උතුරේ ගැටුම .......

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    S.J.V. චෙල්වනායගම් සහ G.G. පොන්නම්බලම් යන ද්‍රවිඩ නායකයන් දෙදෙනා 1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී කන්කසන්තුරය සහ යාපනය යන ආසන සඳහා තරග කළා. එය ජයග්‍රහණය කර, පාර්ලිමේන්තු වරම් දිනාගත් එම නායකයන් දෙදෙනා 60 දශකයේ අගභාගය වන විට උතුරුකරය තුළ සැලකිය යුතු බලයක් හිමිකරගෙන සිටියා.



    GYsbFjZ.jpg
    xn4kmG8.jpg



    නමුත් ඔවුන් දෙදෙනා නියෝජනය කළ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ගෙන ගිය දේශපාලන ව්‍යාපාරය පිළිබඳව උතුරේ තරුණ කොටස් සෑහීමකට පත්වුණේ නැහැ. එම නිසා ඔවුන් ඊළම දිනාගැනීම වෙනුවෙන් සටන් බිමට පිවිසීමට තීරණය කළා. තරුණ පිරිස් කුඩා කල්ලි සැදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් උතුරුකරය තුළ සන්නද්ධ කල්ලි කිහිපයක් බිහිවුණා.






    F2TMhnf.jpg


    උතුරුකරයෙන් බිහිවුණු මුල්ම තරුණ කල්ලිය

    Q4e2bfK.jpg




    යාපනය දිස්ත්‍රික්කය තුළ පිහිටි වැල්වැටිතුරෙයි නම් ග්‍රාමය 60 දශකය අග භාගය වන විට ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ඒ ආශ්‍රිතව සිදුවුණු හොරබඩු ජාවාරම නිසා යි. උතුරුකරය තුළ බිහිවුණු මුල්ම තරුණ කල්ලිය බවට පත්වුණේ 1969 වසරේ දී වැල්වැටිතුරේ ග්‍රාමය ආශ්‍රිතව නිර්මාණය වුණු තංගදුරේ කල්ලිය යි. එම කල්ලියේ ආරම්භ සාමාජිකයන් කිහිපදෙනා මෙසේ දැක්විය හැකියි.


    aECyrmY.jpg


    නඩරාජා තංගවේලු (තංගදුරේ)- නායක
    සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටුමනී)
    වේළුපිල්ලේ ප්‍රභාකරන්
    පොන්නදුරේ සිවකුමාර්
    ශ්‍රී සභාරත්නම්


    මෙම තරුණ කල්ලියට පැහැදිලි දේශපාලන දර්ශනයක්, සටන් ක්‍රම පිළිබඳව දැනුමක්, මනාව සංවිධානය වී වැඩ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. උතුරේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකිරීමත් ඉන්දියාව සමග හොරබඩු ජාවාරම කිරීමත් සිදුකළ මෙම කල්ලිය අමිර්තලිංගම් නම් දේශපාලඥයා සමග සමීප සබඳතාවයක් පවත්වනු ලැබුවා. අමිර්තලිංගම් සිය දේශපාලන විරුද්ධවාදීන්ව මර්ධනය කිරීම සඳහා භාවිතා කළේ මෙම තරුණ කල්ලිය යි.



    UKW71eh.jpg

    අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් (Newsin.asia)



    යාපනය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යයි

    thCvve3.jpg

    කන්දස්වාමි පද්මනාභා



    60 දශකයේ අග භාගයේ, තංගදුරේ කල්ලිය ආරම්භ වී ටික කලක් යන විට, ‘දෙමළ ශිෂ්‍ය ලීගය’ නමින් තවත් තරුණ සන්නද්ධ කල්ලියක් ආරම්භ වුණේ පොන්නදුරේ සත්‍යසීලන්, පොන්නදුරේ සිවකුමාරන්, සහ කේ පද්මනාභා යන තිදෙනාගේ මූලිකත්වය යටතේ යි. 1970 වසරේ දී ආරම්භ කළ එම සංවිධානය 1973 වසරේ දී එහි නම ‘දෙමළ තරුණ ලීගය’ නමින් වෙනස් කළා. එම තරුණ සංවිධානයේ සිටි ක්‍රියාකාරීම සමාජිකයා වුණේ තංගදුරේ කල්ලියේ ආරම්භක සාමාජිකයෙකු වුණු පොන්නදුරේ සිවකුමාර් නැමැති තරුණයා යි. උසස් පෙළ විෂයයක් ලෙස රසායන විද්‍යාව හැදෑරූ සිවකුමාර් තරුණයා සයනයිඩ් කා සියදිවි නසාගැනීමේ සම්ප්‍රදාය හඳුන්වා දුන්නා.



