උඩරට තේ ඉඩම් වනාන්තර බවට ?

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
උඩරට තේ ඉඩම් වනාන්තර බවට ?

සංවහන වැසි ප්‍රමාදවී ඇත්තේ සති කීපයකිනි. ඊසාන දිග මෝසමද සක්‍රියවීම සති කීපයක්‌ ප්‍රමාදවන බව කියවේ. විදුලි බලාගාර විදුලිය සැපයීම ගැන කථාව දැනටමත් ආරම්භ කර ඇත. ඉන්දියාවට විදුලිය දෙන බවට පාරම් බෑ මහවැලි ජලාශ උතුරුමැද ගොවීන්ට ජලය දීමට නොහැකිව අහස දෙස බලා සිටී. ඌව බෑවුමේ බඹරකන්ද, දියළුම දිය ඇලි දැනටමත් කේඩෑරි වී ගොසිනි. උසම දිය ඇල්ල පාමුලට ගියත් හ§යට නොපෙනේ. ඌව ද්‍රශර්යෙන් නැගෙනහිරට සහ දකුණට ගලන ගංගා දැනටමත් පණ අදී. මහවැලි වතුර එනතුරු රජරට වැව්වලට ජීවත්වීමට පුළුවන්දැයි කිසිවකු නොදනී. මධ්‍ය කඳුකරයේ සිට ගලාගිය ප්‍රධාන ගංගා විසි හයේම ජලය ඉතිරිව ඇත්තේ 1/3 පමණි. සති කීපයක වැසි ප්‍රමාදයට මුළු රටම උණුසුම්ව ඇත. තෙත් කලාපයේත් ළිංවල ජලය නැත .රජරට ගැන කතා කිරීමටවත් දෙයක්‌ ඉතිරිව නැත. දැන් යදින්නේ ගංගාවල ජලය නොව බවුසර් පිහිටය.

රටේ ගංගා ඉවුරු පරීක්‌ෂා කිරීමේදී අතීතයේ ගලා ගිය මහා ජලකඳක ලකුණු පෙනේ. ගංගා ජලයෙන් පෑදුණු ගල්කුළු වැසී යන ලෙස දැන් ජලය ගලා බසින්නේ නැත. ගංගාවල අතීත ශ්‍රී විභූතිය දැන් ගලන ගංගාවත් දන්නේ නැත. කාලගුණ වෙනසකින් මහා ගංවතුරක්‌ ආවේ නැතිනම් ගල්කුළු වැසෙන ජලයකින් ගංගාවන් පහස ලබනුයේ අවුරුද්දේ මාස 3ක්‌ පමණ වන මෝසම් කාලයේදී පමණි.

වැසි ජලය රඳවා ක්‍රමක්‍රමයෙන් ජලය නිදහස්‌ කළ මධ්‍ය කඳුකරය නමැති ඉස්‌පොන්ජිය අපට අහිමි වූයේ මෙයට වසර 150 කට පෙර සිටය. එයට පෙර වනාන්තර නොපැවතුණු බිමක්‌ හෝ ජනාවාස පැවති තැනක්‌ වූයේ නම් හෙල්වැටි කුඹුරක ලකුණු තිබිය යුතුම වේ. කඳුකරයේ එසේ නොවන තැනක ජනාවාස තිබුණේ නම් ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේ පමණි. සුද්දන්ගේ ආර්ථික ශ්‍රී විභූතිය වෙනුවෙන් අක්‌කර ලක්‌ෂ 5 ක පමණ වනාන්තර කපා තේ සහ කෝපි වගා කර අපේ ගංගාවන්වලට කුද ගහ ගන්නා ලෙසට කටයුතු යෙදිණි. ඒ දැව යුරෝපයට පටවා මන්දිර තනවා ගත්හ. නිවර්තන කලාපීය රටේ වනාන්තර පැවතිය යුතුම භූමිය තුළ සිංහල හෝ දෙමළ මිනිසුන් ආක්‍රමණය කර ඇත. එසේත් නොමැතිනම් තේ, අර්තාපල්, බෝංචි හෝ එළවළු ආක්‍රමණය කර ඇත. තව වසර 30කින් ගංගා කීපයක්‌ වත් පුරාවිද්‍යා හෝ කෞතුකාගාර දෙපාර්තමේන්තු අත්පත් කර ගන්නවා ඇත. දරුවන්ට ගඟක්‌ පෙන්නීමට ටි්‍රප් එකක්‌ යැමට සිදුවන කාලයක්‌ ළඟදීම එනු ඇත. කොටින්ම වසර 30කින් තත්ත්වය මෙය වේ නම් රටේ ජලය සිඳී යනු ඇත.

