උදරය ඉදිරියට නෙරා ඒම යනු පොදුවේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම මුහුණ දෙන ගැටලුවකි. ඇතැම් අයගේ අඩු වයසින්ද, ඇතැම් අය තරමක් වයස් ගත වන විටද උදරය ඉදිරියට නෙරා එයි.අධික ලෙස ඉදිරියට නෙරා එන උදරය, පෙනුම කෙරෙහි තදින් බලපායි. එපමණක් නොව සෞඛ්‍ය අතින් ද එය කෙසේවත් යහපත් තත්ත්වයක් නොවේ. මෙයට බොහෝ හේතු තිඛෙන්නට පුළුවන. මූලික වශයෙන් මෙම හේතු සොයා ප්‍රතිකාර කිරීමෙන් උදරය ඉදිරියට නෙරා ඒම වළක්වා ගත හැකිය. ශරීරයේ අනෙකුත් ස්ථානවලට වඩා උදරයේ මේදය තැන්පත්වීම අධික ලෙස සිදුවේ. පුරුෂ පක්ෂය කෙසේ වෙතත් කාන්තාවක් නම් සිය උදරය ඉදිරියට නෙරා ඒම පිළිබඳ බොහෝ විට කනස්සල්ලෙන් පසුවන බව පෙනෙන්නට තිබේ. මන්ද සුන්දර කාන්තා සිරුරකට සිහින් උදරය වැදගත් වීමය. නමුත් ව්‍යායාමවලින් තොරව එක් තැනක සිටිමින් කළයුතු රැකියා හේතුවෙන් කාන්තාවන්ටද උදරය ඉදිරියට නෙරා ඒමේ ගැටලුවෙන් මිදීමට නොහැකි වී තිබේ. මේදය නිසා උදරය නෙරා ඒම උදරයේ මේද ස්ථර ඇතිවීම හේතුවෙන් ඉදිරියට නෙරා එන්නේ නම් එයට ඇති සරලතම විසඳුම වන්නේ ව්‍යායාම කිරීමය. නමුත් වර්තමානයේ පවතින කාර්යබහුල ජීවිතවලට මේ සඳහා මිඩංගු කරන්නට තරම් කාලයක් නැති බව පෙනේ. මේදය කපා හැරිය හැකි පළඳනා වෙළෙඳපොළට පැමිණෙන්නේ මේ සඳහා විසඳුමක් වශයෙනි. අප රටේද ඖෂධ වෙළෙඳසල්වල විවිධ වෙළෙඳ නාමයන්ගෙන් මෙවැනි පළඳනා කොතෙකුත් දක්නට ලැබේ. මේවා පිළිබඳ සමාජයේ පැතිර පවතින්නේ විවිධ අදහස්ය.
වැනි ගැටලු බොහෝ දෙනකු තුළ පවතී.