උතුරේ සහජීවනය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20431544_1960198887550444_5466608158037156493_n.jpg



    උතුරේ විවිධ රාජ්‍ය විරෝධී ක්‍රියාවන්වල නිරත වෙමින් පළාතේ භීෂණයක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කරන හිටපු LTTE සාමාජිකයන් හත්දෙනකු පේදුරුතුඩුව පොලිසිය මගින් ආයුධත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙම සැකකරුවන් අතර LTTE සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයකු ද සිටින බවත් සැකකරුවන් පුනරුත්ථාපනය ලැබූ LTTE සාමාජිකයන් බවත් අනාවරණය වි ඇති අතර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පොලිස්‌ මුරපළකට පහර දී ගිනි තබා විනාශ කර පොලිස්‌ නිලධාරීන්ට සහ නිල රථයකට ප්‍රහාර එල්ල කර පොලිස්‌ නිලධාරියකුගේ නිවසකට ද පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ය.
    මේ අතර යාපනය, කෝපායි පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට නන්දාවිල් අම්මාන් කෝවිල අසලදී යතුරුපැදිවල පැමිණි නාඳුනන කල්ලියක් විසින් දකුණු ඉන්දියානු ත්‍රාසජනක චිත්‍රපටයක් විලසින් වට කොට කඩු, කිනිසිවලින් ඊයේ (30) පහරදී පලා ගොස් ඇති අතර පහරදුන් 11 දෙනාගෙන් හයදෙනකු පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.
    රාජකාරි කටයුත්තක් සඳහා යතුරුපැදියක නැඟී යමින් සිටි මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ගමන හරස් කොට යතුරුපැදි පහක පැමිණි දස දෙනකුගෙන් යුතු නාඳුනන කල්ලිය විසින් මෙසේ ප්‍රහාර එල්ල කොට පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
    මෙම පුද්ගලයන් කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් මේ වන විට සිය නිවාස අතහැර පලාගොස්‌ සිටින බවත් පොලිසිය පවසයි.මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 4 ක්‌ යොදවා තිබේ.
    මේ අතර යාපනය කෝපායි ප්‍රදේශයේදී සන්නද්ධ පිරිසක්‌ විසින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු පසුගිය දින කීපය තිස්‌සේ යාපනය ප්‍රදේශයේ සිදුවූ කලබලකාරී සිද්ධීන් පිළිබඳව සොයා බැලීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර ඊයේ (31) උතුරේ සංචාරයක නිරත වුනා.
    මෙහිදී උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්‌ ද පැවැති අතර පසුගිය දිනවල ඇතිවූ කලබලකාරී සිද්ධීන් පිළිබඳව පොලිස්‌පතිවරයා එහිදී සිය දැඩි අවධානය යොමු කළේය.
    මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදි නීතිඥ උදය ගම්මන්පිල ද් මේ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා…
    ඊයේ යාපනයේ කෝපායි හි දී සන්නද්ධ කල්ලියක් පහර දීලා පොලිස් නිළධාරින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. එක් අයෙකු ඉන්නේ අසාධ්‍ය තත්වයේ. මීට සති දෙකකට කලින් පොලිස් නිළධාරියෙකුට වෙඩි තබා මරා දැම්මා. මීට මාස හයකට පෙරත් පොලිස් නිළධාරින් ආවා කල්ලියේ දරුණු ප්‍රහාරයකට ලක් වුණා. කෙතරම් ප්‍රහාරයකට ලක් වුණත් අතේ තිබෙන ගිනි අවිය පාවිච්චි කරන්න පොළිස් නිළධාරින් බයයි. උතුරේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ වාහන වලට වෙඩි තැබූ පොලිස් කණ්ඩායම් දෙකක් මේ වන විට අත්අඩංගුවේ ඉන්නවා. මේ තත්වය නිසා යළිත් වතාවක් උතුරේ අපේ රණ විරුවන්ගේ ජීවිත අනතුරට ලක්වෙලා තියෙනවා.
    1980 දශකයේ බෙදුම්වාදි ත්‍රස්තවාදින් සිය ප්‍රහාර ආරම්භ කලේ උතුරේ මහ මග රාජකාරි කරමින් සිටි පොළිස් නිළධාරින් මරා දමමින්. දැන් වසර තිස් පහකට පස්සේ උතුර යළිත් අසූව දශකයට ගිහින් තිබෙන බවයි පේන්නේ. රණවිරුවන් දිවි පිදුවේ උතුර යළිත් මේ වගේ අරාජික කරන්න ද? රණවිරුවන් රකිනවා කියලා මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැහුව්වාට වැඩක් නෑ. වැඩ බැරි ආණ්ඩුවේ නොහැකියාව නිසා උතුරේ රණවිරුවන්ගේ ජීවිත අවදානමේ. ඒ නිසා රාජකීය විද්‍යාලයේ උගත් අගමැතිතුමාට විද්‍යාලයේ ආදර්ශ පාඨය සිහි කරමින් මට කියන්න වෙන්නේ උගනිව් නැතිනම් පිටවෙව් කියලයි.





     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදි නීතිඥ උදය ගම්මන්පිල ද් මේ සම්බන්ධයෙන් අදහස්

    Mu Mona gan kabarayekda ban? Muta Kisi credibilityak nane...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදි නීතිඥ උදය ගම්මන්පිල ද් මේ සම්බන්ධයෙන් අදහස්

    Mu Mona gan kabarayekda ban? Muta Kisi credibilityak nane...

    ඔය තියෙන්නෙ ඔන්න මීහරක් unp කාරයන්ට තියෙන උත්තරේ....

    උතුරෙ කොටි පොලිස් කරයන්ව පිහි වලින් කපල-මීහරක් unp බැල්ලියන්ගෙ උත්තරේ "Mu Mona gan kabarayekda ban? Muta Kisi credibilityak nane.. " ඔන්න මොලේ තරම....
    :confused::confused::confused: