උඩම මහල | suite case ekak……

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
උඩම මහල | suite case ekak……


istockphoto_5519698-three-friends.jpg
මේක පිට රටක සිද්ද වෙච්චි කතාවක් කියලයි ආරන්චිය……….
බිල්, ජිම් සහ ජැක් ඉතාම ලගින් ඇසුරු කල මිත්‍රයෝ වූහ. ඔවුන් ‍රැකියාව කලේත් එකම ආයතනයකය. එමනිසා ඔවුන් මහල් 75 කින් යුත් විශාල මහල් නිවාසයක උඩම මහල ( suite ) කුලියට ගත්තේ ඔවුන් තනිකඩයන් වූ නිසාත්, ‍රැකියාවට යාමට තිබූ පහසුව නිසාත් ය. වර්ශ අවසානයේ ආයතනයේ වැඩමුළුවකට සහභාගී වූ තිදෙන, මහල් නිවාසය වෙත පැමිනියේ , බොහෝසේ හෙම්බත් වීය.


නමුත් පහත මාලයේදීම එහි පිලිගැනීමේ නිලධාරිනියගෙන් ඔවුන්ට දැන ගැනීමට හැකි වූයේ , විදුලු සෝපානය ( lift එක/elevator ) ක්‍රියා නොකරන බවයි.
090407_GL_elevatorsTN.jpg

2371-stairs-cartoon.jpg
බොහෝසේ හෙම්බත් වී සිටි මිතුරන් තිදෙනා අසරනව නිළධාරිනියගේ මුහුන දෙස බලා, පියගැට පෙළ වෙත පියනැගුවේ, තිදෙනාටම 75 වන මහල දක්වාම පඩි නැගීම විනා අන් විසදුමක් නැති බව දන්නා නිසයි. හෙම්බත්කමත් , කාර්යයේ ඇති නීරස බාවයත් යන්තමින් හෝ මගහරවාගැනීමසදහා බිල්ගෙන් අගනා අදහසක් ඉදිරිපත්විය.
බිල්: මචන් අපි මෙහෙම කරමු, පල්වෙනි තට්‍ටු 25 වෙනකම් මම උබලට පොඩි විහිළු කතා ටිකක් කියන්නම්. ඊළගට 26 තට්‍ටුවේ ඉදල 50 වෙනක්ම්, මචෝ ජිම් උබට හොදට සින්දු කියන්න පුලුවන්නෙ. උබ සින්දු කියපන්. ඊළගට ජැක් මචන්, 51 තට්‍ටුවෙ ඉදල අපේ ගෙදරට යනකම් උබ දන්න මොන මොනව හරි පොඩි කතා ටිකක් කියපන්.

යෝජනාවට ජිම් සහ ජැක් තරමක් තෘප්තියකට පත් වූයේ, ඔවුන්ටත් වෙන කල හැකි යමක් ගැන සිහියට නො ආ නිසයි.
යෝජනාව අනුව පළමු මහලේදීම ජිම් කාර්ය ඇරබීය. ඔහු ඉතා අගනා හාස්‍ය
Climbing-Stairs.png
උත්පාදකයෙක් බව අනිත් දෙදෙනාටත් වැටහීමට වැඩි කාලයක් ගත නොවීය. තිදෙනාම අපහසුවෙන් වුවත්, සිනාසෙමින් 25 වෙනි තට්‍ටුව දක්වාම පැමිනියේය. ඉන්පසුව කර්්‍ය පැවරුනේ ජිම් ටයි. බිල් කියූ කතාවලින් තරමක් උද්යෝගයට පත්වී සිටි ජිම් තරමක් වේග රිද්ම ගීයකින් තමාගේ කාර්ය ආරම්බ කලේය. ඇගට දැනෙන තෙහෙ‍ටුවත් සමග තිදෙන හැකි අයුරින් අඩි තබමින්, අත් ඔසවමින් යම් නර්තනයකද නිරත වෙමින් 26 වෙනි තට්‍ටුවේ සිට ඉහලට නැගීම ඇරබීය. ඔවුට කෙසේ වතුදු දකින්නෙකුට නම් ඔවුන් පෙනෙන්නට ඇත්තේ බේබද්දන් තිදෙනෙකු ලෙස වන්නට ඇත. කෙසේ වුවත් ඔවුන් 50 වෙනි තට්‍ටුව දක්වාම පැමිනියහ. දැන් ඇත්තේ ජැක් ගේ වාරයයි. ජැක් කටහඩ අවදිකරමින්……….


ජැක්: මචන්, මම දන්න කතාටික ඔක්කොම කියන්නම්. එත් මට උබලට මුලින්ම කියන්න තියෙන්නෙ ටිකක් දුක හිතෙන කතාවක්.

බිල්: කමක් නෑ බං කියපන්………

ජැක්: මචෝ, ගෙදර යතුර කාර් එකේ…………..






තවත් කතා කියවන්න එන්න...........


උපුටා ගත්තේ: Walk on Dew ©
 

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
rep ona na, ban kiyewwanam e hodatama athi.......... rep labuna natha kiyala awlak na ban. enjoys...........:yes: