උදය_ගම්මන්පිල ආන්ඩුවට....

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    කොහොමත් ගම්මන්පිල ඉස්සර ඉඳන්ම සන්ධානෙට කඩේ ගියා හෙළඋරුමේ අනිත් අයට වඩා. හෙළ උරුමේ විපක්ෂයට එනවා කියලා කියද්දී ඇත්තටම මටත් පුදුම හිතුනා ගම්මන්පිලව ඒකට කැමති කරගත්තේ කොහොමද කියලා. ගම්මන්පිල ආපහු ආවාට සන්ධානෙන් කැඩිච්ච ඡන්ද ආපහු ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සක් වගේ තමා. මොකද හෙළ උරුමේ විපක්ෂයට එද්දී ප්‍රධාන බලවේගය වුනේ රතන හාමුදුරුවෝ. ඒ හින්ද ඒ කැඩිච්ච ඡන්ද පදනම තියෙන්නේ රතන හාමුදුරුවෝ සහ හෙළ උරුමය කියන පක්ෂය වටා.

    හැබැයි ගම්මන්පිලට මහින්දගෙන් ඉස්සරහට කැඩෙන්න තිබ්බ සිංහල ඡන්ද ටිකක් රැකගන්න පුළුවන් වෙයි. ඒකත් ඉතින් දැන් මහින්ද වැටිලා ඉන්න තත්වය අනුව මහින්දට වටිනවා.:D