උතුරු කුරු දිවයින

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උතුරු කුරු දිවයින

    427969_416803131748640_1878996071_n.jpg

    පුණ්‍ය බලයෙන් අපිව ඉක්මවා යන පිරිසක් මෙහි වාසය කර බව කියවේ.ආයුෂ වසර 1000කි.සියලුදෙනාම අනිවාර්යෙන්ම වසර 1000ක ආයු කාලය සපුරා මිය යයි.මෙම භූමි ප්‍රදේශය දැක ගැනීමට හැකියාව තිබෙන්නේ දියුණු කල මනසක් සහිත යෝගීන් ආදින්ට පමණි.

    මේ විස්තර ටික හම්බ වුනේ නෙට් එකේ සර්ච් කරද්දී.



    අනෝතත්ත විල හා මානස විල තිබ්බතයෙන් හමුවෙයි !​

    d7-5.jpg

    එක්‌තරා කාලයක ආසියා මහාද්වීපයට අයත් කිසියම් රටක කිසියම් නගරයක්‌ විය. ඒ නගරයේ වැසියන්ට කවදාවත් පිළිකාවක්‌ හෝ හෘදයාබාධයක්‌ ඇති වුණේ නැත. එසේම ඒ නගරයේ සිටින තාක්‌කල් ඒ වැසියන් මළේද නැත. නගරයෙන් පිටවී වෙනත් නගරවලට ගිය සැනින් ඒ මිනිසුන් ලෙඩ වී, හම ඇකිලී, කෙස්‌ සුදු වී වියපත් වී මළහ. ඒ මළ සිරුරු පරීක්‍ෂා කළ එකල සිටි උගත්තු, වෛද්‍යවරු සහ කාය ව්‍යවච්ඡේදන විශේෂඥයන් කීවේ මියගිය මිනිහා අඩුම ගණනේ අවුරුදු තුන්හාර දහසක්‌වත් වියපත් වූ මිනිහකු බවයි. ඔවුන් ආවේ කවර නගරයක සිට දැයි ඔවුහු නොදත්හ. එහෙත් මෙය කියවන ඔබ ඒ නගරයේ නම දැන ගත යුතුය. ඒ නම ෂංග්රි - ලා (Shangri - La) ය.

    ලෝක ඉතිහාසයෙන් අතුරුදන් වූ ඉතා දියුණු නගර කිහිපයක්‌ තිබේ. ග්‍රීසියේ ට්‍රෝයි නගරය (Tory) එකකි. අත්ලාන්තිස්‌ (Atlantis) තව එකකි. ලතින් ඇමරිකාව කිට්‌ටුව එල් ඩොරාඩෝ (Eldorado) නමැති නගරයක්‌ තිබී අතුරුදන් විය. එල්ඩොරාඩෝවේ වැසියන් ආහාර පිණිස හැර අන් හැම දේකටම රත්රන් පාවිච්චි කළහ. ලෝකයේ රන් ලෝහය ඉතාම බහුල ලෙස තම වැඩ කටයුතුවලට යොදාගත් ජාතිය වන්නේ ඔවුන්ය. Troy නගරයේ නටබුන් නටබුන් දැන් හමු වී තිබේ. අත්ලාන්තිස්‌ ගැන විවිධ පුරාවෘත්ත ඇති අතර එය ග්‍රීසිය හෝ ඉතාලිය ආසන්නයේ පිහිටි දූපතක්‌ බවත් එහි වැසියන් නෞකා තාක්‍ෂණය සහ සාගර තරණය ගැන සියලු රහස්‌ දත් බවත් පසු කාලයේදී මේ දූපත පාරිසරික හේතුවක්‌ මත මහ මුහුදට ගිලා බට බවටත් මතයක්‌ පවතී. දැන් ප්‍රශ්නය වන්නේ මේ අබිරහස්‌ ශිෂ්ටාචාරයන් අතුරින් වඩාත්ම වැදගත් ශිෂ්ටාචාරය හෙවත් මිනිසුන් නොමැරෙන මිනිසුන්ට ලෙඩ නොහැදෙන ශිෂ්ටාචාරය හෙවත් ෂංග්‍රිලා නගර ශිෂ්ටාචාරය තිබූ භූමිය කුමක්‌ද යන්නයි.


