උතුරු කොරියානු හමුදා ශක්තිය : කෙටි වාර්තා&#352

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උතුරු කොරියානු හමුදා ශක්තිය : කෙටි වාර්තා&#352

    උතුරු කොරියානු හමුදා ශක්තිය : කෙටි වාර්තාවක්




    North Korean Air Defense Systems
    උතුරු කොරියානු ගුවන් සීමාව ලොව වඩාත්ම ආරක්ශිත විධිවිධාන යොදන ලද ගුවන් සීමාව ලෙස සැළකේ. සතුරු යානා හඳුනාගන්නා රේඩාර් පද්ධති සෑම ගමකම හා නගරයකම පිහිටුවා ඇති අතර දහස්ගණන් සෙබළුන් දිවා රෑ මෙම රේඩාර් තිර නිරීක්ශණය කරමින් සිටී. එමෙන්ම උතුරු කොරියාව සතුව 15000කට අධික උරහිස මත තබාගෙන විදින ගුවන් යානා නාශක මිසයිල පද්ධති සංඛ්‍යාවක් ඇත.

    අමෙරිකානු වාර්තා අනුව සියලුම උතුරු කොරියානු රේඩාර් හා ගුවන්යානා නාශක මිසයිල පද්ධති ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන ශක්තිමත් බංකර තුල ස්ථානගත කොට ඇති අත උතුරු කොරියානු ගුවන් හමුදාවේ සියළුම යානා සඳහාද බෝම්බ ප්‍රහාරවලට ඔරොත්තු දෙන හැඟර සපයා ඇත. එමෙන්ම උතුරු කොරියාව සතුව විශාල භූගත ගුවන් කඳවුරු දෙකක්ද ඇතැයි සැළකේ. මේ අනුව උතුරු කොරියාව විදේශ ආක්‍රමණයක් සිදු කිරීම ඉතාමත් අපහසු රට ලෙස සැළකේ.

    Korean People's Army

    Korean People's Army හෙවත් කොරියානු ජනතා යුධහමුදාව ලෙස හැඳින්වෙන උතුරු කොරියානු යුධ යන්ත්‍රය කොටස් කිහිපයකට බෙදා පරිපාළණය කරනු ලැබේ.

    1. කොරියානු ජනතා ගොඩබිම් හමුදාව (Korean People's Army Ground Force)
    2. කොරියානු ජනතා නාවික හමුදාව (Korean People's Navy)
    3. කොරියානු ජනතා ගුවන් හමුදාව (Korean People's Air Force)
    4. උපායමාර්ගික රොකට් බළකාය (Strategic Rocket Forces)
    5. උතුරු කොරියානු විශේෂ මෙහෙයුම් බළකාය (North Korean Special Operations Force)
    6. ගොවි-කම්කරු රතු හමුදාව (Worker-Peasant Red Guards)

    Korean People's Army Ground Force

    භට පිරිස් ශක්තිය : මිලියනයක භට පිරිසක් කොරියානු ගොඩබිම් හමුදාවේ නිත්‍ය සේවයේ නියුතු බව ඇස්තමේන්තු කොට ඇත.

    යුධ ටැංකි : 4500-5000ක් අතර ප්‍රමාණයක්. සෝවියට් නිර්මාණ වන මෙම යුධ ටැංකි අතර ටී-55, ටී-59, ටී-62 යන කාණ්ඩවල ප්‍රධාන යුධ ටැංකි (Main Battle Tank) මෙන්ම දියගොඩ් දෙකෙහිම ගමන් කල හැකි ඇම්ෆීබියස් වර්ගයේ පීටී-76 හා පීටී-85 යුධ ටැංකි ගණනාවක්ද ඇත. එමෙන්ම රුසියානු ටී-62 යුධ ටැංකිය ඇසුරින් උතුරු කොරියාවේ දේශීය නිර්මාණ ලෙස හැඳින්වෙන චොන්මා-හෝ ප්‍රධාන යුධ ටැංකි 1000ක්ද රුසියානු ටී-80 හා ටී-90 යුධ ටැංකි තාක්ශණය හා චීන ටී-88 යුධ ටැංකි තාක්ශණය ඇසුරින් උතුරුකොරියාව විසින් නිර්මාණය කරන ලද පොක්පන්ග්-හෝ ප්‍රධාන යුධ ටැංකි 300ක් පමණද සේවයේ යොදවා ඇත.



