උතුරේ ආරක්ෂාව බිඳවැටේ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උතුරේ ආරක්ෂාව බිඳවැටේ?

    උතුරේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා කැදවු ආරක්ෂක මණ්ඩල රැස්විම එකිනෙකාට විවේචනය කරගනිමින් උණුසුම් ලෙස අවසන් වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කිළිනොච්චිය ප‍්‍රමුඛ උතුරේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සිදුවු සාකච්ඡාවේදි අනාවරණය වි ඇත්තේ මේ වනවිට සන්නද්ධ කණ්ඩායම් එම් ප්‍රදේශ වල සිය බලය තහවුරු කිරිමට සමත්ව ඇති බවත් ජාත්‍යන්තරව සිටිමින් කොටි ත්‍රස්තවාදී සංවිධානය මෙහෙය වු නායකයන් කිහිප දෙනෙකුම මේ වනවිට එම සන්නද්ධ කණ්ඩායම් සදහා නායකත්වය දෙන බවද තහවුරු කර තිබේ….
    මාර්ගයක් ආසන්නයේ සගවා තිබියදි පෙරේදා (09) හමුදාව සොයාගත් අත් බෝම්බයක් සහ බිම් බෝම්බයක්… මාධ්‍යට වාර්තා කිරිම තහනම් කර තිබේ.
    උතුරේ ක්‍රියාත්මක හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අඩපණ වි ඇති බවත් එ හේතුවෙන් ගෙවිගිය මාස 5ක පමණ කාලයක් උතුරේ සිදුවු සන්නද්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානින් දැනුවත් වි නැති අතර එම බුද්ධි අංශ අඩපණ කිරිම පසුපස සිටින නිළධාරින් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය තුල චොදනා එල්ල විමත් සමග ආරක්ෂක මණ්ඩල උණුසුම් වි තිබේ.
    ඉරනමඩු පිහිටි බුද්ධි බළකා කදවුරේ නිළධාරීන් ඉන් පිටතට පැමිණ තොරතුරු රැස් කිරිමට එහි අණ දෙන නිළධාරි ලූතිනන් කර්නල් ප‍්‍රසන්න මහතා කටයුතු ඉඩ ලබා නොදෙන බවත් පසුගිය වසරේ නොවැමිබර් 26 දින කොටි මහවීර දිනය බුද්ධි බළකා කදවුරට නොදුරින් පිහිටි සිවිලියාරු ප‍්‍රදේශයේදී සිදු කළ අතර එහිදී කොටි ධජය ද ඔසවුවත් මාස කිහිපයක් ගතවන තෙක් ඒබව එහි නිළධාරින් නොදෙන සිටිය බවත් එහිදි අනාවරණය වි තිබේ.
    විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ සමීප ඥාතියෙකු වන සීවරාසා(නෑ කමට මස්සිනා වන) නැමත්තේකු පසුගිය 8 වැනිදා කොළඹ වරාය හරහා මේ රටට ගෙන්වු මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ සහිත කන්ටේනර පෙට්ටිය කිළිනොච්චිය දක්වාගොස් ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

    එම අනාවරණය කියවන්න- සම්බන්ධන්ගේ බලපෑමට තහනම් අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ ජනපති මුදාහරි
    කොටි සන්නද්ධ අරගලයට යලි සූදානම්
    2017ජනවාරි 23 දින ත්‍රස්තවාදි විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස්පතිට කොටි නැගිටීම පිලිබඳ රහස්‍ය වාර්තාවක් දුන්නා. වාර්තාව රහස්ස්‍ය උනත් අවධානම අරගෙන මේ වා කාරනා මම රටට හෙළි කරන්නේ රට මෙය දැනගතයුතු නිසියි. කොටි යලි සන්නද්ධ වී ඇති නිසා. ඒ වාර්තාවේ කොටි සංවිධානයේ මෑත කාලීන ක්‍රියා අඩංගු වෙනවා.
    2017 ජනවාරි 13 දින පොලිසියේ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය විසින් කිලිනොච්චියේ සිදු කළ මෙහෙයුමකින් කොටි ත්‍රස්තවාදින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ කොටි සංවිධානය සෝලෙයි නමින් හැඳින්වූ කාරාලසිංහම් කුලේන්ද්‍රන් නොහොත් මාස්ටර්. කොටි සංවිධානය කඩලවන් නමින් හැඳින්වූ ලුවිස් මරියනායගම් අජන්තන් නොහොත් ජනා. කොටි සංවිධානය වෙන් අර්සන් නමින් හැඳින්වූ මුරුගයියා නවවේන්ද්‍රන් නොහොත් වේන්ද්‍රන්.
    මේ අය කොටි සංවිධානය යලි නැගිටවීමට පමණක් නොව සන්නද්ධ අරගලයටත් සූදානම් වුණා. එහි ආරම්භක පියවරක් වශයෙන් මරදන්කේනි ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු ඝාතනය කිරීමට උපයෝගී කර ගැනීම සඳහා විදේශ රටක නිපද වූ ක්ලෙමෝ බෝම්බයක් ද සඟවා තිබුණා. ඒ වගේම සී4 අධි බලැති පුපුරණ ද්‍රව්‍ය යොදා ලංකාවේ නිපද වූ බෝම්බයක් ද සොයා ගත්තා.
    වාර්ථාවේ පිටපතක් දේශප්‍රේමී නිලධාරීන් හරහා අපිට ලැබිල තියෙනවා. වාර්තාවට අනුව 2016.11.27 දින කිලිනොච්චියේ තිරුවියාරු ප්‍රදේශයේ ඉතාම විවෘතව කිසිම බයකින් තොරව කොටි ධජය ඔසවා උත්සවයක් පවත්වා එහි ඡායාරූප විදේශීය කොටි ජාලයට යවා තිබෙනවා. එමෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ මාර්ග ආරක්ෂක කටයුතු වල යෙදී සිටින පොලිස් නිලධාරින්ට පහර දී ඔවුන්ගේ අවි පැහැර ගැනීමට ද උත්සාහ දරා තිබෙනවා. කිසිදු බාධාවකින් තොරව කිලිනොච්චි ප්‍රදේශයේ කොටි අවි සඟවා ඇතැයි විශ්වාස කරන ස්ථානයන්හි කැනීම් සිදු කර තිබෙනවා.
    අපි දිගින් දිගටම කොටි නැගිටිනවා කිව්වාම ආණ්ඩුව ඒක විශ්වාස කලේ නෑ. ඔන්න දැන් බුද්ධි අංශත් අපි කියන දේම කියනවා. මේ නිසා ජාතික ආරක්ෂාව දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. මේ පසුබිම තුල දෙමළ සංධානයත් විශේෂයෙන්ම විග්නේශ්වරන් මහ ඇමතිතුමාත් කෙතරම් බෙරිහන් දුන්නත් උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය වහාම නවත්වන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා.
    දෙමළ අන්තවාදින් සුමන්දිරන් මන්ත්‍රිතුමා මරා දැමීමට කුමන්ත්‍රණය කරනවා කියලා පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා. දෙමළ ඊලම පේන මානයේ තිබෙන පෙඩරල් වෙනුවෙන් පෙනී සිටින සුමන්දිරන් මන්ත්‍රිතුමාට මෙහෙම මරණ තර්ජන නම් ඊළාම් සිහිනය කුඩු පට්ටම් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොහොම තර්ජනයක් ඇද්ද? නමුත් ආණ්ඩුව “තෝව කොටියාම කාපන්“ කියලා තිබුණු ආරක්ෂාවත් ඉවත් කළා. වත්මන් අනාරක්ෂිත තත්වය හමුවේ මහින්ද මැතිතුමාට පෙර තිබුණු ආරක්ෂාව යලි දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.
    (2017.02.06 දින පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්)
    උතුරට විදේස් මැදිහත් විමක්……..
    ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.


    sriavtvnetwork

    මේක ඇත්තද?
     
    • Like
    Reactions: jayanathek

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    LxZaMp9.jpg


    රට කන ගමං හිටං.....
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    atta venna ati. Europe union eken LTTE sanvidanava trasta sanvidanayak nevi kiyala dan piliganne na. eka un ain karagatta. mata hittenne LTTE eka ai loku gamekata ara adinne. issarahata ranil digatama hitiyoth venne aniva me rata dekada vena ekai. kalu suddoth mevata kamati. un thami ranilta dagena thavamath puka denneth. mama mahinda genna kiyanava nevi, namuth ratata adare nayakayek apita one. namthnam loku prasna issarahata enna tiyenava.