    d7-1.jpg

    තිබ්බතයේ පැරැණි පත පොතෙහි සඳහන් වන අන්දමට ෂංග්‍රිලා කියන්නේ උස කන්දට ය. එසේම මෙයට වසර දහස්‌ ගණනකට පෙර මේ නගරය ෂම්භාලා (Shambhala) ලෙස හඳුන්වන ලද බව ද තිබ්බත පොත පත කියයි. එහෙත් මේ භූමිය තිබූ තැන හරියටම තවමත් සොයාගෙන නැත. එහෙත් ඒ භූමිය බවට සැක කෙරෙන, එම භූමියට ආවේණික ලක්‍ෂණවල නටබුන් සහිත ප්‍රදේශ කිහිපයක්‌ තිබ්බතයෙනුත් ඒ අවටිනුත් සොයා ගෙන තිබේ. ෂංග්‍රිලා /ෂම්භාලා භූමිය තවදුරටත් රහස්‌ නගරයක්‌ ලෙස පවතින බවටට ද මතයක්‌ තිබේ. හිමාලයේ මහ කඳු මැද හෝ එම කඳු යටින් ඇති විශාල භූමියක අති එම ශිෂ්ටාචාරයේ වැසියන් ගණන ඉතා ස්‌වල්පයක්‌ විය හැකි බවත් ඔවුන් භාවනානුයෝගීව අධ්‍යාත්මික දිවි පෙවෙත් ගත කරන බවත් කියනු ලැබේ. මේ කියන්නේ හිමාල අඩවියේ තවමත් සිටින්නේ යෑයි කියන සෘෂිවරුන්ගේ ගම්මානයක්‌ ද? තිබ්බතයේ වෙසෙන බෞද්ධයන්ගේ අදහස වන්නේ ෂංග්‍රිලා/ ශම්භාලා වෙත යන ගමන හිම කාන්තාර, කඳු සහ විශාල ජලාශ මැදින් වැටී ඇති බවය. ඒ ගමනේදී ඔවුන් දරන ඉවැසීම හා සද්භාවය මත ෂංග්‍රිලාව හමු වෙතැයි විශ්වාස කෙරේ. තිබ්බතයේ නොතිබෙන්නේ නම් මේ නගරය උත්තර ධ්‍රැවයේ හිම කඳු අතර තිබිය හැකි බවටද මතයක්‌ ඇත.

    d7-3.jpg

    ක්‍රි. පූ. 400 දී ලියන ලද මහා භාරතයේ එන උතුරුකුරු දිවයින ද ෂංග්‍රිලා නගරය ලෙස සලකන පුරා විද්‍යාඥයෝ සිටිති. ඉන්දියානු අර්ධද්වීපයට අයත් උතුරු කුරු දිවයින සියලු හින්දු දේව කතාවල එයි. 'මානස විල' මේ දිවයිනට අයත් ය. මානස විල අදටත් තිsබ්බතයේ ලාසා අගනුවරට කිලෝ මීටර් 940 ක්‌ ඈතින් පිහිටා ඇත. වර්ග සැතපුම් 160 ක්‌ විශාල අඩි 300 ගැඹුරු මේ විල නිසල විලකි. විල් තෙරෙහි තිබ්බත බෞද්ධ භාවනා ආශ්‍රම කිහිපයක්‌ තිබේ. හින්දු ආගමේ හැටියට මානස විලෙන් ජලය පාලන කරන්නා මරණින් පසු ශිව දෙවියන් වෙත ගොස්‌ උන්වහන්සේ සමඟ එක්‌වෙයි. තිබ්බතයේ හිමාල කඳු කොටසට අයත් අති පූජනීය වූ කෛලාස කූඨය හා සමාන පාරිශුද්ධ වස්‌තුවකි මානස විල. මානස විල හා කෛලාස කූඨය පිහිටා ඇත්තේ එක උසය. සමහර ඉතිහාසඥයන්ගේ මතය වී ඇත්තේ මානස විල සහ අනවත්ත්ත විල යන දෙකම එකක්‌ බවය. හින්දු සමයේදී මානස විල බුදු සමයේදී අනවතත්ත විල බව ඔවුන්ගේ මතයයි. කෙසේ වුවද අප නැවතත් යන්නේ මානස විල අයත් වන්නේ ෂංග්‍රිලා හෙවත් ෂම්භාලා විල පිහිටි ප්‍රදේශයට ය යන තර්කයටය. එසේ නම් මේ අද්භූත පුරවරය පිහිටා තිබෙන්නේ තිබ්බතයේ ය.