    5ADYIb0.jpg


    දෙමළ ශිෂ්‍ය ලීගය 70 දශකයේ මුල් භාගයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක නිරත වුණා. රජයේ නියෝජ්‍ය අමාත්‍ය සෝමවීර චන්ද්‍රසිරිගේ මෝටර් රථයේ බෝම්බ තැබීම, යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පාට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, සහ කෝපායිහි මහජන බැංකුව කොල්ලකෑම ඒ අතරින් සැලකිය යුතු සිදුවීම් වුණා. නමුත් කෝපායි බැංකු කොල්ලයේ දී පොලිසියට කොටු වුණු සිවකුමාරන් සයනයිඩ් කරලක් කා සියදිවි නසාගත්තා. එය, අත්අඩංගුවට පත්වීම වැලැක්වීම සඳහා සියදිවි නසාගත් මුල්ම අවස්ථාව බවට පත්වුණා.





    ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය

    1973 වසරේ දී පමණ ‘දෙමළ නව කොටි’ නම් තරුණ සංවිධානය චෙට්ටි තනබාලසිංහම් සහ වේළුපිල්ලේ ප්‍රභාකරන් යන දෙදෙනාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණා. නමුත් එහි නායක තනබාලසිංහම් හමුදා ප්‍රහාරයක් නිසා මියයාම හේතුවෙන් නායකත්වය හිමිවුණේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ට යි.


    sOIIkf4.jpg


    දෙමළ නව කොටි සංවිධානය ත්‍රස්ත ක්‍රියා සහ කොල්ලකෑම් සිදුකරමින් උතුරුකරය තුළ නමක් දිනාගත්තා. එසේම එවකට අගමැතිනිය වුණු සිරිමා බණ්ඩාරනායක යාපනයේ සංචාරය කළ අවස්ථාවේ දී බෝම්බ පිපිරීම් කිහිපයක් ද සිදු කළා. දෙමළ නව කොටි සංවිධානය මුල්ම වරට කළ ප්‍රසිද්ධ දේශපාලන ඝාතනය වුණේ ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය යි. එම අවධිය වන විට යාපනයේ නගරාධිපතිවරයා ලෙසින් කටයුතු කළ දුරෙයිඅප්පාව වෙඩි තබා ඝාතනය කළේ 1975 වසරේ ජූලි 27 වැනිදා යි.





    වඩ්ඩුක්කෝඩෙයි සම්මුතිය

    1976 වසරේ දී ද්‍රවිඩ පක්ෂ කිහිපයක් එකතු වී ද්‍රවිඩ එක්සත් පෙරමුණ නම් දේශපාලන සන්ධානය පිහිටුවාගනු ලැබුවා. එම පෙරමුණේ නායකත්වය හිමිවුණේ S.J.V. චෙල්වනායගම් නම් දේශපාලන නායකයාට යි. එම පෙරමුණ හා සම්බන්ධව සිටි දේශපාලන පක්ෂ විසින් 1976 වසරේ මැයි 14 වැනිදා වඩ්ඩුක්කෝඩෙයිහි දී නව සම්මුතියක් ඇති කර ගත්තා. ඒ “දෙමළ ඊළාම්” නමින් නව රාජ්‍යයක් බිහි කරගැනීම සඳහා යි. එහිදී සියලු පක්ෂ තීරණය කළේ 1977 මහ මැතිවරණය සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ තරග කිරීමට යි. ඔවුන් එලෙස තරග කළේ වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා යි.