සංවහන වැසි ඇද ගැනීමට තරම් ප්‍රබල වනාන්තර පද්ධතියක්‌ අපට දැන් නැත. කුඩා කාලගුණික වෙනසකටත් දැන් අප සිටින්නේ ගංගා එනතුරු පිපුරුණු දෙතොලින් අහස බලාගෙන දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙනය.

ලෝකයේ වසර 30කින් ජල යුද්ධයක්‌ ඇතිවන බව කියවේ. මේ දූපත් රාජ්‍යද මෙයට මුහුණ දිය යුතුද ?
soba1.jpg

ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක්‌ උපයා දුන් තේ කර්මාන්තයට අනාගතයක්‌ තවත් වසර 15කට නොමැති බව ලෝක ආර්ථික දත්තවලට සාපේක්‌ෂව ප්‍රකාශ වේ. දැන් අප ලබන්නේ ඩොලර් බිලියන 1කට මඳක්‌ වැඩි ආදායමකි. එයිනුත් 75% ලබා දෙනුයේ මැදරට සහ පහතරට කුඩා තේ වතු හිමියා විසිනි. උඩරට මහා භූමියක්‌ අල්ලාගෙන සිටින මහා වතු සමාගම් ලබාදෙනුයේ 25% තරම් සොච්චමකි .එනම් ඩොලර් මිලියන 300 කි . ඒ මදිවාට රටම මරාගෙන මැරීමට ග්ලයිපොසේට්‌ ද ඉල්ලා සිටී. මේ විෂ රසායනය තිබුණ කාලයේත් මේ සමාගම් ලාභ ලැබුවේ නැත. දැන් තේ කර්මාන්තයට ධාරිතාව (volume) මත අනාගතයක්‌ නැත. අවශ්‍ය වනුයේ ධාරිතාව අඩුකර වටිනාකම් වැඩි කිරීම පමණි. කුඩා වතු හිමියා මේ කිසිවක්‌ ඉල්ලන්නේ නැත. මහා වතු සමාගම්වලට මේ සොච්චම ලබාදීමට පැජරෝ, ප්‍රාඩෝ, බංගලා, ක්‌ලබ් සියල්ල ඕනෑ වේ. ඒ මදිවාට තේ වගා කරන භූමියෙන් භාගයක්‌ද ඕනෑ වේ. වතු සමාගම් යනු තවත් පළාත් සභා විශේෂයකි. අතීතයේදී කුඩා කොට්‌ඨාසයක දිසාපති තුමා කුඩා කාර්යමණ්‌ඩලයක්‌ සමඟ කළ සංවර්ධනයෙන් කාලක්‌වත් මහා ගොඩනැඟිලි, සේවක සමූහයක්‌, ප්‍රාඩෝ, පැජෙරෝ, වොල්වෝ සමඟ මහා බඩ තඩි මන්ත්‍රී රැලක්‌ සහිත පළාත් සභාවලට සිදුකළ නොහැක. ධනයෙන් 75% ක්‌ උන්ගේ නඩත්තුවට වැය කරන පළාත් සභා සමාන වන්නේ රටේ බෑවුම් සහිත භූමි ප්‍රමාණයක්‌ අල්ලාගෙන සොච්චමක්‌ සැපසේ නිපදවන වතු උඩරට වැවිලි කර්මාන්තයට පමණි. මේ කර්මාන්තයේ ස්‌වරූපය තවදුරටත් මේ ලෙස මේ රටට අවශ්‍ය නැත. වෙනස්‌ කළ යුතු කාලය එළඹ තිබේ.

