උතුරේ පන්සල් හදනවා කියන කතාව කාගේද?

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
උතුරේ පන්සල් හදනවා කියන කතාව කාගේද?

TopLanka News
ahindu.jpg
මීගොමුවේ මීරිගම පාරේ කෝවිල
එකම දෙමළ මිනිහෙක්වත් නැති සිංහලයන් පමණක්ම ජිවත්වෙන ගම්වල පවා පන්සලේ හින්දු දෙවිවරුන්ගේ ප‍්‍රතිමා දක්නට ලැබීම ශ‍්‍රී ලංකාවට සුවිශේෂ කාරණයකි. මෙබදු ප‍්‍රතිමා පන්සල්වල ගොඩනංවා ඇත්තේ පොහොසත් හින්දු මුදලාලි ගොල්ල නොවේ. දිළිඳු සිංහල බෞද්ධයන්ගේ උත්සාහයෙනි. ඔවුන් හින්දු දෙවිවරුන් සිය දේව මණ්ඩලයට සම්බන්ධ කරගෙන ඔවුන්ට වදිති. පුදති. පින්දෙති. මෙවැනි සහජීවන ගුණයක් ඉන්දියාවේදී හෝ මා ගිය කිසිම රටකදී හෝ දැකනැත.
උපතින් කතෝලිකයෙක් වු මා දිගු කාලයක් යුරෝපයේ ජිවත් වී ලංකාවේ නෑදැයන් බැලීමට පැමිණියෙමි. ඒ හැම ජිවත්වෙන්නේ මීගොමු ප‍්‍රදේශයේ ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් දෙමළ කතාකරන කතෝලිකයෝ වෙති. අපගේ භක්තිමත් කතෝලික නෑදැයන් කිසිවෙකුට බුද්ධාගම හෝ හින්දු ආගම පිළිබදව කිසිම හැගීමක් නැත. ඔවුන් සමග දේවස්ථාන කිහිපයකටම ගිය මට ඉතාලියේදී ජර්මනියේදී නැතිනම් ප‍්‍රංශයේදී දුටු ප‍්‍රතිමා පමණක් ම දකින්ට ලැබුණි. කතෝලික ආගම පෙරදිග ආගමක් යයි කතෝලික පුජකවරු මොනතරම් කීවත් බටහිර සුදු ජාතිකයින්ගේ මිස කිසිම පෙරදිග ජාතිකයෙකුගේ ප‍්‍රතිමාවක් කතෝලික දේවස්ථානයක නැත. එයින් පැහැදිලි කරන්නේ කුමක්ද? අප සුදු ජාතිකයින්ට පමණක් යාඥාකළ යුතු බව නේද?
එක දිනක් මගේ නැදෑ සොහොයුරෙක් සමගින් මිගමුවේ අගුරුකාරමුල්ල පන්සල බලන්ඩ ගියෙමි. ඒ එන අතරතුරේ දී ඔහුගේ මිතුරෙක් හමුවීමට මිගමුව මීරිගම පාරේ නිවසකට ගියෙමි. බෞද්ධයෙක් වු ඔහු කෝවිලේ උවමනාවකට එහි ගිය බව ඇසු අපි කෝවිලට ගියෙමු. මිගමුවේ තෙල්වත්ත හන්දියෙන් මීරිගම පාර පටන් ගන්නා හරියේම පිහිටා තියෙන මෙම කෝවිල දුටු මට පුදුමයක් හිතුනි. ඉතාම සුලූ දෙමළ පිරිසක් ජිවත්වෙන මෙම ප‍්‍රදේශයේ දෙමළ ජනයාගේ කෝවිලක් සිංහල බෞද්ධයන්ගේ උපකාරය ඇතිව පවත්වාගෙන යාම මොනතරම් අපුර්ව දෙයක්ද?
ටැමිල් නෙට් වෙබ් අඩවිය මෙන්ම ඊළාමයට පක්ෂපාතීව ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයක් ගොඩනංවන්ට හදන ඉතිහාස ප‍්‍රබන්ධ කතාකරුවන් උතුරේ ඇති පෞරානික විහාරස්ථාන දෙමළ බෞද්ධයන් ගොඩනංවන ලද ඒ්වා යයි සදහන් කරමින් ලියු ලිපි රාශියක් මා කියවා ඇත්තෙමි. පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් මෙවැනි ස්ථාන රාශියක් ඇල්ටීටීඊය බලවත්ව සිටි කාලයේ සම්පූර්ණයෙන්ම අතුරුදහන් කර ඇති හැටි උතුරේ සංචාරයක ගිය මට දකින්ඩ හා අසන්ඩ ලැබුණි. මේ අතර දෙමළ දේශපාලනඥයින් උතුරේ පෞරානික ස්ථානයන් ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබදව විරුද්ධව නොයෙකුත් ජාතිවාදි කතා කියන හැටි අසන්ට ලැබේ.
උතුරේ පැරණී විහාරස්ථාන දෙමළ බෞද්ධයන් හැදු ඒවා නම් ඒවා ප‍්‍රතිසංස්කරණය කරනවාට දෙමළ දේශපාලනඥයින් බිය ඇයි ද මට නොතේරෙන දෙයකි. මා සිතනා විදිහට උතුරේ පැරණී බෞද්ධ ස්ථාන ප‍්‍රතිසංස්කරණය කරනවාට විරුද්ධ හින්දු ආගමිකයින් නොවේ. මොකද බෞද්ධයෝ හින්දු දෙවිවරුන් පුදති. එමනිසා මේ ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධ කොටසකින් ප‍්‍රකාශ වෙන විරුද්ධතාවයකි. ඇල්ටීටීඊය තනිකරම ක‍්‍රිස්තියානි සංවිධානයකි. ඊට කතෝලික හා ක‍්‍රිස්තියානි පුජකවරුන්ගෙන් බොහෝ උපකාර ලැබුණි. අදටත් ජාත්්‍යන්තර එල්ටීටීඊය කතෝලික හා ක‍්‍රිස්තියානි නායකයින් විසින් ගෙන යති. මැල්කම් රංජිත් කාදිනල්වරයා කතාවට මොන කීවත් ක‍්‍රියාවේදී ඊළමට පක්ෂව කටයුතු කරපු බව කාට රහසක් ද? උතුරේ බෞද්ධ පැරණි බෞද්ධ විහාර ප‍්‍රතිසංස්කරණය වීම උතුරට සිංහලයන් ඇදෙන මගක් යයි ක‍්‍රිස්තියානි හා කතෝලික නායකයෝ සිතති. ජාතිවාදී දේශපාලනඥයින් අතරින් ප‍්‍රකාශ වෙන්නේ ඔවුන්ගේ හඬයි.

Source
http://www.toplankanews.com/index.p...111:2010-12-15-02-47-38&catid=4:yaka&Itemid=2