මෝදර, කොළඹ 15

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මෝදර පිටි සංස්ථාව 1977 විවුර්ත ආර්ථිකය ලංකාව ගිල ගැනීමට පෙර මෝදර ග්රාමයේ පිහිටා තිබු ආර්ථික මර්මස්ථානයකි. ඩොක්ලන්ඩ් හන්දියෙන්වමට හැරී රොක් හවූස් පටුමගට මුහුණලා තිබු පිටි සංස්ථාව නොහොත් පිටිමෝළ එදා මෝදර ග්රාමයට වටිනාකමක් දුන් ස්ථානයකි.ආනයන කරන ලද තිරිගු, සංස්ථාව තුල පිටි බවට පරිවර්තනයට දායක වූ පිටි සංස්ථාව විවුර්ත ආර්ථිකයේ අවෑමෙන් වසා දැමීමකට ලක්කොට පසු කාලීනව සිලෝන් ග්රේන් ඉලිවේටස් නම් වූ බහු ජාතික සමාගමට පරිවර්තනය වී මිනිසුන්ට නොව, සත්වයන්ට ආහාර සැකසුම් මදයස්තානයක් වී අදත් යෙහෙන් වැජබෙන්නේත් ,එදා පාඩු ලබන්නේත් කුමන පාර්ශවයක ගේ තීන්දු තීරණ මතදැයි අදටත් ප්රස නාර්තයක් ඉතුරු කර මිනි .
    මෝදර ධීවර සංස්ථාව වූ කලී එකල අඩු මිලට මාලු සැපයූ ආයතනයක් සේම යාබද ග්රාමයන් 03 ක පාසැල් 72 ක අද්යාපන චාරිකා වන සදහා විශේෂ ස්ථානයක් ලෙස නම් දරා සිටි ස්ථානයකි. ධීවර වරාය ,ගබඩා කීරීම, ධීවර නැව් ,ශිතාගාර ආදී පිළිබද දැනුම් පාසැල් දරුවන්ට අද්යාපනික සමග දැනුම බෙදාදුන් නැණසළකි . මෙකී සියලුම අංගෝපාංග වලින් සමන්විත වූ මෝදර ධීවර වරාය දේශපාලන තට්ටු මාරුවෙන් හා පරිපාලන අරාජිකත්වයෙන් වල්මත්ව හුදකලාකොට පුද්ගලීකරණය වී එදා ග්රාමිය ග්රාම්බරත්වය දිය කරමින් අදත් ඉබී ගමනකින් වැජබෙන්නේ පුර්ණ පුද්ගලික කරණයකට මාන බලමිනිනි .
    1948 තරම් වූ අතීතයකට මුලාරම්බය සනිහිටුවන් කරන සන්නාහ සන්නද්ද බලකා කඳවුර මුලස්ථානය කේන්ද්ර වන්නේ වරාය රැජින පාලම ගේට්ටුවටත්, පිටි සංස්ථාවත්, ධීවර සංස්ථාවටත් ඉදිරියෙන්වූ රොක් හවූස් මාවතට මුහුනලාය. යුද්ධ ටැංකි වලින් වලින් සන්නද්ද මෙම බලකා මුලස්ථානය මෝදරට ගාම්බීරයක් ගෙනදුන් බවනම් නොකියාම බැරිය................. .
    හමුදා කඳවුර නිසා ගමට අතුරු අන්තරාවක් නොවෙන බවත් ඕනම ආපදාවකට කසනයකින් ස්ථාන ගතවීම ඇති හැකියාව මෝදර කදවුර ග්රාමයේ පිහිට තිබීම ගම්වාසීන්ට අස්වැසිල්ලක් බව බොහෝ දෙනා එදා ගැමියෝ සිතූහ . එහෙත් ග්රාමයක හමුදා කඳවුර පිහිටීමේ අතුරු පල හා වාසි අවාසි ග්රාම වාසීන් පුද්ගලානුබද්දව විද දරා ගත් වකවානු නැත්තේද නොමැත . එහෙත් රොක් හවූස් බලකා මුලස්ථානය පිහිටි රොක් හවූස් පාර එදා මෙන්ම අදත් නිසංසල පෙදෙස ක් ලෙස පැවතීම යාබද ප්රෙදෙස වාසීන් කදවුර දැක්වූ බය පක්ෂ බවය හා ඒ අවට පදිංචිව සිටි වැදගත් සාමකාමී පුද්ගලන්හට ගව්රවය සමාන්තරව අත්පත් කරගැනීමෙනි.
