උපත් පාලන කොපු ගැන කතා

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    උපත් පාලන කොපු ගැන කතා

    :P
    ගොඩක් වෙලාවට ෆේස්බුක් කවුරුහරි චාටර් වැඩක් කළාම කියන කතාවක් තමයි “අපරාදේ, උඹලගේ තාත්තා සරමෙ පිහිදැම්මේ නැත්තේ” එහෙමත් නැත්තන් “උඹලගේ තාත්තා කොන්ඩම් පාවිච්චි කළා නම් මෙහෙම වෙන්නේ නෑ” කියන එක. මේ කතා කෙනෙක් අසූහාරදාහට කේන්ති ගිහින් කිව්වත් හිනා වෙවී කිව්වත් මේ අවස්ථා දෙකේදිම වක්‍රාකාරයෙන් කතා කරන්නේ පුරුෂ උපත් පාලන ක්‍රම ගැන. විශේෂයෙන් කොන්ඩම් ගැන. සිංහලෙන් උපත් පාලන කොපු, කතා බහේදි නිකම්ම නිකන් කොපු. මේ ලිපියෙන් අපි කතා කරන්න හිතුවේ කොපුවල ඉතිහාසේ ගැනයි, කොපු ගැන අපේ පිරිමි උදවිය හිතන් ඉන්න මිත්‍යා කයි කතන්දර ගැනයි.

    1. කොපු ඉස්සරත් තිබ්බද?

    කොපුවේ ඉතිහාසය ගැන කතා කළොත් මිසර සහ රෝම ශිෂ්ටාචාරවල කොපු පාවිච්චි කරන්න ඇති කියලා ඉතිහාසඥයෝ මත පල කරනවා. ඒත් ඒ මතය ඔප්පු කරන්න ප්‍රබල සාක්කි නම් නෑ. මේ මතයට ප්‍රතිවිරුද්ධව තර්ක කරන ඉතිහාසඥයෝ ගේන්නේ ටිකක් අමුතුම විදිහේ තර්කයක්. අපි දන්න විදිහට ලෝකයේ ප්‍රධාන පෙළේ ශිෂ්ටාචාර සියල්ලම වගේ පුරුෂ මූලිකයි. ගැහැනිය පුරුෂයාගේ සෙල්ලම් බඩුවක් විදිහටයි මේ සමාජවලදි සැලකුනේ. මේ නිසා පුරුෂයාගේ වින්දනය වෙනුවෙන් භාවිතා වෙන්න කාන්තාවට සිද්ධ වුණා. ඒ වගේම උපත් පාලනය පිළිබඳව සම්පූර්ණ වගකීම කාන්තාවට පැවරුණා. මේ නිසා ඔය කියන ශිෂ්ටාචාර තිබ්බ කාලේදි පුරුෂයන්ට කොපු වගේ උපත් පාලන ක්‍රම ගැන හිතන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ කියලයි සමහර ඉතිහාසඥයෝ කියන්නේ.

    2. සිෆිලීස් නිසා කොපුවේ අගය ලොවට දැනෙයි

    සිෆිලීස්වලට මුල්ම කාලේ කියලා තියෙන්නේ ප්‍රංශ ලෙඩේ කියලා. මොකද කියනවා නම් සිෆිලීස් රෝගය දරුණු මට්ටමෙන් වාර්තා වෙලා තියෙන්නේ ප්‍රංශ සොල්දාදුවන් අතර. මේ නිසා සිෆීලීස් රෝගය මුලු යුරෝපය පුරාවටම පැතිරෙන්න ගත්තා. මේකට විවිධ අය විවිධ විසඳුම් ඉදිරිපත් කරන්න ගත්තා. ඒ එක විසඳුමක් තමයි කොන්ඩම්. හැබැයි මේ අපි දන්න කියන කොන්ඩම් නම් නෙමෙයි. රෙදිවලින්, එතකොට සත්තුන්ගේ බඩවැල්වලින් (ඔව් ඊයා නේහ්) හදපු කොන්ඩම් පාවිච්චි කරන්න ගත්තා. ඊට පස්සේ රබර් නිෂ්පාදනයත් එක්ක කොන්ඩම් රබර්වලිනුත් රබර්වලම වැඩි දියුණු කරපු නිෂ්පාදනයක් වුණු ලේටෙක්ස්වලිනුත් (Latex) කොන්ඩම් හැදෙන්න ගත්තා.