    EhuGFkN.jpg

    S.J.V චෙල්වනායගම් (Daily News)

    නමුත් 1977 මහා මැතිවරණය මාස කිහිපයක් තිබිය දී උතුරේ සිටි ප්‍රබලම දේශපාලඥයන් දෙදෙනා වුණු චෙල්වනායගම් සහ පොන්නම්බලම් මරණයට පත්වුණා. එම නිසා ද්‍රවිඩ එක්සත් පෙරමුණ 1977 මැතිවරණය සඳහා ඉදිරිපත් වුණේ අමිර්තලිංගම් නම් දේශපාලඥයාගේ නායකත්වය යටතේ යි. එවැනි වටපිටාවක පැවති මහා මැතිවරණයේ දී යාපනය සහ වන්නි දිස්ත්‍රික්කවල සියලුම ආසන ජයග්‍රහණය කළේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යි.

    ඔවුන් යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ආසනවල 60%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තා. එම ඡන්ද ප්‍රතිඵලවලට අනුව නිගමනය කළ හැක්කේ උතුරේ දෙමළ ජනතාව වඩ්ඩුක්කෝඩෙයි සම්මුතිය එක හඬින් අනුමත කළ බව යි. එසේම එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් දැවැන්ත පරාජයත් සමගින් විපක්ෂ බවට පත්වුණේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යි.



    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය

    1973 වසරේ දී බිහිවුණු ‘දෙමළ නව කොටි’ සංවිධානය සිය නම ‘දෙමළ ඊළාම් විමුක්ති කොටි’ සංවිධානය නමින් වෙනස් කරගනිමින් යළි ප්‍රතිසංවිධානය වුණේ 1976 වසරේ දී යි. එලෙස නව මුහුණුවරකින් ආරම්භ කළ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ආරම්භක සාමාජිකයන් වුණේ පහත දැක්වෙන කිහිපදෙනා යි.

    02RaU91.jpg


    වේළුපිල්ලේ ප්‍රභාකරන්- නායක
    චාල්ස් ඇන්තනී (සීලන්)
    කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන්)
    ගෝපාලස්වාමි මහේන්ද්‍රරාජා (මහත්තයා)
    සත්‍යසිවම් ක්‍රිෂ්ණකුමාර් (කිට්ටු)
    වෛද්‍යලිංගම් සෝනලිංගම් (ශංකර්)



    mGu2cHR.jpg



    ඉන් පසුව සංවිධානයේ කටයුතු කරගෙන යාම සඳහා පස්දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් පත්කරනු ලැබුවා. එහි සභාපති ධූරය හිමිවුණේ උමා මහේෂ්වරන්ට යි. ඔහු හොඳ අධ්‍යාපනයක් ලැබූ, සැලකිය යුතු මට්ටමක ඉංග්‍රීසි දැනුමක් තිබුණු, දක්ෂ කථිකයෙකු වුණු නිසා එම තනතුරට පත්කරගනු ලැබුවා. එම සංවිධානය ආරම්භයේ සිටම හොඳින් සංවිධානය වී ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරත වුණා. එසේම විමුක්ති කොටි සංවිධානය තුළ ඉතාමත් ඉහළ විනයක් තිබුණා.


    6SIs4Ob.jpg


    පසුකලෙක විමුක්ති කොටි සංවිධානයට එක් වුණු ඇන්ටන් බාලසිංහම් සහ සෙල්වරාසා පද්මනාදන් නිසා සංවිධානය තවත් ශක්තිමත් වුණා. ඔවුන් හරහා ගොඩනැගුණු ජාත්‍යන්තර සබඳතාව නිසා සංවිධානයට අවි ආයුධ සහ මුදල් ගලාගෙන එන්නට වුණා. එම නිසා 70 දශකයේ අග භාගය වන විට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය උතුරුකරය තුළ බලවත් වන්නට වුණා.



    wIwV0CB.jpg

    වේළුපිල්ලේ ප්‍රභාකරන් (gettyimages)





    දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ සංවිධානය)