    d7-2.jpg

    හින්දු ආගමට අයත් කාල චක්‍ර නමැති ලියෑවිල්ලක්‌ තිබේ. ශම්භාලා භූමිය එහි අර්ථ දැක්‌වෙන්නේ භෞතිකව පවත්නා පුරවරයක්‌ ලෙස නොව ගුප්ත ලෝකය තුළ ඇති ඇසට නොපෙනන පුරවරයක්‌ ලෙසය. මනුෂ්‍යයාට අනාගතයේදී වුවමනා වන අධ්‍යාත්මික ප්‍රතිසංවිධානය සඳහා වූ උපදෙස්‌ ෂංග්‍රිලා හෙවත් ශම්භාලා දිවයිනේ තැන්පත් කර ඇති බව විශ්වාස කෙරේ¾ බුදුරජාණන් වහන්සේ විසින් කාල චක්‍ර ලියෑවිල්ල ෂම්භාලා පුරයේ රජවරුන්ට දුන්බවත්, ඔවුන් වසර 100 ක්‌ තිස්‌සේ එය තබාගෙන සිටි බවත් කියනු ලැබේ. ක්‍රි. පූ. 966 දී පමණ කාල චක්‍ර කෘතිය සාමාන්‍ය මනුෂ්‍යයන් අතට පත්ව තිබේ. මෙහිදී බුදුන් වහන්සේ වැඩ විසූ කාලය ගැන මතභේදයක්‌ පැන නගී. උන්වහන්සේ කාල චක්‍රය ෂම්භාලා රජවරුන්ට දී ඇත්තේ ක්‍රි. වර්ශයට වසර 1066 කට පෙරය. එහෙත් සිද්ධාර්ථ ගෞතම උත්පත්තිය සිදු වූයේ ක්‍රි. පූර්ව හයසිය ගණන්වලදී ය.


    d7-4.jpg

    ෂංග්‍රීලා / ෂම්භාලා නගරය සෙවීම සඳහා අක්‌බාර් නමැති මෝගල් රජතුමා මහත් සේ උනන්දු විය. ක්‍රි. ව. 1500 දී විවිධ විද්වතුන් සහ බුද්ධිමතුන් සිය රාජ සභාවට කැඳවා ඔවුන් සමඟ සංවාදවල නිරත වීම අක්‌බාර් රජතුමාගේ සිරිත විය. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් හා කලාකරුවන් රැස්‌ කර ඔවුන් අතර අදහස්‌ හුවමාරු වීම් ඇති කර ගැනීමට ද ඔහු පහසුකම් සැලසීය. ඉස්‌ලාමීය බුද්ධිමතුන්, බෞද්ධ භික්‍ෂුන්, හින්දු පුජකයන් සහ කතෝලික පූජකයන් මේ රාජය සභාවට නිතර පැමිණියහ. මේ අතර රාජ සභාවේදී තමන් ඇසූ විස්‌තර සමූහයක්‌ අලලා ක්‍රිස්‌තියානි ඡේසුයිට්‌ නිකායේ පූජකයෙක්‌ විස්‌තරයක්‌ සකස්‌ කළේය. එම විස්‌තරයට සාපේක්‍ෂ සිතියමක්‌ ද සකස්‌ කළේය. මෙතෙක්‌ පිටස්‌තර ලෝකය නොගිය තැනක්‌ මේ සිතියමෙහි විය. ඒ වූ කලී තිබ්බතයේ මානස විලයි. මේ විල අවට ක්‍රිස්‌තියානින් වාසය කරන බව පූජකයාගේ මතය විය.