    එලි හවූස් පිට්ටනිය , ප්රෙදෙසවසී ක්රීඩා ලෝලයන්ගේ සහ බාල මහලු සියල්ලන්ගේ සිත්ගත් ක්රීඩාගණයකි. ශ්රී ලංකාවේ කොතනකවත් දැකගැනීමට නොහැකි තට්ටු ගෙවල් දෙකක් වැනි, එනම් උඩ සහ පහල වශයෙන් ක්රීඩා පිටි හතරකින් සහ තවත් ක්රීඩා පිටි දෙක කින් සංධාන වූ එලි හවූස් ක්රීඩා පිටිය මෝදර ක්රීඩා ලෝලයන්ට මහගු සේවාවක් කල ක්රීඩා පිටියකි, ච්රිච්කෙට්, එල්ලේ, පාපන්දු, පැසිපන්දු,අත්පන්දු මෙකී නොකී සෑම ක්රීඩාවක් කෙරීම ට සැම ඉඩ පහසුකම් තිබු එලි හවූස් ක්රීඩා පිටිය අවට තවත් ඒකාලෝක වුයේ ක්රීදන්ගනය ට පසුපසින් වූ ජාතික ජලසම්පාදන මණ්ඩලයට අයත් ජල පවිත්රාගාරයය . ක්රීඩාගණය විශාල ආකර්ෂණයක් මෙන්ම කොළඹ ජල පාරිබෝගිකයන්ට අමිල සේවාවක් කල ස්ථානය අදද එම කර්තව්යට දායකත්වය සපයමින් සිටී .
    රොක් හවූස් පාර පහුකර යාමේදී අවතිරන්ය ඇත්තේ සාන්ත ජේමිස් පාරටය දකුණෙන් රන්තරු පිට්ටනිය පසුකර සාන්ත ජෙමිස් හන්දිය පහුකර දකුනතට සාන්ත අන්තොනි බාලිකාවට මුහුණලා,වසර 156 කාලයක සිට උතුරු කොළඹ කතෝලික බැතිමතුන් ගේ ගව්රවදරයට පාත්රවූ ශ්රී ලංකාවේ උසින් වැඩිම රාගම තේවත්ත පල්ලියටත් කොටහේන සාන්ත ලුසියා පල්ලියටත් පසු තුන්වන උසම පල්ලිය ලෙස එකල මෝදර ශුද්දවූ සන්තියාගෝ මුනිද්රයාගේ පල්ලිය පිහිටා ඇත කතෝලික බැතිමතුන් මහත් බක්තියෙන් වන්දනා මාන කරන ස්තාණයක් වූ සාන්ත සන්තියාගෝ මුනිදුන්ගේ පල්ලි හෙවත් සාන්ත ජේමිස් මුනිද්රයන්ගේ දෙවස්නථායට ග්රාමයේ සියලුම ජාති ආගම් ප්රෙදෙසවසින් එකසේ ගව්රවය,ආදරය දැක්වුහ..
    දේව බක්තිය ප්රකාශ කිරීමට එදා සන්තියාගෝ පල්ලිය ජාති ආගම් බේදයෙන් තොරව සැමට විවූරතව තිබුණි. මෝදර ධීවර ප්‍රජාව ගේ ධීවර කටයුතු වලට පහසුවක් ලෙස මෙමෙ පල්ලියේ දෙපස පෙදෙස එදා ඇරී තිබු .තිබුනේ වෙහෙස වෙන්නා වූ බර උසුල්ලනාවෝ මා වෙතට වරෙල්ලා නම් වූ කිතු පණිවිඩය පෙරදැරි කරගෙනය.......................
    සාන්ත ජේමිස් මුනිද්රයන්ගේ දෙවස්නථානය පසුකර මීටර දෙසීයක් දුරින් මෝදර මුතු වැල්ල මාවත අරම්බය සමගම දකුණට හරස් පාර මෝදර කාලි කෝවිලට අවතිර්නයක් සැකසෙයි . ශ්රී ලංකාව පුරා බැතිමතුන් ජාති ආගම් බේදයකින් තොරව වන්දනා මාන කිරීමටත් දේව ,කරුණාව ලබාගැනීමටත් එක රොක් වන ස්ථානය ලෙස කාලි කෝවිල සනිහුටුවනක් තබයි ............................... .
    විශේෂයෙන්ම අගහරුවාදා ,සිකුරාදා යන දෙදින තුල අති විශාල බැතිමතුන් පිරසක් කාලි කෝවිල පිහිට පතා වන්දනා මාන කරන අතර , එලෙසින්ම දේව පිහිට මෙන්ම ,වැරැදි කරුවන්ට දඩුවම් ලබා දීමටත් ,අනුනට අන වින කිරීමට, පළි ගැසීමටත් මහා බද්ර කාලි මෑණියන් වන්දනා මාන කරන බැති මතුන් රටේ සතර දිග් බාගයෙන්ම පැමිණීම සනිහුටුවන් කරයි .
