උපදින්නට පෙර දරුවා මව අතට...
අලෝක කිරණ භාවිතයෙන් මවන ත්‍රිමාණ රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ රූපකාය දරුවා උපදින්නට පෙර මවට, පියාට හා වෛද්‍යවරයාට දැකගත හැකිවේයැයි පර්යේෂකයෝ කියති. මේ නව ක්‍රමය නිෂ්පාදනය කැර ඇත්තේ රියල් වීව් නම් ඊශ්‍රායල් සංමගමක් විසිනි. මෙයට තාක්ෂණික හවුලාකාරීත්වය ලබාදෙන්නේ පිලිප්ස් සමාගම විසිනි.
ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ ඉදිරියේ දී එමගින් දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් දැකගත හැකි ආකාරයට එය වැඩිදියුණු කිරීමයි. මෙය මෑතක දී හදවත් සැත්කම් සඳහා ප්‍රායෝගිකව අත්හදා බැලූ බව ද ඔවුහු කියති.
පිලිප්ස් ආයතනය පවසන්නේ මේ සඳහා අභ්‍යන්තර එක්ස් කිරණ හා හෘද කන්තුක අතිධ්වනි පද්ධති භාවිතා කළ බවයි. මෙතෙක් ද්විමාන තිරයක දැකගත් රෝගියාගේ හදවත සවිස්තරව ත්‍රිමාණ පිළිබිඹුවක් සේ දැකගන්නට වෛද්‍යවරුන්ට හැකිවීම විශ්මිත දෙයක් වූ බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කතා බහට ලක්වී ඇත.
පර්යේෂකයන් පවසන්නේ මෙය අනාගතයේ ශල්‍යකර්ම සඳහා නැතිවම බැරි උපකරණයක් වනු ඇති බවයි
Source- http://www.lankadeepa.lk/index.php/articles/295970