උද්ඝෝෂකයින් ට ජනපතිගෙන් රතු එළියක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

    අද (07) පාර්ලිමේන්තුවේ දී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ජූලි 9 වනදා රට කඩා වැටුණා නම් අද මෙලෙස රට ගොඩනැගීමට අවස්ථාවක් නොමැති බවය.

    එම අවස්ථාවේ දී රට ආරක්ෂා කළ ත්‍රිවිධ හමුදාවට තමා නැවත වතාවක් ස්තූතිය පුදකරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    "මේ රටේ ජනතාව විඳින අපහසුකම් මම දන්නවා. ඒ ගැන විශේෂයෙන්ම මම ආණ්ඩුව විදියට අපි සමාව ඉල්ලනවා. නමුත් ඒ නිසා අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. රාත්‍රියේම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරලා දැන් IMF සංවිධානයට යවලා තියෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටුකරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම මේ මාසය අවසන් වීමට පෙර තුන්වන හෝ හතරවන සතියේ ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පස්සේ අපිට ලෝක බැංකුවෙන් පළමු මුදල් වටය ලැබෙන්න එනවා. IMF සංවිධානය සමග මීට පෙර අවස්ථා 16කදී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබාගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙළා ඉටුකළ යුතු වෙනවා. එසේ නොවී නම් IMF සංවිධානය ශ්‍රී ලංකාව සමග කටයුතු කරන්නේ නෑ. ඒ තත්ත්වය යටතේ බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය මුල්‍ය ආයතන සමග කටයුතු කිරීමට ඉඩකඩක් ඇති වන්නේ නෑ. ඒ අනුව විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඬාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුය. දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. බහු පාර්ශවීය මුල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවනවා. IMF සංවිධානය සමග පවතින එකඟතාවය කඩා දැමුවොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් ලබාගත් ණය ගෙවීමට සිදුවෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂික විදේශ ණය බිලියන 6 - 7ක් ගෙවීමට තිබෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නෑ. ඒ නිසා IMF සංවිධාන මැදිහත් වී විදේශ ණයකරුවන් සමග එකඟ වූ ණය තිරසරභාවය ගැන කථිකාවත දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්පයක් නැත.

    IMF ආයතනය සහ අප සිදුකරන එකඟතා ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට පවත්වන විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවයක් බව මතක් කර දීමට කැමතියි. අපි අතිශ්‍ය අසීරු ආර්ථික පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීකරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කරගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑමදෙනෙක්ටම මෙමගින් ඇතිවන පීඩා දිගටම පවතිනවා. මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වය මැද අප පසුගිය මාස 7 - 8 ගත කර යම් සාධනීය තත්ත්වයකට ගෙනැවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්න ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මේ ගැන රටේ සෑමදෙනාම අවබෝධ කර ගත යුතුයි. විවිධ බලපෑම් දේශපාලන පක්ෂ, ස්වෙච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. බදු බර වැඩියි කියා වෘත්තීකයින් කියා සිටිනවා. එසේ වුවත් කෙටිකාලයක් මෙම තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩා කප්පල් කළොත් දැනට 2022 - 2023 පෙබරවාරි මාසය පැවති තත්ත්වය වඩා භයානක තැනට රට තල්ලු වෙයි. එවිට වැටුප් නැතිවෙයි. විශ්‍රාම වැටුප් නැතිවෙයි. රැකියා නැතිවෙයි. කර්මාන්ත වැසී යාවි, පාසල් හැමදාම වැසෙයි. ඒවා යම් තරමකට දැන් පාලනය කරගෙන තියෙනවා. නමුත් සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අපි යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩාකප්පල් කළොත් එයින් මතුවන සමාජ විකල්පනය අතිශය භයානක වෙයි. මෙතෙක් නොදුටු දුක්බර කාලයක් ඇතිවෙයි.

    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ පිළිබඳ වැඩකටයුතු කරන්න රැස්වීම් පවත්වන්න, පෙළපාළි පවත්වන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්න යනවා නම් ඒ පිළිබඳව ආණ්ඩුව තදින් ක්‍රියාකරනවා. ජූලි 9 වනදා රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වය නෑ. අද ඩොලර් එකත් පහළට යනවා. අපේ විශාල හිඩසක් ඇති වුණා. කාගේවත් සහායක් තිබුණේ නෑ. මම ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ස්තූතිවන්ත වෙනවා. ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා. අද විදුලිබලය තියෙනවා. වැඩිකල් යන්න කලින් ඩොලර් තියෙයි. බලවේගවලට මේවා කඩන්න අපි ඉඩදෙන්නේ නෑ. විපක්ෂයෙන් ඉල්ලනවා අපි එක්ක එකතු වෙන්න. මේ ගමන යන්න ආර්ථිකය ගොඩ ගන්න. ඊළඟ ඡන්දේ තීරණය කරන්න මහමැතිවරණයේදී කවුද ඕනේ කියලා."






    උද්ඝෝෂණය කරාට පස්සේ රට වැටුනා වගේනේ මුගේ කථාව..

    🤭
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    334955920-194729476504530-2091210091949263771-n.jpg
     

    Similar threads