    සන්නද්ධ භට ප්‍රවාහන රථ (Armored Personnel Carriers) : උතුරු කොරියානු ගොඩබිම් හමුදාව සතුව දහස් ගණනක් සන්නද්ධ භට ප්‍රවාහන රථ ඇති අතර මේවා අතුරින් බොහොමයක් පැරණි සෝවියට් නිර්මාණ හෝ එම තාක්ශණය ඇසුරින් වැඩිදියුණු කරන ලද උතුරු කොරියානු නිර්මාණ වේ.

    ගුවන් ආරක්ශක පද්ධති : උතුරු කොරියානු ගොඩබිම් හමුදාව සතුව SA-7, SA-17, SA-19 යන උරහිසෙහි රඳවාගෙන විදිය හැකි අධෝරක්ත සංවේදක ආධාරයෙන් ඉලක්කය සොයාගන්නා ගුවන් යානා නාශක මිසයිල පද්ධති (shoulder-fired infrared anti-aircraft missile) සියගණක් ඇත.

    Korean People's Navy




    උතුරු කොරියානු නාවික හමුදාව green water navy හෙවත් වෙරලාසන්න මෙහෙයුම් සඳහා හැකියාවන් ඇති නාවික හමුදාවකි. ඔවුන්ගේ බොහෝ මෙහෙයුම් වෙරළේ සිට කිලෝමීටර් 50ක උපරිම දුරකින් සිදුවේ. ගැඹුරු මුහුදේ සැතපුම් දහස් ගණනක් ඈතට මෙහෙයුම් සිදුකල හැකි නාවික හමුදා blue water navy ලෙස හඳුන්වයි.

    උතුරු කොරියානු නාවුක හමුදාව නැගෙනහිර හා බටහිර නාවික හමුදා (east coast fleet & west coast fleet) වශයෙන් බෙදා ඇති අතර නැගෙනහිර නාවික හමුදාවට බටහිර නාවික හමුදාවට යුද්ධයකදී සහය දීමේ හැකියාවක් නැත. මීට හේතුව එසේ කිරීමට නම් දකුණු කොරියානු මුහුදු සීමාවෙන් කොරියානු අර්ධද්වීපය වටා ගමන් කල යුතු බැවිනි. විවිධ වර්ගයේ නාවුක යාත්‍රා 708ක් හා සබ්මැරීන 30ක් සක්‍රිය සේවයේ නියුක්තවේ.

    භට පිරිස් ශක්තිය : 146,000 ක පමණ නාවිකයින් පිරිසක් කොරියානු ජනතා නාවික හමුදාවේ සේවය කරන බවට ඇස්තමේන්තු කොට ඇත.

    සබ්මැරීන : ඩීසල්-ඉලෙක්ට්‍රික් වර්ගයේ සබ්මැරීන හා කුඩා මිජට් වර්ගයේ සබ්මැරීන වලින් සමන්විතය. මේ අතරින් උතුරු කොරියාවේ නිර්මාණය කරන ලද සැන්ග්-යෝ කාණ්ඩයේ ප්‍රහාරක සබ්මැරීන (Sang-yo class attack submarine) 40ක්ද, යෝනෝ කාණ්ඩයේ කුඩා සබ්මැරීන (Yono class midget submarine) 10ක්ද, රෝමියෝ කාණ්ඩයේ සබ්මැරීන 20ක්ද, සෝවියට් රුසියාවෙන් ආනයනය කොට චීනයේ ආධාර ඇතුව වැඩිදියුණු හා නඩත්තු කටයුතු සිදුකරනවිශ්කි කාණ්ඩයේ (Whiskey class)සබ්මැරීන 4ක්ද ඇත.

    ආරක්ශක නෞකා (frigates): සෝවියට් දේශයෙන් ලබාගත් ක්‍රිවාක් කාණ්ඩයේ ආරක්ශක නෞකා 1ක් හෝ 2ක් සේවයේ නියුතුය. පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයකින් ගමන්කල හැකි ක්‍රිවාක් කාණ්ඩයේ නෞකාවල යුධ නැව් විනාශකල හැකි මිසයිල, ගුවන්යානා නාශක මිසයිල, සබ්මැරීන නාශක මිසයිල හා අධිබල මැශින් තුවක්කු ගෙනයා හැකිය. සතුරු යාත්‍රා හඳුනා ගැනීම සඳහා රේඩාර් පද්ධති හා සබ්මැරීන හඳුනාගැනීම සඳහා සෝනාර් පද්ධති වලින්ද සම්න්විතය. සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා සබ්මැරීන නාශක හෙලිකොප්ටර් යානා ගෙනයාමේ හැකියාවද ක්‍රිවාක් කාණ්ඩයේ යුධ නෞකාවලට ඇත. මීට අමතරව උතුරු කොරියාවේ නිර්මාණය කල නැජින් කාණ්ඩයේ සැහැල්ලු ආරක්ශක නෞකා (light frigate) 3ක් පමණද සේවයේ යෙදවේ. මෙම සැහැල්ලු ආරක්ශක නෞකාවලටද නෞකා නාශක මිසයිල, සබ්මැරීන නාශක ටෝර්පිඩෝ හා අධිබල මැශින් තුවක්කු ගෙනයා හැකිය. රේඩාර් හා සෝනාර් පද්ධතිවලින් සමන්විතය.
    අධිවේගී නාවික යාත්‍රා (corvettes) : සබ්මැරීන නාශක මෙහෙයුම් සඳහා යොදාගත හැකි උතුරු කොරියාවේ නිශ්පාදිත සැරිවොන් කාණ්ඩයේ අධිවේගී නාවික යාත්‍රා 5ක් ඇති අතර මෙම යාත්‍රා සතුව අධිබල මැශින් තුවක්කු, සබ්මැරීන විනාශ කිරීම සඳහා යොදාගන්නා බෝම්බ විශේෂයක් වන ඩෙප්ත්-චාජර්ස් පද්ධති වලින් සමන්විතය. මෙය 1960 ගණන්වල සෝවියට් නිර්මාණයක් ඇසුරින් නිපදවා ඇති බව යුධ විශ්ලේෂකයින් පවසයි. එමෙන්ම සෝවියට් දේශයෙන් ලබාගත් ට්‍රියල් කාණ්ඩයේ යාත්‍රා දෙක්ද ඔවුන් සතුවේ.

    ටෝර්පිඩෝ හා මිසයිල ප්‍රහාරක යාත්‍රා : කුඩා නාවික යාත්‍රා ගණයට වැටෙන මෙම යාත්‍රා කාණ්ඩ ගණනාවක් උතුරු කොරියාව සතුව ඇත. ගණනින් 250ක් පමණ වන මෙම යාත්‍රාවලට නෞකා නාශක මිසයිල හා සබ්මැරීන නාශක ටෝර්පිඩෝ නම් දිය යටින් යන මිසයිල ගෙනයා හැකිය.

    සන්නද්ධ ප්‍රහාරක බෝට්ටු (gun boats) : මෙවැනි අධිවේගී සන්නද්ධ යාත්‍රා සියයකට අධික සංඛයාවක් සේවයේ යොදවා ඇත.

    භටපිරිස් හා සන්නද්ධ රථ ප්‍රවාහන යාත්‍රා (landing crafts) : විවිධ කාණ්ඩවල ප්‍රවාහණ යාත්‍රා 500+ ප්‍රමාණයක් උතුරු කොරියාව සතු අතර ඕනෑම ස්ථානයකට භටපිරිස් හා සන්නද්ධ රථ හෝ යුධ ටැංකි ප්‍රවාහනය සඳහා මේවා යොදාගත හැක.


    Korean People's Air Force




    උතුරු කොරියානු ගුවන් හමුදාව භටයින් හා සෙසු නිළයන් 110,000 සමන්විත වන අතර ගුවන්යානා 1600කින් සන්නද්ධය. මෙම ගුවන් යානා බොහොමයක් සෝවියට් හෝ චීන නිශ්පාදනවේ.
    ප්‍රහාරක හා සටන්වදින ගුවන් යානා : උතුරු කොරියානු ගුවන් හමුදාව සතු නවීනතම යානය මිග් 29 ප්‍රහාරක යානයයි. මෙවැනි යානා 40ක් උතුරු කොරියානු ගුවන් හමුදාව සතු අතර උතුරු කොරියාවේ අගනුවර වන පියෝන්ග්යෑන්ග් නුවර ගුවන් අවකාශය ආරක්ශාකිරීම මිග්-29 යානාවල මූලිකම රාජකාරිඅයි. මීට අමතරව තුන්වන පරම්පරාවේ මිග්-23 යානා 56ක්ද උතුරු කොරියාව සතුව ඇත. බටහිර යුධ විශ්ලේශකයින් පවසන අන්දමට ගණයේ රේඩාර් පද්ධතියකින් සමන්විත, ඉතා පහසුවෙන් මෙහෙයවිය හැකි මෙම යානා පියාසර කරන දක්ශ නියමුවෙකු හට නවීන යානා වලට වුව ඉතා හොඳ සටනක් දිය හැකි බව පවසයි. මීට අමතරව චීනයේ නිශ්පාදිත F-5, F-6 හා F-7 සුපර්සොනික් ප්‍රහාරක යානාද ඔවුන් සතුවේ. මෙම යානා සියල්ලම රුසියානු මිග් යානාවල පිටපත් වන අතර සුපර් සොනික් හැකියාව ඇති දිවා කල මෙහෙයුම් කල හැකි යානාවේ. F-5 යානා 100ක්ද, F-6 යානා 98ක්ද, F-7 යානා 40ක්ද සක්‍රිය සේවයේ නියුතුය. උතුරු කොරියාව සතුව වැඩියෙන්ම ඇති යානා වර්ගය මිග් 21 යානාවයි. මෙවැනි යානා 150කට අධික සංඛයාවක් සක්‍රිය සේවයේ නියුතුය.

    බෝම්බ හෙලන යානා : ඉල්යුශින් 28 යානා හා එහි චීන පිටපතක් වන H-5 යානා 80කට අධික ගණනක් සක්‍රිය සේවයේ නියුතුය. දිගුදුර බෝම්බ හෙලන යානාවක් වන H-5 යානයට කිලෝ 3000ක බෝම්බ තොගයක් රැගෙන කිලෝමීටර් 2500ක් පියාසර කල හැකිය. මෙම යානාවේ දුර්වලතා වන්නේ එහි මන්දගාමී වේගයත් (පැ.කි.900) හා අඩු පියාසර උසත්ය (මීටර් 13,000). මේ දුර්වලතා නිසා මෙම යානා ගුවන්යානා නාශක මිසයිලවලට ගොදුරුවීමේ සම්භාවිතාවය ඉතා ඉහල බව පැවසේ.

    පාබල හමුදා සහයක ගොඩබිම් ප්‍රහාරක යානා (ground support attack aircraft) : උතුරු කොරියාව සතුව සුක්හොයි Su-25 ගොඩබිම් ප්‍රහාරක යානා 35ක් පමණ ඇති අතර 1980 දශකයේ නිර්මාණය වූ මෙම යානාවට ඉතා හොඳ සටන් ඉතිහාසයක් ඇත. Su-25 යානා සෝවියට් හමුදාව විසින් ඇෆ්ඝනිස්ථානයේ මුජහිඩීන් සටන්කාමීන්ට එරෙහිව විශාල ලෙස යොදාගන්නා ලදී. මිට අමතරව පැරණි සෝවියට් නිර්මාණයක් වන Su-7 යානා 20ක් පමණද සක්‍රිය සේවයේ නියුතුය.

    ප්‍රහාරක හෙලිකොප්ටර් : එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරය උතුරු කොරියාව සතු ප්‍රභලතම ප්‍රහාරක හෙලිකොප්ටරයයි. මෙවැනි යානා 24ක් ගුවන් හමුදාව සතුව ඇත. මීට අමතරව පැරණි සෝවියට් නිර්මාණ වන එම්.අයි. 2 කුඩා ප්‍රහාරක හෙලිකොප්ටර 140ක් හා එම්.අයි 14 හෙලිකොප්ටර් 10ක්ද ඇත. මීට අමතරව අමෙරිකාවේ නිර්මාණයක් වන MD-500 කුඩා හෙලිකොප්ටර් 87ක්ද උතුරු කොරියාව සතුවේ. සිවිල් ප්‍රවාහන සේවා සඳහා නිමවා ඇති මෙම යානා උතුරු කොරියාව මගින් බටහිර ජර්මනිය හරහා ගෙන්වා ගන්නා ලද අතර දැන් ඒවා සැහැල්ලු සන්නද්ධ ප්‍රහාරක හෙලිකොප්ටර් බවට අනුවර්තනය කරගෙන ඇත.

    විශේෂ බළකා ප්‍රවාහන යානා : උතුරු කොරියානු විශේෂ බළකාය මගින් ඇන්ටනොෆ් ඒ.එන්-2 වර්ගයේ ප්‍රවාහන යානා 300ක් භාවිතා කරයි. ඉතා නිහඬව ක්‍රියාත්මක වන මෙම යානයට කිලෝමීටර් 850ක පරාසයක මෙහෙයුම් සිදුකල හැකි නිසාත් ඉතා පහතින් පියාසර කල හැකි බැවිනුත් උතුරු කොරියානු විශේෂ බළකායට කොමාන්ඩෝ සෙබළුන් දහස් ගණනක් රහසේම දකුණු කොරියානු භූමියට ගොඩබැස්විය හැකි වනු ඇත.


    North Korean Strategic Rocket Forces


    උතුරු කොරියානු උපායමාර්ගික රොකට් බළකාය උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල පද්ධති භාරව සිටිනා හමුදා ඛණ්ඩයයි. විවිධ වර්ගයේ බැලිස්ටික් මිසයිල 1000ක් පමණ මෙම බළකාය සතුව ඇත.

    කෙටිදුර බැලිස්ටික් මිසයිල (ප්‍රහාර පරාසය100Km-500Km) : උතුරු කොරියාව සතුව හ්වාසොන්ග්-5 හා හ්වාසොන්ග්-6 ලෙස නම් කල කෙටිදුර බැලිස්ටික් මිසයිල වර්ග දෙකක් ඇත. මේවා රුසියානු ස්කඩ් මිසයිලවල දේශීය නිශ්පාදන ලෙස හඳුනාගෙන ඇත. ජංගම ප්‍රවාහන රථවල ඕනෑම තැනකට ගෙනගොස් ඉක්මණින් දියත්කල හැකි ලෙස සකස්කොට ඇති මෙම මිසයිල හඳුනාගෙන විනාශ කිරීම ඉතා දුශ්කරය.

    මධ්‍යදුර බැලිස්ටික් මිසයිල (ප්‍රහාර පරාසය 900Km-2500Km) : උතුරු කොරියාව සතුව රොඩොන්ග්-1 හා ටේපොඩොන්ග්-1 ලෙස හඳුන්වන මධ්‍යදුර බැලිස්ටික් මිසයිල වර්ග දෙකක් ඇත. රොඩොංග්-1 ස්කඩ් B හා ස්කඩ් C මාදිලියේ සෝවියට් කෙටිදුර මිසයිල තාක්ශණය ප්‍රතී-ඉන්ජිනේරුකරණය කොට නැවත වැඩිදියුණු කොට එහි ප්‍රහාරක පරාසය විශාල ලෙස ඉහලදමා ඇත. මෙය උතුරු කොරියානු රොකට් තාක්ශණයේ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකිය. රොඩොංග්-1 මිසයිලයේ පරාසය කිලෝමීටර් 900-1300 අතර වේ. කෙසේ වෙතත් මෙම මිසයිලයේ ඉලක්කයට වැදීමේ නිරවද්‍යතාවය ඉතා පහල මට්ටමක පවතිඅන බව පැවසේ. එමෙන්ම දියත් කිරීමට පෙර ඉන්ධන පිරවීම සිදුකල යුතු නිසා ප්‍රහාරයකට සූදානම් කිරීමට විශාල කාළයක් ගතවන අතර ජංගම මිසයිලයක් නොවේ. ටේපොඩොන්ග්-1 සක්‍රිය සේවයේ පවතින මිසයිලයක් නොව, උතුරු කොරියානු රොකට් තාක්ශණ පර්යේශණ සඳහා නිර්මාණය කරන ලද අදියර තුනකින් යුතු විශාල රොකට්ටුවකි. මෙහි ප්‍රහාර පරාසය කිලෝමීටර් 2500කි
    .

    අන්තර්මහදිවීපික බැලිස්ටික් මිසයිල (ප්‍රහාරක පරාසය කිලෝමීටර් 4000-6000): උතුරු කොරියාව සතුව ටේපොඩොන්ග්-2 ලෙස හැඳින්වෙන අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් ඇති අතර එවැනි මිසයිල 2ක් හෝ 3ක් සක්‍රිය සේවයේ ඇති බවට බටහිර ඔත්තු සේවා සැක කරයි. කිලෝමීටර් 6000ක් උපරිම ප්‍රහාරක පරාසයක් ඇති මෙය දැනට එක් වතාවක් පමණක් දියත් කොට ඇති අතර එම පිරික්සුම් පියාසැරිය අසාර්ථක වූයේ මිනිත්තු 2කට පමණ පසු මිසයිලයේ රොකට් එන්ජින් ක්‍රියාවිරහිත වූ බැවිනි.

    North Korean Special Operations Force


    උතුරු කොරියානු විශේෂ මෙහෙයුම් බළකාය භටයින් 180,000 සැදුම්ලත් ලොව විශාලතම විශේෂ මෙහෙයුම් බළකායයි. මෙම බළකායේ අරමුණ දකුණු කොරියානු භූමියට ඇතුලුවී ඔත්තුබැලීම, දකුණු කොරියානු යුධ හා සිවිල් මර්මස්ථාන විනාශ කිරීමේ මෙහෙයුම් සිදුකිරීම, පාබල හමුදාවලට සහය දීම වැනි කරුණුයි. මේ සඳහා ගුවන් (airborne), ඔත්තුසේවා (reconnaissance), නාවුක මෙහෙයුම් (maritime) පාබල සේනාංක (infantry) ආදී සේනාංක වලින් මෙම බළකාය සමන්විතය. උතුරු කොරියානු සබ්මැරීන මගින් හා ප්‍රවාහණ යාත්‍රා මගින් දහස් ගණනක් විශේෂ බළකා සෙබළුන් දකුණු කොරියානු වෙරළවලට ගොඩ බැස්විය හැකි අතර ගුවන් බළකාය සතු ඇන්ටනොෆ් යානා මගින් තවත් දහස් ගණක් දේශසීමාවෙන් කිලෝමීඅටර් සියගණනක් දකුණු කොරිආව තුලට භටයින් ගොසබැස්විය හැකිය.

    Worker-Peasant Red Guards


    සාමාජිකයින් මිලියන 3.5කින් සමන්විත ගොවි-කම්කරු රතු හමුදාව ලොව විශාලතම සිවිල් ආරක්ශක සේවයයි. මෙහි සාමාජිකයින් අවි පුහුණුව ලබා ඇති අතර සැහැල්ලු අවි, ආර්.පී.ජී අවි, මෝටාර් හා යුධ ටැංකි නාශක අවි අවලින් සන්නද්ධය.


    උතුරට මුහුණ දීමට දකුණේ සූදානම....

    උතුරු කොරියානු මිසයිල ප්‍රහාරයක් එල්ලවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා දකුණු කොරියානු ත්‍රිවිධ හමුදා සීරුවෙන් සිටී. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ දකුණු කොරියාවේ කුන්සාන් ගුවන් කඳවුරේ ධාවන පථයේ මොහොතකින් ගුවන්ගත කිරීම සඳහා සූදානම් කොට තිබෙන දකුණු කොරියානු F-16 ෆයිටිං ෆෝල්කන් ජෙට් ප්‍රහාරක යානා සියගණනකි. මෙලෙස දකුණු කොරියාව පුරා ඇති සියළුම යුධ, ගුවන් හා නාවුක කඳවුරු සීරුවෙන් තබා ඇත......




    දකුණු කොරියානු යුධ ටැංකි මුහුදින් ගොඩබැසීමේ අභ්‍යාසයක යෙදෙමින්....




    කුණු කොරියානු විශේෂ බළකා සෙබළුන් උතුරු කොරියානු දේශසීමව අසල මුර සංචාරයේ යෙදෙමින්.....



    දැන් සියල්ල ඇත්තේ උතුරු කොරියානු කොළු නායකයා අතය...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලලා නිකන්ම යන්නේ නැතුව තව කාටහරි බලන්න බම්ප් එකක් දලා යන්න
    රේප් එහේම දිලා යන්න අමතක කරන්නේපා
     
    • Like
    Reactions: senarathna123

    elaTalk

    Banned
    Feb 9, 2013
    85
    14
    0
    කොරියන් කියන්නේ ජපන්නුම තමයි.උන්ගේ භාෂාව පෙනුම සහ ජාන සමානයි.කොරියාව කියන්නේ ජපානය වගේ දක්ෂ සහ ඕනම දෙයක් නියමෙට හදන්න පුලුවන් අය.කොරියාව ජපානයේ යටත් විජිතයක්.කොරියාව දෙකට බෙදලා අද ප්‍රශ්න ඇති කරේ ඇමරිකාව සහ රුසියාව.කොරියාව ඕන දෙයක් කරගන්න දීලා උන් යන්නේ නැතිව මේක උන්ගේ න්‍යායයන් කරන්න ගිහින් උන්ගේ ජරා ආගම් පතුරුවන්න ගිහින් ප්‍රශ්න ඇති කරලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    උතුරු කොරියාවේ නායකයෝ රටේ මිනිස්සුන්ගේ දියුණුව ගැන හිතන්නේ නැතිව සියලු ධනය හමුදාව සහ අවි ආයුධ සදහා වියදම් කරල. උතුරු කොරියාවේ සැහෙන්න පිරිසක් දිලිදු බැවින් පෙලන අතර එක්සත් ජාතීන්ගේ සහනාධාර මත යැපේ.

    දකුණු කොරියාවේ තියෙන්නේ මේකේ අනිත් පැත්ත.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උතුරු කොරියාවේ නායකයෝ රටේ මිනිස්සුන්ගේ දියුණුව ගැන හිතන්නේ නැතිව සියලු ධනය හමුදාව සහ අවි ආයුධ සදහා වියදම් කරල. උතුරු කොරියාවේ සැහෙන්න පිරිසක් දිලිදු බැවින් පෙලන අතර එක්සත් ජාතීන්ගේ සහනාධාර මත යැපේ.

    දකුණු කොරියාවේ තියෙන්නේ මේකේ අනිත් පැත්ත.

    :yes::yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    api thama ban mun gahagani kiyala bayen inne
    ,korea wala inna ewunta call kalama un hodata wadalu bana,
    apita baninawa baya nokara hitapan kiyala