උපන්දිනේ මැයි නම් වාසනාවන්තයෝ…

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com

    ඕනෑම වසරක මැයි මාසය තුළ ජන්ම ලාභය ලැබූවන් ඉතා වාසනාවන්තයන් බවට පත්වන බව කියැවේ. මේ අය තරමක් නිවුණු අදහස් හා ගතිගුණ ඇති, කිසි කෙනකුට කරදරයක් කරන්නට අකැමැති පිරිසක් ලෙස සාමාජය තුළ කැපීපෙනෙයි. කුඩාකල සිටම අනුන්ගේ දේවල් නොසොයන මොවුන් වරදකරුවකුට වුවද අනුකම්පා කරන්නට දෙවරක් නොසිතයි. අතිශ්‍ය සංවේදී හදවතක් අති නිසාම තමන්ට අවශ්‍ය දේ පවා වෙනත් අයගේ ප්‍රයෝජනයට දීමට අකැමැති නොවේ. ප්‍රියමනාප පෙනුම නිසාම කාගේත් ආකර්ෂණය දිනාගන්නට වාසනාව ලබන්නේය.

    ඕනෑම වෘත්තියකට හැඩගැසීමට සහජ හැකියාවක් මේ අය සතු වෙයි. එසේම නිතරම කඩිසරව සහ උනන්දුවෙන් කටයුතු කරන ස්වභාවය නිසා කාගේත් සිත් දිනාගන්නේය. උත්පත්ති තත්ත්වයට වඩා ඉතා ඉහළ තැනකට යන්නට ගතවන්නේ කෙටි කාලයකි. නිසි කල සියලු දේ ලබන්නට පින් බලය සහ වාසනාව ලබන අතර තරුණ වියට එළැඹෙත්ම ගැළපෙන විවාහයකටද උරුමකම් කියයි. බොහෝ දුරට සැප්තැම්බර් දෙසැම්බර් මාසවල උපන් කෙනකු හා විවාහ වන්නට අවස්ථාව හිමිවනු ඇත. විවාහයෙන් පසු ජීවිතය තවත් සාර්ථක වනු ඇත. තරමක් කේන්ති යන ස්වභාවයක් තිබුණද මේ අය කාගේත් අප්‍රසාදයට පත් නොවෙයි. මැදි වියට එළැඹෙන විට බොහෝ සෙයින් දියුණු තියුණු වී සිටීමට තරම් භාග්‍ය ඇත්තන් මැයි මාසයේ උපදින බවද කියැවේ.
     
    • Love
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,211
    3,558
    113
    Kandy
    mata nam kiyana tharam wenasak nane ban..
    මගේ ජීවිතේට නම් ලක් එක හොඳට ලැබිල තියෙනවා බං මැයි මාසෙ නිසා වෙන්න ඇති. මාරක අනතුරු වලින් ගැලවිල තියෙනවා. එක පාරක් පොඩිම කාලෙ දෙහිවල සත්තු වත්ත බලන්න ගිහින් එනකොට කොටි බෝම්බ දාල ගිහින් තිබ්බා විනාඩි පහක් ඉස්සර උනා නම් අද මම මේ කමෙන්ට් එක ටයිප් කරන්න ජීවතුන් අතර නෑ. ඩෙංගු හැදිල ප්ලේට්ලට් කවුන්ට් එක හොඳටම හිඳිල ඒත් බේරුණා. ඇක්සිඩන්ට් වෙන්න ගිහින් 99 න් බේරුණා. තව ලිස්ට් එකක්ම තියෙනව කියන්නනම්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    මගේ ජීවිතේට නම් ලක් එක හොඳට ලැබිල තියෙනවා බං මැයි මාසෙ නිසා වෙන්න ඇති. මාරක අනතුරු වලින් ගැලවිල තියෙනවා. එක පාරක් පොඩිම කාලෙ දෙහිවල සත්තු වත්ත බලන්න ගිහින් එනකොට කොටි බෝම්බ දාල ගිහින් තිබ්බා විනාඩි පහක් ඉස්සර උනා නම් අද මම මේ කමෙන්ට් එක ටයිප් කරන්න ජීවතුන් අතර නෑ. ඩෙංගු හැදිල ප්ලේට්ලට් කවුන්ට් එක හොඳටම හිඳිල ඒත් බේරුණා. ඇක්සිඩන්ට් වෙන්න ගිහින් 99 න් බේරුණා. තව ලිස්ට් එකක්ම තියෙනව කියන්නනම්.
    ado ehema ewa nam matath one tharam thiyenawa thama ban...
    me lagadi mawa hospitalize kara germ case ekakata, scan waladi thama ahu une DVT ekak thiyenawa kiyala, e madiwata lungs wala DVT eken kadichcha podi podi blood clots gihilla, report balapu hamoma kiwwe hari nam marenda one kiyala, podi ewunge welawatada koheda berila innawa ban..
    Ehema balapuwama May ipaduna ewun wasanawanthai thama neh ban... :love: :love2: :love2:
     
    • Love
    Reactions: C_S_M

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මගේ ජීවිතේට නම් ලක් එක හොඳට ලැබිල තියෙනවා බං මැයි මාසෙ නිසා වෙන්න ඇති. මාරක අනතුරු වලින් ගැලවිල තියෙනවා. එක පාරක් පොඩිම කාලෙ දෙහිවල සත්තු වත්ත බලන්න ගිහින් එනකොට කොටි බෝම්බ දාල ගිහින් තිබ්බා විනාඩි පහක් ඉස්සර උනා නම් අද මම මේ කමෙන්ට් එක ටයිප් කරන්න ජීවතුන් අතර නෑ. ඩෙංගු හැදිල ප්ලේට්ලට් කවුන්ට් එක හොඳටම හිඳිල ඒත් බේරුණා. ඇක්සිඩන්ට් වෙන්න ගිහින් 99 න් බේරුණා. තව ලිස්ට් එකක්ම තියෙනව කියන්නනම්.
    මැරෙන් නැතුව බේරුන ඒවා නම් ගොඩක් තියනවා මටත්. එක accident එකක් තියනවා මන් බේරුන විදිහ මට වත් හොයා ගන්න බැරි
    දැක්ක උන් කිව්වේ වෙන එකක් නම් මලා තමා කියලා. මට පොඩි තුවාල විතරයි බන්
     
    • Love
    Reactions: Naughtykolla48