ලෝකයේ රටවල් ගණනාවක්‌ මෑත කාලයේ වනාන්තර ප්‍රමාණය වැඩිකරගෙන ඇත. අසල්වැසි ඉන්දියාව, කොරියාව, අයර්ලන්තය, කොස්‌ටාරිකාව මේ අතර උදාහරණ වේ. තීරණාත්මක ස්‌ථාන වනාන්තර බවට යළි පත්කිරීමට රටවල් 25ක්‌ පමණ මේ වන විටත් සාර්ථකව පියවර තබමින් සිටී. ආචාර්ය රනිල් සේනානායක වැනි ලෝක මට්‌ටමේ ශ්‍රී ලංකික උගතුන්ද මෙයට දායක වී ඇත. ලංකාවේද තෝරාගත් ස්‌ථානවල එම කටයුත්ත ඔවුන් සාර්ථකව සිදුකරමින් සිටී. එම අත්දැකීම උඩරට කඳුකරයේ වතු සමාගම්වලට අයත් භූමියෙන් 1/3 කටවත් දැන් ආදේශ කර වැඩකට නැති මහා තේ කර්මාන්තයෙන් කොටසක්‌ සේවකයන් අඩු යෑයි කියන තවත් තේ වතුවලට විස්‌ථාපනය කිරීමට සුදුසුම කාලය පැමිණ ඇත. එය කොත්මලේ, වික්‌ටෝරියා, පොල්ගොල්ල, මොරගහකන්ද වැනි ව්‍යාපෘතිවලදී කළ පරිදි ක්‍රියාවලියකි. වැඩි පහසුකම් සහිත විස්‌ථාපනය කිරීමකින් ඩොලර් මිලියන 100ක පමණ දැනට ඇති තේ නිෂ්පාදනය අහිමි වනු ඇති නමුත් සේවක අර්බුද මත පාඩු ලබන වතු ලාභ ලැබීමෙන් එය පියවාගත හැක. ඩොලර් මිලියන 2000ක නිෂ්පාදනය කළ හැකි අහාර ආනයනය කරන රටේ එම මුදල පියවා ගැනීමට ඕනෑ තරම් ක්‍රම ඇත. ජල විදුලි නිෂ්පාදනය සහ කෘෂි නිෂ්පාදනය වැඩි කර ගැනීමට තේ වතු වනාන්තර බවට පත්කිරීමෙන් අනාගතයේදී හැකි වනු ඇති බැවින් උඩරට සියලු මහා වතු වනාන්තර බවට පත්කළත් ආර්ථිකයට වාසියක්‌ මිස අවාසියක්‌ ඇත්තේ ම නැත .

අංශක 35ට වැඩි බැවුම් සහිත උඩරට කඳුකරයේ සියලු ඉඩම් වනාන්තර බවට යළි පත්කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ මූලික කොන්දේසියක්‌ බව පළමු වරට ඉතා නිවැරදිව රෝහණ විෙ-වීර මහතා විසින් 1982 අප්‍රේල් මස 6 වැනි දින සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී කරන ලද යෝජනාව 30 වසරකට පසු හෝ ක්‍රියාත්මක කිරීම කොතරම් වැදගත් දැයි දේශපාලන වාද විවාදවලින් තොරව ඔහුට උපහාරයක්‌ ලෙස මේ මොහොතේ සඳහන් කළ යුතුමය.

අරුණ කාන්ත බණ්‌ඩාර

 

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කියලා කට ගන්න උනෙත් නෑ ජෝන් බාස් වැඩ පටන් අරන් :angry::angry::angry::angry:


රටේ සංවේදී ප්‍රදේශ වනාන්තර, දිය උල්පත් සුරක්‍ෂිත කළ යුතු යෑයි කෑමොර දෙන්නේ මෙවන් දුර්භික්‍ෂ, ඉඩෝර කාලවලදීය. එහෙත් කොතරම් ගිනි රස්‌නයෙන් පරිසරය දැවුණත් පිසාචයෝ, කුම්භාණ්‌ඩයෝ ඉඩම් තණ්‌හාවෙන් දැව තණ්‌හාවෙන්, දඩමස්‌ හෝ කොමිස්‌ කුට්‌ටි පිපාසාවෙන් දත කට විළිස්‌සාගෙන වටිනා පරිසර පද්ධති ගිලගැනීමට බලා සිටිනු පෙනේ. සංවේදී පරිසර පද්ධති රකිනු වෙනුවට උන්ට උවමනා මෙවන් පරිසර පද්ධති 'සල්ලි මැෂින්' තුළට ඔබා අනෙක්‌ පැත්තෙන් "මොනර කොළ" අච්චු ගසා ගැනීමටය. පසුගිය දිනෙක සංචාරක ඇමැති ජෝන් අමරතුංග නුවරඑළියේ අඹේවෙල, පට්‌ටිපොල ප්‍රදේශවල සංවේදී කඳුකර ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිකුත් කරන ලෙස ඉල්ලා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්ට කරන ලද පෙරැත්තය එවන් "කුම්භාණ්‌ඩ" වැඩක්‌ සේ අපි දකින්නෙමු. මෙවන් භීම සමයක වනාන්තර, ගස්‌වැල්, දිය උල්පත්, කඳුකර ඉඩම් තවදුරටත් ආරක්‍ෂා කරගන්න යෑයි ජනතාවට කියන්නට ඉන්නා ජනතා නායකයන් යෑයි කියා ගන්නා කසඩ දේශපාලකයන් රටේ පවතින ආපදා තත්ත්වය තුට්‌ටුවකටත් නොසලකා දිය උල්පත් පෝෂණය කරන සංවේදී ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිකුත් කරන්නට යෑයි කියන්නේ රෙදි ඇඳගෙන දැයි අපට ප්‍රශ්න කරන්නට සිදු වේ.

සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග බරපතළ මේණියාවකින් පෙළෙන්නේ යෑයි අපට කල්පනා කළ හැකිය. ඒ අන් කිසිවකුත් නිසා නොව, ඔහුට සංවේදී, කඳුකර, දිය උල්පත් සහිත ඉඩම් වනාන්තර සංරක්‍ෂණයෙන් උදුරාගෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමේ ආශාවක්‌ මෑතකදී සිට වැළඳී ඇතැයි පෙනෙන්නට ඇති නිසාය. ඊට කදිම උදාහරණ දෙකක්‌ දිය හැකිය.
jon222222.jpg

jon1111.jpg


මෙම අවස්‌ථාවන් දෙකේදීම අමාත්‍ය ජෝන් ක්‍රියාකර ඇත්තේ මෙරටේ වගකිවයුතු ඇමැතිකමක්‌ දරන ජනතාවට වගකිවයුතු ජනතා නියෝජිතයකුගේ ස්‌වරූපයෙන් නොවේ. පරිසර සාධක තුට්‌ටුවකට මායිම් නොකරන හේ පරිසරය දේශගුණය, වනාන්තරය යකාට ගියදෙන් යෑයි කියා අවම තරමින් මෙම පරිසර පද්ධති තම දැසෙන්ම නොබලා ගෙඩිය පිටින් තම හෙංචයියලාට පවරා දීමේ අඳ, ගොළු, බිහිරි, ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමය.

රටේ මෙතෙක්‌ පත්වූ ඇමැතිවරයකු හෝ මන්ත්‍රීවරයකු මෙවන් සංවේදී පරිසර පද්ධති වනසා දමන්නට තරම් නීචයන් වූ අවස්‌ථා අපට අසන්නට ලැබෙන්නේ ඉතා විරලවය. නිදසුනක්‌ සේ ගතහොත් විල්පත්තු උතුරු වනාන්තර විනාශය සිදුකරමින් සියවසේ විශාලතම වන විනාශයට වගකිව යුතු රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා එවන් විරල දේශපාලකයෙකි.
ඉන්පසු වනාන්තර හා පරිසර පද්ධති විනාශයට උඩගෙඩි දෙන දේශපාලනඥයකු ගැන අපට වාර්තා වන්නේ නම් හේ අනිකකු නොව අමාත්‍ය ජෝන් අමරතුංගය. ඔහුගේ මෙම අඹේවෙල, පට්‌ටිපොල වනාන්තර කලාප ඉල්ලීමත්, නකල්ස්‌ අට්‌ටලමෙට්‌ටුව (කොබර්ට්‌ස්‌ගැප්) වනාන්තර නියෝගයත් එවැන්නකි. :angry::angry::angry::angry:

මුලු ලිපියම කියවන්න
 

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.


    අංශක 35ට වැඩි බැවුම් සහිත උඩරට කඳුකරයේ සියලු ඉඩම් වනාන්තර බවට යළි පත්කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ මූලික කොන්දේසියක්‌ බව පළමු වරට ඉතා නිවැරදිව රෝහණ විෙ-වීර මහතා විසින් 1982 අප්‍රේල් මස 6 වැනි දින සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී කරන ලද යෝජනාව 30 වසරකට පසු හෝ ක්‍රියාත්මක කිරීම කොතරම් වැදගත් දැයි දේශපාලන වාද විවාදවලින් තොරව ඔහුට උපහාරයක්‌ ලෙස මේ මොහොතේ සඳහන් කළ යුතුමය.

    අරුණ කාන්ත බණ්‌ඩාර



    Wow
    TFS machan watina lipiyak
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    හෝර්ටන් තැන්නේ ඔය තියන පතන සිරිමාවෝ අල වවන්න එලි කරපුව කියල කතාවක් තියනවා හරියටම දන් නෑ..හැබෙයි තුනී ලෑලි සංස්ථාව ගොඩ දාන්න සිංහරාජය කපන්න ගිය එකනං ඇත්ත..මෙ කියපු දේ වෙනවනං ලොකු දෙයක් හැබැයි ආයේ ගස් වවනවා කියන්නේ ලේසි නෑ තිබ්බ ගැස්ම වවන්න වෙය් නැත්තන් පරිසර පද්දතිය යේ ගොඩ නගෙයිද...මේක වෙනවනං ලොකුම හීනයක් සැබෑ වීමක්..තව නුවරඑලිය වගේ නාගරික පරිසර ව්‍යාප්ත වෙන එක සිමා කරන්න ඕනේ...: