උතුරේ කොටි නැගිටියි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    😎

    යාපනය අර්ධද්වීපයේ කළින් හමුදාව විසින් අත්පත් කරගෙන සිටි මුළු ඉඩම් අක්කර 109.56ක් රජය විසින් නීත්‍යානුකූල හිමිකරුවන්ට ඊයේ ආපසු ලබාදුන්නේය.

    අඛණ්ඩව 24 වැනි වරටත් ඉඩම් නිදහස් කිරීම මෙමගින් සනිටුහන් කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

    ආපසු ලබාදුන් ඉඩම්වලට යාපනය දිස්ත්‍රික්කයේ බිම් කොටස් පහක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් හතක් ඇතුළත් වේ.

    දැනට, ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වය සහ ආරක්ෂාව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඉඩම්වලින්, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින්නේ 0.5%ක් පමණි.

    මෙම ඉඩම් නිදහස් කිරීම, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ මගපෙන්වීම යටතේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති යාපනය, මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා රජය විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ඒවායේ නියම අයිතිකරුවන් වෙත ආපසු ලබා දීමේ අඛණ්ඩ උත්සාහයක කොටසකි.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහභාගී විය.