උණ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවෙන්න
උණ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවෙන්න
පසුගිය වසරේදී හා මෙම වසරේදී ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගෙන් 90%ක් මියගොස් ඇත්තේ රෝහලට ඇතුළත්කර පැය 24කට පසුව බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි.
මෙම රෝගීන් රෝහල්ගතකර පැය 24ක් ගතවීමේදී ඩෙංගු කම්පන හෝ රක්තපාත තත්වය ඇතිවීම මෙයට හේතුව වී තිබේ.
මේ අනුව ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවන මරණ අවම කරගැනීම සඳහා මේ දිනවල දින දෙකකට වඩා වැඩි කාලයක් පවතින උණක් වෙතොත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
පසුගිය වසරේදී (2011) ඩෙංගු රෝගයෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී වන අතර මෙම වසරේදී (2012) ඩෙංගු රෝගයෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී බවට අනාවරණය වී ඇත.