    මේ පූජකයාගේ ප්‍රධාන ගෝලයා වූ අන්තෝනියෝ අන්ද්‍රෝ නමැති පූජකයා පසු කාලයේදී තවත් පිරිසක්‌ සමඟ මේ විල සෙවීම සඳහා ගමන් ඇරඹිය. තිබ්බතයට ගිය ඔහුට ඉතා සශ්‍රීක රාජධානියක්‌ හමු වූ නමුදු එහි කතෝලිකයන් සිටියේ නැත. 1926 දී අන්ද්‍රෝ පූජකතුමා 'තිබ්බතය සොයා ගැනීම' නමැති පොත ලිවීය. මේ පොත කියවූ ඡේස්‌ම් හිලිටන් නමැති ලේඛකයා 1933 දී 'නැති වුණු ක්‍ෂතිජය' නමැති නවකතාව ලියා ලෝක පූජිත විය. අන්ද්‍රෝ පූජකතුමා සොයා ගත්තේ නියම මානසවිල නොව ඒ හා සමාන වෙනත් විලක්‌ සහ කඳු පන්තියක්‌ යෑයි ද මතයක්‌ තිබේ. කෙසේ වුවද මේ වන විට සැබෑ මානස විල හමු වී ඇත.


    d7-6.jpg

    කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ සමඟ පරම විඥානාර්ථ සමාගමේ කටයුතු කළ හෙලේනා පෙට්‌රොව්නා බ්ලැවැට්‌ස්‌කි (1831 - 1891) අධි මානසික බලය තිබූ කාන්තාවකි. ඇගේ අදහස වූයේ ෂංග්‍රිලා/ ෂම්භාලා පුරය චීනයේ ගෝබි කාන්තාරය ආශ්‍රිතව පිහිටි බවය. මේ කාන්තාරය චීනය සහ මොංගෝලියාව හරහා තිබ්බතය තෙක්‌ පැතිර ඇත. එක්‌තරා කාලයක මේ කාන්තාරය මැද සශ්‍රික නගරයක්‌ වූ බව ද එය ෂංග්‍රිලා පුරය බව ද බ්ලෙවැට්‌ස්‌කි මැතිනිය කියයි.

    තිබ්තය පිළිබඳ විශේෂඥයකු වුවද, සංචාරකයකු හා ගවේෂකයකු වූද, හංගේරියානු ජාතික කොස්‌මාඩි කොරොස්‌, බ්ලොවට්‌ස්‌කි මැතිනියට දශක කිහිපයකට කලින් ජීවත් වූවෙකි. පළමුවන තිබ්බත ශබ්දකෝෂය ලියූ ඔහු ඒ සඳහා තිබ්බතයේ යංග්ලා (Yangla) ආශ්‍රමයේ නැවතී සිටියේය. එහිදී ෂම්භාලා නමැති පෞරාණික නගරයක්‌ ගැන ලිඛිත විස්‌තර ඔහුට හමු විය.

    මේ විස්‌තරවලට අනුව ෂංග්‍රිලා නගරය පිහිටා ඇත්තේ මොංගෝලියාව සහ චීනය අතර දේශ සීමාවේ අල්තායි (Altai) කඳුකරයේ බව කොස්‌මා ඩි කොරොස්‌ විශ්වාස කළේය. මෙය ගොඩබිමින් ළඟා විය නොහැකි තරමට දුෂ්කර තැනකි. ගංගා, විල්, ජලාශ වනගහන ඇතුළු සියලු ස්‌වභාවික සම්පත් එහි විය.මේ කඳුකරයේ බෙලුකා නමැති කන්දක්‌ තිබේ. ෂංග්‍රිලා /ෂම්භාලා නගරයට ඇතුළුවන විවරය ඇත්තේ බෙලුකා කන්දේ බවට චීන ජනප්‍රවාදයක්‌ ඇත. බෙලුකා ශිඛරය හා අවට ප්‍රදේශය පෘථිවියේ අන් පෙදෙස්‌වල නැති භෞතික බලවේග ඇති තැනක්‌ බවට විශ්වාස කෙරේ. මෙහි ගුරුත්ත්වය පවා වැඩිය.