    3. කොපුවක් නිසා හැදෙන්න පුළුවන් එකම ලෙඩේ

    දැන් ඔයාගේ පපුවේ සද්දේ වැඩි වුණා නේද? කොන්ඩම් නිසා ලෙඩ හැදෙන්න පුළුවන්ද? අයියෝ ඒ කියන්නේ ඒඩ්ස් වගේ ලෙඩත් කොන්ඩම් දැම්මා කියලා හැදෙනවද? වගේ ප්‍රශ්න අටෝරාසීයක් ඔයාගේ පුංචි හිතට එන්න ඇති නේහ්? නෑ නෑ බය වෙන්න එපා, කොන්ඩම් එකක් නිසා හැදෙන්න පුළුවන් එකම ලෙඩේ ඔයාලා හිතන ජාතියේ එකක් නෙමෙයි. සමහර අයට Latex කොන්ඩම් නිසා ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක වෙන්න පුළුවන් අතිශයින් කලාතුරකින් කෙනෙක්ට විතරයි.

    4. එහෙම වුණොත් මොකද කරන්නේ?

    එහෙම වුණොත් ඉතින් අර වැඩේ නොකර තමයි ඉන්න වෙන්නේ කියලා නෙමෙයි අපි කියන්නේ. ඒ වගේ Latexවලට ආසාත්මිකතා තියෙන අයට තියෙනවා Polyurethaneවලින් හදපු කොන්ඩම්, හැබැයි තව පොඩි අවුලක් තියෙනවා. ඒ වලටත් ආසාත්මික අය ඉන්නවා. අන්න ඒ වගේ අයට තියෙනවා Polyisopreneවලින් හදපුවා. දැන් ඔයා හිතන දේ අපි දන්නවා. ඔව් ඒ වලට ආසාත්මික අයට තියෙනවා Lambskin condom ඒ කිව්වේ බැටළුවන්ගේ සමින්, හරියටම කියනවා නම් බැටළුවන්ගේ බඩවැල්වලින් හදපු කොන්ඩම්. ඒ නිසා යම් විදිහකට ඔයාට Latex කොන්ඩම් ආසාත්මිකතාවය ඇති කරනවා කියලා තේරුණොත් කොන්ඩම් නැතුව අහවල් වැඩේ කරන්නවත්, අහවල් වැඩේ කරන්නේ නැතුව ඉන්නවත් ඕනේ නෑ.

    5. එක කොපුවක් ඔබව සුරකියි – කොපු දෙකක් ඔබව නන්නත්තාර කරයි

    අපේ සමහරු පුරුදු වෙලා ඉන්නවා, ඕනම දෙයක් වැඩිපුර පාවිච්චි කරන්න. කොටින්ම බෙහෙතක් දුන්නත් ලෙඩේ ඉක්මනට හොඳ වෙන්න කියලා පෙති දෙකක් බොන අය. ඒ වගේ අය ඉතින් කොන්ඩම් පාවිච්චි කරන්න ගියාම එකපාර කොන්ඩම් දෙකක් දානවා (ඔයාත් ඒ වගේද? :D) වැඩි ආරක්සාවට කියලා. ඒත් එහෙම කිරීම නිසා කොන්ඩම් දෙකම ඉරී යෑමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඔයා එහෙම ඒ මෝඩ වැඩේ කරන්න එපා.

    6. කොන්ඩම් භාවිතය ගැන තියෙන මිත්‍යා මත

    කොන්ඩම් භාවිතය ගැන තියෙන ලොකුම මිත්‍යා මතය
    තමයි “කොන්ඩම් පාවිච්චි කරාම ලිංගික සතුට උපරිමව ලැබෙන්නේ නෑ” කියන එක. මෙහෙම සමහරු කියනවා ඔයාටත් ඇහිලා ඇති. ඒත් පිළිගත් වෛද්‍ය සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ කොන්ඩම් භාවිතය සහ ලිංගික සතුට අතර සම්බන්ධයක් නෑ කියලා. ඒක මිනිස්සු හිතෙන් හදාගත්ත දෙයක් කියලා. ඊට අමතරව කොන්ඩම් එකක් මගදි ගැලවෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන් කියලත් අදහසක් සමහරුන්ගේ ඔළුවේ තියෙනවා. මේ වලට උත්තර මෙහෙමයි, කොන්ඩම් එකක් හරියට දාලා තියෙනවා නම් ගැලවෙන්නේ නෑ. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු සහ කල් ඉකුත් නොවුණු (ඔව් අනිත් පාර බලන්න, එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා) කොන්ඩම් පුපුරන්නේ නෑ.

    7. ලැජ්ජද?