    බැති මතුන්ට මෙන්ම අවට ප්රෙදෙස වාසි වැසියන්ට පවා මහා බද්ර කාලි මෑණියන් පිහිට වන්නේ විවිද වූ ක්රමොපයන් තුලිනි. ................... පොල් ගෙඩියේ සිට කපුරු පෙත්ත දක්වා සියලුම පැදුරු ආම්පන්න ඇති කුඩා කඩ කෝවිල අසල බහුලව තිබෙන අතර . සංචාරක වෙළදුන් මෙන්ම මත්පැන් පානය කරන්නන් , මත් ලෝලයින් , හෙරෝයින් වැනි මත් ද්රව්ය වලට ඇබ්බැහි වුවන් පවා දේව පිහිටෙන් තම සිතැගි ඉටුකරවා ගන්නේ මේ දේව බුමිය ආසන්නයේය …………………….
    එම සිතැගි සන්තර්පනයට අනෙකෙකුගේ දේව අශිවාදයේ පාක්කුඩම , මත් ලෝලයන්ට මග විවර කරගන්නේ . මල් මාලා විකිනීම ,පාවහන් ප්රෙවෙසම හා වාහන ගාල් කිරී මේ පහසුකම සපුරා දීමෙනි .,ප්රෙදේශයේ වතු තුලින් නෙලා ගන්නා වතුසුද්ද , පිච්ච මල් අසල කඩවලට විකිණීම සහ මල් මාලා ගෙතීම එසේම කුඩා කාර්ඩ් බෝර්ඩ් කැබිලි වල ටෝකෙන් සාදා පාවහන් ප්රෙවේසම් කර මුදල් ඉපයීම සදහා යොදාගන්න කර්මාන්තය .
    කෝවිල් බුමියෙන් ඉදිරියට මෝයකට කාක දුපත විවර වේ .
    එය මෝදර වෙරල ලෙසින් හැඳින් වෙන අතර එදා විශාල බුමි පරාසකින් යුක්ත වූ මෝදර වෙරල අද කුඩා අඩි පාරක් හෝ නැති තරමට කෙටි වී ඇත.
    විශාල පාපන්දු පිටි දෙකක් තරම් විශාල වූ මෙමෙ වෙරළ තීරය එදා මෙදා තුර වෙරල සංරක්ෂණ හා පාරිසරික අදිකාරී වල අති දක්ෂ සැලසුම් හා වියාපෘති තුලින් මෝදරට මුහුදු වෙරලක් අහිමි කේරීමේ ගව්රවයට හිමිකම් ලබන්නට සුදුස්සෝ වන්නට රිජු දායකත්වය සැපයුවන් වුහ............................ .
    දකුණතින් කැළණි ගගේ අතු ගංගාව ක් ද වමතින් මහා සාගරය හිමිකම් ලැබූ මෝදර වෙරළ මෙතරම් වෙරළ කාදනයට නතුවෙද්දී වගකිව යුත්තන් මුනිවත රැක සිටියේ මන්ද යි විමසීමට ගත හැකි කරුණක් වුවත් පරිසර වේදීන් ,සංවිදාන,දේසපලකයන් මුනිවත රැකීම තුල යටබිම්ගත සැලසුම් හෝ නිසි කළමනාකරණය නොමැති කම හෝ නිලදාරී වගකීම් පැහැර හැරීම් නිදන් ගතව තිබු බවනම් නොකියාම බැරිය . .කැළණි ගඟේ අටු ගංගාව අශ්රිත් නිර්මාණය ලැබූ කිරල කැලය එදා ග්රාමීය දගකාර පාසැල් ළමුන්ගේ පාසැල් කට්ටි පැනීමේන් අවසාන නවාතැන විය . පාසැල් නිල ඇදුම් කැලයේ සගවා මහා මුහුදෙන් රිසි සේ නා ,කිරල කැ ලයෙන් බඩ පුරා කිරල කා පාසැල් නිමවීමේ වෙලාවට විනය ගරුක දරුවන් සේ නිවෙස් තුලට ගමන් කරන්නට එදා ළමෝ පුරුදු වී සිටි කාල සටහනකි.එමෙන්ම මෙම වෙරල තීරය උතුරු නැගෙනහිර වාරකන් කාල තුලදී සංක්රමික දීවර ප්රෙජාව මෝදර වෙරල තීරය තම ජීවන වුර්තිය කරගැනීමට තෝරා ගත් ස්ථානයකි ............................ වලාලා කාල වලදී මෝදර වෙරල තුල ඉතා අඩු මිලට නැවුම් මාළු අවශ්ය තාවයන් සපුරා ගැනීමට ප්රෙදෙෂවසින් මෝදර වැල්ලට දිනපතා රොක් වී මට පුරුදුව සිටියහ .
    මෝදර වෙරල තිරයේ අවසානය වැටී ඇත්තේ මෝය කටටය , එම ප්රෙදෙස මට්ටක්කුලිය ලෙස හැදින්වේ. කැළණි ගඟ මුහුදට වැටෙනා දෙඉවුර ඇලකන්දට හා මෝදර මට්ටක්කුලිය සමාන් විහිදේ. දෙ ඉවුර දොවනයෙන් කැළණි ගඟ සාගරයට ප්රෙවිෂ්ට වන්නේ එම ජලදහර , කිතුල්ගල,,අවිස්සාවේල්ල , කඩුවෙල හරහා නාගරික ජනතාවට පානීය ජල අවශ්යතා නිර්මොපකර ලබුගම ජල පවිත්රාගාර හරහාය . .................
    කිලෝ මීටර් 145 දිගකින් සමන්විත ශ්රී ලංකාවේ 04 වන දිගම ගංගාව ලෙස විරුදාවලිය ලත් කැළණි ගඟ ,සමනළ කන්දෙන් පැනනැගී නුවරඑළිය,රත්නපුර,කෑගල්ල ,කඩුවෙල හරහා දිස්ත්රික් 04 ක ගුණ අගුණ රැගෙන කොලඔබ දිස්ත්රික් හරහා මහා සාගරයට සම්ප්රාප්තිය ගෙනහැර දක්වයි. .................................
    දෙපස ඉවුර දෙක ලංකාවේ දිස්ත්රික් දෙකකට මායිම් කර එනම් වම් ඉවුර කොළඹ දිස්ත්රික් මෝදර මට්ටක්කුලියටත් දකුණු ඉවුර ගම්පහ දිස්ත්රිකය හැඳල ඇලකන්ද මායිම් සලකුණු කරයි .
    මෙම වෙරල තීරය සතිඅග සවස්බාගයේ බොහෝ ප්රෙදෙසවසින් වියායාම, ඇවිදීම හා විනෝදාස්වාදය පිණිස බාවිතා කරන්නකි . තවද විනොස්වාදය සදහා බිලි බාන්නන් මෙන්ම ජීවන වුර්තිය සදහා මසුන් මරන්නොද මෙහි සුලබව දැකගත හැකිය................
    කාක දුපත මෙම වපසරියට දුන් තවත් නමක් වන අතර ආලින්දය සාගරයට විවරු වූ කාක දුපත නිවාස සංකීර්ණය පිහිට ඇත්තේද මෙම වෙරල තිරයේ ආසන්නයේය ...................................
    .යහමින් මුදල් ඇති පිරිස් මෙම සංකීර්ණ තුල පදිංචිය සහතික කරගතත්ටවුන් වන අතර .දකුණු ඉන්දීය රූප සුන්දරියක් වූ රීටා ජෝන්ස් සිය ශ්රී ලාංකික විවාහ සහකරු සමග පදිංචි වී සිටියේද මෙම නිවාස සංකීර්ණය තුලය ................................
    . සිය අනාගත ප්‍රර්තනාවන් සම්මුචියට මේ නව යුවල තෝරාගත්තේද මෙම නිවාස ආසන්නයේ පිහිටි මෙම මනරම් මුහුදු තිරයයි . බොහෝ පිරිස් මෙලෙස මෙම වෙරල තිරය එහි ඇති සුන්දරත්වය විදගත්දී ඒ සුන්දරත්වය අසුන්දර කරමින් ගංජා මතින් මත් වූ ප්රෙදෙසයේ මාළු වෙලදාම් කල මාළු අජිත් නම් වූ පාපතරයෙකු හා තවත් සගයන් දෙදෙනෙකු එක්ව සිය සැමියා සිටියදීම ඔහුට පහරදී , ඔහු සුක්ෂම ආකාරයෙන් මන්මුලකොට මහා සාගරය හඩා වැටෙද්දී කිරල කැලය තුල දුෂණය කර මරා දැමුවේ ශ්රී ලංකාවට ප්රෙකට කළු පැල්ලමක් ද ඇති කරමිනි ……………..
    1975 නොබැදී ජා තින්ගේ සමුළුව ලංකාවී පැවැත්වූ දිනවල තොටළඟ කටුනායක මගක පසෙක වූ ජනාකීර්ණ මුඩුක්කු පේලි ගලවා රාජ්‍ය නායකයන්ට සුන්දර වටපිටාවක් නිර්මාණය කිරීම සදහා එම මුඩුක්කු පේලි මට්ටක්කුලිය සමිසම්මන්ත්රණ පුර හෙවත් සමිට් පුරය බිහි කිරීමට දායක කරගත්හ.
