංචි කාලෙ මතක් වුණා.
    - රසික ජයකොඩි
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    Uba kohomath male nurse nathnam pharmacist misak ita wada educated ekek nam wenna ba🤣🤣🤣
    Umbe sathutane. Ehema hithan hitahan.
    Eka newei umba kohe hari assaka ekek ne. Colombo nam loweth wenna ba uba hithana widihata. Mokada yamak kamak thiyena kalayak mehe inna un Mora giya kiyala nikan loku talk denne na. Anika umba thama undergraduate.
     
    • Haha
    Reactions: sudu1234

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    NsqL7oK.jpg