    1969 වසරේ දී වැල්වැටිතුරේ ප්‍රදේශය ආශ්‍රිතව බිහිවුණු තංගදුරේ කල්ලිය 1973 වසරේ දී දෙමළ විමුක්ති සංවිධානය නමින් ඔවුන්ගේ කල්ලියේ නම වෙනස් කරගත්තා. ඉන් පසුව විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරත වුණු එම කල්ලිය 1977 වසරේ දී සිය සංවිධානයේ නම දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය ලෙසින් වෙනස් කරනු ලැබුවා. නව සංවිධානයේ ආරම්භක සාමාජිකයන් වුණේ පහත සඳහන් පුද්ගලයන් පස්දෙනා යි.


    ppPNzc4.jpg


    නඩරාජා තංගවේලු (තංගදුරේ)- නායක
    සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටුමනී)
    ශ්‍රී සභාරත්නම්
    අමිර්තනාදන් අඩෛකලනාදන්
    කුලසේකරම් දේවසේකරම්

    එම අවධියේ දී කුට්ටුමනී යාපනයේ ජනප්‍රියම චරිතයක් වුණා. එම නිසා විශාල පිරිසක් ඔවුන්ගේ සංවිධානය වටා එකතු වී සිටියා. එසේම ටෙලෝ සංවිධානයට වෙනම සන්නද්ධ අංශයක් තිබුණා. කුලසේකරම් දේවසේකරම්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වුණු එම අංශය හඳුන්වනු ලැබුවේ දෙමළ ඊළාම් විමුක්ති හමුදාව යන නමින්. ටෙලෝ සංවිධානය සහ ඉන්දියාවේ රෝ රහස් ඔත්තු සේවය අතර සමීප සබඳතාවයක් තිබුණා. එහිදී රෝ සංවිධානය උතුරේ පාලනය ඔවුන් යටතේ තබාගැනීම සඳහා මෙම සංවිධානයෙන් සහාය ලබාගත්තා.





    දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට් සංවිධානය)

    උමා මහේෂ්වරන් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු වුණා. නමුත් ඔහු ප්‍රභාකරන් සමග ඇතිකරගත් ගැටුමක් නිසා විමුක්ති කොටි සංවිධානයෙන් ඉවත් වී ප්ලොට් සංවිධානය ආරම්භ කළේ 1980 වසරේ දී යි. ප්ලොට් සංවිධානයේ ආරම්භක සාමාජිකයන් තිදෙනා පහත දක්වා තිබෙනවා.


    fzT7GFW.jpg


    කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන්) – නායක
    සතාසිවම් සිවෂන්මුගමූර්ති (සුන්දරම්)
    ධර්මලිංගම් සිද්ධාර්ථන්

    ප්ලොට් සංවිධානය ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කළේ නැහැ. ඔවුන් සෑම විටම උත්සාහ කළේ රහසිගතව සිය සංවිධානයේ ශක්තිය වැඩිකරගැනීමට යි. ප්ලොට් සංවිධානය තුළ දැඩි විනයක් තිබුණා. එම නිසා වැරදි කළ සාමාජිකයන්ට දරුණු දඬුවම් හිමි වුණා. ප්ලොට් සංවිධානය විදෙස් ත්‍රස්ත සංවිධාන රැසක් සමග සබඳතා පවත්වනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්ලොට් සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත්වුණා.


    WbADy6A.jpg

    උමා මහේෂ්වරන් (The News Minute)








     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    දෙමළ ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස් සංවිධානය)

    ලන්ඩනයේ ඉගෙනුම ලබමින් සිටි දෙමළ ශිෂ්‍යයන් පිරිසක් 1975 වසරේ දී ඊරෝස් සංවිධානය පිහිටුවා ගනු ලැබුවා. එම සංවිධානයේ ආරම්භක සාමාජිකයන් පහත දක්වා තිබෙනවා.

    sE0Hlze.jpg


    ඒළියතම්බි රත්නසබාපති- නායක
    වේළුපිල්ලේ බාලකුමාරන්
    නේසදුරේ තිරුනේසන්
    බාලනඩරජා අයියර්



