උණුසුම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113


    මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. මෙම නිවේදනයේ සදහන් කර ඇති ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 32 ත් 41 අතර අගයක් වාර්තාවිය හැකිය.

    මේ හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික සහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

    එනිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, උධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙස කාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් ඇදීමට කටයුතු කිරීමත් වාඩාත් සුදුසු බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

    මේ පිළිබද දැඩි අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    – ජනක හදුන්පතිරාජ


    C news
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එන්න අපි තාලෙට විල්පත්තුවෙ ගස් ටිකක් කපමු


    අනේ මන්දා බන් මුන්ට මොළේ නැද්ද කියලා.ඇමසන් ,ඔස්ට්‍රේලියාව ගිණි අරගෙන අක්කර දහස් ගාණක් ගස් විනාශ උනා.රට ඇතුලේ තියෙන ටිකත් කපනවා.