    ෂංග්‍රිලා/ ෂම්භාලා පුරය පිළිබඳ ඊළඟ මතය වන්නේ එය හිමාල කඳුකරයේ හුන්සා (Hun'a) නිම්නයේ පිහිටි බවය. එය මුහුදු මට්‌ටමින් අඩි 1000 ක්‌ උසින් පිහිටි සාරවත් නිම්නයකි. මෙහි බුරුෂො (Burusho) නමැති ජන කොටසක්‌ ද සිටිති. 1970 දී බුරුෂො වැසියකුගේ අවම ආයු කාලය අවුරුදු 90 කි. උපරිමය අවුරුදු 140 කි.



    අනුර සොලමන්ස්‌

    උපුටා ගැනීම:divaina.com



    අද අපි සූදානම් වෙන්නේ සංයුත්ත නිකායේ රාජ සූත්‍රය ඇසුරෙන් දහම් කරුණු ටිකක් ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා, සක්විති රජ කෙනෙක් ඉන්නවා, සතර මහා දිවයින ජයගෙන. සතර මහා දිවයින කියන්නේ මේ ලෝකේ තියෙනවා, දිවයින් හතරක්. මේ උතුරුකුරු දිවයිනේ තියෙනවා. ඒ දිවයිනේ මම මගේ කියන මමායනය නෑ. අපිට මොකක් හරි දෙයක් හම්බ වුනොත් ඒක කාගෙද? මගේ. ඊට පස්සේ ඒක අල්ලන්න දෙන්නේ නෑ කාටවත්. ඊලගට පොල් පැල ටිකක් ඉන්දගත්තොත් මගේ. ඊට පස්සේ බලනවා කවද්ද ගෙඩි එන්නේ, කවුරු හරි කඩයිද? ඒ වගේ අපි හැම දේටම මම මගේ කියලා ඇලෙනවා. බැඳෙනවා. ඊට පස්සේ මේ මමත්වය කියන එක උතුරුකුරු දිවයිනේ නෑ,සතර අපායෙන් මුදවන සතර ධර්මයන්

    උපුටා ගැනීම:shraddha.lk





    අහලා තියනවා නෙව ආලකමන්දාව ගැන. ඔය කයි , සිංදු වල කියවෙන්නෙ. ආලකමන්දාව කියන්නෙ බොදු සාහිත්‍යයේ එන උතුරුකුරු දිවයිනේ අග නුවරයි.උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්‍ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති(හෙහ්..හෙහ්..)

    මෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති. මෙහි යකුන් ද පුදුම ය. සියලු යකුන් වෛශ්‍රවණ යක්‍ෂ රාජයාගේ පිරිවර වන අතර “ගාවිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝ දිසං” යන ක්‍රමයට යක්කු එළදෙනුන්ගේ පිට නැග දිසාවෙන් දිසාවට යති. සමහරු ස්ත්‍රියක ගේ කර නැගයති. තවත් සමහර විටක කුමරියකගේ කර නැග යති. යකුන්ගේ වාහන ඒවා ය. ( මේ විස්තරය මං මං ලියපු එකක් නෙමෙයි, අර 'හෙහ්..හෙහ්' නං මගේ)


    උපුටා ගැනීම:frozenlazyowl.blogspot.com








    උතුරුකුරු දිවයින,පූර්ව විදේහය,අපරගෝයානය,ජබ්බුද්වීපය

    http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD049-04
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බුදු දහම තුල උතුරු කුරු දිවයින යන වචනය නිතර භාවිතා වන්නක්. බුදු හිමියන්ගෙ සිරිපගුලේ මගුල් ලකුණු 108ක් දැක්වෙනවනෙ. ඒ මගල් ලකුණු අතර තියෙන මේ කාරණා බලන්න.

    29) ජම්බුද්දීප
    30) පුර්ව විදේහ දිවයින
    31) පශ්චිම දිවයින
    32) උතුරු කුරු දිවයින