    මොවුන් දේශපාලන සංවිධානයක් ලෙස ක්‍රියාකාරී වුණා. එදා ඊරෝස් සංවිධානය උතුරට පමණක් සීමා නොවී නැගෙනහිර පළාත තුළත් ක්‍රියාත්මක වුණා. එසේම ඊරොස් සංවිධානයේ මිලිටරි අංශයේ නායක ශංකර් රාජී විසින් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සමග ඇති කරගත්තා. එම සබඳතා මත ඊරොස් සංවිධානයේ බොහෝ සාමාජිකයන් ලෙබනනයේ දී පුහුණුව ලැබුවා. එසේම ඔවුන් වෙනත් සංවිධානවල දෙමළ තරුණයන්ටත් ලෙබනනයේ සන්නද්ධ පුහුණුව ලැබීමට අවස්ථාව ලබා දුන්නා. එමඟින් ඊරෝස් සංවිධානය සහ උතුරේ අනිකුත් සංවිධාන අතර මිත්‍රත්වයක් ඇති වුණා. ඉන් පසුව ඇතැම් සංවිධාන විදෙස් ත්‍රස්තවාදී සංවිධාන සමග සබඳතා ඇතිකර ගැනීමට උත්සාහ කළේ ඊරෝස් සංවිධානයෙන් ලද ආභාෂය නිසා යි.



    ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (EPRLF සංවිධානය)

    1980 වසරේ දී ඊරෝස් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඉන් ඉවත් වී EPRLF නමින් නව සංවිධානයක් පිහිටුවාගනු ලැබුවා. එම සංවිධානය ආරම්භ කිරීමට මුල් වුණු සාමාජිකයන් කිහිපදෙනාගේ නම් පහත දක්වා තිබෙනවා.

    I3Z5M8R.png


    කන්දස්වාමි පද්මනාභා – නායක
    වර්ධරාජා පෙරුමාල්
    ඩග්ලස් දේවානන්දා
    සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

    මෙම සංවිධානයේ සන්නද්ධ අංශය ‘මහජන විමුක්ති හමුදාව’ ලෙසින් හඳුන්වනු ලැබුවා. ඩග්ලස් දේවානන්දා එහි නායකත්වය දැරුවා. ඔවුන්ටත් විදෙස් ත්‍රස්ත සංවිධාන සමගින් සබඳතාවයන් තිබුණා. එසේම EPRLF සංවිධානය දකුණේ වාමාංශික සංවිධාන සමගත් සබඳතාවයන් ගොඩනගා ගැනීමට සමත් වුණා. ඒ විජය කුමාරතුංගගේ මහජන පක්ෂයත් දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමයත් සමග යි.



    umt0qkK.jpg




    80 දශකයේ මුල් භාගයේ දී LTTE, ටෙලෝ, සහ ප්ලොට් වැනි සංවිධාන උතුරේ බලය ලබාගැනීම සඳහා සටන් කළා. යුධ ශක්තිය අතින් ප්‍රබලව සිටි LTTE සංවිධානය පසුකලෙක සිය බලය උතුරු සහ නැගෙනහිර පළාත් තුළ ව්‍යාප්ත කළා. එසේම උතුරේ අනිකුත් සංවිධානවලට එරෙහිව ප්‍රහාර දියත් කරමින් එම සංවිධාන විනාශයට පත් කළා. නමුත් එම සංවිධාන රහසිගත දේශපාලන කටයුතුවල නිරතවෙමින් මැතිවරණවලට පවා ඉදිරිපත් වුණේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසෙමින්. ඊට වඩා වෙනස් මඟක ගිය LTTE සංවිධානය දශක 3කට ආසන්න කාලයක් සටන් කිරීමෙන් පසුව යුධමය වශයෙන් පරාජයට පත්වුණා.

    N7XOwBN.jpg





    මුලාශ්‍ර:
    බ්ලොගර් - නදුන් ලියනගෙදර
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    රණමඟ ඔස්සේ නන්දිකඩාල්
    ලංකාදීප
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    උතුරේ තියෙන ලොකුම අවුලක් තමා කුල බෙදේ... අදටත් දේශපාලනේ ඉන්න ගොඩක් කට්ටිය උසස් කුලවල, සාමන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රසන වලට නෙවෙයි එයාල ඉන්නේ, වෙනම රටක් බයිලේ දාලා පිටරට වලින් සල්ලි අරං අතල් එකේ ඉන්නවා..