උදව්වක්... උපදෙසක්...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
උදව්වක්... උපදෙසක්...

අද උදේ පාන්දරින්ම පොලිසියට මාට්ටු උනා.. අදාල මං තීරුවේ නොගිහින්...?

මම සිග්නල දාලා අනිත් ලයින් එකට මාරු කලේ.. එත් කියපි ම්ං වැරදීලු... ආර්ගියු කරන්න ගියේ නෑ.. කොලේ අරන් කරබාගෙන ආවා.. පරක්කු වෙලා හිටියේ...

පොලිසියෙන් රියදුරු බලපත්‍රය තබාගෙන දෙන කුවිතාන්සියෙ සීල් එකක් ගහාලා තියේනවා දින 14ක් ඇතුලත දඩ කොලයක් පොලිසියට පැමින ලබා ගන්න කියලා.... ඒ මදිවට උසාවි අංකයකුයි, උසාවි දිනයකුයි දාලා තියනවා... මේක උසාවි දාලාද නැත්නම්, දඩ කොලයක් විතරක් ද?

මම කොහොමද දැන ගන්නේ....?
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    දඩ කොලයක්. පොලිසියට ගිහින් පෙන්න්නලා තැපැල් කන්තෝරුවට සල්ලි ගෙවලා පොලිසියට රිසිට් එක දීලා ලයිසන් එක ගනින්.
     
    • Like
    Reactions: Lanka_HItler