    පසු කලක තවත් ජනාකීර්ණ වූ සුමිට් පුරය අද සියලුම දුරාචාර වලින් පිරුණ මත්ද්රව්ය ,සමාජ විරෝදී ක්රියාකාරකම් ප්රෙකට පාතාල කල්ලි වලින් සන්නදව මිනි මරාගන්න ප්රෙදේශක් ලෙසට ප්රෙකටය . මෙය සමස්ත ප්රෙදෙශයම සිදුවන්නාවූ දෙයක් නොවන අතර දේශපාල රැකවරණ ලබන සුළු පාතාල පිරිසකගේ නොමනාකම් සමස්ථ ප්‍රෙදේශයම දුර්ගන්දයකට නතු කිරීමක් කරයි.

    කදිරාන වත්ත , අලි වත්ත ,ප්රංස වත්ත, සමිට් පුරමෝදර මට්ටක්කුලිය අවට ප්රෙදේශ වන අතර සමිට් පුරය තරමක ප්රෙසිද්දියක් උසුලන්නේ ලංකාවේ සමහරක් විශාල ආයතන වල ගබඩා සංකීර්ණ පිහිට තිබීමත් හා සේවාස්ථාන රාශියක් පිහිට තිබීමත්ය ..දනාත්මක ප්රෙවේශය එලෙස සේවාස්ථාන හරහා ලගුවෙද්දී , රිනාත්මක ලෙස එහි අදික ජනගහනයත් මුඩුක්කු පරිසරය බොහෝ සමාජ විරෝදී , මත්ද්රව්ය,හා පාතාල ක්රියා කාරකම් වලට තෝතැන්නක් සපයයි .
    රත්මලාන කොලඔ කොටුව ,නාරන්හෙන්පිට ගමනාන්තයට බස්රථ ආරම්බය මට්ටක්කුලිය සමිට් පුර අසලින් ඇරඹුම වී ඉදිරි දෙසට ගමන් කීරීමේදීද ප්රෙදේශීය ජනප්රෙවාදයේ සදහන් රාක්ෂ මුහුණ කන්ද හෙවත් රාසමුන කන්ද දිස්වේ . වමතින් විස්ට් වයික් පිට්ටනිය පහුකර වමතට හරස් මග මිරන්රදාම පුරාන විහාරය හරහා විහිදී යන අතර මෝදර ආනන්ද විදුහල පසුකර කෙටි පියවර කිහිපයකින් ලංකාවේ සුවිශේෂ ආයතනක් පිහිටා තිබේ . පෙර සිලෝන් ඔක්සිජන් ෆැක්ටරි නම් වූ එය අද සිලෝන් ඔක්සිජන් දක්වා පරිවර්තනය වී ශ්රී ලංකාවේ සියලුම රෝහල් සදහා ඔක්සිජන්,දියර ඔක්සිජන් මෙන්ම ලංකේය පැස්සුම් කර්මාන්තයට අවශ්ය ඇසටලින් සහ අනිකුත් බොහෝ වායු සපයා දෙන ආයතනක් මෙන්ම මෙවැනි ආයතන තුලින් ප්රෙජවට සලසන්නාවූ මෙහෙය මිල කල නොහැක්කක් ලෙස සනිහිටුවනක් ලබයි……………………….. .
    මෙවැනි ආයතන ලංකාව තුල පිහිටා ඇත්තේ එකක් හෝ දෙකක් බව විය හැකි වන්නට පිළිතුරු සපයන්නේ දිනපතා ආයතනය අසල ඇති දිගු පෝලිම් දැකීමට ඇති නිසාවෙනි,මෙකී මාර්ගයෙම වම අතට ධවලසින්හාරාම විහාරය අසලින්ම හේනමුල්ල කදවුර පිහිටීම සලකුණු කරියි . කෑම්ප් එක වශයෙන් ප්රෙසිද්ද වූ හේනමුල්ල හමුදා කද වුරක් නොවන බොහො කුඩා පැල්පත් වලින් සමන්විත විශාල ප්රෙදෙශයකි .පොලිසි වලට පවා අබියෝග කරන්නට වූ තරම් වූ මැරවර කණ්ඩායම් කොළ ,නිල්,කහ දේශපාලන අශිර්වාදයෙන් තම ක්‍රියාවලියන් බාදාවකින් තොරව කරගෙන යති ......................
    .දේශපාලන මහතුන්ට මෙම ප්රෙදේශ ඉතා වැදගත් ප්රෙදේශ වේ ඒ මන්ද ජනාකීර පැල්පත් තුලින් විශාල චන්ද ප්රෙතිෂටයක් ලබා ගැනීමට අවකාශ ලැබීමය එයට මුදල් වියදම් කල යුත්තේ ඔහු රැකවරණ සලසන දාමරික කණ්ඩායමට පමණි........ අවශ්‍ය ක්‍රියාකාරකම් ජන්ද ව්‍යාපාරය මැරවර කණ්ඩායම් තුලින් නිසි ලෙස ක්‍රියාත්මකය ලැබයි .
