උදර තරබාරුව වැඩි නම් ආඝාතයට අවදානමක්
උදර තරබාරුව වැඩි නම් ආඝාතයට අවදානමක්
ආඝාතය, හෘද රෝග තරමටම විය යුතු රෝගී තත්ත්වයකි. එහෙත් රෝගය ඇති වීමට පෙර අඩු කර ගැනීමේ හැකියාව තිබේ. ලෝකයේa වසරකට මිලියන 17ක ආඝාත රෝගීන් අතුරින් මිලියන 6.5 සංඛ්‍යාවක් මියයන බවට ගණන් බලා ඇති අතර සංඛ්‍යාත්මකව එය ඉහළ අගයක පවතී.
අපට කළ හැකි කුමක්‌ද?
ප්‍රධාන කාරණාව අවදානම හඳුනා ගැනීමයි.
අවදානම් සාධක ලෙස අධික රුධිර පිඩනය, ව්‍යායාම මදකම, ආහාර පාන රටාවේ වැරදි, කොලෙස්‌ටරෝල් අධික බව, තරබාරුව, දුම්පානය හෝ අක්‍රීය දුම්පානය, මත්පැන් පානය, දියවැඩියාව පාලනය නොකිරීම, ඇතැම් හෘද රෝග පෙන්වා දීමේ හැකියාව තිබේ.
රෝග නිවාරණය වෙනුවෙන් කුඩා කල සිටම ඒ වෙනුවෙන් දරුවන් හැඩගැස්‌වීමට වගබලා ගත යුතුය. සිරුරේ නාලවල මේදය තැන්පත් වීම ආරම්භ වන්නේ අවුරුදු 10 - 20 වැනි වයසකදී බව විශේෂයෙන් මවුපියන් සිහි තබා ගත යුතු වන්නේ ආහාර පාන භාවිතයේදී සැලකිලිමත් විය යුතු නිසාවෙන්ය.
ආඝාතයේ අවදානම බලාගත හැකි තත්ත්වයන් තිබේ. අවදානම දැනගත් විට ජීවන රටාවේ වෙනස් කිරීම් කර ගත යුතුය. දුම්පානය කරන්නේ නම් දුම් පානයෙන් වැළකීමට වගබලා ගත යුතුය.
දුම්පානය නැවැත්වීමේදි, විනාඩි 20 ක් ඇතුළත රුධිර පීඩනයේa අඩුවක්, හෘද ගැස්‌මේ අඩුවක් වේ නම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ අවදානම් තත්ත්වයක් නිසාවෙන්ය.
මෙම තත්ත්වයන් මත ආඝාත අවදානමට අවුරුදු පහක් පමණ ගත විය යුතු වුවත් ඒ වෙනුවෙන් සැලකිලිමත් වීම ජීවිතයට තවත් ප්‍රයෝජන ලබා දෙනු ඇත.
අවදානම් තත්ත්වයන් යටතේ මත්පැන් සීමා කිරීම, ආහාරයේ ලුණු ප්‍රමාණය අඩු කිරීම, ක්‍ෂණික ආහාර සහ කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර ගැනීම සීමා කිරීම වඩාත් හොඳය.
මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ සිරුරට අවශ්‍ය ලුණු ප්‍රමාණයට වඩා වැඩි ලුණු ප්‍රමාණයක් අප සිරුරට ලබා ගන්නා නිසාවෙන් හැකිතාක් ලුණු ප්‍රමාණය අඩු කිරීමටයි.
සිරුරේ බර මනාව පවත්වා ගෙන යැමට උත්සාහ කළ යුතුය. ඊඵෂ ස්‌කන්ධ දර්ශකය අනුව 18 - 29 අතර බර පවත්වා ගැනීම නිරෝගි දිවියකට පිටිවහලක් වනු ඇත.
බර නිවැරදි වුවත් උදර තරබාරුව වැඩි නම් ආඝාතයට අවදානමක් ඇත. එනම් පුරුෂයන්ගේ අඟල් 40 වැඩි නම් හෝ කාන්තාවන්ගේ අඟල් 35 වැඩි නම් එය හොඳ තත්ත්වයක් නොවනු ඇත.
මෙම තත්ත්වයන් මඟ හරවා ගැනීමට දිනකට පැය 1/2 සක්‍රිය ව්‍යායාමයක යෙදිය යුතුය. සතියට පස් වතාවක් විනාඩි 150 ප්‍රමාණවත්ය. සිරුරට දැනෙන ලෙස ඇවිදීම හොඳම ව්‍යායාමයකි.
ආහාර පිරමිඩයක් ගෙන බැලීමේදී එහි උඩම කොණ සංතෘප්ත මේද, ලුණු, සීනි, ක්‍ෂණික ආහාරවලට වෙන් කළ යුතුය. එනම් ස්‌වල්ප ප්‍රමාණයකි.
ප්‍රධාන ආහාර වේල් සඳහා නිවුඩු සහිත ආහාර එළවළු, පලතුරු ආහාරයට එක්‌කර ගත යුතුය. එළවළු වර්ග 3 හා පලතුරු වර්ග 2 ක් ගත හැකි නම් වඩාත් යෝග්‍යය. පලතුරු ගැන කතා කිරීමේදී ලංකාවේ හැදෙන පලතුරු වර්ග රාශියක් ඇත.
අධික රුධිර පීඩනය 120/80 මට්‌ටමේ පැවතීම හොඳය. එය 140/90 නම් හොඳ තත්ත්වයක් නොවනු ඇත.
දියවැඩියාව සඳහා රුධිර පරීක්‌ෂාවේදී 100 ට හෝ ඊට වැඩි නම් අවදානම් තත්ත්වයක තිබේ. 100 - 125 අතර අවදානම වැඩිය. 126පටරැd1 - දියවැඩියාව තිබේ. රුධිර කොලෙස්‌ටරෝල් .කෘඛ - C කැඩැකඝ100පටරැd
සුළු ආඝාත තත්ත්ව විනාඩි කිහිපයකින් සුව වේ. එහෙත් එය ඉදිරියේදී ඉතාම අවදානම් තත්ත්වයක් වීමට පුළුවන.
සියයට 75 පමණ වූ පිරිසකට සුළු ආඝාත තත්ත්වය ඇති වන්නේ නැත. එහෙත් සියයට 25 පමණ වූ පිරිසක් සුළු ආඝාතයට පත්වන තත්ත්වයක් ඇත.
දිවිය සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගැනීම තුළ සියයට 80 ක්‌ම ආඝාතය වළක්‌වා ගැනීමේ හැකියාව තිබේ.
ශික්‌ෂණ රෝහල්, පළාත් රෝහල් මෙන්ම දිස්‌ත්‍රික් රෝහල්වල ආඝාතයට ප්‍රතිකාර තිබෙන බව අමතක නොකළ යුතුය.
(සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති දේශනයක් ඇසුරිනි.)

අතර බර පවත්වා ගැනීම නිරෝගි දිවියකට පිටිවහලක් වනු ඇත.