    මේ බලන්න. බුදු සිරිපතුල තුල මේ පිළිබද යම් සටහනක් පවා තාබෙනව කියන්නෙ මෙහි ඉතාම වැදගත් බවක් තියෙනවයි කියන කාරණේ නේද?
    මේ බලන්න සද්ධර්ම රත්නාවලියෙ තැනක මේ අයුරින් සදහන් වෙනව. “ඉක්බිත්තෙන් බුදුහු දෙවි පිරිස් මැද වැඩ හිඳ මෑණියන්දෑ මුන් ව වීදම් පිටක යදෙසනට පටන් ගත් සේක. මෙ සේ මිනිස් ලොව ආයු ගණනින් තුන් මසක් විතර හා දෙව් ලොව ආයු ගණ නින් මස් විතරට ත් දවස් විතරට ත් පෑ විතරට ත් මද හෙයින් නව විනාඩි ගාවක් විතර හිඳ බණ දෙසන සේක් හිඟා වඩනා වේලේ දී තුන් මසට අනු වාරයක් සිඟා වැඩිය මනා හෙයින් තව් තිසා දෙව් ‍ලොවින් නව විනාඩි ගාවට ම අනූ විටක් සිඟා ගිය කලට සිස් ව තිබීම ඉතා අනුචිත හෙයින් ‘මා වළඳා ලා එන තෙක් බණ කියත්ව යි අනික් බුදු කෙණකුන් වහන්සේ මවා ලා තමන් වහන් සේ හිම වතට ගොසින් නාලිය දැවිටි වළඳා ලා එන තෙක් බණ කියත්ව යි අනික් බුදු කෙණකුන් වහන්සේ මවා ලා තමන් වහන්සේ හිම මතට ගොසින් නාලිය දැවිටි වළඳා පැරහුව මැනවැ’යි නැති හෙයින් අනවතප්ත විලින් කට සෝධා උතුරු කුරු දිවයින සිඟා බත් ගෙනවුත් මහ විසල් මළුයෙහි හිඳ වළඳන සේක.” මෙයිනුත් උතුරු කුරු දිවයින ගැන සදහන් වෙනව.

    ඊලගට ලෝකොපකාරය ගත්තම මෙන්න මෙහෙම දැක්වෙනව 103 වැනි කවියේ.
    හැම සැපම ඇතිතැන් – මුළු ලොවමනැති නැණින් බැලුවත්
    කප්තුර පවා ඇති – උතුරු කුරු දිව යකුන් බියවේ.

    පදාර්ථ:- හැම සැපම – සියඵ සැපත් ම, ඇති තැන් – ඇත්තාවූ ස්ථාන, නුවණින් බැලුවත් – බුද්ධියෙන් බැලුවත්, මුළු ලොවම නැති – මුළු ලෝකයේම නැත්තේය, කප් තුර පවා ඇති – කල්ප වෘක්ෂය පවා ඇති, උතුරු කුරු දිව – උතුරු කුරු දිවයින, යකුන් – යකුන්ගෙන්, බියවේ – බිය ඇති වේ.

    භාවය:- සියලු සැපක් ඇති තැනක් මුළු ලොවම නැත. කල්ප වෘක්ෂය ඇත් උතුරු කුරු දිවයිනෙහි යක්ෂ භය ඇති වේ.

    ඊලගට බුදුගුණ අලංකාරයෙ මෙන්න මෙහෙම දැක්වෙනව තිස් දෙවෙනි කවියෙ.

    එව කව බොරු කියන
    තෙපුලෙන් පිරුණු ඇම තැන
    උතුරු කුරු දිවයින
    වැන්න ඉසුරෙන් එපුර හැම තැන

    ඊලගට පූජාවලිය-ජීවකාරාම පූජා කථා කියන කොටසෙ මෙන්න මෙහෙම දැක්වෙනව.

    එ වෙලෙහි බිම්බිසාර රජ්ජුරුවෝ ස “ අද විරෙචන දිවයෙහි මාගේ බුදුහු කෙසේ වු භොජනයක් වළඳනා සේක් දෝ හෝ” යි තමන්ට පිසු රාජභොජනයෙන් නිමන්ත්‍රහණය කෙරෙමි යි සිතා වෙහෙරට ගොස් බුදුන් ළග සිටියාහු එ බත් පාත්රමයෙහි පිධාන ය හැරිම හා සමඟම සියලු වෙහෙර ආරාමයෙහි සුවඳ අමා බස්නට පටන්ගත් කල රජ්ජුරුවෝ විසමයපත්ව මුගලන් මහනෙරුන් වහන්සේ මුහුණ බලා “ සවාමිනි ! මේ මිනිස් ලොව බ තෙක් නො වෙයි , ශක්ර භවනයට වැඩිසේක් ද, නොහෙ‍ාත් උතුරුකුරු දිවයිනට වැඩිසේක්ද” යි විචාරා තමන්ගේ රාජභොජන ය බුදුන් වළඳාවම් යි අවුත් බුදුන්ට උපන්ි භොජනයෙහි තෘෂ්ණා බැන්දහ.

    බුදුහු රජ්ජුරුවන්ගේ අදහස් දැන “ මහරජ දිව්‍ය භොජන යෙකු ත් නො වෙයි , උතුරුකුරු දිවයිනෙන් ගෙනා බතෙකුත් නො වෙයි. මනුෂ්යු භොජනයෙක් ම ය. තොපගේ චම්පා නම් නුවරට . තොපට ම මෙ වක සේවක වු සෝණසිටාණන් දවස් පතා අනුභව කරන බත්” වේ දැ යි වදාරා .. … … ආදී ලෙස දැක්වෙනව.

    ඊලගට මේ උතුරු කුරු දිවයිනේ අගනුවර ආලකමන්දාව කියලත් කියවෙනව.

    ඉතින් යාලුවනේ මේ උතුරුකුරු දිවයිනත් අපට පෙනෙන දෙයක් කියල විශ්වාස කරන්න අමාරුයි. ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ දෙයක් කියල තමයි හිතන්න වෙන්නෙ. කෙහොම නමුත් මේ උතුරුකුරු දිවයින් ගැන වැඩි වශයෙන්ම සදහන් වෙන්නෙ ආටානාටිය සූත්‍ර දේශනාව තුලයි. ඉතින් ආටානාටිය මම විස්තර කරනවට වඩා එහි සිංහල තේරුම එහෙම පිටින්ම දමන එක හොදයි කියල හිතුන. බලන්නකො ඔයාලම උතුරු කුරු දිවයින මොන වගේද කියල.

    32. ආටානාටිය සූත්‍රය

    1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද, සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.

    2. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූ හෝ සතුටු වූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝ ද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝ ද පහත් යක්‍ෂයෝ ද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හා ප්‍රමාදයට කාරණා වූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූ ද ගම් සීමාව ඉක්ම වූ වන සේනාසන වූ ද (කැලෑවෙහි) ඉතා දුර වූ ද නිශ්ශබ්ද වූ ද කලබල නැත්තා වූ ද මිනිසුන්ගෙන් තොර වූ සුලභ ඇත්තා වූ ද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ ද හිත එකඟකර ගැනීමට සුදුසු වූ ද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති.´´

    3. ඒ තන්හී නිතර වාසය කරන්නා වූ මහා බලසම්පන්න වූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහු ද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණියන්ගේ ද උපාසකවරුන්ගේ ද උපාසිකාවන්ගේ ද පාලනය පිණිස ද ආරක්‍ෂාව පිණිස ද, වෙහෙස නොවන පිණිස ද පහසු හැසිරීම පිණිස ද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම් වූ) පිරිත පිළිගත මැනව´´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.

    ´´පසැස් ඇත්තා වූ, ශෝභාමත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට ද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වූ සිඛී නම් සර්වඥයන් වහන්සේට ද කෙලෙස් විනාශ කලා වූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට ද මාරයන් යටත් කලා වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට ද සියලු පව් අහක් කලා වූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කෝනාගමන නම් සර්වඥයන් වහන්සේට ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට ද ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට ද නමස්කාර වේවා.´´

    4. ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිණියහ. භය නැති කලහ. (උන්වහන්සේට නමස්කාර වේවා.)

    ´´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්ත වූ මහත් බවට පැමිණියා වූ භය නැතිකලා වූ දෙව් මිනිසුන්ට හිත වූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේට ද නමස්කාර වේවා.´´

    5. ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.

    ´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

    ´´ඔව්හු ද මහත් බවට පැමිණියා වූ විශාරද වූ බුද්ධ නම් වූ ආදිච්ච බන්ධු නම් වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.

    ´´දක්‍ෂ වූ සර්වඥතා ඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුශ්‍යයෝ ද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.

    ´´ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්ත වූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).

    6. ´´යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´

    ´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

    ´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

    7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´

    ´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

    ´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

    8. ´´යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.

    ´´ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භුමියෙහි හටගෙන පැසුනා වූ ඇල් සාල් බත් අනුභව කරත්.´´

    ´´කුඩු නැත්තා වූ ද පොතු නැත්තා වූ ද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.

    ´´ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.´´

    ´´ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.´´

    ´´ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද, ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ.´´

    ´´ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය.´´

    උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානිය ද වන්නාහුය.

    ´´නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක් ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.

    ´´වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නා වූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.

    යමකින් ජලය ගෙන වර්ෂාව වසී ද, වර්ෂාව යමකින් පැතිරේ ද, ඒ රාජධානියෙහි වූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.

    ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තා වූ ද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනා වූ ද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින් ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.

    ´´තව ද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝ ද, වන කුකුළෝ ද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝ ද, තල් රෙහෙරු ද හැසිරෙන්නාහ.´´

    ´´මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහු ද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබළන්නීය.´´

    ´´යස පිරිවර ඇත්තා වූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාව යයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය.´´

    යක්‍ෂයන්ට අධිපති වූ කුවෙර යන නමක් ඇත්තා වූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.

    ´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

    9. ´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ට ද, භික්‍ෂුනියන්ට ද, උපසකවරුන්ට ද, උපසිකාවරුන්ට ද ආරක්‍ෂාව පිණිස ද සැපසේ විසීම පිණිස ද නොවෙහෙසීම පිණිස ද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දී ද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දී ද, ඉදින් යම් අමනුෂ්‍ය වූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම් වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම් වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්නට ද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකු ද කරන්නාහුය. නිදුකාණන් වහන්ස, තව ද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් ද මුනින් නමන්නාහුය. තව ද ඔහුගේ හිස ද සත් කඩක් කොට පළන්නාහුය.´´

    9. ´´නිදුකාණන් වහන්ස, රෞද්‍ර වූ නපුරු ගති ඇති එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ ද, සතරවරම් මහරජ දරුවන්ගේ ද, අමාත්‍යයන්ගේ ද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ ද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.´´

    ´´නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.´´

    ´´නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමඟ (පසුපස්සේ) යන්නේ හෝ වේ ද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේ ද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේ ද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂ වූ යක්‍ෂ සේනාවට අධිපති වූ එහෙයින්ම මහා සේනාපති වූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ඝෝෂා කොට දැන්විය යුතුය. ශබ්ද නඟා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?´´

    ´´ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය.´´

    ´´පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තීයය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය.´´

    ´´ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහු ද) තව ද, මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.´´

    ´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේ ද භික්‍ෂුණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, (යක්‍ෂොපද්‍රව වලින්) නොවෙහෙසීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද පවත්නේය.´´

    ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැඟිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.

    ඒ (අනිකුත්) යක්‍ෂයෝ ද, උන් ආසන වලින නැඟිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය, සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.

    (පළමුවන මණවර නිමි.)

    10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේ ද එසේම භික්‍ෂූන්ට ද වදාළ සේක.

    ´´මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේ ද භික්‍ෂණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, පීඩානොවීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද වන්නේය´´යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තා වූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

    තිස්දෙවෙනි වූ ආටානාටිය සූත්‍රය නිමියේය.

    (බෞද්ධයා පිටුවෙන් උපුටා ගන්න ලදී .)



    උපුටා ගැනීම:rightmindfulness.wordpress.com
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ෂංග්‍රිලා /ෂම්භාලා නගරයට ඇතුළුවන විවරය ඇත්තේ බෙලුකා කන්දේ බවට චීන ජනප්‍රවාදයක්‌ ඇත. බෙලුකා ශිඛරය හා අවට ප්‍රදේශය පෘථිවියේ අන් පෙදෙස්‌වල නැති භෞතික බලවේග ඇති තැනක්‌ බවට විශ්වාස කෙරේ. මෙහි ගුරුත්ත්වය පවා වැඩිය.


    Belukha is the highest peak of Siberia. it is located in the Russia-Kazhakaztan boarder