    පසුපසින් කැළණි ගගට සීමාවූ වූ මෙම ප්රෙදේශය වඩාත් පුළුල් වීමට වඩාත් හේතු පාදක වූයේ එදා වගුරු බිම ,කැළණි ගඟ ගැඹුරු කිරීමේදී ගොඩ දමන ලද වැලි අවට වගුරු බිමට මුදාහැරිම තුල හෙනමුල්ල කදුවුරට අනුයුක්තව තවත් බිම් කඩක් නිරමාත්තෝපි වීමයි.පසුකලෙක දේසපාලන හිතවතුනට ප්රෙදේශයේ පාක්ෂික ක්රියා කාරින්ට ඉඩම් කැබලි පර්ත්යගයෙන් වැලිගොඩවත්ත නම් වූ ජනා කීර්ණ ප්රෙදෙස්හක් නිර්මාණය සලසා ගත්තේ ය.............................. .
    පසුකළෙක නිතී විරෝදී මෙන්ම සමාජ විරෝදී ක්රියා කාරකම් නම් දරාපු ප්රේදේශයක් ලෙස ප්රෙකටත්වයක් ලබා ගැනීමට සමත් විය . ලෝක වෙළද පොළ නෑකම් කියන්නාක් මෙන් මෙන් ඕනෑම නිතී විරෝදී මත් පැන්, මත්ද්වරය,ගිනි අවි දක්වා ඕනෑම දෙයක් පැය 24 පුරාම මෙම පරිසරය තුල සොයා ගැනීමට උගට වන්නේ නැත.

    හේනමුල්ල කදවුරෙන් ඉදිරියට වම් අත පැත්තට මෝදර බෝගහ හන්දිය ස්ථාන ගත වී ඇත. වගුරු ප්රෙදේශයක් වූ මෙම කීර කොටුව නමින් හැඳින් වූ අතර කීර කොටුව සන්වරදනයේ අෂිර් වාදයෙන් ගොඩ වූයේ මෝදර තවත් විපත් ලබාදෙන ප්රෙදෙසයක් බිහි කීරිමෙනි..................................
    ග්රන්ඩ්පස් හන්දියෙන් ඉගුරු කඩේ හන්දියට වම් පසින් කොළඹ වරයට නව පිවිසුම් මාර්ගයන් නිර්මාණය ලබන්නට විය . එකී නිර්මාණය තුල එම ප්රෙදේශයක් සිට බ්ලුමැන්ඩල් දක්වා වා වූ ප්රදේශය පුර පැතිරී තිබු මුඩුක්කු පැල්පත් ඉන් ඉවත් කර මෙකී බෝගහන්දිය අසල ගොඩ කරන ලද ඉඩම් තුල පදිංචි කල අතර ප්රෙදෙසය පුරා පැතිරී අනිකුත් පැල්පත්ද මෙතුල ගාල් කරන අතර එහිදී ප්රෙදේශය තුල වියාප්ත ව තිබු සමහර මැරවර කල්ලි එක් ප්රෙදේශයකට ගොනු වීමකට තුඩුදීමක් සිදුවුනි . .එතුලින් මෝදර කීබුලා ඇළ අල නම් වූ වතු සංස්කෘතිය ඉක්මනින් ප්රෙසිද්ද වූ නාමයක් බවට පරිවර්තනයක් ලැබයි ..
    .මත්ද්රව මෙන්ම , ප්රෙකට සමාජ විරෝදී බොහෝ ක්රියාකාරකම් පොලිසි, දේසපාලන ආශීර් වාදයෙන් දිනෙන් දින දියුණුවට පත්කිරීමට අනුග්‍රහය ලබා දුන්නෝ වෙති ……………………………………………..
    දැනට ඉන්දියාවට පැනගොස් සිටින පාතාල ක්රියාකාරයෙක් වූ කිබුලා ඇලේ ගුනාගේ සම්ප්රාප් ති ය සිදුවන්නේද මෙම කිබුලා ඇල තුලිනි .එමෙන්ම එවකට එවකට ජනදිපතිනිය වූ චන්ද්රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඇසක් අහිමි කල බෝම්බ ප්රෙහාරයට පැමිණි මරාගෙන මැරෙන කොටියාගේ සියලුම නවාතැන් සහ එකී ප්රෙහාරයට අවශ්ය සියලුම පහසුකම් සපයා තිබුනේද මෙම ප්‍රෙදේශය තුලය.මරාගෙන මැරෙනකොටියාගේ බෝම්බ කට්ටල සහිත ඇදුම ඇද ප්රෙහාරයට පිටත් වී තිබුනේද මෙම කිබුලා ඇලේ පරිශ්රයේ දීය . තිබුනේ කිබුලා ඇලේ ගුනාගේ සොහොයුරු විජේ කරලියට පැමිණෙන්නේ මෙකී පහසුකම් සලසන්නාගේ බුමිකාව රග දක්වමිනි . උතුරේ ත්රස්තවාදය හා කෙතරම් සමීප සහ සම්බන්දටවයක් මොවුන් තුල තිබුනාද දැයි මෙතුලින් පැහැදිලිය .