    කොන්ඩම් පාවිච්චි කරන්න අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවොත් මොකක් වෙයිද උත්තරේ. උත්තරේ “ලැජ්ජාව.” නෑ නෑ අර වැඩේ කරද්දි දාන්න නෙමේ, ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ගන්න. සමහර වෙලාවට ෆාමසිවල ඉන්නෙ ගෑනු ළමයෙක් නම් සමහරු ගිය සෙනිකව ආපහු එළියට එනවා. ඉන්නේ කොල්ලෙක් නම් බෝම අමාරුවෙන් පුරුෂ ශක්තිය උපදවාගෙන ගිහින් ඇඹරි ඇඹරි ඉල්ලනවා. අර කොන්ඩම්වල ආසාත්මිකතා වගේ මේ වගේ මළ විකාරවලට නම් ආදේශක නෑ. කොන්ඩම් පාවිච්චි කරේ නැත්තම් ඔයාට වෙන්න පුළුවන් දේ මොකද්ද කියලා හිතලා බලලා ඒ දේ මිලට ගන්න කියලා සරලව අපි කියන්නේ. ආහ් ඒ වගේම සමහර ස්ථානවල කොන්ඩම් මැෂින් හයි කරලා තියෙනවා. ඒත් ඒවා රට පුරාම නෑ. ඒ නිසා ඔය ලැජ්ජාව ඔයාට අමතක කරන්නම වෙනවා.

    උපුටා ගැනීම : lifie.lk
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    "ඒත් පිළිගත් වෛද්‍ය සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ කොන්ඩම් භාවිතය සහ ලිංගික සතුට අතර සම්බන්ධයක් නෑ කියලා"
    Are you kidding me. uba condom nathuwa karala thiyanawada
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    "ඒත් පිළිගත් වෛද්‍ය සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ කොන්ඩම් භාවිතය සහ ලිංගික සතුට අතර සම්බන්ධයක් නෑ කියලා"
    Are you kidding me. uba condom nathuwa karala thiyanawada

    :angry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "ඒත් පිළිගත් වෛද්‍ය සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ කොන්ඩම් භාවිතය සහ ලිංගික සතුට අතර සම්බන්ධයක් නෑ කියලා"

    You Sir, Just lied
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    "ඒත් පිළිගත් වෛද්‍ය සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ කොන්ඩම් භාවිතය සහ ලිංගික සතුට අතර සම්බන්ධයක් නෑ කියලා"
    Are you kidding me. uba condom nathuwa karala thiyanawada

    meka nan patta boru :P nathuwa gahaddi ena feeling eka enne na dammama loweth
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මම නම් කවුරු හිටියත් කෙලින්ම ගිහින් ඉල්ලනවා. සමහර වෙලාවට තියෙන්නේ මොන ෆ්ප්ලේවර් ද කියලාත් අහලා හොද ෆ්ලේවර් එහෙමත් අරගෙන එනවා.

    ෆාමසි වල ඉන්න සමහර කෙල්ලෝ හරි ෆෝවඩ්. ඒ ගොල්ලොම සමහර වෙලාවට කියනවා සර් මේ බ්‍රෑන්ඩ් එක හොදයි කියලත්.

    ලැජ්ජ වෙන්ඩ දෙයක් නෑ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    7jl470cwltsgG0mEftXqAoUhPoWlobozxj2QnR5cv2w.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    5. එක කොපුවක් ඔබව සුරකියි – කොපු දෙකක් ඔබව නන්නත්තාර කරයි

    අපේ සමහරු පුරුදු වෙලා ඉන්නවා, ඕනම දෙයක් වැඩිපුර පාවිච්චි කරන්න. කොටින්ම බෙහෙතක් දුන්නත් ලෙඩේ ඉක්මනට හොඳ වෙන්න කියලා පෙති දෙකක් බොන අය. ඒ වගේ අය ඉතින් කොන්ඩම් පාවිච්චි කරන්න ගියාම එකපාර කොන්ඩම් දෙකක් දානවා (ඔයාත් ඒ වගේද? :D) වැඩි ආරක්සාවට කියලා. ඒත් එහෙම කිරීම නිසා කොන්ඩම් දෙකම ඉරී යෑමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඔයා එහෙම ඒ මෝඩ වැඩේ කරන්න එපා.

    උපුටා ගැනීම : lifie.lk

    අර කතාවක් තියෙන්නේ කොණ්ඩම් දෙක අතරට මිරිස් දාන්න කියලා.. උඩ එක ඉරුණොත් ගෑනී කෑ ගහයි යට ඉරුනොත් තමන්ට කෑගෑස්සෙයි කියලා. ඒකෙන් පරිස්සම් වෙන්න පුලුවන් 😂 😂 😂 😂 😂
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අර කතාවක් තියෙන්නේ කොණ්ඩම් දෙක අතරට මිරිස් දාන්න කියලා.. උඩ එක ඉරුණොත් ගෑනී කෑ ගහයි යට ඉරුනොත් තමන්ට කෑගෑස්සෙයි කියලා. ඒකෙන් පරිස්සම් වෙන්න පුලුවන් 😂 😂 😂 😂 😂
    🤣🤣🤣
     
    • Like
    Reactions: malakadss