    එලෙසම දොම්පේ ප්රෙදේශය තුල පුද්ගලයන් 05 සමග ගිනිබත් වූ වැන් රථය තුල කිබුලා ඇලේ ගුනාගේ සොහොයුරු විජේ පාතාල රග දැක්වීම නිමාවට පත් කිරීම සිදු වුයේ ,අද මෙන් එදත් අදිකරණයෙන් ලැබිය යුතු දඩුවම කළු සුදු වෑන් සංස් කෘතියෙන් හරහා ලබාදුන් බව සාක්ෂි මෙම සිදුවීම් අතරට එකතු කිරීමෙනි........................................ .
    ගිනි අවි , මත්දවය, පතල ක්රියා කාරකම් බොහොමයකට පහසුකම් සපයන්නා වූ කිබුල ඇල ප්රෙවේශය තරමක සුන්දරත්වයක් කැටි කර ගන්නේ කිතුනු බොද්ධ බොහෝ පිළිම සහිත වන්දනා මාන ස්ථාන මෙම ප්රෙවිෂ්ටයේ පිහිටා තිබිමයි ....................................
    මෙය අළු යට ගිණි නොවේදැයි ප්රෙවිෂ්ටයෙන් ඔබ්බට දක්කින්ට ලැබෙන්නාවූ දර්ශන හා ක්‍රියාවන් තුලින් සාක්ෂාත් කර ගත හැකිය……
    මෝදර බෝගහ හන්දියෙන් තොටළඟ පැත්තට වන්නට දකුණතින් මාදම්පිටිය හන්දිය හමුවී එතැනින් දකුණට වම අතට එදා කොළඹ නගර සබාව මලපහ පොහොර කිරීමේ ස්ථාන සමුහය හමුවේ . අද එම ක්රියාවලියන් සිදු නොවුවත් එම පරිශ්‍රය ගරා වැටෙන සේයාවක් පෙන්නුම් කරයි .............
    එතනින් දකුනතට කොළඹ ප්රෙසිද්ද කුණු කන්ද දිස්වේ . කොළඹ නගරයේ කුණු කන්දල් එදා වගුරු බිමක් වූ ආසන්නයට ගෙනත් දමා එය අද එය සුප්රෙසිද්ද බ්ලුමැන් ඩාල් කුණු කන්ද නමින් කදුකරයට අවේනික කදු සංස්කෘතිය කොලබ නගරයට ලබාදෙමින් ඈතට කදු පංතියක දැක්මක් ලබාදෙයි. නගරයේ කන්ද කුණු රොඩු වලින් විරාජ මානව අවට පරිසරයම දුර්ගන්ද කර මත ලෝලයින්ට තම මත් ද්රව්ය ලබාගැනීමට අලෙවි කළහැකි කඩදාසි , යකඩ හා මේ කි නොකී සියළු සම්පත් දායක යුතුකම මී බ්ලුමැන්ඩල් කසල ගොඩ නිර්මාණ දායකත්වය උසුළයි........................................ .
    කොළඹ නගරය තුල සිංහල පාතලයක් නිර්මාණයට ප්රෙකට දායකත්වය ලබාදුන් ප්රෙකට පාතාල නායක ප්රින්ක කොලම්ස්ගේ වාසබුමියද වුයේ ද මෙම කුණු කන්ද ආසන්නයේම බ්ලු මැණ්ඩලයයි .......
    සුදු වැන් ,නාදුනන තුවක්කු කරුවෝ සංස්කෘතිය දේශපාලන ආශීර්වාදයෙන් බිහිවූ උප සංස්කෘතියකි…..එකී ආශීර්වාදයෙන් පොහොසත් වූ පාතාල ක්‍රියා කාරයෙකි ප්රින්ස් කොලොම්ස්……………………………
    .පොල්කොටන් නාට්ය රගදැක්වීම තම විනොද්වාදයක් කර ගත් පාතාල නායක ප්රින්ස් කොලොම්ස් පාතාලය අත් පොත් තැබුවේද මෙම බ්ලු මණ්ඩල පරිශ්රයේ දීය . සිංහල පාතාලයක් නිර්මාණය සදහා ප්රින්ස් කොලොම්ස් උත්සහයක යෙදුනේ අවට නගරස්ථාන රාශියක බලය දමිල හා මුස්ලිම් ජාතින් අතර බෙදී තිබු නිසාවෙනි
    ඔහුට සිංහල දේශපාලන රැකවරණ හා අධාර ලැබෙද්දී දමිල හා මුස්ලිම් පාතාලයන්ට දෙමල මුලිම් දේසපාලන රැකවරණ හා අධාර ලැබුණි .එයට කදිම සාක්ෂිය වන්නේ නිතිය , සාදාරනය අකුරට පිළිපදින නීතිගරුක පොලිසි ප්රෙදේශයේ ආසන්නයේ හතර දිග් බාගයේම තිබෙද්දී .මත් ද්රව්ය ජාවාරම. මිනීමැරීම්,දුෂණ,ගිනි අවි ජාවාරම ඉතා ජයටම කිරීමෙන් පැවතීම යි ........................
    ඉතා සූකෝපබෝගී වාහන , සහිතව ප්රෙදේශයේ නිදහසේ සැරිසැරිම. නිරන්තර දර්ශනයක් වූ අතර එය පොලිසිය ඇස නොගැටීම පුදුමයට කරුණකි .එපමණක් නොව මොවුන් පොලිසියට අවශ්ය වරෙන්තු පුද්ගලයන් වීමය ..................................
    තවද නිතිය සාදාරනව ක්රියාත්ම නොවුනේ දේශපාලන හස්තය පොලිසිය තම ග්‍රහණයට නතු කරගෙන සිටිම හා එහි අතුරු පලය නීතිගරුක පොලිසියක් මෝදරට පිහිට නොතිබිමයි ............................
    මෙම පාතාල ක්රියාකාරීන් බිය වූ යේ තම ප්රේති විරුද්ද කල්ලි වලට මිස පොලිසියට නොවන බව තේරුම් ගත හැක්කේ මේ පාතාල ක්රියාකාරී දිනකින් දෙකකින් වැනසී නොගොස් වසර 10 12 පාතාල ක්රියා තුලින් තම බලය ස්තාපිත කර අවසානයේ නික්ම යන්නේ ප්‍රේති විරුද්ද කල්ලි හරහා හෝ තට්ටු මාරු වන දේසපාලන රැකවරණය මත හෝ එදිරිවාදිකම් මත බව බොහෝ පාතාල ක්‍රියා කාරීන්ගේ හදිසි මරණය සාක්ෂි පෙන්වයි .
    දේශපාලන හස්ත හරහා බව තම පව්ගලික ආරක්ෂාව කෙතරම් තර වී තුබුණත් පසුගිය ලෝක කුසලාන තරගය රූපවාහිනියෙන් නරබමින් සිටියදී සන්නද්ද කණ්ඩායමක් විසින් පතල නායක ප්රින්ස් කොළොම්ස් ගාතනය වන්නේ කොතරම් පව්ගලික ආරක්ෂාව තර කර ගෙන සිටියත් දේශපාලන උවමනාකම් මත තම ඉරණම තීන්දුවට ලක් කරන බව පසක් කරමිනි .
    බ්ලුමැණ්‌ඩල් කුණු කන්ද ආසන්නයේම ,ප්‍රෙදේශයේ සියලුම තරාතිරමේ පුද්ගලන්ගේ ක්‍රියා කාරකම් නිහඩවම බලා සිටින මාදම්පිටිය පොදු සුසන බුමිය පිහිටා තිබේ ...........................

    බුමි පරිමාණයෙන් බොරැල්ල කනත්තට පමණක් දෙවනි වන මාදම්පිටිය පොදු සුසන බුමියදමිල,මුස්ලිම්,සිංහල,හින්දු,කතෝලික,බෞද්ධ,ඉස්ලාම් සියලු ආගම ජාතීන්ට තම සිතැගි පරිදි තම පාරම්පරික ආගමානුකුලව අවසන් වතාවන් සිදු කරවා ගැනිමට සියලු අවකාශයන් සකසා දී ඇත .කොළඹ නගර සබාවේ පරිපාලන නඩත්තුවෙන් පවත්වාගෙන යන මාදම්පිටිය පොදු සුසාන බුමිය ප්‍රෙදේශයේ සෑම ආගමකම ,ජාතියකම උස් පහත් බේද යකින් තොරව මිනිසුන්ට සමාදානයෙන් සැතපීමට සතර රියනක වපසරියක් පරිත්‍යාග කිරීමට තරම් පරිත්‍යාග ශීලි ආදරයක් පලාතේ ඕනෑම කෙනෙකුට ලබාදීමට මාදම්පිටිය පොදු සුසාන එදා මෙන් අදත් සැදී පැහැදී සිටි .
     
    • Like
    Reactions: OnDaRock